February 8, 2014

Anti-Lock brake System - ABS



Anti-Lock තිරිංග පද්ධති ....හෙවත් ABS




වාහන වල තිරිංග පද්ධති ගැන කතා කරද්දී Anti-lock Brake Systems එහෙමත් නැතිනම් ABS කියල වචනයක් ඔයාල අහල ඇති. ටෙක් හන්දියේ අපි අද කතා කරන්නේ මේ ABS පද්ධති ගැනයි.

වාහනයකට Anti-Lock Brakes අවශ්‍ය වෙන්නේ ඇයි ?



සාමාන්‍ය තිරිංග පද්ධතියක් තිබෙන වහනයක් ගනිමු. ලිස්සන සුළු මාර්ගයක තරමක් වේගයෙන් ගමන කරන මේ රථය එක වරම තිරිංග තද කලොත් මොකද වෙන්නේ...??? මාර්ගය ලිස්සන නිසාත් , වාහනයේ රෝද තව දුරටත් කරකවෙන්නේ නැති නිසාත් වාහනය පාරේ පාලනයකින් තොරව ලිස්සල යනවා. රියැදුරු කලබල වෙලා සුක්කානම හැරෙව්වොත් එහෙම මේ ලිස්සන වාහනය පෙරලෙන්න උනත් පුළුවන්. මෙවැනි අනතුරු වලකාගන්න Anti-lock තිරිංග පද්ධති මහෝපකාරී වෙනවා.



Anti-Lock brake System එකක තියෙන විශේෂත්වය මොකක්ද...?

ABS පද්ධතියක් පහත සදහන් කොටස් වලින් සමන්විතයි.


1. වේග මාපක (Speed Sensors)

වාහනයේ රෝද 4 කරකැවෙන වේගය මනින්නේ මේ වේග මාපක වලින් තමයි. වාහනයේ රෝද වල වේගය බාල වන ආකාරය මෙමගින් බලාගන්න පුළුවන්.



2. තිරිංග කපාට ( Brake Valves )


ABS පද්ධතියක තිරිංග පොම්පයට සම්භන්ධව රෝද 4 වෙත වෙන වෙනම දිවෙන Brake Lines තිබෙනවා. ඒ හැම line එකකටම තිරිංග කපාටය බැගින් තිබෙනවා.

කපාටය විවෘත කල විට පීඩන පොම්පය කෙලින්ම රෝදයට සම්භන්ධ නිසා රෝද වල තිරිංග තද වෙනවා.

කපාටය වැසුණු අවස්ථාවේදී තව දුරටත් රෝදයේ තිරිංග තද වීම වැලකෙනවා. එනම් තිරිංග පද්ධතිය මත අමතර පීඩනයක් ඇති වීම වලක්වෙනවා.

මීට අමතරව රෝදයේ තිරිංග වල පීඩනය අඩු කරන්න (Pressure එක Release ) කරන්නත් මේ කපාට වලට පුළුවන්.



3. තිරිංග පොම්පය ( Pressure Pump)



වාහනයේ රෝද වල තිරිංග තද කරන්න අවශ්‍ය පීඩනය ඇති කරන්න තමයි , තිරිංග පොම්පය අවශ්‍ය වෙන්නේ.


ABS පද්ධතිය වැඩ කරන්නේ කොහොමද....???


වේගයෙන් ගමන කරන වාහනයක රියදුරැ එක වරම වාහනයේ තිරිංග තද කළා යැයි හිතමු. එතකොට වාහනේ රෝද වල භ්‍රමණ වේගය ඉතා වේගයෙන් අඩු වෙනවා. නමුත් රෝද වල වේගය ඉතා ඉක්මනට බින්දුව වෙත ලගා උනොත් එතන ඉදල වාහනය ලිස්සල යන්න පුළුවන්. මේ නිසා රෝද වල වේගය ඉතා වේගයෙන් අඩු වෙද්දී ක්ෂණිකව ක්‍රියාත්මක වෙන ABS පද්ධතිය අදාළ රෝදයට ලැබිල තිබෙන පීඩනය කපාට වල ආධාරයෙන් ඉවත් කරනවා. එතකොට තවත් සුළු මොහොතකින් රෝද නැවත ත්වරණය වෙන්න පටන් ගන්නවා. රෝද වල වේගය වැඩි වෙන බව තේරුණු ගමන් තිරිංග නැවත ක්‍රියාත්මක වෙනවා.

මේ විදියට ABS පද්ධතියෙන් වාහනයේ රෝද 4 වෙන වෙනම පාලනය කෙරෙනවා. එතකොට රෝද හතරේ තිරිංග තද වෙන්නේ ස්පන්ද (Pulses) ආකාරයෙන්.



මෙම ක්‍රමය ආකාර දෙකකට වාහනයේ ආරක්ෂාවට උපකාරී වෙනවා.

1. රෝද හතරේ වේගය වෙන වෙනම පාලනය වෙන නිසා, රෝද හතරේ වේගය එකිනෙකට සමාන අයුරින් තමයි අඩු වෙන්නේ. මේ නිසා වාහනය මාර්ගයේ එක පසකට ආදී යාම , පෙරලීම ආදී අනතුරු වැළකෙනවා.



2. රෝද හතරේ වේගය ඉතා ඉක්මනින් බින්දුවට ලගා නොවන නිසා වාහනය ලිස්ස යාමෙන් වැළකෙනවා. ඒ නිසා මෙම ක්‍රමය මගින් වාහනය ලිස්ස නොයන අයුරින් අවම කාලයකදී නවත්තගන්න උපකාරී වෙනවා.



ඔන්න ඔහොම තමයි සරලවා ගත්තොත් Anti-lock brake system එකක් වැඩ කරන්නේ. එහෙනම් , ගිහින් එන්නම්.


බ්රූරුරුරුරුර්ම්ම්ම්....!!

2 comments:

  1. හරිම ලස්සනයි අය්යේ ඔයාගේ බ්ලොග් එක හුඟක් හොදට ඔයා වාහන සම්බන්ධ ලිපි ලියලා තියෙනවා. මම පුංචි කෙල්ලක් නිසා මට ගොඩාරියක් ලොකු තාක්ෂණික දේවල් නම් තවම වැටහෙන්නේ නැහැ..

    ඒ වුනාට මම හිතනවා මගේ දැනුම අනුව අය්යාට ලොකු අවබෝධයක් ඒ ගැන තියෙනවා කියලා. මම වගේ පුංචි කෙල්ලෙකුට වුනත් ආසා හිතෙන විදිහට හරි ලස්සන පින්තූර අය්යා දාලා තියෙනවා බ්ලොග් ලිපිවල.. මම දැකපු ආසාම දේ තමයි ඒක.

    මම බ්ලොග් කරණයෙහි දිගු ගමනක් යන්න අය්යාට හුඟක්ම ආදරෙන් සුබ පතනවා.

    අය්යා කව්ද මොනවද කරන්නේ කියලා තව තවත් තොරතුරු දැන ගන්න මේ පුංචි නංගියා හැමදාම ආසාවෙන් මඟ බලාගෙන ඉන්නවා.

    අය්යාට පුලුවන් නම් මා ගැන ඔයා ගැන විස්තර කතාබහ කරන්න මා එක්කම හැමදාම රැඳී ඉන්න කියලා මම හුඟක්ම ආදරෙන් හා ගෞරවයෙන් සෙනෙහසින් යුතුව කාරුණිකව ඔයාගන් ඉල්ලනවා මගේ අය්යේ... එන්නකෝ ඉතින් කතාබහ කරන්න අපේ ගෙවල් පැත්තෙත්...

    ReplyDelete
  2. oyawage moda joke walata aiyala dan ahuwenne naa nangi....
    gedara wadakbalagaththanam hodai neda... P*** nodee

    ReplyDelete

පිටකොටුව ගමට ගෙනියමු

  පිටකොටුව ගමට ගෙනියමු මෙන්න Online වෙළෙඳපොලේ අලුත්ම පෙරළිය..  ********* 2021 Life එක ගොඩ දාගන්න එන්න  100% ශ්‍රී ලාංකික ආයතනයක් වන Pitakotu...