February 2, 2014

OLED_තාක්ෂණය

OLED_තාක්ෂණය






මොකක්දමේ OLED තාක්ෂණයකියන්නෙ?






Organic Light Emitting Diode කියන එක තමා ඔය කෙටියෙන් OLED කියන්නේ. මේකපරිගණක, ජංගමදුරකථන, කැමරා, ගීතධාවක (MP3 Players) ආදී බොහෝ උපකරන වල තිර (Display) සදහා බාවිතා කරනන වතම තාක්ෂණයක්. විදුලිධාරාවක් ලබා දුන්නම ආලොකය විමෝචනය කිරීමේ හැකියාවතියන Organic නැත්නම් ඓන්ද්රීය (කාබන්මූලික) අමුද්රව්යය උපයෝගී කරගෙන තමයිමේ OLED නිර්මානය කරල තියෙන්නේ. මෙන්න මේ හේතුව නිසා OLED තිරවල LCD තිරවලදි වගේ Back light එකක් බාවිතා වෙන්නේ නෑ. මේ නිසා විශාල ලෙස විදුලිය ඉතිරි වෙනව විතරක් නෙවෙයි ඉතාමත්ම තුනී තිරනිශ්පාදනයට ඉඩ ලැබෙනව. කොයිතරම් තුනීද කියනවනම් මේ OLED නැනෝමීටර් 100ත් 500ත් අතර ගනකමක් ඇතිව තමා නිශ්පාදනය වෙන්නේ. කියන්නෙ කෙස් ගසකින් 200කින් පංගුවක් තරම් ගනකමට. කලින් බාවිතා කල තිර තාක්ෂණයෙදි සම්පූර්න තිරයට තනි Back light එකක් බාවිතා කරනව වෙනුවට මේ OLED තාක්ෂණයේදී තිරයේ එක් එක් පික්සලය සදහා වෙන වෙනම OLED බාවිතා කරනව. මේ හේතුව නිසා ඉතා විශාල විභෙදනබලයක් සහිත (High resolution) තිර සහ විශාල පුළුල් තිර නිශ්පාදනයට මග පෑදිලා තියනව. වගේම තවත් වාසියක් තමයි මේ OLED තිර මගින් ලබාදෙන ඉතාමත් සුපැහැදිලි වර්ණ.

කොහොමදමේ OLED වැඩකරන්නෙ?

Name:  ATT00160.jpg
Views: 341
Size:  61.8 KB

මූලිකවම OLED එකකකැතොඩයක් (ඉලෙක්ට්රෝනලබාදීමට), විමෝචකස්ථරයක් (අනුකකාබනිකස්ථරය) සහඇනොඩයක් (ඉලෙක්ට්රෝනලබාගැනීමට) අන්තර්ගතවෙනව. තිරයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සදහා අතැම් තිරවල මීට වඩා වැඩි ස්ථරගනනක් බාවිතා උනත් මේක තමා OLED තිරවල මූලිකම ව්යුහය. මෙන්න මේ ඇනෝඩය සහ කැතොඩය අතර විභව අන්තරයක් ඇතිකලාම අතර තැම්පත් කරල තියන කාබනික ස්තරය හරහ ඉලෙක්ට්රෝන ධාරාවක් ගමන් කරද්දි තැම්පත් කරල තියන අනුක කාබනික ද්රව්යයට හා එහි ව්යුහයට අදාල වර්ණය විමෝචනය කරනව.

OLED තිරහදන්නෙකොහොමද?

Name:  ATT00525.jpg
Views: 341
Size:  55.3 KB

මේ OLED තිරනිශ්පාදනය පියවර කීපයක් ඔස්සේ සිදු වෙනව. උපස්ථරය පිරිසිදුකර පරිපථ ස්ථරය සැකසීම, අනුක කාබනික ස්ථරය ඇතිරීම සහ ක්රමානුකූලව නියමි තරටාවට එය සැකසීමත් අවසාන වශයෙන් දූවිල්ලෙන්, වාතයෙන් සහ තෙතමනයෙන් ආරක්ෂාකර ගැනීමට වායුරෝධක ලෙස ඇසුරුම මුද්රා තැබීමත් සිදු වෙනව. මෙහිදී කාබනික ස්ථරය ඇතිරීමට සහ එය නිසි ලෙස සැකසීමට විවධ වූ ක්රම භාවතා තරනව. දැනට නිපදවා ඇති OLED තිර

Name:  ATT00527.jpg
Views: 335
Size:  41.2 KB
Name:  ATT00529.jpg
Views: 337
Size:  47.7 KB



1 comment:

පිටකොටුව ගමට ගෙනියමු

  පිටකොටුව ගමට ගෙනියමු මෙන්න Online වෙළෙඳපොලේ අලුත්ම පෙරළිය..  ********* 2021 Life එක ගොඩ දාගන්න එන්න  100% ශ්‍රී ලාංකික ආයතනයක් වන Pitakotu...