February 22, 2014

Ban Facebook - ආණ්ඩුව ෆේස්බුක් තහනම් කලහොත්... ??




ආණ්ඩුව ෆේස්බුක් තහනම් කලහොත්... ??
අනේ අපි බයවෙයි....


ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් හා ලමා පරපුර හා සංස්කෘතියේ මතු ආරක්ෂාව සඳහා යැයි සුරංගනා කතා කියමින් ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය තහනම් කිරීමේ සූදානමක් පවතින බව මෑත කාලයේදී නොයෙක් දෙනාගේ කථා බහට ලක්වූ මාතෘකාවකි. එහි සත්‍ය අසත්‍යතාවය ගැන ආණ්ඩුව තවමත් නිල වශයෙන් කිසිවක් පවසා නැති මුත් හදිසියේ ෆේස්බුක් සමාජ ජාලය ලංකාව තුල තහනමකට ලක්වුව හොත් වෙබ් අඩවි තහනම් කිරීමේ තාක්ෂණික ක්‍රමවේද අභිබවා ෆේස් බුක් වෙත නැවත කිසිඳු බාධාවකින් තොරව පිවිසෙන ආකාරය ඔබට කියා දීම මාගේ අරමුණයි. මෙය කියවා අවසන් වූ විට ශ්‍රී ලංකාවේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය දූෂිත නූගත් චෛරයෙකුට වුවමනා ආකාරයට වාරණය කල නොහැකි බව ඔබට පැහැදිලි වනු ඇත.

තාක්ෂණික ක්‍රමවේද භාවිතා කර ෆේස්බුක් තහනම් කල හොත් ඔබට සාමාන්‍ය ආකාරයට ෆේස්බුක් වෙත පිවිසීමට නොහැකි වනු ඇති අතර ඒ වෙනුවට මා ඔබට වෙනත් ක්‍රමයකි ඉදිරිපත් කරමි. එනම් tor ජාලය භාවිතා කිරීමයි.



Tor ජාලය යනු කුමක්ද

Tor ජාලය යනු ලොව පුරා සිටින පරිගණක පරීශීලකයන්ට සිය පුද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් සහ අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් කරා කිසිඳු බාධාවකින් තොරව ඇතුලු වීමට ඉඩ සලසා දෙන පරිගණක ජාලයකි. මෙය මුල් අවධියේ භාවිතා කෙරුනේ ඇමරිකානු නාවික හමුදාවේ සන්නිවේදන කටයුතු ආරක්ෂාකාරීව කර ගැනීම සඳහා පමණක් වුවත් අද වන විට ලොව ඕනෑම පරිගණක පරීශීලකයෙකුට නොමිලේ Tor ජාලය භාවිතා කිරීමේ හැකියාව ඇත. ජාලයේ නිල වෙබ් අඩවිය වනුයේ - www.torproject.org වේ. අවශ්‍ය නම් එම වෙබ් අඩවිය වෙත පිවිස Tor ජාලය ගැන වැඩිදුර ඉගෙන ගැනීම කල හැක.

Tor ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමේදී සිදු වන්නේ කුමක්ද

Tor ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමේදී ඔබගේ සේවා සපයන්නා (SLT, Dialog, Mobitel, Etisalat, Airtel, Hutch වැනි) හරහා ඔබ ප්‍රථමයෙන්ම පිවිසෙන්නේ Tor ජාලය වෙතය. පසුව Tor ජාලය විසින් ඔබව ලොව පුරා විසිර ඇති Tor ජාලයට අයත් කිහිපයක් පරිගණක හරහා ඔබව ෆේස්බුක් වෙබ් අඩවිය වෙත යොමු කරයි. මෙහිදී සත්‍ය වශයෙන්ම ඔබගේ සේවා සපයන්නා හට පෙනෙන්නේ ඔබ Tor ජාලය වෙත පමණක් සම්බන්ධ වනවා යැයි කියාය. එනිසා සේවා සපයන්නා විසින් කර ඇති කිසිඳු අන්දමේ තහනම් කිරීමකින් ඔබට බාධාවක් ඇති නොවේ. එනිසා ෆේස්බුක් පමණක් නොව සේවා සපයන්නා තාක්ෂණික වශයෙන් අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් වෙත මෙම Tor ජාලය හරහා පිවිසිය හැක.



ආණ්ඩුවට Tor ජාලයට පිවිසීමත් අවහිර කල හැකිද ?

නැත. Tor ජාලය විසින් භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේදයන් නිසා Tor ජාලය කිසිවෙකුට සම්පූර්ණයෙන් තහනම් කිරීම සිදු කල නොහැක. මේ බව ඔවුනගේ වෙබ් අඩවියේ පැහැදිලව දැක්වේ.


ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමට අවශ්‍ය වන්නේ මොනවාද ?

මේ සඳහා ඔබට Tor ජාලය විසින් සකස් කරන ලද Tor Browser Bundle මෘදුකාංගය අවශ්‍ය වන අතර එය ඔවුන්ගේ නිල වෙබ් අඩවිය වන www.torproject.org මඟින් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැක.




ලිපියේ සියලුම අයිතිය මුල් හිමිකරුට හිමිවිය යුතු අතර....  
…මෙය ඔබට ඉතාමත් වැදගත් විය හැකි බවින්, මෙය අන්තර්ජලයෙන් උපුටා ගන්නා ලදි.

February 19, 2014

වල්ලපට්‌ටා ශාකයේ ලක්‌ෂණ - Wallapatta

http://lankaonglobe.files.wordpress.com/2013/06/wallaplantation.jpg

වල්ලපට්‌ටා ශාකයේ ජීව විද්‍යාත්මක ලක්‌ෂණ


මෙම ශාකයේ උද්භීද විද්‍යාත්මක නාමය Gyrinops wallas wdlla‌ ය. වල්ලා යන්න සිංහල භාෂාවෙන් මෙම ශාකය හැඳින්වීමට යොදාගත් නාමයයි. වල්ලපට්‌ටා ශාකය Thymelaeaceae කුලයට අයත් වේ. Gyrinops ඝනයට ශාක විශේෂ 8ක්‌ පමණ අයත්වේ. වල්ලපට්‌ටා ශාකය ශ‍්‍රී ලංකාවේ තෙත්කලාපීය හා අතරමැදි කලාපීය ප‍්‍රදේශවල බහුල වශයෙන් පැතිර පවතින අතර එම ප‍්‍රදේශයේ වනාන්තර තුළ යටි ස්‌ථරය තුළ විසිර පවතී. අපේ රටට අමතරව මෙම ශාකය ඉන්දියාවේ කේරළ, තමිල්නාඩු ප‍්‍රදේශවල සුළු වශයෙන් පැතිරී ඇත.

Thymelaeaceae කුලයට අයත් ශාකවලට බාහිරව යම් ආපදාවකට ලක්‌වූ විට ක්‌ෂුද්‍ර ජීවී ආසාදනයන්ගෙන් ආරක්‌ෂාවීමට ද්වීතීක ස්‌වභාවික ආරක්‌ෂන උපක‍්‍රමයක් (secondary defensive mechanism) ලෙස ශාක කෙක්‍ෂන් රෙසිනයක්‌ (Agarwood) නිෂ්පාදනය කරයි. මෙම කුලයේ ශාක ඝන අතර Aquilaria‌ ශාක ඝනය අගාවුඞ් නිෂ්පාදනයේ ප‍්‍රමුඛ ස්‌ථානයක්‌ හිමි කරගෙන ඇත. Gyrinops ඝනයේ ශාකද අගාවුඞ් නිෂ්පාදනය කරන නමුත් එක්‌ ශාකයක නිෂ්පාදනය කරන Agarwood ප‍්‍රමාණය ගසේ බරට සාපේක්‌ෂව ඉතා සුළු බව අධ්‍යයන වාර්තා පෙන්වා දෙයි.


වල්ලපට්‌ටා ශාකයේ රූප විද්‍යාත්මක ලක්‌ෂණ

ශාකයේ සාමාන්‍ය උස මීටර් 5x7ක්‌ පමණ වේ. එළිමහන් ස්‌ථාන වල හා වනාන්තර වල යටි ස්‌ථරයේ දැක ගත හැක. ගසේ පොත්ත කොළත් සමගම ගැලවී යාම ශාකයේ ප‍්‍රධාන ලක්‌ෂණයකි. ඒකාන්තර පත‍්‍ර වින්‍යාසයක්‌ දරන උප පත‍්‍ර රහිත ශාකයකි.එකල පිහිටි පත‍්‍ර 2 ක්‌ අතර දුර සෙ.මී. 2.5 පමණ වේ. පත‍්‍ර තලය සෙ.මී 10x12 පමණ දිගකින් හා සෙ.මී. 5 ක්‌ පමණ පළලකින් යුක්‌ත වේ.

පත‍්‍ර අග‍්‍රය තීව‍්‍ර ස්‌වභාවයක්‌ ගන්නා අතර පත‍්‍ර පාදය තරමක්‌ පළක්‌ ස්‌වභාවයක්‌ ගනී. ලපටි පත‍්‍ර කහ පැහැයක්‌ ගන්නා අතර පහතට නැවී ඇත. අන්වීක්‌ෂයකින් බැලූ විට ලපටි පත‍්‍ර වල මැද නාරටි දෙපස හා පත‍්‍ර දාරයේ සිහින් බූවක්‌ දැකිය හැකිය. පරිනත පත‍්‍ර තද කොල පැහැයක්‌ ගන්නා අකර දිලිසෙන ගතියක්‌ දරයි.

මෙහි පත‍්‍ර වෘන්තය මි.මී. 6 ක්‌ පමණ වන අතර එය සුළු කෝණයක්‌ සාදමින් කඳට සවි වේ. පත‍්‍ර දාරයතරමක්‌ රුළි ස්‌වභාවයක්‌ උසුලන අතර එය කඩතොලූ වලින් තොර සිනිඳු ස්‌වභාවයක්‌ ගනී. මැද නාරටිය පැහැදිලිව දිස්‌වෙන මුත් නාරටි ඉතා ලංව හා සිහින්ව පත‍්‍ර තලයේ හරස්‌ අතට පිහිටයි.

ශාකයේ මල් හට ගැනීම අපේ‍්‍රල් සිට ජූලි දක්‌වා සිදුවන අතර මේ කාලයේදීම නොමේරූ ගෙඩිද දැකිය හැක. මල් හට ගන්නේ පුෂ්ප මංජරියකයි. ඒවා සුදු පැහැයට හුරු ලා කහ පැහැයක්‌ ගනී. පුෂ්ප මංජරියක මල් 6ක්‌ පමණ හට ගනී. පුෂ්පිකාව පෙති පහක්‌ පමණ දක්‌නට ලැබේ. පුෂ්ප හා ඵල හට ගැනීම එකම කාලසීමාවකදී දැකිය හැක. මල් හට ගැනීම අඩු වයසින් සිදු වන අතර අඩි 2x3 ක්‌ උස්‌ ගස්‌ වල පවා ඵල හට ගනී. එක්‌ කුඩා ගසක ඵල 20x30 ක්‌ ප‍්‍රමාණයක්‌ දැකිය හැක.

Two held with ‘Walla Patta’ in Kekirawa
වල්ලපට්‌ටා ශාකයේ භාවිතය

වල්ලපට්‌ටා ශාකය සඳහා මෑත කාලීනව අධික ඉල්ලුමක්‌ ඇතිවීමට හේතුව ශාකය මගින් නිස්‌සාරණය කරනු ලබන රෙසිනමය රසායනික ද්‍රව්‍ය (Agarwood) මගින් නිෂ්පාදනය කරන සුවඳ විළවුන් හා ඖෂධ හේතුවෙනි. එම රෙසිනමය රසායනික ද්‍රව්‍ය ලෝක වෙළඳ පොලේ ඉතා ඉහල මිලකට අලෙවි වේ.
සංස්‌කෘත භාෂාවේ අයුරු ලෙස හැඳින්වෙන මෙම රසායනික ද්‍රව්‍ය, විවිධ සංස්‌කෘතීන් හා භාෂාවල විවිධ ආකාරයෙන් හඳුන්වනු ලැබේ. අතීතයේ සිටම මෙම ශාකය සමග මිනිසුන් නෑ සබඳතා පැවැත්වූ බවට මෙය කදිම සාක්‌ෂියකි. ලොව ඉපැරණි ම ග‍්‍රන්ථ අතරට ගැනෙන සංස්‌කෘතවේද ග‍්‍රන්ථ අතරද අයුරු පිළිබඳව සඳහන් කර ඇත.
මෙම සුවඳට සමාන සිත් ඇදගන්නාසුළු වෙනත් ස්‌වභාවිකවම නිපදවන සුවඳක්‌ වර්ථමානය දක්‌වා සොයා ගැනීමට නොහැකිවීම මෙම
Agarwood සඳහා විශාල ඉල්ලූමට හේතුවී ඇත. ක‍්‍රිස්‌තු වර්ෂ 3 වන සියවසේදී චීන දේශාටකයන්ගේ වාර්තා වලට අනුව වර්තමාන වියට්‌නාම දූපත් වාසීන් මෙම රසායනික ද්‍රව්‍ය නිස්‌සාරණය කරන ලද බව සඳහන් කරයි.
එසේම ආයුර්වේද ග‍්‍රන්ථයක්‌ වන සුශ‍්‍රෑත සංහිතාවේ හා ආදී මුස්‌ලිම්වරුන්ගේ වාර්තාවලද මෙම රසායන ද්‍රව්‍ය වල ඖෂධිය ගුණ පිළිබඳ සඳහන් කරයි. 13 වන සියවසේදී අරාබි ජාතිකයන් මෙම මිල අධික සුවඳවත් ද්‍රව්‍ය භාවිතා කළ බවට ඉස්‌ලාමීය දේශ ගවේෂක ඉබන් බතුතා සඳහන් කරයි. 'A Thousand and one Night' ග‍්‍රන්තයේ සඳහන් පරිදි මෙම සුවඳවත් ද්‍රව්‍ය විශේෂ උත්සව අවස්‌ථා වලදී තම නිවෙස්‌ සුවඳවත් කිරීම සඳහා යොදාගෙන ඇත. සුඛෝපභෝගී ජීවන රටාවකට අනුගත වූ සමාජයේ ඉහළ පැළැන්තියේ පිරිසකගේ ජීවන තත්වය විදහා දක්‌වන නිෂ්පාදනයක්‌ ලෙස තවදුරටත් මෙය හුවා දක්‌වා ඇත.
ඉන්දියාවේ මෙම රසායනික රෙසිනමය ඇදුම රෝගයට, බඬේ අමාරුව, අතීසාරය, ගලගන්ඩය, රූමැටික්‌, අංශභාගය, ලිංගික ශක්‌තිය වර්ධනය කිරීම, සමේ රෝග සුව කිරීම සඳහා යොදාගෙන ඇත. මෙම ශාකයේ කුඩා කැබලි තෙල් තුළ බහා ශරීරය සුවඳවත් කිරීමට යොදාගනී. විවිධ කැටයම් වර්ග තැනීමටද මෙම ශාකයේ ලී භාවිතා කරයි.

වර්තමානයේ ඉතා උසස්‌ තත්වයේ රෙසිනමය රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රටවල් අතර තායිවානය, කාම්බොජය, වියට්‌නාමය වැනි රටවල් ප‍්‍රධානවේ. එම රටවල් නිෂ්පාදනය කරන මෙම රසායනික ද්‍රව්‍ය සඳහා ජපානය, කොරියාව, චිනය සහ යුරෝපීය රටවලත් හා මැදපෙරදිග රටවලත් ඉහල ඉල්ලූමක්‌ පවතී. විශේෂයෙන් අරාබි රටවල Agarwood සඳහා විශේෂ ඉල්ලූමක්‌ පවතින්නේ එය මධ්‍යසාරයෙන් තොර නිෂ්පාදනයක්‌ වන බැවිනි.


http://www.ceylontoday.lk/ct-admin/images/news/13290_gy1.jpg

වල්ලපට්‌ටා ශාකයේ වර්තමාන තත්වය


ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සොයා බැලීමේදී වල්ලපට්‌ටා ශාකය පළමුවරට ප‍්‍රචලිත වන්නේ පසුගිය අවු 4,5 තරම් මෑත කාලයේදීය. 2012 ජූලි 3 වන දින ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේදී රේගු නිළධාරීන් වෙනුවෙන් පවත්වන ලද පුහුණු වැඩමුළුවකදී ආචාර්ය එස්‌.එස්‌. ප‍්‍රනාන්දු විසින් මුල්වරට වල්ලපට්‌ටා ශාකය අපනයනය කිරීම සම්බන්ධයෙන් කරුණු දක්‌වා ඇත.

වල්ලපට්‌ටා ශාකය පිළිබඳ සිදුකරන ලද මුල්ම වැටලීම වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් 2012 අගොස්‌තු මස 27 වන දින රත්නපුර, කළවාන ප‍්‍රදේශයේදී සිදු කර ඇති අතර එම වැටලීමේදී වල්ලපට්‌ටා ශාකයේ කොටස්‌ අත්තඩංගුවට ගෙන ඇත. මෙම නීති විරෝධී ශාක ජාවාරම කලක සිට සිදුව ඇති බව අනුමාන කළ හැකි සාක්‌ෂි මේ අනුව හෙළි දරව් වී ඇත.

ශ‍්‍රී ලංකා රේගු අධිකාරියේ වාර්තා අනුව මෙම නීති විරෝධී ජාවාරම පුළුල් ජාලයක්‌ ලෙස රටපුරා විසිර ඇති බවත් විශේෂයෙන් උතුර, උතුරු නැගෙනහිර ප‍්‍රදේශ ආශ‍්‍රිතව මුහුදු මාර්ග ඔස්‌සේ මෙම ජාවාරම සිදු කෙරෙන බවත් සොයාගෙන ඇත. වල්ලපට්‌ටා ශාකයට අමතරව සුදු හඳුන්, දිවි කදුරු ඇට, කබර හූනා, කිඹුල් හූනා සඳහා විශේෂ වෙළඳ පොළක්‌ මෙම ජාවාරම් කරුවන් විසින් ගොඩනගාගෙන ඇත.

මෙම ජාවාරම තුළින් රටට විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක්‌ අහිමිවනවා පමණක්‌ නොව අපේ රටට ආවේනික ශාක හා සත්ත්ව ප‍්‍රජාවත්, ජානමය අයිතියත් එම ශාක හා සත්ව විශේෂ වෙනුවෙන් පේටන්ට්‌ බලපත‍්‍ර ලබා ගැනීමේ හැකියාවත් අපට අහිමි වනු ඇත.

නීතිමය පියවර

අධික ලෙස පරිසරයෙන් ඉවත්කිරීම මත තර්ජනයට ලක්‌වූ වල්ලපට්‌ටා ශාකය la‍ITES හෙවත් තර්ජනයට ලක්‌වූ ශාක විශේෂ එකරටකින් තවත් රටකට ගෙනයාම තහනම් කිරීමේ සම්මුතියේ (Convention on International Trade of Endangered wild Fauna and Flora) දෙවන උපලේඛනයට ඇතුලත් කර ඇත. 1995 දී ප‍්‍රථමයෙන්ම Aquila‌ria‌ mala‌cceìis විශේෂය මෙම සම්මුතියේ දෙවන උපලේඛනයට ඇතුලත් කෙරුණු අතර 2004 වසරේදී සියලූම අයුරු නිෂ්පාදනය කරන ශාක විශේෂ මෙයට ඇතුලත් කෙරුණි. අවදානයට ලක්‌වීමේ විභවතාවයක්‌ ඇති ශාක මෙම සම්මුතියට ඇතුලත් වන අතර එවැනි විශේෂ අන්තර්ජාතික වෙළඳාම, නියාමනය හා අධීක්‌ෂණය කිරීම සඳහා වෙනමම ආයතනයක්‌ ද පිහිටුවා ඇත.

ශ‍්‍රී ලංකාවේ වර්තමානයේ පවතින නීතිමය රාමුව තුළ වල්ලපට්‌ටා ශාකය ආරක්‌ෂිත ශාකයක්‌ ලෙස නම් කර නැත. නමුත් වන සංරක්‌ෂන ආඥා පනතේ පවතින විධිවිධාන යටතේ වනාන්තර තුළින් මෙම ශාකය හෝ වන ද්‍රව්‍ය උකහා ගැනීමේදී නීත්‍යානුකූලව කටයුතු කළ හැක.

ඒ අනුව සංරක්‌ෂිත වනාන්තරවලට අදාළව, 2009 අංක 65 දරණ සංශෝධිත වන සංරක්‌ෂණ ආඥා පනත යටතේ 6 (අ), (ඇ) වගන්ති අනුවද, රක්‌ෂිත වනාන්තර සඳහා 1979/12/26 දිනැති අංක 68/14 ගැසට්‌ පත‍්‍රයේ 1979 අංක 01 දරණ නියෝග මාලාව අනුවද සංරක්‌ෂිත, රක්‌ෂිත කැලෑ හෝ ගම්බද කැලෑවලට ඇතුලත් නොවන වෙනත් කැලෑවලට ඉහත කී ගැසට්‌ පත‍්‍රයේ 1979 අංක 01 දරණ වන රීති මාලාව අනුවද, වලංගු අවසර පත‍්‍රයක්‌ නොමැතිව ශාක හෝ වනජ ද්‍රව්‍ය එකතු කිරීම, ඉවත් කිරීම හෝ හානි කිරීම කළ නොහැක.
එසේම පුද්ගලික ඉඩමකින් ශාක කොටස්‌ ලබාගත්තද ලංකාව තුළ ප‍්‍රවාහනය කිරීම සඳහා වන සංරක්‌ෂණ ආඥා පනතේ 24(1) වගන්තිය අනුව ප‍්‍රකාශිත 2008/05/09 දිනැති අංක 1548/29 හා 2012/06/11 දිනැති අංක 1762/1 දරණ ගැසට්‌ පත‍්‍රවල නියෝග අනුව කටයුතු කළ යුතු වේ.

අනවසර දැව සන්තකයේ, පාලනයේ හෝ භාරයේ තබාගැනීම සම්බන්ධයෙන්ද නීත්‍යානුකූලව පියවර ගත හැක. ඒ පිළිබඳව වන සංරක්‌ෂණ ආඥා පනතේ 36(1) වගන්තිය යටතේ ප‍්‍රකාශිත 1995/07/13 දිනැති අංක 879/7 හා 1997/04/18 දිනැති අංක 971/4 දරණ ගැසට්‌ පත‍්‍රවල සඳහන් නියෝග බල පැවැත්වේ.

දැව, කැලෑවල බීජ හා වෙනත් වන නිෂ්පාදන අපනයනයන්‍ය කිරීම වලංගු අවසර පත‍්‍රයක්‌ නොමැතිව කළ නොහැකි අතර ඒ සම්බන්ධයෙන් වන සංරක්‌ෂණ ආඥා පනතේ 24(1) වගන්තිය ප‍්‍රකාරව 2000/12/05 දිනැති අංක 1161/6 දරණ දරණ ගැසට්‌ පත‍්‍රයේ සඳහන් නියෝග බල පැවැත්වේ. මෙයට අමතරව අපනයනය සඳහා la‍ITES සම්මුතිය යටතේ පිහිටුවා ඇති ආයතනය මගින්ද අධීක්‌ෂණය කෙරේ.

වනසත්ව හා වෘක්‌ෂලතා ආඥා පනතේ 45 වගන්තියේ නියෝග අනුව මෙම ශාකය අපනයන කිරීම වගා කිරීම තහනම් කිරීමට හෝ විධිමත් කිරීමටත්, ඉවත් කිරීමට, ශාක ආරක්‌ෂා කිරීමට, සංරක්‌ෂණයට නියෝග පැනවිය හැක. අංක 22 දරන වන සත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක (සංශෝධන) පනත අනුව 45 වගන්තිය (ආ) ඡේදයට පසු මෙම වගන්ති ඇතුලත් කර ඇත.

ශාකයක්‌ අපනයනයට පරීක්‌ෂා කිරීම සඳහා කාර්ය පටිපාටියක්‌ නියම කරම හා අදාල බලධාරියා විසින් එය පරීක්‌ෂා කිරීමත්, එය පරීක්‌ෂා කිරීමෙන් පසු අදාල කාර්ය පටිපාටිය අනුව එය මුද්‍රා තැබීම, අවසර ලත් ලේඛන රහිත ශාක අපනයනය තහනම් කිරීම, සන්තකයේ තබා ගැනීම තහනම් කිරීම, ශාක කොටසක්‌ අපනයනය කිරීම තහනම් කිරීම හෝ පාලනයට නීති පැනවිය හැක.

තවදුරටත් වන සත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥා පනතේ 47 වගන්ති අනුව මෙම ශාකය පිළිබඳව කැලෑ ආඥා පනතේ නියෝග, දිය බෙරලි ආඥා පනතේ විධිවිධාන, තේ පාලන පනතේ විධිවිධාන, රබර් පාලන පනතේ විධිවිධාන වලට යටත්ව ක‍්‍රියාත්මක විය යුතුය.

වල්ලපට්‌ටා ශාකය අවදානම් විශේෂයක්‌ ලෙස 2012 දී රතු දත්ත වාර්තාවට ද ඇතුලත් කර ඇත.


වල්ලපට්‌ටා ශාකය පිළිබඳ සිදු කර ඇති පර්යේෂණ

මෙම ශාකයේ කඳට ස්‌වභාවිකව ආසාධනය වන දිලීර කෘතීමව ගසට ලබාදීමෙන් ඉක්‌මනින් ආර්ථික වාසි අත්කර ගත හැක. මෙම දිලීරය විද්‍යාගාර තුළ වෙනමම නිෂ්පාදනය කර මසක්‌රස්‌ ගණයට අයත් ශාක සඳහා එන්නත් කිරීම මගින් අයුරු නිෂ්පාදනය කිරීම පිළිබඳව වෙනත් රටවල් පර්යේෂණ පවත්වා ඇත.

ඇමරිකා එක්‌සත් ජනපදයේ මිනසෝටා විශ්වවිද්‍යාලයේ මේ සම්බන්ධයෙන් පර්යේෂණ විශාල ප‍්‍රමාණයක්‌ සිදු කර ඇත. ලොකයේ බොහෝ රටවල් මෙම කෘතීමව දිලීර ආසාදනය මගින් ශාකයෙන් විපුල ප‍්‍රයෝජන ලබාගත්තද අප රට තුළ මේ සම්බන්ධයෙන් තවමත් පර්යේෂණ මට්‌ටමේ පවතී. ප‍්‍රමාණවත් රෝපණ ද්‍රව්‍ය (බීජ, පටක රෝපණය) ලබා ගැනීම, රෝපණ මාධ්‍ය, නිස්‌සාරණ ක‍්‍රමවේද පිළිබඳව කර ඇති පර්යේෂණ ප‍්‍රමාණය ඉතා සීමිත වේ.


උපුටා ගැනීමකි.

February 18, 2014

ලැගුම්හල් හා පෙමවතුන් පිලිබඳ ලංකාවේ නීතිය.

ලැගුම්හල් හා පෙමවතුන් පිලිබඳ ලංකාවේ නීතිය.



ලැගුම්හල් සම්බන්ධයෙන් පොලීසියට ක‍්‍රියාත්මක විය හැකි වපසරිය තීරණය වන්නේ ඒ සම්බන්ධයෙන් පවත්නා විවිධ නීතිරීති මගිනි. ඒ සම්බන්ධයෙන් වර්තමාන සමාජයේ පුරවැසියන්ට පමණක් නොව, ඇතැම් පොලිස් නිලධාරීන්ටද පැහැදිලි අවබෝධයක් නොපවතින බව සමාජ සිදුවීම් ආශ‍්‍රයෙන් ප‍්‍රත්‍යක්ෂ වේ. එබැවින් පොලීසියේ නිශ්චිත සීමාව කුමක්ද යන්න පිළිබඳව හරියාකාර අවබෝධයක් මහජනයාට ලැබිය යතුය.




ප‍්‍රධාන වශයෙන්ම ගණිකාවාස පනත යටතේ ලැගුම්හල්වල සිටින්නන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. මෙම පනතේ 02 වන වගන්තිය ප‍්‍රකාරව ගණිකාවාසයක් පවත්වාගෙන යාම, කළමනාකරණය කිරීම, කළමනාකරණය සඳහා ක‍්‍රියාකිරීම හෝ ආධාර කරන්නෙකු වරදකරු වන්නේය. ඒ අනුව මේ පනත යටතේ ලැගුම්හලක සිටින්නන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේ දෙදෙනාගෙන් කාන්තාව අදාළ ලැගුම්හලේ සේවයේ නියුතුව සිටින්නියක් නම් පමණි. යම් පුද්ගලයෙක් එම ලැගුම්හලට පරිබාහිරයෙන් කාන්තාවක රැගෙන ගොස් ඇය සමඟ ලිංගික කාර්යයේ යෙදේ නම් එයට බාධා කිරීමට පොලීසියට බලයක් නැත. සිරිනිමල් එදිරිව හලාවත පොලිස් පරීක්ෂක සහ තවත් අය නඩුවේ (2001 ශ‍්‍රී ලංකා නව නීති වාර්තා, පිටු අංක 29) මේ බව දක්වා ඇත.

යම් පුද්ගලයෙකු ලැගුම්හලක බාලවයස්කරුවකු සමඟ රැඳී සිටින්නේ නම් ජාතික ළමාරක්ෂක අධිකාරී පනත යටතේ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. එහිදී එම පුද්ගලයාට චෝදනා එල්ලවන්නේ බාලවයස්කරුවකු ලිංගික අපයෝජනයට ලක්කිරීම හේතුවෙනි. ඉහත කී පාසල් සිසු සිසුවියන් සම්බන්ධ තත්වය මෙම කාරණාව යටතට අයත් වේ. මෙම නීතියට ගරු කිරීමක් වශයෙන් බොහෝ ලැගුම්හල් වලට පුද්ගලයන් ඇතුළු කරගැනීමේදී හැඳුනුම්පත පරීක්ෂා කිරීමක් සිදුකරන අතර අවුරුදු 18 ට අඩු පුද්ගලයන් දෙමාපියන් හා තම පවුල සමඟ නොසිටින බව පෙනී යන්නේ නම් කාමර ලබාදීම ප‍්‍රතික්ෂේප කරන ලැගුම්හල් හිමියන් කොතෙකුත් සිටිති. එසේ වුවද ඉහත ලිපිවල දක්වා ඇති ආකාරයෙන්ම පටු ලාභ ප‍්‍රයෝජන හා වාසි අරභයා බාලවයස්කාරයින්ට ලැගුම්හල් සේවාව සපයන පුද්ගලයන්ද සිටින බව සත්‍යයකි. ඒ සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමට ප‍්‍රමාණවත් නීතිරීති පවතී.


යම් පුද්ගලයකු ලැගුම්හලක නොව වෙනත් ඕනෑම ස්ථානයක රැඳී සිටියදී සිදුකරනු ලබන පරීක්ෂා කිරීමකදී තමාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අසමත් වේ නම් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. එහෙත් මෙසේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවක චෝදනා ගොනු කළ හැක්කේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් පමණක් වේ. ලැගුම්හල තුළ ලිංගික ක‍්‍රියාවක යෙදුණේද යන්න මෙහිදී අදාළ කරුණක් නොවේ. නමුත් බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත්වීම යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ලිංගික ක‍්‍රියාවක යෙදීම සම්බන්ධයෙන් සැකකරු වෙත දැඩි සේ අවවාද කොට මුදාහැරීමය. හදිසි නීතිය ක‍්‍රියාත්මක වූ පසුගිය සමයේ බොහෝ ලැගුම්හල් වැටලීම් කළේද, ඒවායේ රැඳී සිටි “ජෝඩු” අත්අඩංගුවට ගත්තේද පසුව “දැඩිසේ අවවාද කොට” මුදාහරින ලද්දේද මෙම න්‍යාය යටතේය. කෙසේ වෙතත් හදිසි නීතිය හෝ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලිංගික වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නෛතික වශයෙන් ප‍්‍රශ්න කළ හැකි තත්වයකි.
යම් අවස්ථාවක යම් කාන්තාවක් සමඟ ලැගුම්හලක හෝ වෙනයම් ස්ථානයකදී ලිංගික ක‍්‍රියාවේ යෙදෙන්නේ ඇගේ කැමැත්තට පටහැණිව නම් දණ්ඩ නීති සංග‍්‍රහයේ 363 වගන්තිය යටතේ එන ස්ත‍්‍රී දූෂණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. මෙහිදී ප‍්‍රබලතම කාරණය වන්නේ අදාළ ස්ත‍්‍රියගේ කැමැත්තයි. ඇගේ කැමැත්ත ඇය කැමැත්ත දීමට හැකි අවස්ථාවක, එනම් හොඳ සිහිබුද්ධියෙන් පසුවන අවස්ථාවක ලබාගත්තක් විය යුතුය. අදාළ කාන්තාව බාලවයස්කාරියක් නම් මෙම කැමැත්ත පිළිබඳ කාරණය බල නොපායි.
විවාහක පුරුෂයෙකු හෝ ස්ත‍්‍රියක් තවත් විවාහක පුරුෂයෙකු හෝ ස්ත‍්‍රියක් සමඟ ලිංගික කාර්යයේ යෙදීම, එනම් අනාචාරය ශ‍්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ වරදක් නොවේ. අනාචාරය යනු දික්කසාදයේදී නඩු නිමිත්තක් සපයන්නාවූ කාරණයක් පමණක් වන අතර මෙවන් අවස්ථාවකදී පොලීසියට භූමිකාවක් නොමැති බව අවධාරණය කළ යුතුය. කිසිඳු අවස්ථාවක අනාචාරයේ හැසිරීම හෝ අනියම් ලිංගික සබඳතාවයක් නිසා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත.
එබැවින් යම් පුද්ගලයන් දෙදෙනෙකු, ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ බාලවයස්කරුවකු නොවන අවස්ථාවකදී, අදාළ කටයුත්තට දෙදෙනාගේම කැමැත්ත ඇති අවස්ථාවකදී, දෙදෙනාගෙන් අයෙකු සේවයේ යෙදෙන ගණිකාවාසය තුළ ලිංගික කාර්යය සිදු නොකරන අවස්ථාවකදී කිසිම හේතුවක් නිසා ලිංගික වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත. එමෙන්ම තම අනන්‍යතාවය සනාථ කිරීමට සමත්වන, වරෙන්තු නොකරන ලද පුද්ගලයෙකුද එසේ අත්අඩංගුවට ගත නොහැක. එසේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13(1) වන ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වේ.
වර්තමාන තරුණ පරපුර මෙසේ ලිංගික තෘප්තිය සොයා අහුමුලූ ගැන්නීමෙහි වගකීම භාරගත යුත්තාහු වැඩිහිටියෝමය. පෙම් යුවලක් ආසන්නයේ සිටින විට ඔවුන්ගේ සෑම අංග චලනයක් පාසා නිරීක්ෂණය කිරීමේ පුරුද්දක් අපේ වැඩිහිටියන්ට ඇත. අතින් අල්ලාගෙන සිටීම වැනි අහිංසක ක‍්‍රියාවක් දෙස පවා ඇතමුන් බලන්නේ වපරැසිනි. ප‍්‍රසිද්ධ සමාජයේ ප‍්‍රතික්ෂේප වන්නන්, ගැරහුමට ලක් වන්නන් තමන්ගේම ලෝක තුළ මුළුගැන්නීම ලිංගිකත්වය තුලදී පමණක් නොව අනෙකුත් සෑම සියලූ සමාජ ක‍්‍රියාවලියක් තුළදීම අත්දැකීමට ලැබෙන සමාජ සංසිද්ධියකි.

මිතුරන්ටත් බලන්න SHARE කරන්න.

මෙහි සියලු අයිතීන් මුල් හිමිකරු සතුයි - උපුටා ගන්නා ලදි.

February 11, 2014

Anuradhapura - අනුරාධපුරය



අනුරාධපුරය







ලෝක උරුමයක් වන අනුරාධපුරය ශී‍්‍ර ලංකාවේ දීර්ඝතම රජධානියයි. කි‍්‍රස්තු පූර්ව හතර වැනි සියවසේ පටන් කි‍්‍රස්තු වර්ෂ 11 වැනි සියවස දක්වාම ලංකාවේ ප‍්‍රධාන රාජධානිය විය. විජය රජු සමග ලංකාවට පැමිණි අනුරාධ නැමැති අමාත්‍ය වරයෙකු කදම්බ නදිය හෙවත් මල්වතු ඔය ආසන්නයේ තැනූ අනුරාධ ග‍්‍රාමයේ භද්දකච්චානා කුමරියගේ සොහොයුරු අනුරාධ නැමැති කුමරාද පදිංචි වී ඇත. පසුව රජ පැමිණි පණ්ඩුකාභය රජු එම ග‍්‍රාමය නව නරගයක් ලෙස වැඩිදියුණු කොට අනුරාධපුර රාජධානිය ගොඩනගා තිබේ. නගර ප‍්‍රතිෂ්ඨාපනය අරඹා ඇත්තේද අනුරාධ නැකැතිනි. මේ හේතූ නිසා අනුරාධපුරයට ඒ නම ලැබී ඇතැයි විශ්වාස කැරේ.


ශී‍්‍ර ලංකාවේ උතුරු දිග තැනිතලාවේ මුහුදු මට්ටමින් අඩි 295 ක් පමණ උසින් අනුරාධපුරය පිහිටා ඇත. අද උතුරු මැද පළාතේ අග නගරයයි. අනුරාධපුර රාජධානිය බිඳවැටි සිංහල රාජධානිය වෙනත් ප‍්‍රදේශ කරා යද්දී අනුරාධපුරය වනයෙන් වැසී ගියේය. නැවත බි‍්‍රතාන්‍ය පාලන සමයේදී 1874 දී පමණ එළිපෙහෙළි විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් අනුරාධපුරයේ කැණීම් සිදු කොට නටඹුන් වූ රාජධානිය මතු කරගත් අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංස්කෘතික ති‍්‍රකෝණ වැඩසටහන යටතේ තවමත් අනුරාධපුර සංරක්ෂණ කටයුතු සිදුවේ.
පැරණි නගරය හා නව නගරය යනුවෙන් කොටස් දෙකකි. පැරණි නගරයෙන් පදිංච් ස්ථාන හා වෙළඳ ව්‍යාපාර හැකිතාක් ඉවත් කොට නව නගරයට ගෙනැවිත් ඇත.

පැරණි නගරය වර්ග සැතැපුම් නමයක් පමණ ප‍්‍රදේශයක් පුරා පැතිර පවතී. එහි ඇතුළු නුවර හා පිට නුවර යනුවෙන් හැඳින්වෙන කොටස් දෙකකි. ඇතුළු නුවර හා පිට නුවර ඉතා විශාල ප‍්‍රාකාරයකින් එකිනෙක වෙන්වේ. කි‍්‍රස්තු පූර්ව 42 සිට 20 දක්වා රජ කළ කුටකණ්ණතිස්ස රජ සමයේ නගරය වටා දිය අගලක් තැනවූ බවත් වසභ රජතුමා නගරයේ ප‍්‍රාකාරය දහ අට රියන් උස්ව බැන්දවූ බවත් මහාවංශයේ සඳහන් වේ.
නගරය ගොඩනැගීම පිළිබඳ විස්තර මහාවංශයේ දැක්වේ. ඒ අනුව විවිධ කුල වලට අයත් ජනතාව හා විදේශීය වෙළෙඳුන් සඳහාද වෙන වෙනම ගොඩනැගිලි තිබී ඇත. මෑතදී සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් වලින් අනුරාධපුර රාජධානිය විදේශයන් සමග විශාල වශයෙන් සබඳතා පැවැත්වූ බව තහවුරු වී ඇත.
අක්කර 250 ක පමණ භූමි භාගයකින් යුතු අනුරාධපුර ඇතුළු නුවර ප‍්‍රධාන ගොඩනැගිලි කිහිපයකි. ඒවා අතර රජ මැදුරත්, දළදා මන්දිරයත්, මහාපාලි දාන ශාලාවත් ප‍්‍රධාන වේ. පිට නුවර ප‍්‍රධාන වශයෙන් විහාරා‍රාම හා වෙනත් ගොඩනැගිලි රාශියක් දක්ට ලැබේ. ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත.
දේවානම්පියතිස්ස රාජ සමයේ ලක්දිවට බුදු දහම පැමිණීමත් සමග කලා ශිල්ප පිළිබඳ මහත් උද්යෝගයක් ඇතිවිය. අනුරාධපුරයේ ගොඩනැගූ මුල්ම චෛත්‍යය වන්නේ ථූපාරාමයයි. එතැන් පටන් වෙහෙර විහාර විශාල ප‍්‍රමාණයක් වරින් වර රජ පැමිණි නරපතීන් විසින් අනුරාධපුරයේ ඉදිකර තිබේ. දුටුගැමුණු රජු කි‍්‍රස්තු පූර්ව 161 ත් 137 ත් අතර ඉදිකළ මිරිසවැටිය හා රුවන්මැලි සෑය සුවිසල් දාගැබ් ඉදිකිරිමේ මූලාරම්භයයි. පසු කළෙක වළගම්භා රජු අභයගිරියත් මහසෙන් රජු ජේතවනාරමයත් ඉදිකළහ. තිබේ. ශී‍්‍ර ලංකාවේ විශාලතම චෛත්‍ය තුන රුවන්මැලිසෑය, අභයගිරිය හා ජේතවනරාමයයි

අනුරාධපුරයට යන බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව වන්නේ අටමස්ථාන වන්දනා කිරීමයි. කලින් කල අටමස්ථාන ලෙස හැඳින්වූ ස්ථාන වෙනස් වුවද ශී‍්‍ර මහා බෝධිය, ලෝවාමහාපාය, රුවන්වැලි සෑය, අභයගිරිය, ථූපාරාමය, ජේතවනාරාමය, ලංකාරාමය සහ මිරිසවැටිය අටමස්ථාන ලෙස සළකණු ලැබේ.
අනුරාධපුරයේ දැවැන්ත වාරිමාර්ග ක‍්‍රමයක්ද දැකිය හැකියි. ඉන් පළමුවැන්න වන්න් පණ්ඩුකාභය රජතුමා විසින් කරන ලද අභයවාපී නැමැති වැවයි. අද එය බසවන්කුලම ලෙස හැඳින්වේ. තිසා වැව, නුවර වැව ආදී වාරිකර්මානත කරමින් අනුරපුර රජ දරුවෝ ලක් පොළොව අස්වැද්‍දූහ.
සවිමත් පාලම් ද සහිතව ඉතාමත් විධිමත් මාර්ග පද්ධතියක්ද අනුරාධපුර පැරණි නගරයේ දැකිය හැක. එමෙන්ම විහාරාරාම, බුදු මැදුරු අදී ගොඩනැගිලිවල දැකිය හැකි විවිධ කලා නිර්මාණ හෙළ කලා කරුවාගේ නිර්මාණත්මක හැකියාව මනාව පිළිබිඹු කරයි. සඳකඩපහණ, මුරගල, කොරවක් ගල ආදිය එවැනි විශිෂ්ට නිර්මාණයන්ය.
අතීත අනුරාධපුරය ලොව තිබූ ඉතාමත් දර්ශනීය නගරයක් බව විද්වතුන්ගේ පිළිගැනීමයි. අලංකාර උයන් වතු සුවිසල් මහල් ප‍්‍රාසාදයන්ගෙනුත් විසල් දාගැබ් වලිනුත් සාගර පරදන මහ වැව් වලිනුත් සමන්විත අනුරාපුර නගරය වරින් වර සතුරු ආක‍්‍රමණයන් හේතුවෙන් විනාශ වී ගියේය.
පණ්ඩුකාභය රජුගෙන් ආරම්භ වී දේශීය රජවරු 109 දෙනෙකු විසින් පාලනය කරන ලද අනුරාධපුර රාජධානිය කි‍්‍රස්තු වර්ෂය 1017 දී සොළී ආක‍්‍රමණයෙන් පසු බිඳ වැටුණි. සොළීහු පොළොන්නරුවේ සිට රටේ පාලනය ගෙන ගියහ. අනුරාධපුරයේ අවසන් පාලකයා වූයේ පස්වැනි මිහිදු රජුය. සොළීන් පළවා හළ පළමුවැනි විජයබාහු රජු අනුරාධපුරයේ මාළිගාවක් තනවා එහි සිය රාජභිෂේකය පැවැත්වූවද ඔහු පොළොන්නරුව තම රාජධානිය කර ගතතේය. විජයබාහු, මහා පරාක‍්‍රමබාහු සහ නිශ්ශංකමල්ල වැනි රජවරු වරින් වර අනුරාධපුරය ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කළද එය ක‍්‍රමයෙන් වනගතවී ගියේය. කි‍්‍රස්තු වර්ෂ 1448 අපේ‍්‍රල් 10 වැනිදා හයවැනි පරාක‍්‍රමබාහු රජුගේ චන්ද්‍රවති කුමරිය අනුරාධපුරයේදී උලකුඩය දේවී නමින් අභිෂේක කොට සුන්දර පාණ්ඩ්‍ය නම් කුමරුවකුට සරණපාවා දීම අනුරාධපුරයේ සිදුකරන ලද අවසන් රාජකීය උත්සවයයි.
නැවත 1873 දී අනුරාධපුර කච්චේරිය පිහිටුවා රජයේ ඒජන්ත වරයෙකු පත්කිරීමෙන් පසු අනුරාධපුර පැරණි නගරය එළි පෙහෙළි කොට පුරාණ ගොඩනැගිලි පිළිබඳ පර්යේෂණ ආරම්භ කැරිණි .

February 8, 2014

Anti-Lock brake System - ABS



Anti-Lock තිරිංග පද්ධති ....හෙවත් ABS




වාහන වල තිරිංග පද්ධති ගැන කතා කරද්දී Anti-lock Brake Systems එහෙමත් නැතිනම් ABS කියල වචනයක් ඔයාල අහල ඇති. ටෙක් හන්දියේ අපි අද කතා කරන්නේ මේ ABS පද්ධති ගැනයි.

වාහනයකට Anti-Lock Brakes අවශ්‍ය වෙන්නේ ඇයි ?



සාමාන්‍ය තිරිංග පද්ධතියක් තිබෙන වහනයක් ගනිමු. ලිස්සන සුළු මාර්ගයක තරමක් වේගයෙන් ගමන කරන මේ රථය එක වරම තිරිංග තද කලොත් මොකද වෙන්නේ...??? මාර්ගය ලිස්සන නිසාත් , වාහනයේ රෝද තව දුරටත් කරකවෙන්නේ නැති නිසාත් වාහනය පාරේ පාලනයකින් තොරව ලිස්සල යනවා. රියැදුරු කලබල වෙලා සුක්කානම හැරෙව්වොත් එහෙම මේ ලිස්සන වාහනය පෙරලෙන්න උනත් පුළුවන්. මෙවැනි අනතුරු වලකාගන්න Anti-lock තිරිංග පද්ධති මහෝපකාරී වෙනවා.



Anti-Lock brake System එකක තියෙන විශේෂත්වය මොකක්ද...?

ABS පද්ධතියක් පහත සදහන් කොටස් වලින් සමන්විතයි.


1. වේග මාපක (Speed Sensors)

වාහනයේ රෝද 4 කරකැවෙන වේගය මනින්නේ මේ වේග මාපක වලින් තමයි. වාහනයේ රෝද වල වේගය බාල වන ආකාරය මෙමගින් බලාගන්න පුළුවන්.



2. තිරිංග කපාට ( Brake Valves )


ABS පද්ධතියක තිරිංග පොම්පයට සම්භන්ධව රෝද 4 වෙත වෙන වෙනම දිවෙන Brake Lines තිබෙනවා. ඒ හැම line එකකටම තිරිංග කපාටය බැගින් තිබෙනවා.

කපාටය විවෘත කල විට පීඩන පොම්පය කෙලින්ම රෝදයට සම්භන්ධ නිසා රෝද වල තිරිංග තද වෙනවා.

කපාටය වැසුණු අවස්ථාවේදී තව දුරටත් රෝදයේ තිරිංග තද වීම වැලකෙනවා. එනම් තිරිංග පද්ධතිය මත අමතර පීඩනයක් ඇති වීම වලක්වෙනවා.

මීට අමතරව රෝදයේ තිරිංග වල පීඩනය අඩු කරන්න (Pressure එක Release ) කරන්නත් මේ කපාට වලට පුළුවන්.



3. තිරිංග පොම්පය ( Pressure Pump)



වාහනයේ රෝද වල තිරිංග තද කරන්න අවශ්‍ය පීඩනය ඇති කරන්න තමයි , තිරිංග පොම්පය අවශ්‍ය වෙන්නේ.


ABS පද්ධතිය වැඩ කරන්නේ කොහොමද....???


වේගයෙන් ගමන කරන වාහනයක රියදුරැ එක වරම වාහනයේ තිරිංග තද කළා යැයි හිතමු. එතකොට වාහනේ රෝද වල භ්‍රමණ වේගය ඉතා වේගයෙන් අඩු වෙනවා. නමුත් රෝද වල වේගය ඉතා ඉක්මනට බින්දුව වෙත ලගා උනොත් එතන ඉදල වාහනය ලිස්සල යන්න පුළුවන්. මේ නිසා රෝද වල වේගය ඉතා වේගයෙන් අඩු වෙද්දී ක්ෂණිකව ක්‍රියාත්මක වෙන ABS පද්ධතිය අදාළ රෝදයට ලැබිල තිබෙන පීඩනය කපාට වල ආධාරයෙන් ඉවත් කරනවා. එතකොට තවත් සුළු මොහොතකින් රෝද නැවත ත්වරණය වෙන්න පටන් ගන්නවා. රෝද වල වේගය වැඩි වෙන බව තේරුණු ගමන් තිරිංග නැවත ක්‍රියාත්මක වෙනවා.

මේ විදියට ABS පද්ධතියෙන් වාහනයේ රෝද 4 වෙන වෙනම පාලනය කෙරෙනවා. එතකොට රෝද හතරේ තිරිංග තද වෙන්නේ ස්පන්ද (Pulses) ආකාරයෙන්.



මෙම ක්‍රමය ආකාර දෙකකට වාහනයේ ආරක්ෂාවට උපකාරී වෙනවා.

1. රෝද හතරේ වේගය වෙන වෙනම පාලනය වෙන නිසා, රෝද හතරේ වේගය එකිනෙකට සමාන අයුරින් තමයි අඩු වෙන්නේ. මේ නිසා වාහනය මාර්ගයේ එක පසකට ආදී යාම , පෙරලීම ආදී අනතුරු වැළකෙනවා.



2. රෝද හතරේ වේගය ඉතා ඉක්මනින් බින්දුවට ලගා නොවන නිසා වාහනය ලිස්ස යාමෙන් වැළකෙනවා. ඒ නිසා මෙම ක්‍රමය මගින් වාහනය ලිස්ස නොයන අයුරින් අවම කාලයකදී නවත්තගන්න උපකාරී වෙනවා.



ඔන්න ඔහොම තමයි සරලවා ගත්තොත් Anti-lock brake system එකක් වැඩ කරන්නේ. එහෙනම් , ගිහින් එන්නම්.


බ්රූරුරුරුරුර්ම්ම්ම්....!!

YouTube Download කරගන්න ලේසිම ක්‍රම ටිකක්..!


යූ-බටෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ලේසිම ක්‍රම ටිකක්..!


ඔන්න අද මං ඔයාට කියල දෙන්න යන්නේ youtube video අපට ඕන විදියකට ඩවුන්ලෝඩ් කරගන්න හැටි කොහොමද කියලයි. මං ආකාර කිහිපයකින් ඔබට මේ ගැන කියල දෙන්න යන්නේ..
එනම්,
බ්‍රව්සර් මෘදුකාංගයේ යෙදවුමක් ස්ථාපිත කිරීමෙන්..
වෙබ් අඩවියක් මගින්..
ඒ වගේම අන්තර්ජාල වේගය හරිහැටි නැතත් ගන්න හැටි..

ඔය වගේ ක්‍රම මගින් මේ කාර්ය්‍ය සාර්ථකව ඉ‍ටුකරගන්න ඔබටත් හැකි වෙනව..

> බ්‍රව්සර් මෘදුකාංගයේ යෙදවුමක් ස්ථාපිත කිරීමෙන් මෙම පහසුකම සක්‍රීය කරගන්න හැටි..
ඔබ භාවිතා කරන බ්‍රව්සර් එක අනුව ලබාගත යුත්තේ extension එකද්ද Addon එකද්ද යන්න තීරණය වේ..
ඔබගේ බ්‍රව්සර් එකට අදාළ ලින්ක් එක ‍තෝරා ගන්න..[නව සංස්කරණ වලට සහය දක්වයි.]






ආදී වශයෙන්..
දැන් බ්‍රව්සර් එක රීස්ටාර්ට් කොට www.youtube.com වෙත ගිහින් කැමති වීඩියෝවක් ‍තෝරගෙන බලන්න.
එතකොට ඔබට පෙනේවි පහතින් 


මේ වගේ ලිස්ට් එකක්. කරන්න තියෙන්නෙ කැමති විදියකින් ඩවුන්ලෝඩ් කරගන්න එකයි දැන් MP4 එකත් සපෝර්ට් මේකට.. HD වුණත් available නම් ගන්න පුලුවනි..
ඔහොමයි බ්‍රවුසර් යෙදවුමක් මඟින් යූටියුබ් වීඩියෝවක් offline බලන්න හදාගන්නේ..

> වෙබ් අඩවියක් මගින් මෙම පහසුකම සක්‍රීය කරගන්න හැටි..
මේ ක්‍රමය තමා දැනට තියෙන පහසුම ක්‍රමය.. කරන්නේ මෙහෙමයි..!
මුලින්ම කැමති යූටියුබ් වීඩියෝවක් ‍තෝර ගන්න.
දැන් නව ටැබ් එකකින් මේ සයිට් එකට ඔබ යන්න ඕනෙ..



ඔය සයිට් එකට ගියාම පෙනේවි සර්ච් බොක්ස් එකක් වගෙ එකක්, කරන්න තියෙන්නේ අර යූට්යුබ් වීඩියෝ එකේ url එක ගන්න එකයි..
ඒක http://www.youtube.com/watch?v=idZOVqdcqno වගෙ වේවි.


දැන් url එක කොපිකරගෙන ගිහින් අර සර්ච් බොක්ස් වගේ එකේ paste කරන්න.
දැන් download ඔබන්න..

එතකොට ටික වෙලාවකින් java applet එකක් රන් වෙලා අවශ්‍ය ලින්ක් ටික සපයයි. [එය MP4 මෙන්ම MP3 ද කරගන්න පුලුවනි]
කැමති විදිහ ‍තෝරා ක්ලික් කරාම save කරගන තැනක් අහයි එය ‍තෝරා ගන්න.
එපමණයි.., download වීම ඇරඹෙයි.

++++++++++++++++++++++++++++++++++++++++++++++++++ ++++++

දැන් youtube to MP3 online convert කරගන්නේ කොහොමද බලමු..
[ඔබට යම්විටෙක අවශ්‍ය වුණොත්, ඒ නිසයි මෙය ලබාදෙන්නේ..] 
මුලින්ම

http://snipmp3.com/ වෙත යන්න


ඉහත ආකරයටම youtube url copy කරගෙන මෙහි ටෙක්ස්ට් බොක්ස් එකේ පේස්ට් කරගන්න..
දැන් convert to MP3 ඔබා ඉදිරියට යන්න
එතකොට java applet එකක් රන් වෙනවා [නැත්නම් ස්ථාපිත කරගත යුතු වෙනවා]
දැන් » Download MP3 « ‍තෝරාගෙන සේව් කරන්න තැනක් හොයල දෙන්න.
අන්තිමට ඒක Download වේවි. එතකන් බලන් ඉන්න
Finished downloading වූ පසු Open File Directory ක්ලික් කර එය සොයාගන්න.

>> software වලින් කොහොමද youtube video download කරගන්නේ..
අන්තර්ජාලය තුළ සියගණන් මෙවැනි software තියෙනව නොමිලේ ගන්න..
මම කියන්නේ මේ software එකෙන් එය කරගන්න හැටි ගැනයි.
මෙතනින් එය ලබාගන්න


download & install කරගත්තට පස්සේ එය open කරගන්න..

අර වගේම youtube url එක Enter the URL කියන තැන paste කරගන්න
දැන් quality & location ‍තෝරා download කරන්න.


ඉහත කී ආකාර වලට අමතරව ඔබ IDM, RearPlayer වගේ software use කරනව නම් මෙය කරගන්න ඊට වඩා මෙය ලේසි බව ඔබටම පෙනේවි..
මෙතනින් හොඳම ක්‍රමය තමා youtube video downloading via keepvid.com කියන ක්‍රමය.
ඉතින් ඔබත් මෙය කර බලන්න..

පරිගණකයේ Hard Disk ෆෝමැට් කර මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන හැටි

පරිගණකයේ Hard Disk ෆෝමැට් කර මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන හැටි.






කොහොමද යාලුවනේ... හැමෝම හොදින් නේ?
අද කියලා දෙන්න හදන්නේ නිවැරදිව පරිගණකයක් format කරලා මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරගන්නා ක්‍රමය. ගොඩාක් අය මේ ගැන දන්නවා. ඒත් නොදන්න අයත් ඉන්නවතේ.
මමත් මේ ගැන අන්තිම දශමයටම දන්නේ නෑ. මගේ වැරදි තිබුණොත්, දන්න යාලුවෝ මේක බලලා කියන්න කියලා ඉල්ලා සිටිමින් වැඩේ පටන් ගන්නවා.




මුලින්ම කියන්න ඕනේ අද මං කියන්නේ බහුතරයක් දෙනා භාවිතා කරන Windows XP Service Pack 2 CD එකක් මගින් පරිගනකයට ස්ථාපනය කරගන්නා හැටි විතරයි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. නමුත් ඉදිරියේදී වෙනත් Thread එකකින් Windows XP Service Pack 3, Windows Vista, Windows 7 පිළිබදව විස්තර දානවා.


එහෙනම් වැඩේ පටන්ගමු. මේ කාර්යයට වුවමනා අමතර දේ Windows XP Service Pack 2 Bootable CD එකක් පමණයි. මුලින්ම පරිගණකය ෆෝමැට් කරන්න කලින් තමන්ගේ පරිගණකයට ලැබුණු Driver CD එක තියෙනවද බලන්න ඕනේ. හැබැයි අන්තර්ජාල පහසුකම් තියෙනවා නම් Driver CD අනිවාර්ය නෑ. ඊළගට අපි පරිගණකයේ, ෆෝමැට් කරලා මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන Drive එකේ තමන්ට වුවමණා ෆයිල් එහෙම තියෙනවා නම් ඒවා වෙනම අරන් තියාගන්න. මොකද ෆෝමැට් කරනකොට අදාල පාටිෂන් එකේ හෝ සම්පූර්ණ හාඩ් ඩිස්ක් එකේම දත්ත මැකී යනවා.

1. පරිගණකයට XP CD එක ඇතුල් කර පරිගණකය Restart කරන්න.

2. දැන් පරිගණකය Boot වෙනකොට Bootable Device එක හැටියට CD ROM එක ලබා දෙන්න ඕනේ. ඒකට ඔයාලගේ පරිගණකයේ BIOS වලට අදාල, Bootable Devices List එකට යන Key එක Keyboard එකෙන් ඔබන්න. එක් එක් Mother Board එකට මේ Key එක වෙනස් වෙනවා. ඒක හොයාගන්න අමාරු නම් F2 key එක මගින් BIOS Setup වැඩසටහනට ගිහින් First Boot Device / Primary Master එක හැටියට CD ROM එක ලබා දෙන්න.

3. නැවත Boot වෙන්න ඉඩ හරින්න. දැන් Continue CD.. වින්ඩෝ එක එනවා. එතනදී KeyBoard එකේ ඕනෑම Key එකක් ඔබන්න.

4. දැන් පරිගණකයේ තිබෙන සියලුම Hardware Components හදුනාගැනීමක් කරනවා. ඒකට ටිකක් වෙලා බලන් ඉන්න වෙනවා.

5. ඊලගට එන වින්ඩෝ එකේදි පරිගණකයේ දැනට තිබෙන මෙහෙයුම් පද්ධතිය සහ එය ස්ථාපනය කරලා තියෙන Drive එක පෙන්නනවා. මෙතනදී Keyboard එකෙන් Enter කරන්න.

6. දැන් එන වින්ඩෝ එකේදි පරිගණකයේ තිබෙන සියලුම Hard Disk Partitions පෙන්නනවා. (සමහර XP CDවල මෙම වින්ඩෝ එකට කලින් Licence Agreement එක පෙන්වන වින්ඩෝ එකක් එනවා. එවිට පහලින් පෙන්වන අදාල, Keyboard එකේ Key එක ඔබමින් මෙම වින්ඩෝ එකට එන්න)

මෙම Hard Disk Partitions පෙන්වන වින්ඩෝ එකේදි අපි ෆෝමැට් කරලා මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන Drive එක තෝරාදිය යුතුයි. මෙහිදී තමන්ට වුවමනා කරන්නේ දැනට මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර තිබෙන Drive එක පමණක් ෆෝමැට් කර එයට නැවත මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමට නම්, දැනට මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය වී ඇති Drive එක (බොහෝ විට C) තෝරා Keyboard එකෙන් Enter කරන්න.

(පරිගණකය සම්පූර්ණයෙන්ම හිස් කරන නැවත මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීම (full format) ඉහත ක්‍රමයෙන් වෙනස් වන්නේ මේ වින්ඩෝ එකේදි පමණයි. ඒ නිසා එය කරන හැටි පහලින් වෙනම කියලා දෙන්නම්)

7. දැන් එක වින්ඩෝ එකේ තිබෙනවා Drive එක ෆෝමැට් කරන ක්‍රම 4ක්. ඒවා තමයි NTFS, FAT32, NTFS (Quick) සහ FAT32(Quick). මේ NTFS, FAT32 මොනවද කියලා වෙනම පාඩමක කියලා දෙන්න වෙනවා. දැනට වුවමණා ෆෝමැට් කරන විදිය ගැන නිසා ඒ ගැන කියන්නම්. මෙහිදී මම Recommend කරන්නේ NTFS කියන එක. මොකද NTFS(Quick) වලදි ඉක්මනින් ෆෝමැට් වුණත් කාර්යක්ෂමතාවය අඩුයි. ඒ අනුව මෙහිදී NTFS තෝරන්න.

8. දැන් වින්ඩෝ එකේදි ෆෝමැට් කිරීම ස්ථීර කිරීම සදහා F අකුර ඔබන්න.

*** මෙන්න දැන් කියන්නම් 6 කොටසේදී කියපු විදියට මුළු Hard Disk එකම ෆෝමැට් කරන විදිය. Hard Disk Partitions පෙන්වන වින්ඩෝ එකේදි අපි සියලුම Partitions (Drives) delete කරන්න ඕනේ. ඒකට සෑම Partition එකක්ම එකින් එකට Select කරලා Keyboard එකේ D අකුර ඔබන්න. ඉන්පසු එන වින්ඩෝ එකේදි L අකුර ඔබලා Partition delete කරලා දාන්න. මෙහිදී මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ඇති Drive එකේ පමණක් D අකුර එබුවහම එන වින්ඩෝ එකේදි Keyboard එකෙන් Enter කරන්න කියයි. එහෙම කරලා ඊළගට එන වින්ඩෝ එකේදි L අකුර ඔබලා Partition එක delete කරන්න. හැම Partition එකක්ම මේ විදියට Delete කරලා ඉවුර වුණාම දැන් Hard Disk එකේ මුළු Capacity එකම තියෙන එක Drive එකක් පෙන්නනවා. දැන් අපි මේක අපිට වුවමනා විදියට Partitions වලට වෙන් කරගමු. ඒක කරන්න Keyboard එකේ C අකුර ඔබන්න. දැන් එන වින්ඩෝ එකේ තියෙනවා C Drive එකට අදාල ධාරිතාව. දැන් C Drive එකට ඔයාලට කැමති Capacity එකක් ලබා දෙන්න. දැනට තියෙන්නේ සම්පූර්ණම ධාරිතාව. ඒක මකලා ඔයාලට කැමති ගාණක් ටයිප් කරන්න. හැබැයි ඔතන මෙගාබයිට්වලින් නම් නෙමෙයි ධාරිතාව නිරූපණය වෙන්නේ. ඒ නිසා ඔයාලට Drive එකටදෙන්න ඕනෙ ධාරිතාව 100න් ගුණ කරලාතමයි දෙන්න වෙන්නේ.
උදා :- C Drive එක සදහා Capacity එක 20GB දෙන්න ඕනෙ නම් ටයිප් කරන්න ඕනේ 20000 කියලා. 40GB නම් 40000 කියලා.
අවශ්‍ය ගාන ටයිප් කරලා Enter කරන්න. දැන් එන කලින් තිබුණ වින්ඩෝ එකේදි ආයෙමත් අර ඔක්කොම Capacity එකට තියෙන Drive එක තෝරලා කලින් විදියටම C අකුර ඔබලා අවශ්‍ය ධාරිතාව ටයිප් කරලා Enter කරන්න. මේ විදියට තමන්ට කැමති විදියට Hard Disk එක Partitions වලට වෙන් කරගන්න.
වෙන්කරගෙන අවසන් වුණාම C Drive එක තෝරගෙන Enter කරලා 7 කොටස් තියෙන විදියට ‍කරන්න.***


ඔන්න දැන් ෆෝමැට්වීම ආරම්භ වෙනවා. මේකට ටිකක් වෙලා ගතවෙනවා. ෆෝමැට් වීම අවසානයේ පරිගණකය Restart වෙනවා. ඊළගට සාමාන්‍ය පරිදිම Boot වෙනවා. මෙතනදිත් අර මුලින්ම ආපු Continie CD.. වින්ඩෝ එක එනවා. ඒත් මෙතනදි Keyboard එකේ මුකුත් ඔබන්න එපා. දැන් සාමාන්‍ය පරිදි XP Load වෙලා ලා නිල් පැහැති පසුබිමක් ඇති වින්ඩෝ එකකට පැමිණෙනවා. දැන් ඉතිං XP Install වෙනවා. බලන් ඉන්නයි තියෙන්නේ. හැබැයි කොහෙවත් යන්න එපා! අතරමගදි කරන්න වැඩක් තියෙනවා...



ටිකක් වෙලා යනකොට Dialogue Box එකක් එනවා. එතනදි Device Name, Company Name තමන්ට කැමති නමක් ටයිප් කරන්න.
Next කරන්න.
දැන් Computer Name එක හැටියට නමක් තියෙනවා දකින්න පුළුවන්. ඔයාලට කැමතිනම් ඒ නම වෙනස් කරන්න පුළුවන්.



පහලින් තියෙනවා Administrator Password දාන්න box දෙකක්. Administrator Password දාන එක කෝකටත් හොද නිසා ඒ බොක්ස් දෙකේම කැමති වචනයක් පාස්වර්ඩ් එක හැටියට දෙන්න. (මතකතියාගන්න මේ පාස්වර්ඩ් එක නැවත ඉල්ලන්නේ කවුරුහරි Administrator විදියට ලොග් වෙන්න හැදුවොත් විතරයි)
Next කරන්න.

දැන් XP Serial Number එක ඉල්ලනවා. මගේ CD එකේ නම් ඉල්ලන්නේ නෑ
ඒත් හැම එකක්ම එහෙම නැතුව ඇතිනේ.
මෙන්න මේ Serial Number එක නිවැරදිව ටයිප් කරන්න.



QW4HD - DQCRG - HM64M - 6GJRK - 8K83T

Next කරන්න.

දැන් එන වින්ඩෝ එකේදි Calender හරිගස්සලා Time Zone එක Sri Jayawardanapura ලබා දෙන්න.
Next කරන්න.

දැන් වැඩෙන් බොහොමයක් ඉවරයි. XP Install වෙලා ඉවර වුණාම Dialogue Box දෙකක් එනවා. ඒ දෙකම OK කරන්න.
දැන් එනවා XP වල Features තෝරගන්න තියෙන වින්ඩෝ එකක්. අපේ පරිගණකය සාමාන්‍ය පුද්ගල පරිගණකයක් නිසා මේවා ඒ තරම් වැදගත් වෙන්නේ නෑ. අනික මේ අපේ XP CD එක සල්ලි දීලා එහෙම ගත්ත එකක් නෙමෙයිනේ
ඉතිං මේ Options, හැම වින්ඩෝ එකකම, තමන්ට අදාල නොවෙන විදියට තෝරලා Next කරමින් විසාර්ඩ් එකේ අවසානයට යන්න.

අවසානයේදී User Accounts වලට නම් කිහිපයක් ලබා දෙන්න පුළුවන්. එතනින් කැමති විදියට User Accounts එකක් හෝ කිහිපයක් හදලා Next කරලා විසාර්ඩ් එකෙන් ඉවත් වෙන්න.

ඔන්න වැඩේ ඉවරයි. දැන් ඩෙස්ක්ටොප් එක ඇවිත් තියේවි ලස්සනට



දැන් වැදගත්ම දේ පරිගණකයේ Drivers Install කරන එකනේ. Driver CD එක තියෙනව නම් CD එකදාලා Drivers Install කරගන්න. Driver CD නැත්නම් කරන්න දෙයක් තියෙනවා. හැබැයි ඒක කරන්න අන්තර්ජාල පහසුකම තියෙන්න ඕනි. අන්තර්ජාලෙට රිංගන්න කලින් අනිවාරෙන්ම හොද වයිරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල්කරගන්නත.
නැත්නම් ඉතිං අපි Hard Disk එක ෆෝමැට් කරපු එක ගගට ඉනි කැපුවා වගේ තමයි

මුලින්ම මේ ලින්ක් එකට ගිහින් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න.

http://www.mediafire.com/?umpph2n5prvqza9

දැන් ඒ ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ක්ලික් කලාම ඔයාලගේ System එකේ සම්පූර්ණ විස්තරයක් පෙන්වනවා Drivers වල Model Numbers එක්කම. ඔනෙ නම් ඒ විස්තර සේරම Clip Board එකට කොපි කරගන්නත් පුළුවන්. Drivers Model Numbers දැනගත්තාකියන්නේ ඉතිං Drivers ටික ගත්තා වගේ තමයි

ගූගල් එකේ Driver Model Number එක සම්පූර්ණයෙන් ගහලා සර්ච් කලාම එන අදාල Company එකේ වෙබ් සයිට් එකේ ලින්ක් එකෙන් ඔක්කොම Drivers ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ Install කරගන්න..

දැන් ඉතිං සේරම හරි...... අතශ්‍යාවශ්‍ය කරුණු හරියටම ඒ විදියටම තියෙනවා කියලා මං සහතික වෙනවා. මොකද ෆෝමැට් කරනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයිනේ...

DualCoreද? Core2Duoද?

ඔයා පාවිච්චි කරන්නේ DualCoreද? Core2Duoද? මේවගෙන් එකක්නම් අනිවාරයෙන්ම මේක බලන්න!



බොහෝ පුද්ගලයන්ට පරිගණකයක් මිලදී ගැනීමේදී හෝ upgrade කිරීමේදි DualCore ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක් හා Core2Duo ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක් අතර වෙනස අපැහැදිලිව අපහසුතාවයට පත්වේ. ඒ අපහසුතාවයෙන් බේරෙන්න විදිහ අපි දැං බලමු.

පරිගණක අලෙවි නියෝජිතයන් Dual Core පරිගණකයක් ගැන කීවද ඇත්තටම Dual Core නමින් හඳුන්වන ප්‍රොසෙසරයක් හො පරිගණකයක් Intel සමාගම හඳුන්වා දීල නෑ. Dual Core කියන්නේ Intel සමාගම ‍එකම ප්‍රොසෙසරයක (Processor) මධ්‍යද සැකසුම් ඒකක දෙකක් (2 CPU-Central Processor Unit) භාවිතා කරන තාක්ෂණය සඳහා භාවිතා කරන තාක්ෂණික නාමයක්. ඒකියන්නේ ‍එකම පරිගණකයක Processor දෙකක හැකියාව යොදා ගැනීමයි. මේ අනුව Core2Duo ද අයත් වෙන්නෙත් Dual Core තාක්ෂණයටයි. තවත් මෙම තාක්ෂණය යොදා ගන්න Processor සඳහා උදාහරන ලෙස Core-Duo, Pentium Dual-Core , Celeron Dual-Core , Pentium-D and Athlon X2 ගන්න පුලුවන්.

ඒ හින්දා ඔය පරිගණකයක් මිලදී ගන්නා විට හෝ upgrade කිරීමට ‍ප්‍රොසේසරයක් තෝරා ගැනීමේදී Core2Duo ප්‍රොසෙසරය Core-Duo , Pentium Dual-Core , Celeron Dual-Core , Pentium D හෝ Athlon X2 ප්‍රොසෙසර් සමග සංසන්දනය කර බලන්න. එම සෑම ප්‍රොසෙසරයකම කෙටි විස්තරයක් පහත දී ඇත. සෑම විටම ඔබ මිලදී ගන්නා පරිගණකයේ අඩංගු ප්‍රොසෙසරයේ වේගය (GHz) වලින් දී ඇත , L2 Cache ධාරිතාව , Front Side Bus හා මිල සංසන්දනය කරන්න. මේවා සලකා බැලීමෙන් ඔබට වඩා හොඳ Core2Duo ප්‍රොසෙසරය බවත් Pentium Dual-Core වඩා Celeron Dual-Core පහතින් ඇති බවත් වටහා ගත හැක.

Core-Duo

CoreDuo ප්‍රොසෙසරය Intel සමාගම‍ ලැප්ටොප් වැනි මොබයිල් පරිගණක සඳහා dual-core තාක්ෂණය සහිතව සකස් කළ පළමු ප්‍රොසෙසරය වේ. විදුලි බලශක්ති භාවිතය අවම කළ dual-core තාක්ෂණය උපරිම ලෙස යොදා ගන්නා අයුරින් නිර්මාණය කර ඇත. L2 cache-2MBළ Front Side Bus-667MHz


Pentium Dual-Core

එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ. L2 cache-1MB, Front Side Bus-800MHz

Celeron Dual-Core

එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ.අවම බලශක්තියක් භාවිතයෙන් ක්‍රියාත්මක වන අතර සාපේක්ෂව අනෙක් Dual-Core ප්‍රොසෙසර් වලට වඩා හැකියාව හා මිල අඩුය. L2 cache-512MB, Front Side Bus-800MHz

Pentium D

එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ. L2 cache-1MB,Front Side Bus-800MHz

Core2Duo

එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ. Dual-Core තාක්ෂණය භාවිතාකරන හොඳම ප්‍රොසෙසරය වේ. අනෙකුත් Dual-Core ප්‍රොසෙසර් වලට වඩා හැකියාව ඉහල අතර සාපේක්ෂව මිල අධික වේ. L2 cache-4MB,Front Side Bus-1333MHz

පිටකොටුව ගමට ගෙනියමු

  පිටකොටුව ගමට ගෙනියමු මෙන්න Online වෙළෙඳපොලේ අලුත්ම පෙරළිය..  ********* 2021 Life එක ගොඩ දාගන්න එන්න  100% ශ්‍රී ලාංකික ආයතනයක් වන Pitakotu...