December 29, 2013

CCTV ගෙදරදීම හයි කරමු - CCTV Do it your self

CCTV ගෙදරදීම හයි කරමු - CCTV Do it your self

File:CCTV logo.svg

අද මම කියලා දෙන්න යන්නේ හරියට වැඩේ අල්ල ගත්තොත් නියමෙට හම්බ කරන්න පුළුවන් වැඩ කැල්ලක් ගැන, මම කිසිම ගුරු මුෂ්ටියක් නැතිව දන්නා හැම දේම කියලා දෙන්නම් වැරදි අඩු පාඩු තියනවනම් පෙන්නලා දෙන්න. හරි හැමෝම දන්නවනේ ලංකාවේ මේ දවස් වල හොර හතුරු කරදර තියනවා ව්යාඩපාරයක් එහෙම කරන අයට සැහෙන වෙලාවක් වෙන් කරන්න වෙනවා තමන්ගේ ව්යා්පාරය පරිස්සම් කරන්නම ඉතින් ඒ වගේ වෙලාවට තමා අපි නවීන තාක්ෂනය බාවිතා කරලා අපේ කාලයත් මුදලුත් ඉතුරු කරගන්න ඕනි. මේ වගේ දෙයක් කරන්න යම් මුදලක් ආරම්බයේදීම වැය වුනත් මෙයින් වෙන කාර්ය ඊට වඩා බොහම වැඩි.

මොකද්ද මේ CCTV කියන්නේ

විකි එකේ තියන විදියට නම් Closed-circuit television (CCTV) is the use of video cameras to transmit a signal to a specific place, on a limited set of monitor ඔන්න ඕක තමයි තේරුම.

CCTV පද්ධතියක අඩංගු මොනවාද
http://www.kamienshop.com/wp-content/uploads/2012/01/cctv.jpg
• කැමරාවක් හෝ කිහිපයක්,

• DVR (Digital Video Recorder) මේකට සිංහලෙන් කියන නම නම් දන්නේ නැ මේ ගැජට් එකට තමා සිස්ටම් එකේ සියලුම කැමරා සම්බන්ද වෙලා රෙකොර්ඩ් වෙන්නේ ඒ වගේම මොනිටර් ඒක සම්බන්ද වෙන්නෙත් මේකට.


CCTV පද්ධතියක තිබීමේ වාසි කවරේද.

• සොර සතුරන්ගෙන් ආරක්ෂාව.

• සවි කරන ස්ථානයේ සිදුවන සියලුම දේවල් පටිගත වීම.

• දුරස්ථ ස්ථානයක සිට වුවද තම දේපල විමර්ශනය කිරීමේ හැකියාව (Remote monitoring)
කොච්චර වියදමක් යයිද

මේකනේ ඉතින් හැමෝම අහන පලවෙනි ප්රවශ්නේ, මම දැනට පිට කොටුවේ යන මිල ගණන් දාන්නම් මේවා ඉතින් පොඩ්ඩක් එහේ මෙහෙ වෙන්න පුළුවන් . මුලින්ම ප්ර්ධාන ගැජට් ඒක වන DVR එකේ ගාන බලමු. DVR එන්නේ පොර්ට් 4 එව්වා පොර්ට් 8 එව්වා පොර්ට් 16 ඔය වගේ නම්බර්ස් වලින් මේකේ තේරුම තමයි කැමරා කීයක්‌ හයි කරන්න පුලුවන්ද කියන ඒක පොර්ට් 4 එකට කැමරා 4 යි. සාමාන්යs තැනකටම නම් කැමරා 4 තමා හයි කරන්නේ උපරිම ගන්නේ පොර්ට් 8 ඒක , ලොකු බිල්ඩින් වලට තමා ඊට වඩා ලොකු එව්වා යන්නේ. ඊලගට DVR එකේරෙකොර්ඩ් වෙන්නේ හාර්ඩ් ඩිස්ක් එකක් උඩනේ ඒ හාර්ඩ් ඒක අපි වෙනම ගන්න ඕනි සාමන්යෙන් 500 GB හාර්ඩ් එකකින් කැමරා ක් මාස තුනක් රෙකොර්ඩ් කරන්න පුළුවන්. පල්ලෙහින් දාල තියෙන්නේ DVR ගාන විතරයි හාර්ඩ් එකට වෙනම සල්ලි යනවා.

DVR




ගණන් අඩුම DVR ඒක රුපියල් 8000 මේකට කැමරා 4 ක් වෙනකම් හයි කරන්න පුළුවන්, නෙට්වර්ක් කරන්නත් පුළුවන්, හැබැයි මේක ටිකක් බේසික් DVR එකක් කොලිටි එකත් එච්ච්චර හොද නැහැ, ඔයාලා පිට කාට හරි කියලා කර ගත්තොත් මේක තමා දාන්නේ, මම මේකට එච්චර කැමති නැහැ,
මම සාමන්යෙන් පාවිච්චි කරන්නේ 12000 ට තියනවා පොර්ට් 4 ටිකක් හොද DVR එකක් මේකේ විශේෂාංගය තමා මේකට ඩොන්ගල් ගහන්න පුළුවන් ඒ කියන්නේ SLT නැති තැනක වුනත් ඩොන්ගල් එකෙන් මේක නෙට්වර්ක් කරන්න පුළුවන්. ඒ වගේම ටිකක් මේකේ ඇඩ්වාන්ස් වැඩ කෑලි ටිකක් තියනවා ඒ ටික ඉස්සරහට කියලා දෙන්නම්


කැමරා


කැමරා කොලිටි කිහිපයකින් කැමරා වර්ග කිහිපයක් තියනවා ඒවා ගැන දීර්ග විස්තරයක් කරන්න මට වෙලාව මදි පොඩ්ඩක් ඉන්ටෙර්නෙට් එකේ හොයලා බැලුවනම් පැහදිලි විස්තරයක් ගන්න පුළුවන්, රුපියල් 3000 ඉදලා උඩට කැමරා වර්ග තියනවා, මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ සෝනි චිප්සෙට් තියන 6mm බුලට් කැමරා ඒක ඒක රුපියල් 4500 ට විතර ගන්න පුළුවන් මේක අවුට්ඩොර් හයි කරන්නත් පුළුවන් , කැමරා කඩේකට ගියාම එයාලා ලග තියනවා එව්වා ගහලා පෙන්නවා දෙක තුනක් බැලුවාම මොකද්ද හොද කියලා ඔයාලට තේරෙනවා මම කැමරා වල මිල ගණන ටිකක් සදහන් කරන්නම්

1. CMOS CAM 3000-4000/= up

2. VGA CAM Sharp chip set with night vision 4000/= up

3. VGA CAM SONY chip set with night vision 4500/= up

4. 720 CAM 8000/= up ( මෙන්න මේවා තමා දැනට පෙටා වල තියන හොදම කැමරා කොලිටි ඒක හොදයි)
අමතර උපාංග

ඕනි වෙන දේවල් වල මිල ලැයිස්තුවක් මෙන්න මෙන්න කැමරා ක සිස්ටම් එකකට යන දල වියදම අදහසක් ගන්න විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්.

4 Ports DVR 12000
Hard Disk 500GB 8000
4 Cameras 4500*4 18000
8 BNC jacks 60*8 480(කැමරාවට වීඩියෝ කේබල් හයි කරන්නේ මේ ජැක් එකෙන්)
4 DC jacks 30*4 120 කැමරා වලට යන පවර් කේබල් එකට හයි කරන්න )
5amp Power pack 1100
Video Wire 1800 වයර් රෝලක්ම යන්නේ නැ ඒ වුනාට ගන්න වෙනවනේ )
TT wire 1800

Total 43300

හරි ඕක තමයි දෙන්නපුළුවන් කෙටි හැදින් වීම දැන් අපි වැඩේ කරන්න යමු

වැඩේ කරන්න කලින් පටන් ගත්ත දෙයක් ඉවර කරන්න පුළුවන් ආත්ම විශ්වාසයක් තියාගෙන වැඩේට බහිමු. මුලින්ම සිස්ටම් ඒක හයි කරන්න ඕනි ස්ථානය හොදින් විමර්ශනය කරන්න කොතනටද වැඩි පුර ආවරණයක් අවශ්ය් වන්නේ කොතන කැමරා හයි කරෝත්ද වැඩිම ප්රශදේශයක් ආවරණය වෙන්නේ කියලා තීරණය කරන්න, ඊට පස්සේ DVR ඒක සහ මොනිටර් ඒක සවි කරන්නේ කොතනටද කියලා තීරණය කරන්න . අපි පාවිච්චි කරන කැමරා වල රේන්ජ් දෙකක් එනවා එකක් 3.6mm මෙක්දී මේකට කවර් වෙන ඒරියා ඒක වැඩි ඒ කිව්වේ පුළුල් ප්රරදේශයක් ආවරණය වෙනවා අනික 8mm මෙක්දී ආවරණ වෙන ප්රඒදේශය අඩුයි ඒ වුනාට සූම් ඒක වැඩි ඒ කිව්වේ ටිකක් ලං වෙලා පේනවා, හයි කරන තැන තෝරද්දී මේ ගැනත් සැලකිලීමත් වෙන්න.

හරි මෙතනින් එහාට වෙන වැඩ ටික එක එක අය එක එක විදියට කරනවා ඉතින් මම කරන විදිය ලියන්නම් කියවලා බලලා ඔයාලාට ලේසි විදියකට වැඩේ කරන්න කොහම කරත් එකයි,

මුලින්ම මම කරන්නේ කැමරා හයි කරන තැන් වලට කැමරා එකේ ස්ටෑන්ඩ් එක හයි කරගන්නවා . හරි විදියට කරනවානම් බිත්තිය ඩ්රිල් කරලා වෝල් ප්ලග් දාලා බෝල්ට් වලින් ස්ටෑන්ඩ් එක හයි කරන්න ඕනි, ඒ වුනාට තමන්ගේ ගෙදර ඩ්රිල් එකක් නැත්නම් එච්ච‍ර හිතන්න එපා හරියට තැන බලලා කොන්ක්රීට් ඇන වලින් හයි කරන්න අවුලක් වෙන්නේ නැ ආපහු ගලවාගන්න ඕනි වෙලා ගලවා ගන්න බැරි වුනත් අලුත් කැමරා ස්ටෑන්ඩ් එකක් රුපියල් 150 ක් විතරයි වෙන්නේ,



හරි ඊට පස්සේ ස්ටෑන්ඩ් එක හයි කරාට පස්සේ වයරින් එක. කැමරාව ලගට වයර් දෙකක් එනවා එකක් වීඩියෝ වයර් එක අනිත එක පවර් එක මෙකිදී වීඩියෝ වයර් එක කෙලින්ම කැමරා එක ලග ඉදන් DVR එක ලගටම යන්නම ඕනි එත් පවර් යන වයර් එක ෂෙයාර් කරන්න පුළුවන් ඒ කිව්වේ වයර් එක යන අතර මගදී වෙන කැමරා එකකට යන පවර් වයර් එකකට මේක සම්බන්ද කරන්න පුළුවන්.

දැන් වයරින් එක පටන් ගමු වීඩියෝ වයර් එකේ කැමරාව පැත්තට දාන කොනට BNC ජැක් එක හයි කර ගන්න TT වයර් එකටත් DC ජැක් එක හයි කරගන්න



ඊට පස්සේ එතන ඉදන් DVR එක තියන තැනට වයර් දෙකම බිත්තිය දිගේ වයරින් ක්ලිප් බාවිතා කරලා සුදුසු විදියට අදින්න, වයර් එක බිත්තිය දිගේ නිකම්ම ගෙනියනවා වෙනුවට කේබල් හවුසින් එකක් දිගේ ගෙනිච්චනම් වැඩේ තවත් පිළිවෙලයි ආරක්ෂාවත් හොදයි හැබැයි එකට අමතර වියදමක් යනවා , මම පැහැදිලි කර විදියට කැමරා හයි කරන තැන ඉදලා DVR එක ලගට වයර් ඇද ගත්තට පස්සේ රෝලෙන් වයර් එක වෙන් කරන්න

ඊට පස්සේ අනිත් කැමරා එක ලග ඉදලා ආපහු ඒ විදියටම අදින්න, මම කියපු විදියට වයර් ටික ඇදලා ඉවර කර ගත්තට පස්සේ DVR එක පැත්තට ආපු වීඩියෝ වයර් වලටත් BNC jack හයි කර ගන්න TT වයර් වලට මොකුත් කරන්න ඕනි නැ දැන් සැහෙන වැඩ කොටසක් ඉවරයි,


දැන් අපි DVR එකට හාර්ඩ් ඩිස්ක් එක හයි කරමු මේක නිකම් කජු කනවා වගේ වැඩක් DVR වටේ තියන ඇන ටික ගලවලා DVR එකේ හවුසින් එක ගලවන්න ඊට පස්සේ ඔයාලට සාටා කේබල් එක දකින්න පුළුවන් ලේසියෙන්ම සාටා කේබල් එක ගහලා එතන තියන බේ එකට හර්ඩ් ඩිස්ක් එක හයි කරන්න DVR එකත් එක්කම හාර්ඩ් එක හයි කරන්න ඇන හම්බ වෙනවා හරි දැන් කෙසින් එකත් වහගන්න ඔන්න එකත් හරි .



ඊට පස්සේ අර කැමරා වල ඉදන් ආපු BNC ජැක් හයි කරගත්ත වීඩියෝ කේබල් ටික DVR එකේ පිටි පස්සට හයි කර ගන්න එක නිකන් ටීවී එකේ ඇන්ටනා ජැක් එක ගහනවා වගේ, ඊට පස්සේ මොනිටර් එකත් DVR එකට ප්ලග් කරගන්න ඔයාලා ටීවී එකට නම් DVR සෙට් කරන්නේ BNC to AV කේබල් එකක් ගන්න වෙනවා හරි දැන් ඒ ටික හරිනේ හැබැයි තවම කිසිම දෙකට පවර් දෙන්න එපා නිකන් වයර් හයි කර ගන්නවා විතරයි හරිද ,

ඊට පස්සේ කැමරා ටිකත් ස්ටෑන්ඩ් එකට හයි කරලා එකේ එන වයර් ජැක් වලට අපි හයි කරපු ජැක් ටික ෆිට් කරන්න

දැන් අපි කැමරා වලට පවර් දෙන්න හදන්නේ ඔය කැමරා වලට වෙනම පවර් පැක් පාවිචිචි කරලා පවර් දෙන්නත් පුළුවන් නමුත් අපි පාවිචිචි කරන්නේ තනි පවර් පැක් එකක්, හරි දැන් අපේ පවර් පැක් එක ගත්තාම එකේ වයර් හයි කරන්න ස්ලොට් 5ක් තියනවා දෙකක් 230 v පවර් ඉන් එක ඒ කිව්වේ අපි කරන්ට් එක දෙන්නේ මෙතනින් මේකට වයර් එකක් දෙකක් හයි කරලා අනිත් පැත්තට ප්ලග් එකක් හයි කර ගන්න අනිත් ස්ලොට් දෙක DC අවුට් එක මේකට අර කැමරා වලින් ගෙනාපු TT වයර් ටික සම්බන්ද කරන්න අනිත් ස්ලොට් එක earth එක .



ඔන්න දැන් අපේ වැඩ ටික ඉවරයි දැන් ඉතින් සුබ මොහිතින් මේ ටික ඕන කරන්න තියන්නේ ඊට කලින් අපහු සේරම හරියට සවි කරලද කියලා ඩබල් චෙක් කරන්න දැන් DVR එකයි මොනිටර් එකයි පවර් පැක් එකයි ප්ලග් කරලා ඔන් කරන්න සේරම ටික හරියට හයි කරනාම බීප් එකක් හෝ දෙකක් එක්ක DVR වැඩ කරන්න පටන් අරන් මොනිටර් එකට අවුට්පුට් එක එයි.

ඔන්න එහෙනම් නමෝ විත්තියෙන් අපි සෙට් කර ගත්ත කැමරා සිස්ටම් එක නෙට්වර්ක් කොරන්නයි යන්නේ ඒ කිව්වේ අපි අටව ගත්ත කැමරා ටික මේ ලෝකේ ඕනිම තැනක ඉදලා බලන්න පුළුවන් විදියට හදා ගන්නයි යන්නේ මේක අමාරුයි වගේ පෙනුනට නෙට්වරක් පිලිබඳ සාමාන්‍ය දැනුමක් තියනවනම් ඇස් වහගෙන කජු කනවා වගේ කරන්න පුළුවන් වැඩක්. නෙට්වර්ක් ගැන මෙලෝ දැනුමක් නැති වුනත් වුවමනාව සහ ධෛර්යය තියනවනම් එච්චර අමාරු නැහැ. මුලින්ම DVR එකට හම්බ වෙච්ච් මැනුවල් එක හොදින් කියවන්න විශේෂයෙන් නෙට්වර්ක් පාර්ට් එක. වැඩේ කරන්න කලින් මුලික කන්ෆිග් ටික සකසා ගන්න පරිගනකකුත් අවශ්‍ය වෙනවා.

ඉතින් නෙට්වර්ක් ගැන දන්නේ නැති අය IP ඇඩ්රස් එකක් කියන්නේ මොකද්ද ADSL මොඩම් එකක් කියන්නේ මොකද්ද, රවුටර් එකකින් වෙන්නේ මොකද්ද, CAT5 කේබල් එකක් කියන්නේ මොකද්ද කියලා අන්තර්ජාලේ පොඩි සර්ච් පාරක් දාලා අවොත් හොදයි. සිංහලෙන් ලියවුනු ලිපි ඕනි තරම් තියනවා නෙට්වර්කින්ග් ගැන.

හරි දැන් වැඩේට බහිමු

මේ වෙනකොට මගේ පහුගිය පොස්ට් වල තිබ්බ විදියට සවි කර ගත්ත සිස්ටම් එක අප් ඇන්ඩ් රනින් තියෙන්න ඕනි. නෙට්වර්ක් කරන ක්‍රම දෙක තුනක්ම තියනවා

  • රවුටර් එකක් මාර්ගයෙන් කනෙක්ට කිරීම (බහුවල බාවිතා වෙන ක්‍රමය)
  • ADSL මොඩම් එක කෙලින්ම DVR එකට සවි කිරීම
  • 3G ඩොන්ගලය මාර්ගයෙන් කනෙක්ට් කිරීම.
මම පුළුවන් විදියට දන්න හැම එකම මෙතන සටහන් කරන්නම්.

රවුටර් එකක් මාර්ගයෙන් කනෙක්ට කිරීම (බහුවල බාවිතා වෙන ක්‍රමය)

ගොඩක් ස්ථාන වල ADSL මොඩම් එකත් එක්කම රවුටර් එක තියනවා ඒ කිව්වේ දෙකම එක Device විදියට තියෙන්නේ මේකටනේ අපි අපේ පරිගණක එහෙමත් සම්බන්ද කරන්නේ මේ රුප සටහන බලන්නකෝ



ඔතන RJ45 ගහන්න තියන පොර්ට් එකට තමයි අපි DVR එක ගහන්න ඕනි ඉතින් රවුටර් එක තියන තැන ඉදල DVR එක ගාවට අදින්න කැට්5 කේබල් එකක් ගන්න. (තියන දුර මැනගෙන ගිහින් කොම්පුටර් පාර්ට්ස් තියන කඩේකින් ඉල්ලන්න ඕනිම දුරකට එයාලා කේබල් එක හදලා දෙනවා මතක තියා ගන්න මේ කේබල් එක උපරිම මිටර් 90 ක් විතර තමා දුර අදින්න පුළුවන් ඊට වඩා ගියොත් ඩේටා ඩ්‍රොප් වෙනවා ). දැන් රවුටර් එකට ගහපු කේබල් එක DVR එකේ සවි කරන විදිය පල ලෙහා රුපසටහනින් බලන්න



ඔන්න ඔය පින්තුරේ NET කියලා ගහලා තියන පොර්ට් එකට තමා කේබල් එක ගහන්න ඕනි, දැන් වැඩේ හරිද ? හි හි නැ නැ තව පොඩ්ඩක් තියනවා දැන් තියෙන්නේ අපිට කොන්ෆිග් ටික හදා ගන්න මම ස්කිර්න් ෂොට්ස් ටිකක් දාන්නම් එත් සමහර DVR වල පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් එත් හොයා ගන්න ලේසි. දැන් DVR ලග පුටුවක් එහෙම දාගෙන හරි බැරි ගැහිලා වාඩි වෙන්න ඊට පස්සේ DVR එකට ගහලා තියන මවුස් එක රයිට් කිලික් කරාම DVR එකේ මෙනු එක දිග ඇරෙනවා එකෙන් Main Menu කියන ඔප්ෂන් එක තෝරන්න එහෙම නැත්නම් DVR තියනවා Menu කියලා බට්න් එකක් එක ඔබන්න එතකොට මේ වගේ ස්කිර්න් එකක් එනවා




ඕකෙන් ADVANCED බට්න් එක උඩ ක්ලික් කරලා එකෙන් නෙට්වර්ක් කියන එක තෝරන්න එත කොට පල්ලෙහා ස්කිර්න් එක එනවා



ඔතන TCP/IP කියන මෙනු එකේ STATIC කියන එක සෙලෙක්ට් කරන්ඩ
මීඩියා පොර්ට් එක සහ වෙබ් පොර්ට් තියන විදියටම තියන්න පුළුවන් ඔයාලගේ නෙට්වර්ක් එකේ ඒ පොර්ට් දෙක වෙන Device එක කින් යුස්‌ කරන්නේ නැත්නම්
IP එකට දැනට නෙට්වර්ක් එකේ පාවිච්චි කරන් නැති ඇඩ්රස් එකක් දෙන්න.
Subnet Mask & Gateway එක නෙට්වර්ක් එකේ පාවිචිචි කරන විදියටම දෙන්න ( මේ නෙට්වර්ක් එකේ තියන කොම්පුටර් එකක command prompt එකේ ipconfig කියලා ගැහුවාම එන විස්තර ටික )

හරි දැනට මෙතන වැඩ ටික ඉවරයි අපි දාපු පොර්ට් ටිකයි IP එකයි කොහේ හරි ලියාගන්න දැන් නෙට්වර්ක් එකට ගහලා තියන කොම්පුටර් එකකින් රවුටර් එකට ලොග් වෙන්න,

රවුටර් එකට ලොග් වෙන්නේ කොහමද ? අපේ ඉන්ටෙර්නෙට් බ්‍රව්සර් ඇඩ්රස් බාර් එකට රවුටර් එකේ IP ඇඩ්රස් එක ගැහුවාම රවුටර් එකට යන්න පුළුවන් මෙතන තියනවා පුංචි ගයිඩ් එකක් එකෙන් බලාගන්න පුළුවන් රවුටර් එකට ලොග් වෙන විදිය , බහුලව බාවිතා වෙන ZTE රවුටර් එකේ ස්ක්‍රීන් ෂොට් ටික මම දාන්නම් අනිත් එව්වත් පොඩ්ඩයි වෙනස් වෙන්නේ මෙන්න මේ සයිට් එකේ තියනවා හැම රවුටර් එකක්ම කොන්ෆිග් කරන්න ගයිඩ් , ඔය විදියටම අපි DVR එකට දීපු IP එකට ගියාම කොම්පුටර් එකේ ඉදගෙනම DVR එක access කරන්නත් පුළුවන්.

හරි යුසර් නේම් පාස්වර්ඩ් දීලා ලොග් වුනාම එන වින්ඩොව් එකෙන් advanced tab කියන එකට යන්න



ඊට පස්සේ ඔතන තියන virtual server කියන තැන ක්ලික් කරන්න



ඔන්න ඔතනට මේ එන්ට්‍රි දෙක දාලා සේව් කරන්න





හරි දැන් අපි සැහෙන දුරට වැඩ ඉවරයි දැන් අපි ටෙස්ට් කරලා බලමු දැන් ඉන්ටෙර්නෙට් කනෙක්ට් වෙලා ඔයාලගේ public IP එක (මේ සයිට් එකට ගියාම ඔයාගේ public IP එක බලාගන්න පුළුවන්) ඉන්ටෙර්නෙට් ඇඩ්රස් බාර් එකේ ටයිප් කරන්ඩ අපි දාපු වෙබ් පොර්ට් එකත එක්ක
මෙන්න මෙහෙම
ex 203.94.71.230:80

එතකොට දෙයියනේ කියලා DVR සම්බන්ධ වෙලා පුංචි add-on එකක් install වෙන්න අහනවා



ඕකත් ඔකේ කරාට පස්සේ DVR එකේ ෆීඩ් එක ඒ කිව්වේ කැමරා වලට අවුට්පුට් එක පෙන්න ගන්නවා, ඔන්‍න‍ ඕක තමා මුලිකම දේවල් ටික පොස්ට් එක හුගක් දිග හන්දා මෙතනින් නවත්තනවා, ඊලග පොස්ට් ඒකෙන කතා කරමු මේ දේවල් ටික
  1. DVR පාස්වර්ඩ් එකක් දාගන්න හැටි
  2. IP එක චේන්ජ් වෙනකොට මොකද කරන්නේ
  3. මොබයිල් ඒකෙන බලන්නේ කොහමද

වේලාව කලාව මැනේජ් කරන් බොහම අමාරුවෙන් ලිව්වේ වැරදි අඩු පාඩුත් ඇති සිස්ටම් එක හයි කරද්දී නෙට්වර්ක් කරද්දී එන ප්‍රශ්න අන්තිමට කතාකරමු රැදිලා ඉන්න




kkroxc's Avatar kkroxc ( Elakiri.com)
( මුල් හිමිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම් සම්පුර්නයෙන් තහනම් බව කරුනාවෙන් සලකන්න)

Online TV - Free

December 27, 2013

WI FI තාක්ෂණය - WiFi Technology


Wi-Fi තාක්ෂණය

සුබ දවසක් යාළුවනේ, ඉතින් ඔන්න මම අදත් පොඩි දෙයක් කියලා දෙන්න හිතුවා, කොහොම හරි, ඔබේ දැනුමට දෙයක් එකතු කරගන්නට මේ ලිපියෙන් පුළුවන් වුනා නම් ඒ ඇති....ඉතින් අපි එහෙනම් මේ කතාවේ ආරම්බයේ ඉදන් ලිපිය අරබමු.

1991 දී වයි-ෆයි තාක්ෂණය සොයා ගත්තේ ඒටී ඇන්ඩ් ටී සහ එන්සීආර් කෝපරේෂන් (AT&T, NCR Corporation) නම් ආයතන දෙක එක්වය. මෙහි පුරෝගාමියා වූ වික් හේයස් සැලකුම් ලබන්නේ වයි-ෆයි තාක්ෂණයේ පියා ලෙසය. මොහු මෙම තාක්ෂණය ලොවට දායාද කලත් මේ වන විට මේ පිළිබදව සම්පූර්ණ බලය තිබෙන්නේ, Wi-Fi Alliance නම් ජාත්‍යන්තර මට්ටමේ සමාගමකටය.
රැහැන් රහිත ක්‍රමයට වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙන්නට අද තිබෙන හොදම තාක්ෂණය වයි-ෆයි ය. අනෙක් අතට දුප්පත් රටවල ලාභදායී ක්‍රමයකට අන්තරජාලය ලබා දෙන්නට මේ හොද මෙවලමකි. වයි-ෆයි තාක්ෂණය කෙතරම් ප්‍රයෝජනවත්ව යොදා ගත හැකිද කිවහොත් දියුණු රටවල් දැනට සිට ගම් නගර වලට වයි-ෆයි තාක්ෂණයෙන් නොමිලේ ඉන්ටර්ට් ලබා දෙයි.

රැහැන් රහිත ක්‍රමයට හෙවත් වයර්ලස් ක්‍රමයට ඉන්ටර්නෙට් දිම ගැන මතක් කරන විටම මතක් වෙන වයි-ෆයි ගැන කාතා දැන් තම තමාගෙ යහපත් සෞඛ්‍ය ගැන කතා කරන විටත් මතක් වෙන්නෙ, වයි-ෆයි ජාලයක් නිසා නරක සෞඛ්‍ය බලපෑම් ඇතිවෙන්නට පුළුවන් බවට පැතිරෙන ආරංචි නිසාය.......මේ අරන්ච් නිසා ගොඩක් දෙනෙක් බිහෙන් සිටියා.
වයි-ෆයි විකිරණ සෞඛ්‍යයට නරක බලපෑම් ඇති කරන්නේය අය අදහස මෙයිට කලින් ගොඩක් කතා බහට ලක් වූ කාරණයක්, මෙය පැරති උවේ, BBC Panorama නම් වැඩසටහනෙනි.

එම වැඩ සටහන මගින් ඉදිරිපත් කලේ බ්‍රිතාන්‍යයේ බර්කින්හැම්ෂයර් ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකුගේ අත්දැකීමකි. ඔහු කියා සිටියේ තම පංතියට වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා දෙන්නට යොදා ගැනෙන රවුටරය ක්‍රියාත්මක කල විට හිසරදය හා ඔක්කාරය ඇති වන බවයි.එම එලි කිරීම ඕස්සේ සිය ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාව මෙහෙයවූ BBC ය කීවේ වයි-ෆයි සම්බ්ධය ඇති ලැප්ටොප් පරිගණයක් අසල පැතිරෙන සංඥාවල (Signal) බලසම්පන්නකම ජංගම සුරකථන කුළුනක් ළග ඇති සංඥා මෙන් තුන් ගුණයක් බවයි.
මේ ප්‍රවෘත්තිය සමග වයි-ෆයි තාක්ෂණය සෞඛ්‍යයට හොදද - නැද්ද යන්න ගැන සිංවාදය ඉස්මතු වුණේය. බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සියේ (Health Protection Agency) සභාපති ශ්‍රීමත් විලියම් ස්ටුවර්ට් කීවේ වයි-ෆයි ගැන නැවත සලනා බැලීමක් අවශ්‍ය බවයි

ඒ සමගම බ්‍රිතාන්‍යයේ ජංගම සන්නිවේදනය සම සෞඛ්‍ය පර්යේෂණ ආයතනයේ (MTHR – Mobile Telecommunications and Health Research) සභාපති මහාචාර්ය ලව්රි චැලිස් කීවේ වයි-ෆයි රවුටරයක් අසල තිබෙන සංඥාවල ප්‍රබලතාව රජයේ සම්මත ප්‍රමිතියට වඩා හයසිය ගුනයකින් දුර්වල බවයි. එනිසා වයි-ෆයි වලට බිය විය යුතු නැති බව ඔහුගේ අදහසයි.

අවසන් වශයෙන් බ්‍රිතාන්‍යෙයේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය මේ ගැන තීන්දුවක් දුන්නේය. ඔවුන් කීවේ වයි-ෆයි සංඥා ඇති තැනක යමෙක් අවුරුද්ධක් තිස්සේ වාඩි වී සිටින විට සිරුරට අතුළුවන කිරණ ප්‍රමාණය සමාන වන්නේ විනාඩි විස්සක ජංගම දුරකථන සංවාදයකදී සිරුරට අතුළුවන කිරණ ප්‍රමාණය බවයි.
කෙසේ වෙතත් මහජනයාගේ සිතෙහි ඇති වූ බිය තරන් කරන්නට මේ වැයම සමත්ව නැත 

වයි-ෆයි තාක්ෂණයෙන් රැහැන් රහිත ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගන්නන් විඩියෝ ක්‍රීඩා කරන්නන් වැනි බොහෝ දෙනා මේ ගැන කුතුහලයෙන් සිටින්නේ ඒ නිසාය. වයි-ෆයි (Wi-Fi) යනු (Wireless Fidelity) යන සම්පූර්ණ නම කෙටිකර සකසාගත් කෙටි යෙදුමකි. මේ යෙදුමෙන් හදුන්වන්නෙ රැහැන් රහිත ජාලයක් (Wireless Network) හරහා තොරතුරු පතුරුවා හැරීමේ (විකාෂණය කිරීමේ) ප්‍රමිතියයි.
රැහැන් රහිත ජාල හරහා තොරතුරු හුවමාරු වන්නේ සෙලියුලර් දුරකතන, රූපවාහිනී, රේඩියෝ යන්ත්‍ර වැනි උපකරණවල යොදාගන්නාක් මෙන් රේඩියෝ තරංගවලිනි. මෙසේ රේඩියෝ තරංග සම්ප්‍රේශණය සදහා තිබිය යුතු මූලික ඕනෑකම් වන්නේ වයර්ලස් රවුටරයකි.

මෙම රවුටරයේ තිබෙන ඇන්ටනා මගින් පරිගණක දත්ත රේඩියෝ තරංග බවට හරවනු ලබයි මේ සදහා පරිගණකයේ තිබිය යුතු අවශ්‍යතාවය වන්නේ වයි-ෆයි ඇඩැප්ටරයකි. මෙය යූඑස්බී ඇඩැප්ටරයක් නැතිනම් පීසි කාඩ් එකකි.
මේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කළ පරිගණකයක් වයි-ෆයි ජාලයක් හරහා ඉන්ටර්නෙට් සමග සම්බන්ධවීමේදී මූලික වශයෙන් සිදුවන ක්‍රියාවලි දෙකකි. පරිගණකයේ ඇති වයර්ලස් ඇඩැප්ටරය මගින් දත්ත රේඩියෝ තරංග බවට හරවා ඇන්ටනාව මගින් ඒවා සම්ප්‍රේශණය කරයි.
රැහැන් රහිත රවුටරය එම දත්ත ලබාගෙන ඒවා පරිගණක දත්ත බවට ආපසු හරවයි. ඉන්පසු ඒවා සාමාන්‍ය රැහැන් ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධකෙරේ.
මෙසේ ඉන්ටර්නෙට් සමග රැහැන්වලින් සම්බන්ධ වූ රවුටරයක තිබෙන කාමරයක් තුල පිහිටුවන්නට පුළුවන. එලිමහනක පිහිටුවන්නටත් පුළුවන්, කොහොම නමුත් මේ රවුටරයෙන් තරංග සම්ප්‍රේශණය කරන හා ලබා ගන්නා බල ප්‍රදේශයක් තිබේ. මේ බල ප්‍රදේශයේ ඇති වයි-ෆයි සම්බන්ධතාවය ලබාගත හැකි තැන් හොස්ට්පොට්ස් (hotspots) නම් වේ. ඒ කියන්නේ ඇඩැප්පරය සහිත ලැප්ටොප් එකක් රැගෙන යන්නෙකු වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගන්නට නම් මෙවැනි වයි-ෆයි හොස්ට්පොට් එකට අතුලු විය යුතුය.

වයි-ෆයි හොට්ස්පොට් එකක් සිසාරා විසිරී පැතිරී තිබෙන රේඩියෝ තරංග ජංගම දුරකථන, වෝකිටෝකි, රූපවාහිනි යන්ත්‍ර යනාදිය හුවමාරු කරන රේඩියෝ තරංග වුවත් මේවායේ සංඛ්‍යාතය ඒ හැමටම වඩා ඉහලය. ඒ නිසා මේවාට වැඩි තොරතුරු ප්‍රමාණයක් හුවමාරු කරගන්නට පුළුවන.
වයි-ෆයි ජාලයකදී දත්ත හුවමාරු කරන්නේ ලෝක මට්මෙන් තාක්ෂනික ප්‍රමිති සාදන ඇමරිකාවේ ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවන්ගේ ආයතනය (IEEE – Institute of Electrical and Electronics Engineering) නියමයන්ට අනුවය. ඔවුන් සැකසූ 802.11 යන ජාල ප්‍රමිතිය (802.11 Networking Standard) මෙහිදී යෙදා ගැනේ.
මෙයින් මුලින්ම ඉදිරිපත් වූයේ 802.11b නම් ප්‍රමිතියයි. ගිගා හර්ට්ස් (GHz) 2.4ක සංඛයාත පරාසයෙන් දත්ත හුවමාරු කරන මෙහි දී තප්පරයකට මෙගාබයිට් 11ක වේගයෙන් තොරතුරු හුවමාරු කරන්නට පුළුවන. 802.11g ලෙස හදුන්වන ප්‍රමිතිය ඊට පසු ආ ප්‍රමිතිය අනුව ද ගිගාහර්ඩ්ස් 2.4ක සංඛ්‍යාත පරාසයේම දත්ත සම්ප්‍රේශණය කලත් එහි වේගය වැඩිය. එය තප්පරයකට මෙගාබයිට් 54කි.
වයි-ෆයි ජාලයක් වැඩ කරන හැටි

01) වයි-ෆයි හොට්ස්පොට් එකක් නිර්මාණය වන සේ ගොඩනැගිලි වල, පහන් කණුවල හා වෙනත් ස්ථානවල ඇන්ටනා සවි කරයි.
02) වයි-ෆයි ජාලයකට යොමු කෙරෙන මූලික ඉන්ටර්නෙට් සම්බන්ධය (Source internet connection) ඇති ඩෙස්ක්ටොප් පරිගණකය හෝ සර්වර් පරිගණකය ඇන්ටෙනාව සමග රැහැන් රහිතව හෝ සහිතව සම්බන්ධ කෙරේ.
03) දැන් සමහර මොබයිල් ෆෝන්වලටත් පාම්ටොප් පරිගණකවලටත් වයි-ෆයි තාක්ෂණය හදුනා ගැනීමේ මෙවලම් තිබෙන නිසා ඒවා හරහා ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ විය හැක.
04) ලැප්ටොප් පරිගණක ද වයි-ෆයි ලබා ගත හැකි උපාංග (ඇඩැප්ටර්) සමග එන නිසා දැන් ඒවාට ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ වෙන්නට පුළුවන.
802.11a මෙහිදීද මෙගාබයිට් 54ක වේගයෙන් දත්ත හුවමාරු කළ හැකි උවත් එහි සංඛ්‍යාත පරාසය ගිගාහර්ට්ස් 5 කි.
වයි-ෆයි තාක්ෂණයේ තිබෙන සුවිශේෂත්වය ද මෙතැනදී කිව හැක. එනම් වයි-ෆයි ක්‍රමයෙන් දත්ත සම්ප්‍රේශණය කෙරෙන ගිගාහර්ඩ්ස් 2.4 සහ 5 යන රේඩියෝ තරංග සංඛ්‍යාත පරාසය සදහා බලපත්‍ර ලබාගත යුතු නොවීමයි. මේ නිසා සාමාන්‍ය ගෙදර දොරේ වයි-ෆයි රවුටරයක් පිහිටුවූවත්, ඊටත් වඩා සෙනඟකට සේවය ගන්නට පුළුවන් සේ නගරයක වයි-ෆයි ඇන්ටනා කුළුණක් ඉදි කලත් සංඛ්‍යාත පරාසය වෙනුවෙන් විදුලි සංදේශ ආයතනවලට බදු ගෙවිය යුතු නැත.
වයි-ෆයි තාක්ෂණය යොදා ගෙන ඉන්ටර්නෙට් සම්බන්ධය හෝ වෙනත් ජාල සම්බන්ධතා හෝ ලබා ගන්නා විට මීට අමතර වශයෙන් තියෙන වාසි ද කිහිපයකි.
01) කේබල් යෙදීමේ අවශ්‍යතාවක් නැති නිසා ජාලය ස්ථාපිත කිරීම පහසුය.
02) බොහොමයක් ලැප්ටොප් සමග වයි-ෆයි ඇඩැප්ටර් සවි කොට තිබීම නිසා ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගැනීමට යන මූලික වියදමද අඩුය.
03) වයි-ෆයි ජාලයක් ස්ථාපිත කොට පවත්වා ගෙන යාම අනෙක් සන්නිවේදන ජාලයන්ට වඩා ලාභදායකය.
04) මේ වාසිදායක තත්වයන් සහිතව වුවත් වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ යම් යම් සීමාවන්ද තිබේ. එනම්,
05) මේ සදහා යෙදවිය යුතු ශක්තිය ඉහල නිසා ලැප්ටොප් වල බැටරි කාලය අඩුවීම හා එහි රස්නය ඉහල යාම සිදුවේ.
06) වයි-ෆයි ජාලයක් බලපවත්වන්නේ සීමිත දුරකටය. ගෘහස්ත වයි-ෆයි රවුටරයක් නිසා උපදින හොට්ස්පොට් එකක් අඩි 150ක පමණ ප්‍රදේශයක් පුරා බලපවත්වයි. එසේම කුළුණු ආශ්‍රෙයන් පිහිටුවන හොට්ස්පොට් එකක් වුවත් බල පවත්වන්නේ අඩි 300ක පමණ දුරකටය.
07) වයි-ෆයි ජාලයක රහස්‍ය බව අඩුය. කුමන වයි-ෆයි ජාලයක් නොමිලේ ඇති කාටත් පහසුවෙන් සම්බන්ධවිය හැකි සංඛ්‍යාත පරාසයකින් සම්ප්‍රේශණ කටයුත් කරන නිසා යම් ජාපයකට පිටස්තර කෙනෙකු ඇතුළු වී තොරතුරු සොයා බැලීම පහසුය.
මේ තත්වයන් යටතේ වුවත් වයි-ෆයි තාක්ෂණය හොද අතට දියුණු කරන්නට නොයෙක් උපාය ලොකයා විසින් සොයමින් සිටී. නගර වැසියන් අතරනොමිලේ වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය දීම එවැන්නකි. මෙහිදී මුළු නගරයම ආවරණය වනසේ රවුටර් පද්ධතියක් පිහිටුවයි. සාමාන්‍යයෙන් තිබෙන රවුටරයකට යාබදව ඇති තවත් රවුටරයක් හදුනාගන්නට බැරි වුවත් නාගරික වයි-ෆයි ජාලයකදී එහි ඇති හැම රවුටරයක්ම යාබදව ඇති රවුටර් දෙකක් වත් හදුනාගන්නට පුළුවන්කම තිබේ. එසේම ඒ හරහා මුළු නගරයේම ඇති රවුටර් සියල්ල එකිනෙකට සමග සම්බන්ධ කෙරේ මෙසේ තැනූ වයි-ෆයි ජාලයකින් (Mesh Network) වැසී ගත් නගරයක ඕනෑම තැනකට යන්නෙකුට කිසි කරදයක් නැතිව සිය ලැප්ටොප් එකෙන් ඉන්ටර්නෙට් සමග සම්බන්ධ වෙන්නට පුළුවන.

ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා, පෙන්සිල්වේනියා, ෆ්ලෝරිඩා,ටෙක්සාස්, නිව් යොක් යන ප්‍රදේශවල මෙවැනි වයි-ෆයි ජාල (Municipal Wi-Fi Network) පිහිටුවා තිබේ. ඉන් ෆ්ලොරිඩාවේ සෙන්ට් ක්ලවුඩ්හි මහජනයාට වයි-ෆයි ඉන්ටර්නෙට් ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේය.
මෙසේ වයි-ෆයි ජාලයකින් වැසී ගිය නගරයක ධාවනය වන මොටර් රත එකිනෙකට හදුනාගැනීමට පුළුවන් සේ වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ වැඩසටහනක් දැන් යුරෝපයේ ක්‍රියාත්මකයි. යුරෝපීයන් කාර් ටූ කාර් (European Car – 2 – Car) ලෙස නම් කොට තිබෙන මේ වැඩසටහනට දායකත්වය දෙන්නේ යුරෝපයේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාධන සමාගම් හා විශ්ව විද්‍යාල කීපයකි. මෙහීදී කරන්නේ වාහනවල වයි-ෆයි පද්ධති පිහිටුවා ඒවා අතර සම්බන්ධය ඇති කිරීමටය. එවිට නොපෙනෙන වංගුවකදී වුවත් එක් මෝටර් රථයකට අනෙක හදුනාගන්නට පුළුවන.
වයි-ෆයි තාක්ෂණයෙන් ජනයා හදුනාගැනීමේ ක්‍රමයක් ෆින් ලන්තයේ ඉකාහෝ (Ekahua) සමාගම හදුන්වා දී තිබෙනවා, මෙය වයි-ෆයි ජාලයකින් හදුනාගන්නට පුළුවන් රේඩියෝ ටැග් එකකි. මෙම ටැග් (Battery Powerd RFID Tags) වලට ගැලපෙන වැඩසටහනක් දුවන ලැප්ටොප් එකකින් හෝ ටැබ්ලට් පීසී එකකින් ඒවා හදුනා ගන්නට පුළුවන. දියුණු රට වල තිබෙන පරිගණක පද්ධති යොදා ගන්නා රෝහල්වල හෙදියන්ට, මේවා පැලැදී රෝගීන් දැන් සිටන්නේ කොතනදැයි දැන ගැනීම මෙමගින් පහසුය.
මේ විදිහට දියුණු රටවල් බොහොමයක පාසල් හා විශ්ව විද්‍යාල වයි-ෆයි ජාලවලින් පොහොසත්ය. එවැනි තැනක සිසුන් සිටින්නේ කුනම තැන්වල, කුමන ලෙසද කියා හදිසියකදී මෙමගින් ගැන ගත හැක.
කාර් - ටූ කාර් සන්නිවේදන ක්‍රමය

01) වාහනවල වේගය, ගමන් කරන දිශාව යනාදිය දැන ගැනීමට වාහනයේ වයි-ෆයි පද්ධතියක් පිහිටුවිය හැකිය.
02) දැන් මේ වාහනය ඉදිරියේ ඇති තැනක වදින්නට යනවා නම් ඊට කලින් ඒ බාධකය හදුනා ගෙන එලාම් හඩවා ඒ බව රියදුරාට කියයි.
03) කන්දියකට ආ වාහන දෙකක් මුණට මූන හමුවෙන්නට කලින් වයි-ෆයි පද්ධති එකිනෙකාට මුණ ගැසී ඉදිරියට වාහන යන බව කියයි.

ඔන්න යාළුවනේ, කියන්න තිබ්බ දේවල් ටික ටිව්වා, මේකට තමයි ඔය Wi-Fi කියන්නේ, මේ පොස්ට් එක දැම්මෙ නොදන්න අයට විතරයි, දන්න අයත් වැඩි යමක් දැනගන්න හිතාගෙන බැළුවට වරදක් නෑ....අඩු පාඩු තියෙනවනම් පෙන්වලා දෙන්න, Comment එකක්, දාලා යන්න....
ස්තූතියි! ජය වේවා!!!

December 25, 2013

Hack Computer by Pen Drive - Pen එකෙන් computer එකක් hack කරමු !


Pen එකෙන් computer එකක් hack කරමු !




හැකින් වලට අස අපෙ කොල්ලො කෙල්ලන්ට මෙන්න හැක් කරන්න පුලුවන් ලෙසිම ක්‍රමයක්.මම කියල දෙන්න යන්නෙ කොහොමද 1කන් කගෙ හරි පරිගනකයක දත්ත සොරගෙන කන්නෙ කියලා,වැඩි කතා ඔනෙ නැ වැඩෙට බහිමු.....

මුලින්ම මෙතනින් ඕනි කරන ෆයිල් එක download කරගන්න පහලින්!

http://adf.ly/bC7cF

win rar වලින් තියෙන්නෙ එක නිසා right click කරලා extract කරලා ගන්න.
එකෙ ඇතුලේ ඇති copy කියලා folder එකක් එකේ තියෙන ෆයිල් ටික කොපි කරලා පෙන් එකට දාගන්න .
ඊට පස්සේ hide.bat කියලා තියෙන එක ක්ලික් කරලා රන් කරන්න .ඉට පස්සෙ පෙන් එකෙන් hide.bat file එක delete කරලා දාන්න.
දැන් වැඩේ හරි.

දැන් ගිහින් පෙන් එක ඕනි කරන computer එකට ගහලා. ඔයාට ඔනි වැඩක් කරගෙන.පස්සේ ඔයාගෙ machine එකට ගහන්න./
දැන් චුටි වැඩක් කරන්න තියෙනවා. අපි කලින් extract කර ගත්ත folder එකේ ඇති showh.bat කියලා ෆයිල් එකක්. එක දැන් ආයෙම කොපි කරලා පෙන් එකට පේස්ට් කරන්න.ඊට පස්සෙ run කරන්න.ඊට පස්සෙ refresh කරන්න.දැන් hide උන files පෙනෙයි.
දැන් copy කියන folder එකේ ඇතුලේ ඇති IMNEOWORLD කියලා folder එකක් එකේ තියෙනවා ඕනිකරන ඔක්කොම html file විදිහට. ක්ලික් කරලා බලාගන්න විතරයි තියෙන්නේ.

මෙ තියෙන්නෙ එන ෆයිල්ස් ටික

Visited Link List
Internet Explora Cache List
Internet Explora Password List
Instance Massengers Account List
Installed Windows Update List
Mozilla cache List
cookie list
Mozilla History List
Search Queary List
Adapter Report
Network Password Report
TCP/UDP Port List
Product Key List
Protected Storage Password List
PST password List
Startup Programme List
Video Cache List



ඉතින් තව වෙන කවර කතාද?

December 19, 2013

Connection Speed Slow නොවී Block කරපු සයිට් වලට යන්න මෙන්න ක්‍රමේ... - Anonymous Surfing

Connection Speed Slow නොවී Block කරපු සයිට් වලට යන්න මෙන්න ක්‍රමේ... (Anonymous Surfing)
 
 

[දන්න අය මේ ලිපිය දැක්කෙ නෑ වගේ ඉන්න.. මුකුත් වැරදි එහෙම තියනවානම් නිවැරදි කරන්න උදව් කරන්න]

ලිපිය සඳහා වෙනත් නම්: Software නැතුව I.P එක Hide කරමු..
විශේෂ වාසි: කිසිම Software එකක් Install කිරීමට අවශ්‍ය නැත, එමනිසා Slow නැත.

මෙතැන සිට කියවන්න
______________
http://www.proxy-list.org කියන සයිට් එකට යන්න.. රූපයේ පරිදි වැඩකරන ප්‍රොක්සි ලිස්ට් එකක් පෙන්වාවි, ඒවායින් Uptime එක වැඩි එකක් ( චයිනීස් එපා) තෝරගන්න..


ඔයාගෙ Web Browser එක මොකද්ද ??


Firefox සඳහා..


ඉන්පස්සෙ firefox ගිහින් රූපයේ පරිදි Options ඔබල  රූපයේ දැක්වෙන Network->Settings බොත්තම ඔබල රූපයේ දැක්වෙන් Interface එක ලබාගන්න.. 5 රූපයේ දක්වා ඇති ආකාරයට ඔයා කලිත් ප්‍රොක්සි ලිස්ට් එකෙන් තෝරාගත් I.P එක හා port ඇඩ්‍රස් එක දමා සේව් කරන්න.. ඉන්පසු බ්ලොක් කරපු සයිට් ඕනි එකකට යන්න පුලුවන්..





Chrome සඳහා..


ඉන්පස්සෙ  රූපයේ පරිදි Options යන්න. මීළඟට රූපයේ දක්වා ඇති පරිදි, Network -> Change Proxy Settings ඔබන්න. එතකොට Internet Properties කියන Interface එක එනවා.. ඔයා ඒකෙ තියන Internet Connection සෙට් එකෙන් ඔයා දැන් පාවිච්චි කරන connection එක තෝරල රූපයෙ දක්වා ඇති පරිදි Settings button එක ඔබන්න. එවිට ඒ Connection එකට අදාල Interface එක දකින්න පුලුවන්. ඊට පස්සෙ රූපයේ පෙන්වන පරිදි Proxy Server යටතේ තියන "Use a proxy server for this connection" කියන එකට ටික් එක දාලා  Advanced කියන එක ඔබන්න. එවිට ඔයාට  Proxy Settings Interface එක දකින්න ලැබේව්. ඒකෙ "Use the same proxy server for all protocols" කියන ටික් එක දාලා රූපයේ  පරිදි "Proxy address to use" යටතේ HTTP: ඉදිරියෙන් අර කලින් තෝරාගත් I.P එක හා Port Address එක දමන්න. ඉන්පසු සියල්ලම "OK" කරන්න .


 



 
 
 
වැඩේ හරිද??

ඔයාට වැඩේ හරි ගියාද කියල check කරගන්න පුලුවන් මෙන්න මෙහෙම.. www.google.com කියල ගැහුවම ඒක ඉබේම www.google.lk කියල මාරු වෙන්නෙ නැතිනම් වැඩේ හරි.. දැන් ඔයාට ලංකාව ඇතුලෙ Block කරල තියන ඕනිම සයිට් එකකට යන්න පුලුවන්..


ප්‍රයෝජනවත් ඉඟි...

*) ඔයා 2 රූපයේ දී හැම විටම list එකේ උඩින්ම තියන Uptime එක වැඩි Proxy තෝරාගන්න
*) ටික දවසක් හෝ පැය කීපයක් යනකොට නිකං Internet connection එක slow වගේ දැනෙනවානම් අර මුල් සයිට් එකට "www.proxy-list.org" ගිහින් අලුත් Proxy එකක් අරගන දාගන්න
*) Proxy එකක් දාලත් ඔයාට අවශ්‍ය අර සයිට් එකට ගියාම ඒක Block කරලනම්.. ඔයා තෝරගත්ත Proxy එකට අදාලෙ රටෙත් ඒ සයිට් එක Block කරලා.. එහෙම වෙලාවට නැවතත් අර මුල් සයිට් එකට "www.proxy-list.org" ගිහින් වෙනත් රටක Proxy එකක් හොයල දාගන්න, Chinese Proxy
වලින් එහෙම ගියාම සෑහෙන්න Blocked , ඒ නිසා USA වගේ එකක් තෝරගන්න

December 17, 2013

Laptop එකක් ගනිද්දි මේ ගැනත් බලන්න - ( Dead/Stuck Pixel )


Laptop එකක් ගනිද්දි මේ ගැනත් බලන්න



අද මම කියන්න යනදේ ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ අලුතින් laptop ගන්න ඉන්න කට්ටියට.

අපි ඉතින් ගොඩක් වෙලාවට බලන්නෙ අපි ගන්න යන laptop එකේ කතා කරගත්තු විදිහට RAM, Processing Speed, VGA, Disk Space වගේ දේවල් තියනවද කියලනෙ. ඊට අමතරව බලන්න ඕන තව දෙයක් තියනව. ඒ තමයි laptop එකේ LCD/LED screen එක.

මේ screen එකේ අපිට පේන්නෙ නැති තරම් කුඩාවට කළු, සුදු හෝ වෙනත් පැහැයක් ගන්නාවූ ලප තියෙන්න පුළුවන්. මේවට කියන්නෙ Dead/Stuck Pixel කියල. අපි මේක ගැන සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානම හේතුව තමයි, මේවගේ ලප (Dead Pixel) එකක් දෙකක් තිබුනට අපිට අලුත් screen එකක් warranty යටතේ හම්බවෙන්නෙ නැති එක. එහෙම අලුත් එකක් දෙන්නනම් ගොඩක් වෙලාවට අඩුම තරමින් Dead Pixel 5ක් වත් තියෙන්න ඕන. මේක laptop brand එක අනුව වෙනස් වෙන දෙයක්.



ඔයා ගන්න යන laptop එකේ Dead Pixel තියනවද කියල බලන්න පුළුවන් ලේසිම විදිහ තමයි wallpaper එකට සුදු පාට පින්තූරයක් සහ කලු පාට පින්තූරයක් දාල හොඳින් පරීක්ෂා කරන එක. මේ web site (UDPixel) එකේ තියන පොඩි software එකෙන් ඒ වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන්. Install කරන්න ඕන නැති නිසා laptop එක ගන්න වෙලාවට Flash Drive එකක දාගන ගිහින් run කරල බලන්න තියෙන්නෙ.
මෙතනින් බාගන්න:
UDPixel v2.2 English (.zip - 72kB) Compressed binaries, no installer

ඊට අමතරව මේ web site එකට (Dead Pixels Test) ඒ වෙලාවෙම ගිහිනුත් හොඳ පරීක්ෂාවක් කරගන්න පුළුවන්. අමාරුවෙන් සල්ලි හොයාගන laptop එක ගත්තට පස්සෙ දුක් වෙනවට වඩා හොඳට පරීක්ෂා කරල ගන්න එක හොඳයිනෙ
 
 

බයෝස් අප්ඩේට් කිරීම සරල සිංහලෙන්

බයෝස්_අප්ඩේට්_කිරීම_සරල_සිංහලෙන්...Part_01



මේක මහ දිග කතාවක්... අපි මෙහෙම පටන් ගනිමු... කොහොමද?? මොකක්ද මේ බයෝස් කියන්නේ??
In IBM PC compatible computers, the basic input/output system (BIOS), also known as the System BIOS or ROM defining a firmware interface.

ඕක තමා විකි අයියා අපිට කියන කතාව... ඒ කිව්වෙ මේක සාමාන්‍ය චිප් එකක්... එක ඇතුලට පොඩි DOS බේස්ඩ් වැඩසටහනක් ඒ කිව්වෙ ෆර්ම්වෙයාර් එකක් දාලා තියෙන්නෙ... ඕකෙන් මැෂින් එක අනික් පැත්ත ගස්සවන්න පුළුවන්.!

ඒ ‍Programme කරපු චිප් එකේ වැඩසටහන විවිධ ආයතන මගින් වෙනස් වෙනස් විදියට ලියනවා.. එහෙම වුණාම එක එක මදර්බෝඩ් වල පහසුකම් අඩු වැඩි වෙනවා... වගේම සරල - සංකීර්ණ Configurations ඇතිවෙනවා...

ප‍්‍රධාන බයෝස් වෙනඩර්ස් ලා, ඒ කිව්වේ එක එක මදර්බෝඞ් වලට චිප් එකට වැඩසටහන ලියන ආයතන..

American Megatrends (AMI),
Award Software
Phoenix Technologies
Phoenix has now phased out the Award Brand name. General Software, which was also acquired by Phoenix in 2007, sold BIOS for Intel processor based embedded systems.

මුන් තමයි දැනට ඉන්න වැඩ්ඩො...

දැන් මොන මදර්බෝඩ් කොම්පැණි වලටද මෙයාල එයාගෙ සේවය සලසන්නෙ...

ASUS, INTEL, MSI, GIGABYTE, ASROCK, MURCURY, ABIT, BIOSTAR, A-Open, DELL, Matsonic, Compaq, ECS

මේවා තමයි මම ලංකාවේ දැකපු බෝඩ් වර්ග...

ඉතින් දැන් කතාව මෙහෙමයි.. මේ හැම බෝඩ් එකකටම මෙයාලා බයෝස් ලියනවා.. හැබැයි බෝඩ් මොඩල් එකෙන් මොඩල් එකට වෙනස්..! මැනුෆැක්චරර් ගේ ඉල්ලුමට සරිලන විදියට තමයි චිප් එක ලියන්නෙ.. මේක EEPROM එකක් නිසා අපිටත් අපේ නම් දාලා අලුතෙන් Programme එකක් ලියන්න පුළුවන්. අපි එහෙම ලියල තියෙනවා.. ඒකට රොබෝටික්ස් ගැනයි ඩිජිටල් ඉලෙක්ටොනික් ගැන දැනුමක් ඕනෙ. පිටකොටුවේ හදාපු Programmer තියෙනවා. IC එක අනුව අරං කරගන්නත් පුළුවන්... ඒ බයිලා ඔයාලට වැඩක් නෑ... ආයෙත් මාතෘකාවට එමුකො...

දැන් මේ බයෝස් එකේ වෙන්නෙ... මදර්බෝඩ් එකේ තියෙන විශේෂාංග - පහසුකම් ඇති-නැති කරන්න, ඒ කිව්වේ Enable, Disable කරන්නයි, විවිධ ක‍්‍රියාකාරකම් වලට අදාල සෙටින්ග්ස්, ඕවර් ක්ලොක් කිරිලි, බූට් වෙන මාධ්‍යය තෝරන්න, දිනේ වේලාව හදන්න, අනවශ්‍ය පහසුකම් අයින් කරන්න වගේ දහසක් දේවල් මේක ඇතුලේ කරන්න පුළුවන්... සමහර බෝඩ් වල බයෝස් එක සරලයි... ගේමර් බෝඞ් වල බයෝස් එක දැක්කාම ඔලූව කොලොප්පං වෙනවා..

මගේ දැනීමේ හා විශ්වාසයේ හැටියට දැනට තියෙන සරලම හා පහසුම බයෝස් වැඩසටහන තමයි Award Bios! සමහර ඒවගේ සෙටින්ග්ස් හදන්න ගියාම නාන්න වෙනවා... මොකද එක එක ඒවගෙ එක එක තැන්වල තමයි මේ සෙටින්ග්ස් තියෙන්නෙ... අනික සමාගමෙන් සමාගමට වචනත් වෙනස්. එකෙක් කියනවා First Boot Device අනිකා Boot Sequence තව එකෙක් Boot Device Priority ගොඩක් විට ඉන්ටෙල් වල Start up Sequence බ්‍රෑන්ඩඩ් මැෂින් වල... ඉතින් පෙළක් විට මේක හොයනකොට මල පනිනවා... ඔන්න ඕකයි පුතේ පුල්මුඩේ තත්වේ!!

ඉතින් මේ බයෝස් සංස්කරණ වල වෙනස්කම් මොනවාද ??

අපි හිතමු සුප‍්‍රකට ඉන්ටෙල් පර්ල් 478 සොකට් බෝඞ් එකයි, ෆෝක්ස්කොන් G31-MX වගේ ගමු. දැන් ඉස්සෙල්ලාම නිකුත් කරපු D845 Perl ‍බෝඩ් එකේ 2.2 Processor එක විතරයි... නමුත් අන්න බයෝස් අප්ඩේඩ් කරාම 3.0GHz 1M Processor එකත් ගහන්න පුළුවන්.
හැම පහසුකමක්ම වැඩි වෙනවා.

තවත් දෙයක්....
සමහරැ කම්ප්ලේන් කරනවා අහවල් අහවල් දෝෂ තියෙනවා මේ බෝර්ඩ් එකේ කියල බෝඩ් එක හදපු කොම්පැණියට... උන් කරන්නෙ ලේඩේ ඇත්තනම් අලුතින් බයෝස් අප්ඩේට් එකක් ලියනවා...
ඒක සයිට් එකට දානවා බා ගන්න පොඩි විස්තරයක් එක්ක මෙන්න මේකටයි මේ බයෝස් පැච් එක දැම්මෙ කියලා... ඒ වගේ අවුරුද්දක දෙකක කාලෙකට අලුතින් සංස්කරණ ගොඩක් එනවා...

මෙන්න මේ වගේ... අපි හිතමු බෝඩ් එකක් තියෙනවා 667MHz රැම් විතරයි සපෝට් කියලා... ඒකේ බයොස් වර්ෂන් එක 2.06.5 (547) වගේ කියල හිතමු. වර්ෂන් එක බලාගන්න හැටි ඊලග ලිපියෙන්... ඉතින් බෝඩ් එක අරන් අවුරුද්දකින් විතර අදාල සයිට් එකට ගියාම දකින්න පුළුවන් අලුත් බයෝස් අප්ඩේට් එක 800MHz Ram සපෝට් කරන!! මොකද ඒ වෙනකොට කඩේ 667 මෙමරි නැති නිසා මිනිස්සුන්ට මේක අප්ඩේට් කරන්න වුවමනා වෙනවා... මොකෑ බෝඩ් එක විසික් කරන්නද?? අපි වගේ හිඟන්නන්ට කොහේ තියෙන සල්ලියක්ද?? ඔන්න ඉතින් එහෙම අප්ඩේට් කරල 800 රැම් ගැහල අවුරැද්දක් විතර දුවද්දි එනවා වින්ඩෝස් විස්ටා වගේ මල ජරාවක්!! වීඩියෝ එඩිටින් කරන එකෙක්ට මේ වගේ මරණයක් සෙට් වෙන්නෙ නැතිව ඇති විස්ටා වගේ... දැන් අපි හිතමු මිනිහා 2GB රැම් පාවිචිචි කලේ කියල... එයා ඒක 4GB කරන්න ගියාම බෝඩ් එක සපෝට් කරන්නෙ නෑ... ඉතින් ඇඬෙනවා!! ආයෙත් ගිහින් වෙබ් එකේ බලපුවාම රැම් අයිඩෙන්ටිෆයි කරන එක අප් වෙලා ඒ කියන්නේ 4GB වගේ සපෝට් කරන පැච් එක ඇවිත්... ඔන්න දැන් වැඩේ ගොඩ!!

අන්න ඒකයි බයෝස් ගැන දැනගෙන අප්ඩේට් කරන් එකේ වාසිය... අලුත් බෝඩ් නොගෙන තියෙන එකෙන්ම ගේම ගහන්න පුළුවන්...

ඇල්බට්‍ අයින්ස්ටයින් - Albert Einstein


ඇල්බට්‍ අයින්ස්ටයින්






ඇල්බට්‍ අයින්ස්ටයින් ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතිත විද්‍යාඥයෙක් විය. ඔහු සිය සාපේක්ෂතාවාදය හා ස්කන්ධ - ශක්ති තුල්‍යතාව ( E = mc2) සඳහා වඩාත් ප්‍රසිද්ධ ‍වී ඇත. අයින්ස්ටයින් “ඔහුගේ සෛද්ධන්තික භෞතික විද්‍යාව සදහා වු සේවය හා විශේෂයෙන්ම ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම වල සොයා ගැනීම්‍” නිසා 1921 දී භෞතික විද්‍යාව සදහා වු නොබෙල් තග්‍යායෙන් පිදුම් ලැබීය.
යාන්ත්‍ර විද්‍යාව සහ විද්‍යුත් චුම්භකත්වය නැවත සම්බන්ධ කරමින් ඉදිරිපත් කළ විශේෂ සාපේක්ෂතාවාදය සහ නව ගුරුත්වාකර්ෂණ වාදයකට නිර්මාණය කරමින් සාපේකෂතාවාදී මූලධර්ම ඒකාකාරී නොවන චලිතවලට ද අදාල කරමින් ඉදිරිපත් කළ සාමාන්‍ය සාපේක්ෂතාවාදය ද භෞතික විද්‍යාවට අයින්ස්ටයින් දැක්වු ප්‍රධාන දායකත්වන් වේ. ඔහුගේ අනෙකුත් දායකත්වයන් අතරට (සාපේක්ෂවාදී තාරකා විද්‍යාව , විශ්ව න්‍යාය විද්‍යාව) කේශික ක්‍රියාව, අවධි උපලනය, ස්ථිතිමය යාන්ත්‍ර විද්‍යා‍ෙව් ගැටළු හා ඒවායේ ක්වොන්ටම්‍විද්‍යාත්මක යෙදීම්‍, අණුක බ්‍රවුනිය චලිතය පිළිබඳ විවරණය, සංක්‍රමණ සම්‍භාවිතාව, ඒක පරමාණුක වායු පිළිබඳ ක්වොන්ටම්‍වාදය, අඩු විකිරණ ඝනත්වයක් සහිත ආලෝකයේ තාප ගුණ (මෙය ෆෝටෝන වාදයයට මුලික පදනම විය) උත්තේජිත විමෝචනය ඇතුලත් විකිරණ වාදය, ඒකීකෘත ක්ෂේත්‍රවාද සංකල්පය, භෞතික විද්‍යා‍ෙව් ජ්‍යාමිතිකකරණය ආදිය අයත්ය.
ඇල්බට්‍අයින්ස්ටයින් පල කළ ප්‍රකාශන අතරට විද්‍යාත්මක පත්‍රිකා /නිබන්ධන පනහකට වැඩි ප්‍රමාණයක් ද විද්‍යාත්මක නොවන පොත්පත් අයත් වේ. භෞතික විද්‍යාව සම්බන්ෂධ පිරිස් අයින්ස්ටයින් පුජක තත්වයේ ලා සලකන අතර 1999 දී “ටයිම්‍” සගරාව මගින් ඔහු “ශතවර්ෂයේ මිනිසා” වශයෙන් නම්‍කරන ලදී. ඔහුගේ නම ගැලීලියේ ගැලීලි, අයිසැක් නිවුටන්, චාල්ස් ඩාවින්ස් වැනි විද්‍යාඥයන්ගේ නම් අතර ඔවුන් ද පවා අභිබවා යන තරම් විශිෂ්ඨ විද්‍යාඥයෙක් ලෝක ඉතිහාසයේ සුප්‍රසිද්ධම විද්‍යාඥයා වන්නේ ද ඇල්බර්ට් අයින්ස්ටයින්මය. වර්තමාන සංස්කෘතිය තුල “අයින්ස්ටයින්” යන්න විශිෂ්ට බුද්ධිමතා යන වචනයට සමාන පදයක් වශයෙන්ද භාවිතා වේ.
[සංස්කරණය]මරණය
අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් ඇල්බට් අයින්ස්ටයින් මිය ගිය අතර ඔහු ශල්‍යකර්මයක් ප්‍රතික්ෂේප කර ඇත. ඔහු වෛද්‍යවරයා‍ට පවසා ඇත්තේ "මට යෑමට අවශ්‍ය විට යා යුතුයි. කෘතිමව ජිවත් වෙලා ඵලක් නෑ.මම මගේ කොටස අවසන් කරලා තියෙන්නේ. මම ඒක කදිමෙට කරනවා" යනුවෙනුයි. පසුදින එලිවෙත්ම ඔහු ප්‍රින්ස්ටන්හි රෝහලක 76 වියේදි ‍මරණයට පත්විය





.
en.wikipedia.org/wiki/Albert_Einstein‎   ( Link )

පිටකොටුව ගමට ගෙනියමු

  පිටකොටුව ගමට ගෙනියමු මෙන්න Online වෙළෙඳපොලේ අලුත්ම පෙරළිය..  ********* 2021 Life එක ගොඩ දාගන්න එන්න  100% ශ්‍රී ලාංකික ආයතනයක් වන Pitakotu...