|| Nimthera || නිම්තෙර ....

|| Nimthera || නිම්තෙර ....

FB Like Tab

December 13, 2013

ඛණිජ තෙල් ලොවට සොයාදුන් - එඩ්වින් එල්. ඩ්‍රාකේ

Share this Post Share to Facebook Share to Twitter Email This Pin This
ඛණිජ තෙල් ලොවට සොයාදුන් - එඩ්වින් එල්. ඩ්‍රාකේ


කැනඩාවේ පිහිටි පෙනිසිල්වේනියාවේ ග්‍රාමයක ලුණු හෑරීම සඳහා වාෂ්ප එන්ජිමකින් ක්‍රියාකරන උපකරණයක් තැනූ එඩ්වින් එල්. ඩ්‍රාකේ නැමැති අයෙකු 1859 වර්ෂයේ දිනක එම උපකරණය යොදා ගනිමින් පොළෝ මට්ටමින් අඩි 69.5 ගැඹුරු ස්ථානයක් හාරමින් සිටියේය . ඔහුට කළුපැහැති අපූරු බොර දියරයක් හමුවූයේය . මෙය ලෝකය උඩු යටිකුරු කරනු ඇතැයි එම දියරය සොයාගත් ඩ්‍රාකේ කිසිදා නොසිතන්නට ඇත . බොරතෙල් පොළොව මතුපිටට පැමිණියේ ඒ ආකාරයෙනි .



එඩ්වින් එල්. ඩ්‍රාකේ



එඩ්වින් ලොරන්ටින් ඩ්‍රාකේ 1819 මාර්තු 11 වැනිදා නිව්යෝක් හි ග්‍රීන්විලේ ගම්මානයේ උපත ලැබීය .
ලොව ප්‍රථම වරට වාණිජ්‍යමය වශයෙන් ඛණිජ තෙල් ලබාගන්නා තෙල් ලිඳක් සොයාගත් එඩ්වින් ඩ්‍රාකේ ලෝක ඛණිජ තෙල් ඉතිහාසයේ නොමැකෙන නාමයකි .


මුළු ලෝකයම උඩු යටිකුරු කරමින් මිනිසා ක්ෂණිකව දැවැන්ත සංවර්ධනයක් කරා ගෙන යාමට ඔහුගේ මෙම සොයාගැනීම සමත්විය . අද ලෝකය පාලනය වන්නේ ඔහු විසින් සොයාගත් මේ සම්පතෙනි. තෙල් ලිං තුනක් පවත්වාගෙන ගිය ඩ්‍රාකේ ලෝක තෙල් කර්මාන්තයේ පියා ලෙස හඳුන්වන්වයි .



එතැන් සිට ඇමැරිකාව පුරා කැනීම් ශිල්පියෝ තෙල් සොයා ළිං හෑරීමට පටන් ගත්හ. අද ලොව බොහෝ නිෂ්පාදන සඳහා සෘජුවම ඛනිජ තෙල් හෝ තෙල් නිෂ්පාදනයේදී ලැබෙන අතුරු ඵල යොදාගනී.


මීට වසර මිලියන 400 කට පමන පෙර පෘථිවියේ වැඩි කොටසක් මහ මුහුදින් වැසී තිබී ඇතැයි අනුමාන කෙරේ . එකළ මුහුදේද ගොඩබිමද ජීවත් වූ ජීවීහු මිය ගිය පසු ඔවුන්ගේ දේහ කොටස් මහ මුහුදේ මඩ සමග කැලතී පල්පයක් ලෙස තැන්පත් විය . මේ මතට ගංගා ඇළ දොළ ඔස්සේ ආ ශාක කොටස් හා රොන් මඩද විශාල වශයෙන් එකතුවී ඇත එම ආගන්තුක රොන් මඩ මගින් ජීවී කොටස් සහිත පල්පය මුළු මනින්ම වැසී ගොස් කාලාන්තරයක් ගතවන තැන එම රොන් මඩ ස්ථරය දැඩි වී පාෂාණ බවට පත්වී ඇත ඒ හේතුවෙන් ජීවී කොටස් සහිත පල්පයට එල්ලවූයේ දැඩි තෙරපුමකි. එම මිශ්‍රණයේ වූ කාබන් සහ හයිඩ්‍රජන් යන මූල ද්‍රව්‍ය තුළ වෙනස් කම් රැසක් ඇති වන්නට පටන් ගැණුනි. උඩින් පාෂාණ බවට පත්වූ ආගන්තුක රොන් මඩ හේතුවෙන් යටින් තිබූ පල්පයට ඔක්සිජන් වායුව හමුවූයේ නැත. එයට ඔක්සිජන් හමුවූවානම් තත්ත්වය අදට වඩා වෙනස් වනු ඇත. පෙනිසිල්වේනියාවේදී එඩ්වින් ඩිරේක්ට හමුවූ ද්‍රාවණය වසර මිලියන 140 කට පමණ පෙර තැන්පත් වූ ඒ පල්පයයි. එය පොසිල ද්‍රාවනයක් ලෙස යනුවෙන් හඳුන්වයි.



මෙම පල්පය සොයා ගැනීමත් සමඟම ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වූ මිනිසා එමගින් ගල් අඟුරු සහ පොසිල ඉන්ධන ලබාගත හැකි බව තේරුම් ගත්හ . මිශ්‍රණයේ හයිඩ්‍රජන් වැඩිනම් ඉන් ඛනිජ තෙල් ලබාගත හැකි අතර හයිඩ්‍රජන් අඩුනම් ගල් අඟුරු ලැබේ . මේ සියල්ල පොදුවේ හඳුන්වන්නේ පෙට්‍රෝලියම් නමිනි .
පෙට්ට්‍රෝලියම් යන ලතින් වචනයේ අරුත ගලින් ලබා ගන්නා තෙල් යන්නයි.



ගල් අඟුරු
බොරතෙල් වල සංයුතිය සහ වර්ණය එක් එක් තෙල් නිධියට වෙනස් වේ . මෙවැනි තෙල් නිධි ගොඩබිම් මත මෙන්ම මුහුද යටද පිහිටා තිබෙන අතර භූ විද්‍යාත්මක ගවේෂණ හරහා එම නිධි ගවේෂණය කළ පසු එයින් බොරතෙල් ලබා ගැනේ . පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ආදී විවිධ හයිඩ්‍රොකාබන් සංයුතීන් ගෙන් යුත් ඉන්ධන නිර්මාණය වන්නේ මෙම බොර තෙල් පිරිපහදු මධ්‍යස්ථානවල ඉන්ධන පිරිපහදුවට ලක් කිරීමෙනි . මෙම ඛනිජ තෙල් ප්‍රධාන වශයන් හයිඩ්‍රොකාබන් සංයෝග කාණ් ත්‍රිත්වයකින් යුක්ත වන අතර එය පැරෆින්, නැප්තීන් සහ ඇරෝමැටික නමින් හඳුන්වයි .



මේවා සක්‍රීය ඉන්ධන බවට පත්කරන්නේ පිරිපහදු ක්‍රියාවලියයි . එහිදී ඒවා භාවිතයට වඩාත් පහසු කාර්යක්ෂමතාවෙන් උපරිම සංයෝග බවටපත් කිරීම මෙහිදී සිදුවෙයි .

මෙහිදී ප්‍රමුඛතම ස්ථානයක් ලැබෙන්නේ ප්‍රට්‍රල් සඳහාය . මෙම ක්‍රියාවලියේදී තෙල් වලින් අතුරු ඵල රැසක් නිපදවීමට මිනිසා සමත්වූහ .



අද වන විට ලෝකය අල්ලේ නැටවීමට තෙල් වලට හැකියාව ලැබී ඇත්තේ තෙල් සම්පතින් ලෝකයට බිහිවූ නිෂ්පාදනයන් ප්‍රමාණය සිතිය නොහැකි තරම් විශාල වීමේ හේතුවෙනි .
මෙම ලිපිය යතුරුලියනය කරණ පරිගණකයේ බොහෝ කොටස් සෑදී ඇත්තේ ප්ලාස්ටික් මිශ්‍රණයකිනි . මේසය මත ඇති පොත් කිහිපයකි .ඒවායේ ඇති විවිධ වර්ණ ලැබී ඇත්තේ ඛණිජ තෙල් සම්පතෙහි අතුරු ඵලයක් ලෙසිනි. පෑනත්, පෑනේ අඩංගු තීන්තත්, පොලිතීන් බෑගය, පනාව, දත් බුරුසුව පමණක් නොව මදක් සිතා බැලුවහොත් අප භාවිතා කරන භාණ්ඩ වලින් 75% ක වැඩි ප්‍රතිශතයක් ඛණිජ තෙල් සම්පතෙහි අතුරු නිෂ්පාදනයන්ය .


නැතිනම් ඒවා නිෂ්පාදනය සඳහා ඛණිජ තෙල් සම්පත දැඩි සේ දායක වී ඇත . ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රය මුළුමනින්ම රඳා ප තින්නේ ඛණිජ තෙල් මතය . එමෙන්ම තවමත් ලොව විදුලි බල නිෂ්පදනයෙන් 50% කට වැඩි ප්‍රතිශතයක් සිදුකරන්නේ ඛණිජ තෙල් උපයෝගී කරගනිමිනි .


1859 දී ලොව ප්‍රථම තෙල් ලිඳ බිහිකරන ලද එඩ්වින් ඩ්‍රාකේ තමන් සොයාගත් සම්පතින් ලෝකය මෙතරම් දියුණු යුගයකට පිවිසෙනු ඇතැයි හීනෙකින් හෝ නොසිතන්නට ඇත .


වසර මිලියන ගණනක් තිස්සේ සිදුවූ ක්‍රියාදාමයක් අවසන් ප්‍රතිඵලය වූ තෙල් සම්පත මොහොතකින් දවා හළු කරන මිනිසා මෙම අනගි සම්පත පරිහරණය කිරීමේදී බොහෝ සෙයින් ප්‍රවේශම් විය යුතු කාලය එළැඹ තිබේ.


American National Biography Online හී සදහන් වන ලිපිය
උපුටා ගන්නා ලදි ....

No comments :

Post a Comment