January 20, 2014

ටයිටැනික් නැව - Titanic

ටයිටැනික් නැව ගිලුනද? ගිල්ලුවද? (ටයිටැනික් නැවේ සැඟවුණු අභිරහස)



           
ටයිටැනික් කිව්වම කොයි කාගෙත් හිතට ඉස්සරලම එන්නේ ජේම්ස් කැමරන් මහත්තයට පින්සිද්ද වෙන්න බලපු ටයිටැනික් චිත්රපටිය.දැනට අවුරුදු 100 කට කලින් උන මේ සිද්දිය ගැන මේ තරම් හොඳින් කවුරුත් දන්නේ ජේම්ස් කැමරන් මහත්තයගේ මේ අපූරු නිර්මාණේ හින්දා තමා.1912 අප්‍රියෙල් 15 දා අත්ලන්තික් සාගරේදී අවසානාවන්ත විදියට මුහුදු බත් වුන ටයිටැනික් කතන්දරේ  ගැන ගවේෂණයක ප්‍රතිඵල  ටික දිගඅරින්නයි බලාපොරොත්තු වෙන්නේ.



      RMS ටයිටැනික්
                                       
 අයිතිය : white star line නැව් සමාගම
 අවසන් ගමන් මඟ  : බ්‍රිතාන්‍යය සිට නිව්යෝර්ක් වෙත
 දිග  : අඩි 882 අඟල් 6 (මීටර 269)
පලළ  : අඩි 92 ( මීටර 28)
උස  : අඩි 175 (මීටර 53.3)
උපරිම වේගය  : පැයට කිමී 44


                               
 1912 අප්‍රියෙල් 10 දින මඟීන් 2435 ක්  (නාවික කාර්ය මණ්ඩලය 892 ක් ඇතුළුව) පිරිස රැගත් "නොගිලෙන නැව" ලෙසින් නම් දරා සිටි ටයිටැනික් සවුතැම්ප්ටන් වරායේ සිට නිව් යොර්ක් බලා යාමට ගමන් ඇරඹූවා.ලෝකයේ නන් දෙසින් පැමිණි ධනවත් වංශාධිපතියන්ගේ සුඛ විහරණය උදෙසා ටයිටැනික් අති සුඛෝපභෝගී නෞව්කාව නිර්මාණය කර තිබුනා.

                                      නාන තටාක, උසස් තත්වයේ තානායම්,සුව පහසු නිදන කාමර,පුස්තකාල ආදී අංග රැසකින් ටයිටැනික් සමන්විත වුනා.එවකට තිබූ අධි තාක්ෂණික ක්‍රමෝපායන් යොදා ගනිමින් ටයිටැනික් හි ආරක්ෂාව සහතික කර තිබුනා.ටයිටැනික් හි යොදා ගැනුණු ජලපරිරෝධක කුටීර සහ ස්වයංක්‍රීය  ජලරෝධක කවුළු තාක්ෂණය ඊට කදිම නිදසුනක්.ගමනාරම්භයේ දී ගමන් කල පිරිසට ප්‍රමාණවත් නොවන ජීවිතාරක්ෂක බෝට්ටු ප්‍රමාණයක් රැගෙන යාමෙන් නැවේ ආරක්ෂාව පිලිබඳ සැකයක් නොතිබි බව තහවුරු වෙනවා.ගමන් ගත් පිරිස දෙදහසකට අධික වුවත් 1178 කට පමණක් ප්‍රමාණවත් වන  පරිදි  ජීවිතාරක්ෂක බෝට්ටු 20ක් පමණක් ටයිටැනික් හි අන්තර්ගත වුනා.

                                         1912 අප්‍රියෙල් 10  සවුතැම්ප්ටන් හි ගමන් ඇරඹූ පසු අප්‍රියෙල් 14 වන විට ටයිටැනික් දින හතරක් ඇතුලත සිය ගමන් මගෙන් කිමී 600 ක් නිම කර තිබුනා.මේ වන විට නැව අත්ලන්තික් සාගරයේ දැඩි සීතල ප්‍රදේශයකට අවතීර්ණ වී තිබුනා.එදින රාත්‍රී 11.45 ට පමණ නැව යෝධ පාවෙන අයිස් කුට්ටියක හැපුණා.මින් නැවේ බඳෙහි එක් පසෙකට  අධික ලෙස හානි  වුනා. 
                                                අනතුරෙන් පසුව නැව සමබර කිරීම සඳහා ජලපරිරෝධක කුටීර 16න් 5ක් විවෘත කෙරුණා.නමුත් මේ වන විට නැවේ බඳට සිදුවී තිබු හානිය ඉතා අනතුරුදායක තත්වයක පැවතුනා.මීළඟ පැය 2 1/2 වන විට නැවෙහි ඉදිරි පස කොටස කෙමෙන් කෙමෙන් ගිලී යමින් තිබුනා.මේ වන විට නැවේ සිටි පිරිස ජීවිතාරක්ෂක බෝට්ටු ආධාරයෙන් ඉවත් කෙරෙමින් තිබුනා.තිබූ ජීවිතාරක්ෂක බෝට්ටු ප්‍රමානවත් නොවූ නිසා කාන්තාවන් හා දරුවන් ප්‍රථමයෙන් යැවීමට නැවේ කාර්ය මණ්ඩලය තීරණය කර තිබුනා.
         අලුයම 2.20 ට පමණ නැවේ සමබරතාවය බිඳී නැව කොටස් දෙකකට කැඩී ගියා.ඉන් දහසකට  අධික පිරිසක් සමඟම නැවෙහි පසුපස කොටස මුහුදු පතුලට ඇදුනා.දැඩි සීතල නිසා මුහුදට වැටුණු සියල්ලන්ම මිනිත්තුවකට අඩු කාලයක දී මරණයට පත්වුනා.ජීවිතාරක්ෂක බෝට්ටු මගින් ජීවිත බේරාගත්තවුන් RMS කැපාර්තියා නැවේ කාර්ය මණ්ඩලය මඟින් පසුව බේරා ගැනුණා.මුහුදු වතුරේ පැවති අධික සීතලත් තැනින් තැන පිහිටි පාවෙන අයිස් කුට්ටිත් නිසා කැපාර්තියා හට ටයිටැනික් වෙත පැමිණීම ප්‍රමාද වුනා.710 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීම හේතුවෙන් කැපාර්තියා හි කාර්ය මණ්ඩලය සම්මානයට පාත්‍ර වුනා.අනතුර සිදුවන අවස්තාවේ දී නැව පිරිස සමඟ අතහැරයාම හේතුවෙන් වයිට් ස්ටාර් ලයින් හි සභාපති J Bruce Ismaj  ට දොස් පැවරුණා.
                            ටයිටැනික් කොටස් දෙකකට වෙන්වී අඩි 12415 (මීටර 3784) ක් ගැඹුරු මුහුදු පතුල් තැන්පත් වුනා.1514 දෙනෙකුට මරු කැඳවමින් ලෝක ඉතිහාසයේ ඛේදජනක සිදු වීමක් එලෙසින් නිමා වුනා.

            මුහුදු පත්ලේ තැන්පත් වූ ටයිටැනික් හි වීඩීයෝ පටයක් මෙතනින් බලන්න.

Titanic නැව විනාශ වූ හැටි පෙන්වන 3D වීඩියෝව

http://www.facebook.com/photo.php?v=611329198932513&set=vb.145235735541864&type=2&theater
            ටයිටැනික් අනතුරට පත්වූ අයුරු නිරූපණය කෙරෙන වීඩියෝවක්.
                          
                         මෙතරම් තාක්ෂණික  ක්‍රමවේදයන් යොදා තිබූ නොගිලෙන නැව ගිලී යාමට හේතුව කුමක්ද?892 අති දක්ෂ නාවික කාර්ය මණ්ඩලයකින් සමන්විත ටයිටැනික් පාවෙන අයිස් කන්දක හැපුනේ නැවේ කාර්ය මණ්ඩලයේ වරදින්ද?ටයිටැනික් අනතුර පිටුපස කිසියම් අද්භූත බලවේගයක් ක්‍රියාත්මක වූවාද?

ලස්සන මුහුණ පිටුපස සැඟවුන වියරුව




           
        ආමන් රා(amen-ra) රැජිණ

             
                        ආමන් රා රැජිණ මීට වසර 1500 කට ප්‍රථම ඊජිප්තුවේ රජකම් කල මනස්කාන්ත රූ සපුවකට හිමිකම් කී රැජිනක්.ඇය මිය යාමෙන් පසු සිරුර මමියක් බවට පත් කොට ඇගේ රුව හා සමාන ව පින්තාරු කෙරුණු අලංකාර මමී ආවරණයක බහා ඊජිප්තුවේ ලක්සම්බර්ග් හි නයිල් ගං තීරයේ සුරක්ෂිතව තැන්පත් කෙරුණා.පසුව 1890 දී කල කැණීමකින් ඇගේ මමිය හමුවෙනවා. අලංකාර හා ඉපැරණි මමියක් නිසා කැණීම් කල පිරිස විසින්  ඇගේ මමිය  වෙන්දේසි කරනවා.ඉතා ධනවත්  ඉංග්‍රීසි ජාතික තරැණයින් 4 දෙනෙකුට ඇරයුම් ලැබෙනවා   මමිය  මිල දී ගැනීම සඳහා.


                                  
වෙන්දේසියේදී පවුම් දහස් ගණනක මිලක් නියම කර එක් තරුණයෙක් ඇගේ මමිය මිලදී ගෙන එය තමන්ගේ හෝටලයට රැගෙන යනවා.පැය කීපයකට පසුව ඔහු කාන්තාරය දෙසට යන ආකාරය පිරිසක් දැක තිබෙනවා.ඉන් පසු නැවත කිසි දිනක ඔහු ආපසු පැමිණ නෑ.ඊට පසු දින තරුණයින් සිව් දෙනා ගෙන් තවත් අයෙක් ඊජිප්තු සේවකයෙක් ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වී අනතුරකින් මිය යනවා.ඔහුගේ මල සිරුරේ අත් කපා වෙන් කිරීමට තැත් කල යැයි සිතිය හැකි ආකාරයට  භයානක ලෙස තුවාල වී තිබෙන අයුරු පසුව දක්නට ලැබෙනවා.තරුණයන් සිව් දෙනාගෙන් තවත් අයෙක් ගේ බැංකු ගිණුම් අසාර්ථක වීම හේතුවෙන් සියළු ගිණූම් බැංකුව විසින් අවලංගු කරනවා දුප්පතෙක් බවට පත් වෙනවා.තරුණයන්ගෙන් අවසන් පුද්ගලයාට දරුණු රෝගයක් වැළඳීම හේතුවෙන් රුකියාව අහිමි වී ඔහුතේ සියලු ධනය අවසන් වී මහා මාර්ගයේ භාණ්ඩ විකුණන තත්වයට පත් වෙනවා.


                             මේ අතරතුර මමිය එන්ගලන්ත ව්‍යාපාරිකයෙක් මිලදී ගෙන එන්ගලන්තයට රැගෙන යනවා.පසුව ඔහුගේ පවුලේ තිදෙනෙක් රිය අනතුරකට ලක් වෙනවා.ඔහුගේ නිවස ගින්නෙන් විනාශ වෙනවා.ඉන්පසුව ඔහු මමිය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයකට ප්‍රදානය කරනවා.මමිය රැගත් ට්‍රක් රථය කෞතුකාගාර මිදුලේ නවතා තිබියදී ඉබේම පසුපසට ගමන් කර ගස් දෙකක් අතර සිර වෙනවා.පසුව සේවකයින් දෙදෙනෙක් විසින් මමිය ඔසවාගෙන තරප්පු පෙල මතින් ඉහල මාලයට රැගෙන ගියා.මමිය ඉහල මාලයෙන් තැන්පත් කර ආපසු එන ගමනේ දී සේවකයින් දෙදෙනාගෙන් එක් අයෙක් තරප්පු පෙලෙන් වැටී පාදය බිඳෙනවා.මනා සෞඛ්‍ය තත්වයකින් සිටි අනෙක් පුද්ගලයාගේ සිරුර පසුවදා හමු වුනා.ඔහු මිය යාමට හේතුවක් සොයා ගැනීමට ලැබෙන්නේ නෑ.මමිය කාමරයේ තැන්පත් කලායින් පසුව තත්වය තවත් භයානක වුනා.
                         දිනක් රාත්‍රියේ කෞතුකාගාරයේ  මුර කරුවෙකුට ඇහුනා  කාන්තාවක් ඉකි ගසමින් හඬන ශබ්දයක්.ශබ්දය ඇසුනේ කෞතුකාගාරයේ ඉහල මාලයෙනුයි.ඔහු පහත මාලයේ සිට තරප්පු පෙල මතින් ඉහලට ගමන් කලා.තරප්පු පෙල මතින් ගමන් කල ඔහුට හඬන ශබ්දය වඩ වඩාත් ලංව ඇසුනා.ඔහු ක්‍රම ක්‍රමයෙන් ඇවිද ගියේ මමිය තැන්පත් කර තිබූ කාමරය දෙසටයි.කාමරයට ඇතුලුවත්ම ඔහුට දක්නට ලැබුනේ අනෙකුත් කෞතුක වස්තූන් ඉතා වේගයෙන් සෙලවෙන අයුරුයි.ඒ සමඟම මමිය දෙසින් පැමිණි ඉකි ගැසීම වියරු කෑ ගැසීමක් බවට පත්වුනා.අනෙක් මුරකරු විලාපය ඇසී එ දෙසට පැමිණි විට දක්නට ලැබුනේ ඔහු කාමරය තුල මියගොස් සිටි ආකාරය යි.රාත්‍රිය පුරාම මෙම වියරු කෑ ගැසීම හා කෞතුක වස්තූන් සෙලවීම පැවතතුනා.අනෙක් මුරකරු බිය නිසා පහත මාලයට වී නිහඬව සිටියා.පසුව කෞතුකාගාරයේ පිරිසිදු කරන්නන් පවා බිය උනා මමිය ඇති පෙදෙසට යාමට.දිනක් කෞතුකාගාරයට පැමිණි පුද්ගලයෙක් අතින් දූවිල් සහිත රෙදි කඩක් මමියේ මුහුණ නිරූපිත ප්‍රදේශයට වැටුනා.එම සිද්දියෙන් දවස් කීපයකට පසු ඔහුගේ පුතා සරම්ප රෝගයෙන් අවසනාවන්ත ලෙස මිය ගියා.
                           පසුව කෞතුකාගාර බලධාරීන් විසින් තීරණය කෙරුණා මමිය පහත මාලයේ ප්‍රදර්ශනයෙන් තොර ගබඩා කාමරයක තැබීමට.සතියක් යන්නට මත්තෙන් සේවකයෙකු දරැණු රෝගයකින් කෞතුකාගාරය තුලම  මිය ගොස් සිටියා.කෞතුකාගාර පරිපාලක වරයා තමන්ගේ ලියන මේසය මතම මිය ගොස් සිටියා.මෙම සිදධීන් පුවත්පත් වලට දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව එක් මාධ්‍යවේදියෙක් මමියේ ඡායාරූපයක් ගැනීමට පැමිණියා.මමිය මත නිරූපණය කර තිබූ කාන්තා මුහුණ දෙස සොහොතක් බලා සිටි ඔහු තම නිවසේ නිදන කාමරයට වැදී හිසට වෙඩි තබාගෙන මියගියා.
                                       පසුව කෞතුකාගාර බලධාරීන් මමිය කෞතුක භාණ්ඩ එක් රැස් කරන පුද්ගලයෙක්ට විකුණුවා.ඉන් පසුව ඇතිවූ අවාසනාවන්ත සිදු වීම් වලින් පසුව ඔහු අට්ටාලයක් සාදවා මමිය ඒ මත තැන්පත් කලා.මේ අතරතුරදී ගුප්ත විද්‍යාව පිළිබඳව හසල දැනුමක් ඇති මැඩම් හෙලේනා බ්ලැවැට්ස්කි නම් කාන්තාවක් මමිය පිළිබඳ ආරංචි වී ඔහුගේ නිවසට පැමිණෙනවා.මමිය ඇති භූමියට ඇතුළු වන විටම ඇය වෙව්ලීමකට භාජනය වී සිහි මුර්ජා වී ඇද වැටෙනවා.පසව ඇය මමිය ඇති අට්ටාලය මතට නැගී මමිය ට ලං වෙනවා.“ඔබට මේ යක්ෂ ආත්මය පලවා හරින්න පුළුවන්ද?“ අයිතිකරු ඇයගෙන් විමසනවා.“කිසි දෙයක් කල නොහැකියි.නපුරු ආත්මයේ නෂ්ටාවශේෂ තිබීමෙන් තවත් නපුරු දේ සිදු වෙයි.ඇගේ නින්දට බාධා කරන සියල්ලන්ටම සුවසේ නිදා ගැනීමට ඉඩ නොලැබෙයි.මම ඔබෙන් ඉල්ලා සිටිනවා පුළුවන් ඉක්මනින් මේ නපුරෙන් නිදහස් වෙන්න.“ඇය අඩ සිහියෙන් පවසා සිටියා.
                                       ඉන් පසුව ඔහු නැවතත් මමිය භාර ගන්නා ලෙස කෞතුකාගාරයෙන් ඉල්ලා සිටිනවා .එහිදී නැවත භාර ගැනීම ඔවුන ප්‍රතික්ෂේප කරනවා.ඉන් ටික කලකට පසුව ඇමෙරිකානු පුරාවිද්‍යාඥයෙකු විසින් සාධාරණ මුදලක් දී මමිය මිල දී ගන්නවා.ඔහු නැවක් මඟින් මමිය නිව්යෝර්ක් දක්වා ගෙන යාමට තීරනය කරනවා.1514 දෙනෙකුගේ අවාසනාවට ඔහු ඒ සඳහා තෝරා ගන්නේ 1912 අප්‍රියල් 10 තමන්ගේ මංගල චාරිකාව අරඹන RMS ටයිටැනික් නැව.තමන් සමඟ යක්ෂ වියරුවක් ඇති ආත්මයක් නැව් ගත වන බව ඔවුන් දැන නොසිටි කරුණක්.පුරාවිද්‍යාඥයා විසින් නැවේ පහල මාලයක මිලදී ගත් කාමරයක මමිය සුරක්ෂිතව තැන්පත් කෙරෙනවා.1914 අප්‍රියල් 14 දින රාත්‍රියේ ආමන් රා රැජිනගේ ආත්මයේ යක්ෂ වියරුවෙන් “නොගිලෙන නැව“ එහි මඟීන් සමගම සාප ලබනවා.ටයිටැනික් අනතුරට භාජනය වීමෙන් පසුව කැපාර්තියා කාර්ය මණ්ඩලය විසින් එහි අයිතිකරු සමග මමිය නැවතත් සුරක්ෂිතව බේරා ගෙන නිව්යෝර්ක් දක්වා ගෙන යනවා.
                                         ඉන් පසුව ඇතිවූ අවාසනාවනත සිදුවීම් වලින් පසුව මමිය නැවතත් යුරෝපය බලා නැව් ගත කෙරෙනවා.1912 මැයි 29 දින මගීන් 840 කගේ ජීවිත අහිම් කරමින් එම නැවද මුහුදු බත් වෙනවා.කෙසේ හෝ මමිය නැවතත් සුරක්ෂිත වී යුරෝපයට ගෙන යනවා.පසුව සිදු වූ අවාසනාවන්ත මරණ හේතුවෙන්  මමියේ නිජභූමිය වන ඊජිප්තුවට ම ආපසු ගෙන යාමට අයිතිකරු තීරණය කරනවා.මමිය රැගත් නැව ඊජිප්තුවට යන අතරමගදී ජර්මානු සම්බැරීනයක ටෝර්පිඩෝ ප්‍රහාරයකට ගොදුරු වෙනවා.එහිදී නැව ට දරුණු ලෙස හානි වී මුහුදේ ගිලී යනවා.ඒ සමඟ මිනිසුන් දහස් ගණනකගේ ජීවිත උදුරා ගත් උමතුවෙන් වියරු වූ යක්ෂ ආත්මය සමඟ ආමන් රා රැජිනගේ මමිය මුහුදු පත්ලේ තැන්පත් වු බව විශ්වාස කෙරෙනවා.


January 19, 2014

ලිංගික ඉරියව් 100ක් - Sex Possition

වත්ස්‍යායන පඬිවරයා දැක්වූ ලිංගික ඉරියව් 100ක්



ගැහැනියක හා පිරිමියෙකු ලිංගිකව එක්වීම කියන කාරණය තරම් දන්නා තවත් කාරණයක් නැතුවා සේම ඒ තරම් නොදන්නා තවත් කාරණයක් නොමැත්තේය. ලිංගික එක්වීම කියන්නේ වර්ගයා බෝ කිරීම සඳහා ජීව විද්‍යාත්මක ශරීර සැකැස්මේ අවශ්‍ය තාවයක් වුවත් ඒ සංස්කෘතිකමය අවශ්‍යතාවයක් ලෙසයි මිනිසා හා වඩාත් බද්ධවන්නේ.

මානව ඉතිහාසය පුරා සලකා බැලුවද කෙනෙකු ලිංගික කාර්යයෙහි යෙදෙන්නේ වර්ගයා බෝ කිරීම සඳහාම නම් ලිංගිකමය ආදරය යනුවෙන්ද යමක් නොපවතිනු ඇත. රතිය සැපතකි. ඒ ළඟා කරගත හැකි මාධ්‍යය ආදරයයි.


වත්ස්‍යායන පඬිවරයා ක්‍රිස්තුපුර්ව (400-200) යුගයේදී කාමසූත්‍රය ලිව්වේ සංසර්ගය සඳහා මිනිසා පොළඹවන්නේ අර කිව් සංස්කෘතිකමය අවශ්‍යතාවය වෙනුවෙන් බව වටහාගෙනය.


සූසැට කලාවන් අතර තවත් එක් කලාවක් වන රති කෙළිය හැදෑරීම රජකුමර කුමරියන්ගේ රති සැපත උදෙසා වන අතර කාමසූත්‍රය ලියැවුනේද ඒ වෙනුවෙනි..එහෙත් ඒ අද සමස්ත මිනිස් වර්ගයාගේ රති සැපත වෙනුවෙන් වූ ලිංගිකමය ශුද්ධවූ ග්‍රන්ථයයි.



එහෙත් මේ වර්තමාන්යේදීත් මිනිසා තම ලිංගික කාර්යය සම්බන්ධයෙන් නොදරුවකු ගානය. පුරුෂ ලිගුව යෝනී මාර්ගයට ඇතුල් කිරීම හෝ ඒ තුල ශුක්‍රාණු පහකිරීම ලිංගික කාර්යය ලෙස දැන සිටින ප්‍රජාව අති මහත්ය. එහෙත් ඒ ඊට වඩා ඉතා විශාල වපසරියක් සහිතය.


අද විවාහ ජීවිත කැඩී වෙන්වී යන්නට වැඩිමනත් හේතුවක් වී ඇත්තේ මේ විශාල වපසරියක් සහිත ඉමේ වියතක තරම්වත් දෙයක් නොදැනීමය.මේ නොදන්නාකම ගැහැනියට හා පිරිමියාට යන දෙදනාටම අදාලය. නමුත් සිය ආදරණීයයා හා වන ලිංගික ජීවිතය වඩාත් උත්කර්ෂවත් කර ගැනීම සඳහා වැඩි වගකීම ඇත්තේ ගැහැනිය වෙතය. මන්ද ලිංගික කාර්යය සඳහා පිරිමියා පොළබවා ගැනීම, කාර්යශූරයකු කිරීම හා ඒ සුරාන්තය දිව්‍යමය සැපතක් බවට පත්කරවීම ඇය සතු කාර්යයක් වන නිසාය.

එබැවින් මේ සම්බන්ධ දැනුම්වත් වීම ඇය මඟ නොහැරිය යුත්තකි. එහෙත් අද ලිංගිකමය කරුනු ගැන කතා කිරීමවත් ඇයගේ ජීවන වපසරියට අදාල කර ගන්නේ නැති බව පෙනේ..

|

ඒ කෙසේ නමුත් ලිංගික සංසර්ගයේදී තම සහකරුවා හා ලබන සැපතක් වේ නම් ඒ උපරිමයෙන් ජීවිත කාලය පුරා විවිධත්වයෙන් යුතුව අත්පත් කර ගැනීම උදෙසා වත්ස්‍යයනයන් සිය කාමසූත්‍ර කෘතිය මගින් මාර්ග ‍රැසක් කියාදෙයි.

මේ අද ඉදිරිපත් කරන්නේ විවිධාකාරයෙන් ලිංගික සතුට ලබා ගැනීම සඳහා ඔහු ඉදිරිපත් කළ ලිංගික ඉරියව් සියයකි..මේ රූප සටහන් සහිතව ඉදිරිපත් කෙරෙන ලිංගික ඉරියව් සමග එහි නාම කරණය හා විස්තරයක් සරළ ඉංග්‍රීසි බසින් සඳහන් කර තිබේ..


පහත සැබැදියෙන් එම පි‍ටුවට පිවිසෙන්න..







Around the World - වෙතින් උපුටා ගැනීමකි.....

ලිංගික අධ්‍යාපනය_(+18)_-_Sex_Life

ලිංගික අධ්‍යාපනය_(+18)



කාන්තාවන් කැමැති ආදරයටයි. පිරිමින් කැමති ලිංගිකත්වයටයි ලිංගික අධ්‍යාපන ලිපිපෙළ පළවීමත් සමඟ අප වෙත ලැබෙන ගැටලු දෙස බැලීමේදී පසක් වන කරුණක් වන්නේ හෙට දිනයේදී යුගදිවියට යන බොහෝ යෞවන යෞවනියන් ලිංගික අධ්‍යාපනය සඳහා විවිධ අසභ්‍ය වෙබ් අඩවි පසුපස ගොස් අතරමංව ඇති බවයි. ශ්‍රී ලංකාව අසභ්‍ය වෙබ් අඩවි නැරඹීමේ පළමු ස්ථානය ලබාගෙන ඇත්තේද ලිංගික අධ්‍යාපනය නිසිලෙස නොලැබීම නිසා විය හැකිය.




මාතර අසන්නෙකුගේ ගැටලුවට පිළිතුරු සපයන්නේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතායි. ගැටලුව මාතර තරුණයෙක් වෛද්‍යතුමනි, මම අවුරුදු 28 තරුණයෙක්මි. ලිංගික අධ්‍යාපනය පිළිබඳ මගේ දැනුම ඉතා අල්පය. මා ළඟදීම විවාහ වීමට බලාපොරොත්තු වන නිසා ලිංගිකත්තවය පිළිබඳ දැන ගැනීමට ඇති ගැටලු බොහෝය. ලිංගික සම්බන්ධතාවයකදී කාන්තාවන් තෘප්තිමත් කිරීම පහසු නොවන බවත්, එසේ වූවහොත් විවාහ සංස්ථාව බිඳ වැටීමට පවා ඉඩ ඇති බවත් මා අසා ඇත. පිරිමියෙක් ලිංගිකව සම්බන්ධයේදී ශ්‍රක්‍රානු මෝචනය වීමත් සමඟ තෘප්තිමත් වන අතර කාන්තාවන් ලිංගිකව තෘප්තිමත් වීමේදී ජීව විද්‍යාත්මකව සිදුවන්නේ කුමක්ද? ධාතු පිටවීමක් අභ්‍යන්තරව සිදු වෙනවාද? නැද්ද? සහකාරිය තෘප්තිමත් වූ බව දැන ගන්නේ කෙසේද? මේවා පැහැදිලි කර දෙන්නේ නම් මැනවි.
පිළිතුර එක් එක්කෙනාගේ ලිංගික තෘප්තිය ලබා ගන්නා ක්‍රමයන් වෙනස්. තම තමන්ටම ආවේනික වූ ක්‍රමයන් තිබෙනවා. බොහෝ වේලාවට විවාහ වූ පසු සහකාරිය හා සහකරුවා තමාගේ ලිංගික තෘප්තිය ගැන පමණක් සිතනවා. සහකරුවා සහකාරියගේත් සහකාරිය සහකරුවාගේ තෘප්තිය ගැන සිතිය යුතුයි. මේ සඳහා දෙදෙනා අතර කථා බහ වැදගත් වෙනවා. ලිංගික හැසිරීමේදී ඇතිවන කායික වෙනස්කම් පිරිමියාට සහ ගැහැණියට යන දෙදෙනාටම පොදුයි. එක හා සමානයි. ලිංගිකත්වය කියන්නේ මානසික සිතුවිලි සමුදායක්, ලිංගික තෘප්තියක් ලබනවා කියන්නේ මනස තෘප්තිමත් කිරීමයි. මේ සඳහා ලිංගේන්ද්‍රියන් තිබෙන බව ඇත්ත වුවත් අප ශරීරයේ නියම ලිංගික ඉන්ද්‍රිය වන්නේ පෙකණියෙන් පහළ තිබෙන ඉන්ද්‍රියන් නොවෙයි. මෙහිදී ප්‍රධාන වශයෙන් තෘප්තිමත් වන මොළය නියම ලිංගේන්ද්‍රිය වෙනවා. මේ මනස තෘප්තිමත් කිරීමට නම් දෙදෙනා අතර ලිංගික ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් විය යුතුම වෙනවා.




කාන්තාවන්ගෙන් 40% කට සුරතාන්තයන් වන්නේ නැහැ. මේ අයට තෘප්තිමත් වීම සඳහා සිප වැළඳ ගැනීම පමණක්ම ප්‍රමාණවත් වෙනවා. නමුත් පිරිමියෙකුට සුරතාන්තයට පත්වීම අනිවාර්ය සාධකයන් වෙනවා. කාන්තාවන් කැමති ආදරයටයි. පිරිමින් කැමති ලිංගිකත්වයටයි. මේ කාරණය දෙදෙනාම තේරුම් ගත යුතුයි. කාන්තාවක් කථා කිරීම, සිප වැළඳ ගැනීම, අනාගත සැලසුම් ගැන සාකච්ඡා කිරීම, ස්පර්ශය, තම ආදරවන්තයාගෙන් බලාපොරොත්තු වෙනවා. ලිංගික කාර්යයේදී වඩාත් වැදගත් වන්නේ පළමුව කාන්තාව තෘප්තිමත් වීමයි. ඉන් පසුවයි පිරිමියා සුරතාන්තයට පත්විය යුතු වන්නේ. මෙයට හේතුව ලෙස දැක්විය හැක්කේ පිරිමියෙකු සුරතාන්තයට පත් වූ පසු නැවත පෙර තත්ත්වයට පත්වීමට පිරිමියාට පැය කීපයක් ගතවන නිසා වීමයි. එහෙත් කාන්තාවකට සුරතාන්තයට පැමිණ විනාඩි කිහිපයකට පසු නැවත තවත් ලිංගික එක්වීමක් සඳහා හැකියාව තිබෙනවා. කාන්තාවක් ලිංගික කාර්යයේදී කීප වාරයක් ලිංගිකව සුරතාන්තයට පත් වෙනවා. නමුත් මේ තත්ත්වය හැම කාන්තාවකටම පොදු වන්නේ නැහැ. කාන්තාවන් සුරතාන්තයට පැමිණියත් නැතත් ලිංගිකව තෘප්තිමත් බව ඇතිකර ගන්නවා. මෙහිදී සමහර කාන්තාවන් සංසර්ගයේදී සුරතාන්තයට පැමිණි බව පවසා පුරුෂයා සුරතාන්තයට පත් කිරීම කරනවා.


පිරිමින්ට අවසාන තෘප්තිය ලැබීම සඳහා අනිවාර්යෙන්ම සුරතාන්තයට පත්විය යුතු වුවද කාන්තාවන්ට එසේ වන්නේ නැහැ. නමුත් 80% ක් පමණ කාන්තාවන් සුරතාන්තයට පැමිණෙනවා. කාන්තාව ලිංගිකව තෘප්තිමත් වූ බව දැනගත හැකි වන්නේ ඇය සමඟ කථා බස් කිරීමෙනුයි. මේ නිසා පිරිමියා කාන්තාව සමඟ ලිංගිකත්වය පිළිබඳව විවෘතව සාකච්ඡා කළ යුතු වෙනවා. ස්වාමියා සහ භාර්යාව අතර ලිංගිකත්වය පිළිබඳව විවෘතව කථා නොකරන්නේ නම් එවැනි පවුල්වල සාර්ථක බව හා සමඟිය පිළිබඳ ගැටලු ඇති වෙනවා. දෙදෙනාම තමන් සුරතාන්තයට පත්වන බව දේහමය සහ වාචික සංනිවේදන මඟින් පැවසීම ඉතාම වැදගත් වෙනවා. සහකාරියට ධාතු පිටවීමක් කෙසේවත් සිදුවන්නේ නැහැ. නමුත් ලිංගික ක්‍රියාවලිය පහසුවීම සඳහා සුරතාන්තයට පත්වීමට පෙර සිටම යෝනි ප්‍රදේශය තෙත්ව පවතිනවා. මෙම ප්‍රදේශය තෙත්ව නොමැති නම් ලිංගික එක්වීමකට සුදුසු වන්නේ නැහැ. එය ඔබේ සහකාරියට වේදනාකාරී අත්දැකීමක් වේවි. ඉන් පසු ඇය ලිංගික එක් වීමට අකමැති බව පෙන්වනවා. එය ඔබේ සහකාරියට මානසිකව බලපෑම් ඇති කරන්නක්ද වේවි. කාන්තාවක් සුරතාන්තයට පත්වීමේදී ජීව විද්‍යාත්මකව සිදුවන කාරණය වන්නේ යෝනි ප්‍රදේශයේ ඇති කමාකුන්චන සංකෝචනය සහ ප්‍රසාරණය වීමයි.



මේ සමඟ කාන්තාවනට මානසික තෘප්තිය ඇති වෙනවා.මෙය කාන්තාවක් උපරිම තෘප්තියට පැමිණීමේ (සුරතාන්තය) අවස්ථාව ලෙස සැලකෙනවා. මේ බව කාන්තාව පිරිමියාට දේහමය සහ වාචිකව දන්වා සිටිනවා. ජීවිතයේ සුන්දර බව මෙන්ම අමිහිරි බවද රඳා පවතින්නේ තම තමන් ලබන මානසික තෘප්තිමත් බව මතයි. විවාහයෙන් පසු සහකාරිය සහ සහකරුවාගේ මූලික බලාපොරොත්තුවක් වන්නේ ලිංගික එක්වීමයි. එය මානසික සතුටටත් පවුලේ සමගියටත් බෙහෙවින් ඉවහල් වන්නක් වෙනවා. ඊට හේතුව ඔබ ශරීරයේ ඇති ප්‍රධානම තෘප්තිමත් විය යුතු ලිංගික ඉන්ද්‍රිය වන්නේ මොළය වීමයි. මේ ඉන්ද්‍රිය තෘප්තිමත් නොවන විට මානසික වියවුල් පවුල තුළ ඇතිවීම ස්වාභාවිකව හට ගන්නක් වෙනවා. මේ නිසා විවාහයට පෙර ලිංගික දැනුම සාමාන්‍ය මට්ටමක පවත්වා ගැනීමෙන් මේ ගැටලුවෙන් ඔබට මිදිය හැකි වෙනවා. මේ සඳහා ආරෝග්‍යා පුවත්පතේ ඉදිරියට පලවීමට නියමිත ලිංගික අධ්‍යාපනික ලිපි පෙළ ඔබට මෙන්ම ඔබගේ සහකාරියටත් බෙහෙවින්ම උපකාරී වේවි. ඔබගේ යුගදිවිය සාර්ථක වේවා!









Around the World - වෙතින් උපුටා ගැනීමකි.....


January 16, 2014

Copy කිරීමට තිත - Copy Protect

කො එන්න එන්න,මම තව බඩ්ඩක් ගෙනාවා.. 
මේකත් තමන්ගෙ දත්ත(Data) ආරක්ශා කරගන්න ටොප් බඩුවක්. icon biggrin Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න)

අද කියලා දෙන්නෙ කොපි කරන්න බැරි සිස්ටම් එකක් icon smile Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න)
(ඇත්තටම මෙකෙන් කොපි කරන්න ඇහැකි ඒත් කරාට වැඩක් නැ ඔපෙන් කරගන්න බැ) icon wink Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න)

එහෙනම් ඉස්සෙල්ලම බාගෙන ඉන්නකො
http://adf.ly/cCC1m

Download Set up File

http://adf.ly/cCCTN
Download Crack File

හරි බාගත්තා නෙ දැං icon smile Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න)

බාගත්ත ෆයිල් එක  zip කරපු එකක් icon smile Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න)

හරි එහෙනම්  zip එක අරින්නකො icon wink Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න) (extract කරන්න)
හා කෝ හරිද?

එහෙනම් පෙනෙවි ෆයිල් 3ක්
(License,setup,Installation Instructions)
ඔන්න ඔය 3 තමයි තියෙන්නෙ icon smile Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න)

පුංචි තැනෙ ඉදන් පටං ගන්නම් :)

හරි එහෙනම් දැන් ඉන්ස්ටෝල් කරමු..

1.setup කියන එක උඩ ඩබල් ක්ලික් කරන්න.
 ඩබල් ක්ලික් කරාම එනවා welcome screen එක ඒක next කරන්න

2.ඊට පස්සෙ එන්නෙ license Agreement එක එකත් next කරන්න
 ඊලගට එන එකත් next කරන්න.

3.Desktop එකට icon එකක් ඕනෙ නම් ටික් එක දාගන්නකො 
එහෙම දාලා ආයෙ ඔබන්න next

(දැනට next කියන එක පාරක් එබුනා ඔන්න )

4. 3 වෙනි step එකෙදි එන next එබුවම එන්නෙ Install කරන්නද කියන අහන එක
හරි නෙ දැන්
ඔබන්නකො Install කියන එක.
(සුට්ටි වෙලාවයි යන්නෙ install වෙන්න)

5. අහ් ඔන්න දැන් අහනවා finish කරන්නද කියලා  ( එපෝ :O)
finsh ඔබන්න කලින් අර ටික් එක අයින් කරන්න Lunch Copy protected කියන එක.
 හරි එහෙම ටික් එක අයින් කරානම් දැන් ඔබන්න finish බටන් එක.

6.දැන් අපහු යමු අපි බාගනිපු ෆයිල් තියෙන තැනට.
 එතනට ගියාම තියෙනෙ License කියලා ෆොල්ඩර් එකක් අන්න එකෙ ඇතුලෙ ඇති
License කියලා දම් පාට icon එකක් 
අන්න එ දම් පාට මෙව්වා එක ඔපෙන් කරන්න (ඩබල් ක්ලික්)

එහෙම ඔපෙන් කරාම එන්නෙ 
මෙන්න මෙ වගෙ එකක් (Done,The programme was registered successfully)
 Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න)
ඔය උඩ රූපෙ තියෙන්නෙත් එකම තමා.
(හරි දැං ඕක Ok කරන්නකො)

දැං තමයි ගැජට් එකෙන් වැඩක් ගන්න හදන්නෙ 
(ඔපෙන් කරගන්නකො සොෆ්ට්වෙයාර් එක)

ඔන්න බලන්න ඔපෙන් කරාම පේන විදිය.
 Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න)

හරි නෙද? මෙතනට වෙනකම් අවුලක් නැ නෙ icon smile Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න) එහෙනම් යමු ඊලග කොටසට

ඔන්න දැං කොපි ප්‍රොටෙක්ට් කරන්න හදන්නෙ 
(මං උදාහරනයකට ගන්නෙ mp3 ෆයිල් එකක්)

හරි එහෙමනම් සොෆ්ට් එක ඔපෙන් කරන් නෙ ඉන්නෙ කස්ටිය?
7.එහෙමනම් ඔබන්නකො Start කියන එක (ඔය ලස්සන කොල පාටකින් තියෙන්නෙ)

start කියන එක එබුවම එන්නෙ ෆයිල් ඇඩ් කරන්න තියෙන වින්ඩො එක.
මෙන්න මෙ වගෙ..
 Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න)

8.මම තෝර ගත්තෙ mp3 එකක් නිසා මම ඔබන්නෙ add files කියන එක
(ෆොල්ඩෙර් එකක් තෝර ගත්තනම් add folder ඔබන්න හොදෙ)

එහෙම එබුවම එනවා අපෙ ෆයිල් එක තෝරන්න.
එහෙනම් තොර ගන්නකො icon smile Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න)
මෙන්න එහෙම තොරන කොට එන විදිය.
 Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න)

දැන් ඔනෙ එක ඔබලා open කරගන්න (නැතිනම් ඕනෙ ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරන්න)
දැං අපි තොරගත්තු ෆයිල් එක Copy protect සොෆ්ට් එකෙ පෙන්වනවා.

9.ඔය කොටසත් හරිනම් අපි යමු ඊලග කොටසට.
(ඔබන්නකො next කියන එක) ඔව් ඔව් එකත් කොල පාට බටන් එකක්

දැන් ආයෙත් එනවා වින්ඩො එකක් පොඩි විස්තර ටිකක් තියෙන්නෙ :) 
 Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න)
මෙ තියෙන්නෙ ඒක icon smile Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න)

හරි දැං ඔය වින්ඩො එකත් next කරන්නකෝ 

10.ඔන්න දැන් එන්නෙ වැදගත් එකක් 
දැන් ඇවිත් තියෙන වින්ඩො එකෙන් තමයි අපි ප්‍රොටෙක්ට් කරපු ෆයිල් එක save වෙන තැන තොරන්නෙ
(මෙම කොටස ඉතා වැදගත් වෙනවා)

එහෙනම් browse කියන එක ඔබලා ඔයාලා කැමති තැනක් දෙන්නකො
(ඔනෙ නම් CD එකකට උනත් ඇහැකිEmpty CD එකක් දාලා එ drive එක තොරන්න

ඔන්න මං දෙන්නෙ desktop එක මගෙ මැචිමෙ
මෙ තියෙන්නෙ එහෙම තෝරන විදිය..
 Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න)

(save කරන තැනක් අනිවා දෙන්නම ඕනෙ icon biggrin Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න) )
එහෙම තැනක් තොරලා දුන්නම next කියන  බටන් එක කොලපාට පාටින් පාට වෙනවා

11.දැන් ඉතිං next කලා නම් එනවා මෙන්න මෙ වගෙ window එකක්
 Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න)

දැන් ටිකක් වෙලා ඉන්නකො ( please wait කියලා තියෙන එකෙ) 

12. ඔන්න එනවා මෙහෙම එකක්. සක්සස්ෆුලි වින්ඩො එක (ඔය පහල තියෙන්නෙ)
 Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න)

13. හම්මෙ එහෙනම් ඔබන්නකො finish බටන් එක.

  හරි එහෙනම් වැඩ ටික හරි නෙ,

දැං යමුකො අපි save වෙන්න් දුන්න තැනට (මගෙ නම් desktop)
තියෙනෙවා නේද අමුතු ෆයිල් එකක් දම් පාටට හුරු.. 
අන්න ඒක තමයි අපි ප්‍රොටෙක්ට් කරපු ෆයිල් එක…

අයියෝ ඔච්චරද icon razz Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න)
(සමහරු අහවි)

නැ නැ ඔන්න අහගන්නකො හොදම හරිය.

දැන් ඔය ප්‍රොටෙක්ට් කරපු එ කියන්නෙ දැං අපි save කරගත්තු ෆයිල් එක වෙන තැනකට කොපි කරලා
ඔපෙන් කරන්න බලන්න icon biggrin Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න)

උදා:- මම save කරෙ ඩෙස්ක්ටොප් එකෙ නෙ මතකනෙ, මම එ ෆයිල් එකෙ කොපියක් අරගෙන
 ගිහින් පේස්ට් කරනවා My Documents වල..

දැං ඔන්න මං ඕපෙන් කරනවා.. :O හැපො මෙන්න එන විදිය..
 Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න)

ඔන්න තෙරෙනවා නේද මෙකෙන් තියෙන වටිනා කම..
කොහොමද CD එකකට රයිට් කරා නම් ( පට්ටයි නෙ )

වාසි :- තමන්ගෙ නිර්මාන වෙන කෙනෙක්ට දීමෙදි ඉතා වැඩගත් වෙයි
අවාසී :- මෙමගින් ප්‍රොටෙක්ට් කිරිමට පුලුවන් සීමීත ෆයිල් වර්ග කිහිපයකි
 (ෆයිල් වර්ග ගැන සොෆ්ට්වෙයාර් එක ඔපෙන් කරාම බලා ගන්න පුලුවන්.)

උපුටා ගැනීම - ට්‍රික්ලන්කා

පිටකොටුව ගමට ගෙනියමු

  පිටකොටුව ගමට ගෙනියමු මෙන්න Online වෙළෙඳපොලේ අලුත්ම පෙරළිය..  ********* 2021 Life එක ගොඩ දාගන්න එන්න  100% ශ්‍රී ලාංකික ආයතනයක් වන Pitakotu...