July 2, 2014

Software Analysis - GIT මෘදුකාංග වර්ගීකරණය

GIT මෘදුකාංග වර්ගීකරණය


Open Source Software (www.isawwalanka.com)



අද අපි කතා කරන්නෙ GIT වල පොඩි කොටසක් ගැන. ඒ තමයි මෘදුකාංග වර්ගීකරණය. මේකට පරිගණක වර්ගීකරණය වගේ පෝස්ට් දෙක තුනක් දාන්න ඕනෙ නෑ. මේකෙන්ම ඉවර කරන්න පුළුවන්. හැබැයි අපි මේ ගැන කතා කරන්නෙ වෙනදා වර්ගීකරණ ගැන කතා කරපු විදිහට නෙවෙයි. මුලින්ම මේ ගැලීම් සටහන බලන්න.

පරිගණක මෘදුකාංග කියන්නෙ පරිගණකයක විශේෂ කාර්යයක් ඉටු කරන්න අවශ්‍ය වෙන ක්‍රමලේඛ එකතුවකට.
Software Classification (www.isawwalanka.com)

O/L ICT වලදි නම් මේ වර්ගීකරණය මීට වඩා සංකීර්ණයි. මේක ගොඩක් සරල කරපු වර්ගීකරණයක්. මේ පෙන්නල තියෙන විදිහටම මෘදුකාංග ප්‍රධාන කොටස් 2 කට බෙදෙනවා.

  • System Software (පද්ධති මෘදුකාංග) 
  • Application Software (යෙදුම් මෘදුකාංග)

System Software (පද්ධති මෘදුකාංග)


Application Software (යෙදුම් මෘදුකාංග) වලට ක්‍රියා කරන්න පුළුවන් වෙන විදිහට පරිගණකයේ දෘඩාංග කලමණාකරණය කරල දෙන මෘදුකාංග වලට පද්ධති මෘදුකාංග කියල කියනවා. මේ පද්ධති මෘදුකාංග විදුලි බලය විසන්ධි කළාම මැකෙන්නෙ නැති විදිහට දෘඩාංග වලට ඇතුළත් කළාම ඒවා ස්ථිරාංග විදිහට හඳුන්වනවා. මව්පුවරුවේ ගබඩා කරල තියෙන BIOS (Basic Input Output System) ඒකට හොඳම උදාහරණයක්.

පද්ධති මෘදුකාංග වල ප්‍රධාන කොටස් 2 ක් අපි GIT වලදි කතා කරනවා.

  • Operating Systems (මෙහෙයුම් පද්ධති)
  • Utility Programs (උපයෝගීතා ක්‍රමලේඛ)

Operating Systems (මෙහෙයුම් පද්ධති)


පරිගණකය හා පරිගණකය පරිශීලනය කරන්නා (user) අතර සන්නිවේදනයෙදි අතුරු මුහුණතක් (interface) විදිහට මෙහෙයුම් පද්ධති ක්‍රියා කරනවා. ඒ කියන්නෙ මෙහෙයුම් පද්ධති ඈත ඉන්න දෙන්නෙක්ට කතා කරන්න උදව් වෙන ජංගම දුරකථන දෙකක් වගේ. මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක වෙන අතුරුමුහුණත් වර්ග 2 ක් තියෙනවා.

1. CLI - Command Line Interface (විධාන පේළි අතුරුමුහුණත)

CLI (www.isawwalanka.com)


මේ අතුරුමුහුණතේදි පරිගණකයට විධාන දෙන්න පුළුවන් ටයිප් කරලා විතරයි. මේ අතුරුමුහුණතින් වැඩ කරන මෙහෙයුම් පද්ධති වලට උදාහරණ පහළින් දාල තියෙනවා.

  • DOS (Disk Operating System)
  • Unix

2. GUI - Graphical User Interface (චිත්‍රක පරිශීලක අතුරුමුහුණත)

GUI (www.isawwalanka.com)

අකුරු වෙනුවට චිත්‍රක (window, icons, mouse pointer) පාවිච්චි කරල පරිගණකයට විධාන දෙන අතුරුමුහුණත් මේ විදිහට හඳුන්වනවා. ආදාන උපාංග විදිහට යතුරු පුවරුව‍ට අමතරව මූසිකයත් පාවිච්චි කරනවා. පාවිච්චි කරන්න ගොඩක් පහසු නිසා මේ අතුරුමුහුණත පරිශීලක මිත්‍ර (User Friendly) අතුරුමුහුණතක් කියලත් කියන්න පුළුවන්. උදාහරණ පහළින් තියෙනවා.

  • Windows XP
  • Windows Vista 
  • Windows 7 
  • Windows 8 
  • Mac OS 
  • Fedora
  • Ubuntu

මෙහෙයුම් පද්ධතියක් නැතුව පරිගණකයක වෙන කිසිම මෘදුකාංගයක් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. පරිගණකයේ දෘඩාංග ක්‍රියාත්මක කරන්නත් මෙහෙයුම් පද්ධතිය අනිවාර්යයෙන් ඕන කරනවා. ඒ වගේම පරිගණකයක් ක්‍රියාත්මක කළාම මුලින්ම ඒකෙ මතකයට ප්‍රවේශ වෙන්නෙ ඒ පරිගණකයෙ පිහිටුවල තියෙන මෙහෙයුම් පද්ධතිය.
මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන කාර්යයන් කිහිපයක් මේ විදිහ‍ට දක්වන්න පුළුවන්.

  • යතුරු පුවරුවෙන් ලැබෙන ආදාන හඳුනා ගැනීම. 
  • මොනිටරයට ප්‍රතිදාන යැවීම. 
  • ඩිස්ක වල ඇති ගොනු (files) හා නාමාවලි (directories) ගැන විමසිලිමත් වීම. 
  • ඩිස්ක ධාවක හා මුද්‍රණ යන්ත්‍ර වැනි උපාංග පාලනය කිරීම. 
  • මෙහෙයුම් සම්බන්ධව හා දෝෂ සම්බන්ධව පරිශීලකයාට පණිවුඩ යැවීම.

Utility Programs (උපයෝගීතා ක්‍රමලේඛ)


පරිගණකයේ උපාංග කලමණාකරණය කරන්න වගේම නඩත්තු කරන්න උදව් වෙන මෘදුකාංග මේ නමින් හඳුන්වනවා. පරිගණකයේ කාර්යක්ෂමතාව වැඩි කරන්නත් මේ මෘදුකාංග උදව් වෙනවා. උදාහරණ ටිකක් මේ විදිහට දක්වන්න පුළුවන්.

  • Backup Software (උපස්ථ මෘදුකාංග) 
  • Disk Defragmenter (ඩිස්ක විභාගීකාරකය) 
  • Scan Disk (ඩිස්ක සුපිරික්සීම) 
  • Device Drivers (උපක්‍රම ධාවක)
  • Virus Guards (වෛරස ආරක්ෂණ මෘදුකාංග) 
  • Programming Tools (ක්‍රමලේඛන මෙවලම්) 
  • Compiler (සම්පාදකය)
  • Assembler (එසෙම්බලරය)

Application Software (යෙදුම් මෘදුකාංග)


යම් විශේෂ කාර්යයක් හෝ කාර්යයන් කිහිපයක් කරන්න පරිශීලකයාට අවස්ථාව ලබාදෙන මෘදුකාංග මේ නමින් හඳුන්වනවා. ව්‍යාපාරික, අධ්‍යාපනික මෘදුකාංග වගේම පරිගණක ක්‍රීඩා අයිති වෙන්නෙත් මේ මෘදුකාංග වලටම තමයි. මේවත් ප්‍රධාන වර්ග 2 කට බෙදන්න පුළුවන්.

  • Tailor Made Software (විශේෂ කාර්ය මෘදුකාංග) - පුද්ගලයෙකුගේ හෝ ව්‍යාපාරයක අවශ්‍යතාව මත විශේෂයෙන් සකසාගත් මෘදුකාංග
  • Packaged Software (මෘදුකාංග පැකේජ) - මිලට ගත හැකි ඇසුරුම්ගත මෘදුකාංග

මේ මෘදුකාංග වලට නම් උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්. ඒ නිසාම උදාහරණ ටික වර්ග කරල දෙන්නම්. අනිවාර්යයෙන් මෙතනින් නම් අඩුම තරමින් එක ප්‍රශ්නයක්වත් එනවා.

  • Word Processing Software (වදන් සැකසුම් මෘදුකාංග) - OpenOffice.org Writer, Microsoft Office Word
  • Database Management System (දත්ත සමුදාය කලමණාකරණ පද්ධති) - OpenOffice.org Base, Microsoft Office Access, Oracle, MySQL 
  • Presentation Software (ඉදිරිපත් කිරීමේ/සමර්පන මෘදුකාංග) - OpenOffice.org Impress, Microsoft Office Power Point 
  • Spreadsheet Software (පැතුරුම්පත් මෘදුකාංග) - OpenOffice.org Calc, Microsoft Office Excel 
  • Graphic Design Software (චිත්‍රක සැකසුම් මෘදුකාංග) - Adobe Photoshop, 3D Studio Max, GIMP, Poser, Inkspace
  • Desktop Publishing [DTP] Software (පරිගණක ප්‍රකාශන මෘදුකාංග) - Pagemaker, Corel Draw, Scribus
  • Computer Aided Design (CAD) Software (පරිගණක සහායික සැලසුම් මෘදුකාංග) - AutoCAD, CADSTD

මෙතනදිම කියන්නම් Open Source (විවෘත ධාරක) මෘදුකාංග ගැනත්. මේ මෘදුකාංග සල්ලි ගෙවල ගන්න ඕන නෑ. දැන් හිතනව ඇති අපි මොන මෘදුකාංගෙද මෙච්චර කාලෙකට සල්ලි දීල ගත්තෙ කියලා. ඒ කරන්නෙ සල්ලි දීල ගන්න මෘදුකාංග හොරට පාවිච්චි කරන එකනෙ. මේ මෘදුකාංග වල‍ට උදාහරණ ටිකක් තමයි මේ.

  • Ubuntu Operating System
  • Open Office 
  • Filezilla 
  • Open SUSE 
  • Mozilla Firefox
  • Linux Operating System 
  • Pidgin Instant Messenger

අම්මෝ පෝස්ට් එක දික් වෙච්ච තරම්. කොහොමහරි කමක් නෑ. මේව ඉතින් ඉස්කෝලෙ වැඩිය උගන්නන්නෙ නෑනෙ. ඒ තරමට ගුරුවරුන්ට මේව එපා වෙලා. එහෙනම් ඔන්න මෘදුකාංග වර්ගීකරණයත් ඉවරයි!

Writer -
Umayanga Madushan

Data Transmitions - දත්ත සන්නිවේදනය

දත්ත සන්නිවේදනය

Communication (www.isawwalanka.com)

දත්ත සන්නිවේදනය ගැන කතා කරන්නයි අපි මේ ලෑස්ති වෙන්නෙ. අපිට තව බොහොම ටිකයි කතා කරන්න තියෙන්නෙ GIT වල.

මුලින්ම බලමු සන්නිවේදනය කියන්නෙ මොකද්ද කියල. එක තැනක ඉඳල තව තැනකට තොරතුරු යවන එකට තමයි සන්නිවේදනය කියන්නෙ. එහෙම තොරතුරු යවන මාර්ගයට මාධ්‍යය කියල කියනවා. එතකොට දත්ත එක තැනක ඉඳල තව තැනකට යවන එකට තමයි දත්ත සන්නිවේදනය කියන්නෙ. උදාහරණයක් විදිහට යතුරු පුවරුවේ යතුරක් එබුවම එ් සංඥාව යතුරු පුව‍රුවේ කේබල් එක හරහා පරිගණකයට අරගෙන යාම දක්වන්න පුළුවන්. ඒක එහෙම සම්ප්‍රේෂණය වෙන්නෙ සංඥාවක් විදිහට.

දත්ත සම්ප්‍රේෂණය කියන්නෙ සන්නිවේදන මාධ්‍යයක උදව්වෙන් තැන් දෙකක් අතර දත්ත හුවමාරු වෙනවට.

ඔය සංඥාත් වර්ග 2 ක් තියෙනවා. මේ පින්තූරෙ බලන්නකො.
Waves (www.isawwalanka.com)

Analog Signals (ප්‍රතිසම සංඥා)

උඩින් තියෙන රූපෙ යටින් තියෙන්නෙ මේ කියන සංඥාවක්. අපිට සාමාන්‍ය ජීවිතේදි හම්බ වෙන්නෙ මේ සංඥා තමයි. දුරකථන රැහැනකින් කථනය සම්ප්‍රේෂණය උදාහරණයක් විදිහට දක්වන්න පුළුවන්. මේ සංඥාවල තීව්‍රතාව කාලයත් එක්ක සුමටව වෙනස් වෙනවා.

Digital Signals (ද්විමය සංඥා)

පරිගණක වල භාෂාව මේකයි. මේ සංඥා වලට අවස්ථා 2 යි තියෙන්නෙ. උදාහරණ විදිහට ON - OFF, 0 - 1 දක්වන්න පුළුවන්. තීව්‍රතාව ක්ෂණිකව වෙනස් වෙනවා. පරිගණකය හරහා කථනය සිද්ධ වෙන්නෙ මේ සංඥා වලින්.

සම්ප්‍රේෂණ මාධ්‍ය


දැන් තමයි පාඩමේ නියම මාතෘකාවට ආවෙ. එක තැනක ඉඳල තව තැනකට සංඥා ගෙනියන දේවල් සම්ප්‍රේෂණ මාධ්‍ය කියල කියන්න පුළුවන්. මේවත් වර්ග 2 ක් තියෙනවා.
  • Guided Media (බැඳුණු මාධ්‍ය)
  • Unguided Media (නොබැඳුණු මාධ්‍ය)

සම්ප්‍රේෂණ මාධ්‍යය භෞතිකව, ඇහැට පේන විදිහට තියෙනව නම් ඒක බැඳුණු මාධ්‍යයක් වෙනවා. දත්ත සම්ප්‍රේෂණය කරන කම්බි, වයර් එහෙම මේ වර්ගයටයි අයිති වෙන්නෙ. සම්ප්‍රේෂණ මාධ්‍යය භෞතිකව ඇහැට පේන්නෙ නැත්නම් ඒක නොබැඳුණු මාධ්‍යයක් වෙනවා. ක්ෂුද්‍ර තරංග, ඉලෙක්ට්‍රොනික තරංග මේවට අයිති වෙනවා.

Guided Media (බැඳුණු මාධ්‍ය)


මේව භෞතික මාර්ගවල දත්ත අරන් යනව කියල කලිනුත් කිව්වනෙ. උදාහරණයක් විදිහට රූපවාහිනී ඇන්ටනාවක ඉඳලා රූපවාහිනියට සංඥා අරන් එන වයර් එක ගන්න පුළුවන්. බැඳුණු මාධ්‍ය කිව්වොත් තියෙන්නෙ වයර් තමයි. අපි ඒවට රැහැන් කියමු. දත්ත සම්ප්‍රේෂණයට රැහැන් වර්ග 3 ක් යොදා ගන්නවා.

1) Twisted Pair Cables (ඇඹරි යුගල රැහැන්)

ඇඹරි යුගලයක් කියන්නෙ එකිනෙක වටේ ඇඹරුනු කම්බි දෙකකට. මේ රැහැන් ඇතුළෙ තියෙන්නෙ මේ කියන ඇඹරි යුගල්. LAN ජාලකරණයෙදි මේ රැහැන් වැඩි වශයෙන් පාවිච්චි කරනවා. මේවත් ආවරණය කළ නොකළ කියල වර්ග දෙකක් තියෙනවා. මෙතනදි ආවරණය කියන්නෙ රැහැනෙ බාහිර ආවරණයට නම් නෙවෙයි. රැහැන ඇතුළෙ තියෙන එක එක ඇඹරි යුගල ආවරණය කරල තියෙනවට.

ඇඹරි යුගල රැහැන් භාවිතයේ වාසි
  • මිල අඩුයි. 
  • පවතින දුරකථන පද්ධතියේ ඇති නිසා ජාලකරණය පහසුයි. 
  • හොඳින් පරීක්ෂා කරල තියෙනවා. 
  • ලබා ගැනීම පහසුයි. 

 ඇඹරි යුගල රැහැන් භාවිතයේ අවාසි
  • ගුවන් විදුලි සංඛ්‍යාත වලට (RFI) වගේම විද්‍යුත් චුම්බක තරංග (EMI) වලටත් සංවේදී නිසා සංඥා සම්ප්‍රේෂණයට බාධා වෙන්න පුළුවන්. 
  • කල් පැවැත්ම අඩුයි. 
  • අනෙක් මාධ්‍ය වලට වගේ ඉහළ දත්ත සම්ප්‍රේෂණ වේගයක් මේවට නෑ.

මේ ආවරණය නොකළ ඇඹරි යුගල රැහැනක් (UTP - Unshielded Twisted Pair Cable).
UTP (www.isawwalanka.com)

UTP (www.isawwalanka.com)

මේ ආවරණය කළ ඇඹරි යුගල රැහැනක් (STP - Shielded Twisted Pair Cable).
STP (www.isawwalanka.com)

STP (www.isawwalanka.com)

මේ රැහැන් පරිගණක වලට සම්බන්ධ කරන්න පාවිච්චි කරන්නෙ RJ-45 කියන සම්බන්ධක වර්ගය කියලත් මතක තියා ගන්න. මේවයෙ තියෙන්නෙ ගේජ් 24 (24 AWG) මහත කම්බි කියලත් මතක තියා ගන්න.

2) Co - Axial Cables (සමාක්ෂ රැහැන්)


මේවට සමාක්ෂ රැහැන් කියන්නෙ ඇතුළෙ තියෙන සන්නායක දෙකටම එක පොදු අක්ෂයක් තියෙන නිසා. පිට තියෙන සන්නායකය කම්බි දැලක් විදිහට තියෙන්නෙ. ඇතු‍ලෙන් තියෙන්නෙ එක කම්බියක් විතරයි. ඒ දෙක අතරෙ ඝනකම ප්ලාස්ටික ආවරණයක් තියෙනවා. අපේ ගෙවල් වල තියෙන රූපවාහිනියයි ඇන්ටනාවයි සම්බන්ධ කරන්නෙ මේ රැහැන් වර්ගයෙන්.

සමාක්ෂ රැහැන් භාවිතයේ වාසි
  • ගුවන් විදුලි සංඛ්‍යාත වලට (RFI) වගේම විද්‍යුත් චුම්බක තරංග (EMI) වලට සංවේදී බව අඩු නිසා සම්ප්‍රේෂණයෙදි සංඥා වලට බාධා වීම අඩුයි. 
  • ඇඹරි යුගල රැහැන් වලට වඩා කාලයක් පවතිනවා. 
  • ඇඹරි යුගල රැහැන් වලට වඩා දත්ත සම්ප්‍රේෂණ වේගය වැඩියි.
 
සමාක්ෂ රැහැන් භාවිතයේ අවාසි
  • ප්‍රබල ගුවන් විදුලි සංඛ්‍යාත වලින් (RFI) වගේම විද්‍යුත් චුම්බක තරංග (EMI) වලින් සංඥා සම්ප්‍රේෂණයට බාධා වෙන්න පුළුවන්. 
  • ඇඹරි යුගල රැහැන් වලට වඩා මිල වැඩියි. 
  • ඇඹරි යුගල රැහැන් වලට වඩා විශාලත්වයෙන් ව‍ගේම දැඩි බවෙනුත් වැඩියි.

Co - Axial Cables (www.isawwalanka.com)

3) Fiber Optic Cables (ප්‍රකාශ තන්තු රැහැන්)

මේවයෙ නම් ලෝහ කම්බි නෑ. තියෙන්නෙ වීදුරු හෝ ප්ලාස්ටික් තන්තු. මේ තන්තු සිය ගානක් එක රැහැනක තියෙනවා. මේවයින් ආලෝක තරංග විදිහට තමයි දත්ත සම්ප්‍රේෂණය කරන්නෙ.
Fiber Optic Cable (www.isawwalanka.com)

ප්‍රකාශ තන්තු රැහැන් භාවිතයේ වාසි
  • අධික ලෙස ආරක්ෂිතයි. 
  • ගුවන් විදුලි සංඛ්‍යාත වලින් (RFI) වගේම විද්‍යුත් චුම්බක තරංග (EMI) වලින් සම්ප්‍රේෂණයෙදි සංඥා වලට බාධා වෙන්නෙ නෑ. 
  • කල් පැවැත්ම ගොඩක් වැඩියි. 
  • දත්ත සම්ප්‍රේෂණ වේගය ගොඩක්ම වැඩියි.

ප්‍රකාශ තන්තු රැහැන් භාවිතයේ අවාසි
  • මිල අධිකයි. 
  • නිර්මාණය සංකීර්ණයි. 
  • මේවා පාවිච්චි කරල ජාලයක් හදද්දි රැහැන් සම්බන්ධ කරන්න විශේෂ උපකරණ හා ක්‍රම පාවිච්චි කරන්න වෙනවා.

ඔන්න අපි ඇහැට පේන සම්ප්‍රේෂණ මාධ්‍ය ගැන කතා කළා. දැන් ඇහැට නොපෙනෙන සම්ප්‍රේෂණ මාධ්‍ය ගැන කතා කරමු.

Unguided Media (නොබැඳුණු මාධ්‍ය)


රැහැන් නැතුව දත්ත සම්ප්‍රේෂණය කරන මාධ්‍ය තමයි මේ විදිහට හඳුන්වන්නෙ. මහා පරිමාණයේ ජාලකරණ වලදි මේ මාධ්‍ය වැඩිපුර පාවිච්චි කරනවා. ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණය උදාහරණයක් විදිහට කියන්න පුළුවන්. මේවත් වර්ග කිහිපයක් තියෙනවා. ඒව ඒ තරම් විස්තර කරන්න ඕන නෑ.
  • ගුවන් විදුලි සම්ප්‍රේෂණය - වේගය වගේම මිලත් අඩුයි. බිත්ති, බිම, සීලිම වගේ දේවල් විනිවිද යන්න පුළුවන්.
  • අධෝරක්ත සම්ප්‍රේෂණය - වේගය වැඩියි. රූපවාහිනී, DVD ප්ලේයර් වගේ ඒවයෙ දුරස්ථ පාලක වල (Remote Controls) පාවිච්චි වෙනවා. 
  • ක්ෂුද්‍ර තරංග සම්ප්‍රේෂණය - සරල රේඛීය මාර්ග වල විතරයි දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. මිනිසුන්ට වගේම මේ තරංග සතුන්ටත් අහිතකරයි. 
  • චන්ද්‍රිකා සම්ප්‍රේෂණය - බොහෝ ඈතට දත්ත සම්ප්‍රේෂණය කරන්න පාවිච්චි කරනවා. ඒ හින්දා මේ සම්ප්‍රේෂණයෙදි දත්ත ප්‍රචාරණය ප්‍රමාද වෙන්න පුළුවන්.

    Writer -
    Umayanga Madushan

Parts of The Computer - පරිගණකයක කොටස් හා එහි ව්‍යුහය

පරිගණකයක කොටස් හා එහි ව්‍යුහය

HP TouchSmart Personal Computer (www.isawwalanka.com)

මේක නම් විෂය නිර්දේශයෙ උගන්නන්න කියල නෑ. ඒත් මේ පරිගණකයක කොටස් අඳුරන්නෙ නැති අයත් ඕන තරම් ඉන්නවනෙ. ඉතින් පොඩ්ඩක් පරිගණකයක කොටස් ගැනත් මතක් කරන්න හිතුනා.


මේ පහළින් තියෙන්නෙ අපි හැමෝම දන්න පරිගණකයක කොටස්. වැඩිය කියන්න මොකුත් නෑ. මේවට කියන සිංහල නම් ටික පොඩ්ඩක් බලා ගමු.

Computer System (www.isawwalanka.com)

  • Speakers - ස්පීකර් (ශබ්ද අකාරයෙන් දත්ත හා තොරතුරු ප්‍රතිදානය කරයි.)
  • Monitor - මොනිටරය (දෘශ්‍ය ආකාරයෙන් දත්ත හා තොරතුරු ප්‍රතිදානය කරයි.)
  • CD/DVD Drive - CD(සුසංහිත තැටි) /DVD තැටි ධාවකය (CD/DVD තැටි ධාවනය කරයි.)
  • System Unit - පද්ධති ඒකකය (RAM, CPU වැනි දෘඩාංග විශාල ප්‍රමාණයක් අන්තර්ගත ඒකකයයි.)
  • Printer - මුද්‍රණ යන්ත්‍රය (මුද්‍රිත මාධ්‍යයෙන් දත්ත හා තොරතුරු ප්‍රතිදානය කරයි.)
  • Flash Memory Card Reader - මතක චිප කියවනය (මතක චිප වල ඇති දත්ත හසුරුවයි.)
  • Floppy Disk Drive - නම්‍ය තැටි ධාවකය (නම්‍ය තැටි ධාවනය කරයි.)
  • Mouse - මූසිකය (පරිගණකයට විධාන හා උපදෙස් ආදාන කිරීමට භාවිතා කරයි.)
  • Keyboard - යතුරු පුවරුව (පරිගණකයට දත්ත මෙන්ම විධාන හා උපදෙස් ආදාන කිරීමටද භාවිතා කරයි.)
  • Microphone - මයික්‍රොෆෝනය (ශබ්ද අකාරයෙන් දත්ත ආදානය කරයි.)

System Unit එකේ අැතුළෙ තියෙන දේවල් ටිකකුත් මෙහෙමම බලා ගමු. මෙතනදිත් කියනවා, System Unit එකට තාමත් කියන්නෙ CPU කියල නම් ඒක වැරදියි!

Inside The PSU (www.isawwalanka.com)

  • Motherboard - මව් පුවරුව (පරිගණකයට සම්බන්ධ සියළුම කොටස් සෘජුව හෝ වක්‍රාකාරව මෙයට සවි වේ.)
  • CPU - ප්‍රොසෙසරය
  • Heatsink & Cooling Fan - තාප සන්නායක තහඩු හා සිසිලන පංකාව (අධික රත් වීමෙන් ප්‍රොසෙසරයට හානි වීම වළක්වයි.)
  • RAM - ප්‍රධාන මතකය
  • Power Supply - බල සැපයුම (පරිගණකයේ එක් එක් කොටස් වලට අවශ්‍ය ප්‍රමාණයෙන් විදුලිය සපයයි.)
  • Hard Drive - දෘඩ තැටිය
  • CD/DVD Drive - CD/DVD තැටි ධාවකය
  • Video Card - වීඩියෝ කාඩ්පත (මොනිටරය පද්ධති ඒකකයට සම්බන්ධ කරයි.)

පරිගණක ගැන වැඩිය මොකුත් නොදන්න අයට මේ විස්තර ටික ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා.
Writer - Umayanga Madushan

IT - Information Technology - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු කුමක්ද?

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු කුමක්ද?

                 ඔන්න අපි පාඩම් පටන් ගන්නයි යන්නෙ. බ්ලොග් අඩවිය හදලා ටික කාලයක් ගියා වැඩ පටන් ගන්න. මොකද අපිටත් ඉතින් වැඩ තියෙනවනෙ! :) වැඩි කතා ඕන නෑ. අපි එහෙනම් පටන් ගමු. බලන්න මේ විදිහට ඉගෙනගන්න එක හොඳයිද කියලා...!

                අපි දෙයක් ඉගෙනගන්න කලින් ඉගෙනගන්නෙ මොනවද කියල දැනගෙන ඉන්න ඕනනෙ. ඉතින් අපි බලමු මේ අපි ඉගෙනගන්න යන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කියන්නෙ මොකක්ද කියලා. ඒකට ඉතින් ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරන්නම වෙනවා. අපි අති සරල විදිහට ගල් යුගයෙන්ම වැඩේට බහිමුකෝ! :) ගල් යුගේ මිනිස්සුන්ට තිබුනෙ මූලික අවශ්‍යතා විතරයිනෙ. ඒ මොනවද කියල ඉතින් කියන්න ඕන නෑනෙ. ඔහොම හිටපු මිනිස්සු එ‍ඩේර යුගේට පරිණාමය වුණා. ඒත් වැඩි වෙනසක් නෑ. සත්තු කොටු කරගෙන හදන්න පටන් ගත්තා. ඉතින් ඔහොම ගිහින් ගොවි යුගේටත් ආව කියමුකෝ. දැන් සමහරුන්ට මල පැනලද දන්නෙ නෑ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ගැන කතා කරන්න පටන් අරන් මූ මේ මොනව කියනවද කියල! පොඩ්ඩක් ඉන්න, ඉස්සරහට තමා හොඳම ටික. 

                                   ගොවි යුගයෙදි මිනිස්සුන්ගෙ අවශ්‍යතා වැඩි වුණා. ඒත් එක්කම දේපල වගේම දැනුමත් වැඩි වුණා. දැන් ඉතින් මේ දේවල් ගැන හැමදේම මතක තියාගෙන ඉන්න එක මිනිස්සුන්ට ටික ටික අමාරු වැඩක් වුණා. ඉතින් එයාල තමන්ගෙ තොරතුරු රැස් කරලා තියා ගන්න උත්සාහ කළා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි මිනිස්සු අකුරු, සංකේත වගේම ඉලක්කම් පාවිච්චි කරන්න පටන් ගත්තෙ.

                                   මේ විදිහට තොරතුරු හසුරුවන්න පටන් ගත්ත මිනිස්සු ටික ටික දියුණු වෙද්දි ඒකට තාක්ෂණ‍ය පාවිච්චි කරන්න පටන් ගත්තා. හැබැයි මේ ගැන ඉතිහාසය මිනිස්සු මුද්‍රණ ක්‍රම හොයාගත්ත කාලෙ වෙනකම් ඈතට යනවා. අපි ඒ ගැන පස්සෙ කතා කරමුකෝ. ඔය කොම්පියුටරේ කියන ගැජමැටික් එක හොයාගත්තට පස්සෙ තොරතුරු හසුරුවන එකේ ලොකු වෙනසක් ඇති වුණා කියනවනෙ. :) ඔය කොම්පියුටරේ කිව්වට ඕක මුල් කාලෙ "ගණක රාමුව" නැත්නම් "ඇබකසය" කියන තත්වෙ තමයි තිබ්බෙ. අද වගෙ කරන්ට් එකෙන් දිව්වෙ නෑ. ගණක රාමු එහෙම දැකල ඇතිනෙ. ඒ ගැනත් අපි ඉස්සරහට කතා කරමු.

                                   අද වෙනකොට තොරතුරු හැසිරවීම ගොඩක් දියුණු වෙලා. දැන් ඉතින් විද්‍යුත් මාධ්‍යයෙන්නෙ සේරම වැඩ! ඉතින් අපි දැනට කතා කරපු දේවල් එක්ක අද අපි පාවිච්චි කරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කියන්නෙ මොකක්ද කියලා අපිට මේ විදිහට කෙටියෙන් කියන්න පුළුවන්.

                                   තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කියන්නෙ විද්‍යුත් මාධ්‍යයෙන් තොරතුරු රැස් කරන්න, ඒව සකස් කරන්න, ගබඩා කරල තියාගන්න වගේම අනිත් අය එක්ක බෙදාගන්න පාවිච්චි කරන තාක්ෂණයන් ඔක්කොගෙම එකතුවක්. වචන ටික බර වැඩි නෑනෙ? ;)

                                   මං හිතනව මේ දේවල් වලින් ඔයාලට පොඩි හරි ප්‍රයෝජනයක් වෙයි කියලා. මේ ගැන මීට වඩා වෙනස් දෙයක් ඔයා දන්නව වෙන්න පුළුවන්. නැත්නම් මේ කියපු දේවල් වල පොඩි පොඩි අඩුපාඩු තියෙන්නත් පුළුවන්. එහෙම නම් ඒ දේවල් ගැන කියන්නත්; අදහස්, උදහස්, යෝජනා, චෝදනා ගැන කියන්නත් වගේම නොතේරෙන තැනක් තියෙනව නම් දැනගන්නත් comment එකක් නොදා ඉන්න එපා.

Writer - Umayanga Madushan

සාමාන්‍ය දැනීම 2


සාමාන්‍ය දැනීම

    ප්‍රංශ අධිරාජ්‍යය ගොඩනගනු ලැබුවේ-නැපෝලියන් බොනපාට්

    යුරෝපයෙන් බිහිවූ අග්‍රගණ්‍ය ප්‍රතිමා ශිල්පියා-මයිකල් ඇන්ජලෝ

    ප්‍රථම ඔලිම්පික් උළෙල පවත්වා ඇත්තේ කුමන කාලයේද?-ක්‍රි.පූ 776 ග්‍රීසිය

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රථම මහලේකම් කවුද?-නෝර්වේ ජාතික ට්‍රිග්ලිව්

    ඇමරිකානු නිදහස් සටන සිදුවූ වර්ෂය-1776

    ප්‍රථම වරට හිමාලය තරණය කළේ කවුද?-එඩ්මන්ඩ් හිලරි හා ටෙන්සිං නෝර්වේ

    බාල දක්ෂ ව්‍යාපාරයේ ආරම්භකයා කවුද?-බේඩන් පවල් සාමී වරයා

    ලංකාවේ ප්‍රථම මහ ඇමතිනිය කවුද?-චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග

    ඉන්දියාවත් පකිස්ථානයත් වෙන් වූ අවුරුද්ද?1947

    එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් තනතුරට පත්වු මුල්ම ආසියාතිකයා කවුද?-බුරුම ජාතික ඌතාන්ට්-1962


++සාමාන්‍ය දැනීම++

    ලංකාවේ මහා වැව් තැනීම ආරම්භ කළ රජතුමා කවුද?වසභ රජු
    සිංටෝ ආගම ප්‍රචලිත රට කුමක්ද?-ජපානය
    සම්මත කඩුලු මත පැන දිවීමේ තරඟයක තබනු ලබන කඩුලු ගණන කීයද?-10
    ජානකිහරණය කාගේ කෘතියක්ද?-කුමාරදාස
    සිදත් සඟරාව ලියන ලද්දේ කුමන යුගයකදීද?දඔදෙනි යුගය
    උපමා කථා ලිවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් තැනැත්තා කවුද?-ඊෂොප්
    කුවේර යනු කවරකුට කියන නමක්ද?-යක්ෂයන්ගේ අධිපති‍
    ලංකාවට නිදහස ලැබෙන අවස්ථාවේ එංගලන්තයේ අගමැති ධූරය දැරුවේ කවුද?-ශ්‍රීමත් ක්ලැමන් ඇට්ලි
    කදම්භ නදී නමින් හැදින්වු ගංගාව දැන් හඳුන්වන නම කුමක්ද?-මල්වතු ඔය
    පාන් ලංකාවට හඳුන්වාදුන් ජාතිය-පෘතුග්‍රීසීන්




1.       දෙවන ලෝක යුද්ධ සමයේ ජපන් රට මඟින් ඇමරිකාවේ කවර වරායකට බෝම්බ හෙලන ලද්දේද?පර්ල්

2.       තුන්තරා බෝධිය යනු කුමක්ද?-බුදු, පසේබුදු,මහරහත්

3.       සාමය සම්බන්ධ ශාකයේ නම කුමක්ද?-ඔලිව්

4.       පන්සීය පනස් ජාතකයේ අවසන් ජාතකය කුමක්ද?-අපණ්නක ජාතකය

5.       ලොව විශාලම දිවයින කුමක්ද?-ග්‍රීන්ලන්තය

6.       පංචතූර්ය වාදන භාණ්ඩ මොනවාද?-ආතත,විතත.විතාතත,ඝණය ,සූසරය

7.       ඉන්දුනීසියාවේ අගනුවර කුමක්ද?-ජාකර්තා

8.       මහාවංශය ලියන ලද්දේ කවුද?-මහානාම හිමියන්

9.       නිශ්ශංක ලතා මණ්ඩපය පිහිටියේ කොහේද?-පොළොන්නරුව

10.   ශ්‍රී පාද වන්දනාව සිදුවන්නේ කවර පෝය 2ක් අතරද?-උදුවප් හා වෙසක්


සාමාන්‍ය දැනීම

    ඉන්දියාවේ ජාතික ගීය රචනා කළේ කවුද?රවින්ද්‍රනාත් තාගෝර්

    1917 රුසියානු විප්ලවයට පෙර එරට පාලනය කළේ කවුද?-සාර් රාජ පවුල

    ඉන්දියන් සාගරයේ විශාලතම දූපත කුමක්ද?-මැගසින් දූපත

    යුදෙව් ආගමිකයන්ගේ ධර්ම ග්‍රන්ථය කුමක්ද?-ටල්මුඩ්

    අන්දරේ කවියා කුමන රජකෙනෙකුට සේවය කළේද?-ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ

    වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්වූයේ කවදාද?-1885-04-02

    ග්‍රීක මිත්‍යා කථාවල යුද්ධයට අයිති දෙවඟන කවුද?-මාර්ස්

    ලෝක සුදු සැරයටි දිනය යෙදෙන්නේ කවදාද?ඔක්තෝම්බර් 15

    ජපානයේ පාර්ලිමේන්තුව හැඳින්වෙන නම කුමක්ද-ඩයට්?

    නොබෙල් සම්මානයක් දිනා ගත් ප්‍රථම කාන්තාව කවුද?-රේඩියම් හා පොලෝනියම් සොයාගත් පෝලන්ත ජාතික මාරිකියුරි මැතිණිය



සාමාන්‍ය දැනීම
1.       නොබෙල් ත්‍යාගය ලද මහල්ලා හා මුහුද ලියු කතුවරයා කවුද?අර්නස්ට් හෙමින් වේ

2.       ලංකාව හා චීනය අතර ප්‍රථම ආර්ථික ගිවිසුම කුමක්ද?-සහල් රබර් ගිවිසුම

3.       ලංකාවට සුනාමිය පැමිණි දිනය කවදාද?-2004-12-26

4.       අරුන්දතී රෝයි විසින් ලියන ලද ප්‍රසිද්ධ ග්‍රන්ථය කුමක්ද?-ද ගෝඩ් ඔෆ් ස්මෝල් තිංග්ස්

5.       සමූපකාර ව්‍යාපාරය ආරම්භ කිරීමට මාහෑඟි සේවාවක් ඉටු කළ පුද්ගලයා කවුද?-වින්සන්ට් සුභසිංහ

6.       රිදී කාසි 30 කට යේසු තුමා පාවා දුන්නේ කවුද?-ජුදාස් ස්කාරියොත්

7.       1945-08-06 දින හිරෝෂිමාවට හෙලන ලද පරමාණු බෝම්බය හැඳින්වු නාමය කුමක්ද?-ලිට්ල් බෝයි හා පැට් මෑන්

8.       රජයේ වියදම බෙදෙන ප්‍රධාන කොටස් මොනවාද?-පුනරාවර්තන හා ප්‍රාග්ධන

9.       මුල්ම පාප් වහන්සේගේ නම කුමක්ද?-ශාන්තපීතර
10.       ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය ආරම්භ වූ වර්ෂය කුමක්ද?-1931



සාමන්‍ය දැනීම

    ලංකාවේ උසම වේල්ල කුමක්ද?වික්ටෝරියා වේල්ල උස මීටර් 122
    ඉන්දියාවට නිදහස ලැබුණේ කවදාද?-1947-08-15
    පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන්නේ වසර කීයකට වරක්ද?-වසර 2 වරක්
    පොදු රාජ්‍ය මණ්ඩලීය මූලස්ථානය පිහිටුවා ඇත්තේ කොහේද?-ලන්ඩන් නුවර
    පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රදේශ 3 මොනවාද?-පුත්තලම ,හලාවත, කුරුණෑගල
    විශාලම බිජු දමන පක්ෂියා කවුද?-පැස්බරා
    වන සතුන් රැක ගැනීමේ ලෝක සංවිධානය කුමක්ද?-ලෝක වන සත්ත්ව අරමුදල
    සිනහ වායුව යනුවෙන් හැඳින්වෙන්නේ කුමන වායුවද?-නයිට්‍රස් ඔක්සයිඩ්
    ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ කවදාද?-1947-08-23
    ඕසෝන් ස්ථරයට හානි කරන වායු 2ක් නම් කරන්න- නයිට්‍රස් ඔක්සයිඩ්.ක්ලොරෝ ප්ලූරො කාබන්
    සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිලිගත්තේ කවදා සිටද?-1950 සිට
    ලාංකිකයන්ට සරවජන ඡ්ද බලය හිමි වූ වසර කුමක්ද?-1931
    ලංකාවේ ප්‍රථම ආණ්ඩු කාරයා කවුද?-සර් ඔලිවර් ගුණතිලක
    එක්සත් ජාතින්ගේ මූලස්ථානය පිහිටියේ  කොහේද?-නිව්යෝර්ක්
    අන්තර්ජාතික වෙළඳ සංවිධානයේ මූලස්ථානය පිහිටියේ කොහේද?-ජිනීවා
    



 තේරවිලි


1.   කිසිවකු නොයා යුතු මඟ-නොමඟ

2.   ගෙදරම තියෙන ගල-මිරිස් ගල

3.   සුදු මහත්තයා කළු තොප්පියක් දාගෙන-ගිනිකූර

4.   තනි කකුලෙන් ඉන්න සුද්දා-බිම්මල

5.   අලියා නොයන මඟ-ඉනිමඟ

6.   කොළ නැති ගහ-එල්ලුම් ගහ

7.   අපිරිසිදු උනාම සුදු පාටයි-කළු ලෑල්ල

8.   ඉවසන්න බැරි ගින්න-බඩගින්න

9.   කාගෙත් මල්ලී-කොත්තමල්ලි

10.      කාගෙත්අක්කා-වට්ටක්කා

11.      සිවුර ගලවලා ලිඳට පැන්නා-කෙසල් ගෙඩිය

12.      ගහෙන් වැටුණ මිනිහා ඉස්සෙල්ලාම ගාන්නේ-‍ කෙඳිරි

13.      කපනවට අකමැති -කන්නට කැමති-බෙලි

14.      පුස්තකාලයේ නැති පොත-ඉල පොත

15.      ගල් වැටි දෙක මැද නයා-දිව

16.      වඩු බාස්ගේ රට-බුරුමය

17.      උදේට හිස් වට්ටිය-රෑට මල් වට්ටිය-අහස

18.      මේ ගස් දෙකටම ලෙඩ-පැපොල් හා උණ

19.      සුද්දෙක් ගලක් උඩ ඉඳගෙන අඩනවා-දැල්වෙන ඉටි පන්දම

20.      නොමැරෙණ ගහ-මෝල් ගහ

21.      ගස්වල හැදෙන්නේ නැති ගෙඩි-බිත්තර ගෙඩි

22.      කපන්න කපන්න එකතුවෙනවා-දිය

23.      ගහක් පුරා සුදු බිත්තර-දිවුල්

24.      ගෑවුනෝතින් ඇ‍‍ගේ එල්ලෙනවාමයි-තුත්තිරි

25.      ලෙඩ උනාම නගිනවා-උණ

26.      මේ ලොවට නම් කවුරුත් ඔලුව නමනවා-කොණ්ඩෙ කපන විට

27.      එක පෙට්ටියේ සුදු මහත්වරු පනස්දෙනයි-ගිනිපෙට්ටිය

28.      කොණ්ඩේ කඩාගෙන ලේ පෙරාගෙන අම්මගේ බඩේ දරුවෝ-ජම්බු ගෙඩිය

29.      දෙගොඩ යා කරයි යනවිට ගැස්සෙයි-වැල් පාලම

30.      හැම දේටම තියෙනවා-නමක්






සාමාන්‍ය දැනීම

    1-  ලංකාවට අයත් දුපත් ගණන කීයද-25

2-  ලංකාවට මුල් වරට මෝටර් රථයක් ගෙන්වූයේ-ක්‍රි.ව 1902

 3- ලංකාවේ ප්‍රධාන දුම්රිය ස්ථාන ගණන-164

4- ලංකාවේ තණ බිම් වර්ග-පතන,තලාව,දමන,විල්ලු

5-  දුර්ලභ බෙහෙත් පැළෑටි වලට ප්‍රසිද්ධ කන්ද-රූමස්සල කන්ද

6-  අවුකන පිළිමය කරන ලද්දේ-ධාතුසේන රජු

7- හරිතාගාර ආවරණය යනු -ගෝලීය උණුසුම වැඩිවීම

8- පුතුන් 80ක් ලද රජු- බුද්ධදාස රජු

9- ගෝලීයකරණය යනු -මුළු ලොවම එකම විශ්ව ගම්මානයක් බවට පත්වීම

10- නමුණුකුල කන්ද පිහිටා ඇති දිස්ත්‍රික්කය-බදුල්ල


සාමාන්‍ය දැනීම


    
    එන්නත් ක්‍රමය හදුන්වා දුන්නේ කවුද?- එඩ්වර් ජෙනර්
    ලංකාව ඔලිම්පික් තරඟයකට ප්‍රථම වරට  සහභාගී වූ වර්ෂය -1948
    පෝලෝ ක්‍රීඩාවට අවශ්‍ය ක්‍රීඩකයන් ගණන කීයද?-04
    ලෝක ක්‍රිකට් කුසලානය මුල් වරට පැවැත්වූ වසර කුමක්ද?-1975
    ඕස්ට්‍රේලියාවේ ජාතික ක්‍රීඩාව කුමක්ද?-ක්‍රිකට්
    ලෝක පාපන්දු ශූරතාවය ප්‍රථම වරට පැවැත්වූ වසර කුමක්ද?-1930
    රගර් පිලකට සිටින ක්‍රීඩකයන් ගණන කීයද?-11
    දුරේක්ෂය සොයා ගත්තේ කවුද?--ගැලීලියෝ ගැලිලි
    ලංකාව මුල් වරට ටෙස්ට් ක්‍රිකට් තරඟයකට සහභාගි වු වසර ස්ථානය හා සහභාගී වූ රට නම් කරන්න-1982,කොළඹ.එංගලන්තය
    රූපවාහිනිය නිපදවූයේ කවුද?-ජෝන් ලොගී බෙයාඩ්

සාමන්‍ය දැනීම


සාමන්‍ය දැනීම
1.
මී මැසි කුලයේ සතුන්ගෙන් වඩා විෂ සහිත සතා කවුද?-බඹරා

2.ලොව විෂකුරුම සර්පයා කවුද?-කි0 කෝබ්‍රා
3.ශ්‍රි ල0කාවේ ඇති දිය ඇලි ගණන කීයද-55
4.ලෝක මානව හිමිකම් දිනය යෙදී ඇත්තේ කවදාද?
5.මිනිසා විසින් සොයා ගෙන ඇති සැහැල්ලුම දේ කුමක්ද?-හයිඩ්‍රජන් පරමානුව
6.ල0කාවේ පළමු කෝපිවත්ත වැවු ස්ථානය-ගම්පොල සි0හපිටිය 
7.රුවන්වැලි සෑයේ උස අඩි 338
8.වැඩිම ආයු කාලයක් ඇති පක්ෂියා- ගිරවා(අවු 140) 
9.ගසක වයස දැන ගැනීම සදහා අධාර වන්නේ කුමක්ද?-ශෛලමය පටකය 
10.පැරණිම ජාතික කොඩිය හිමි රට කුමක්ද?-ඩෙන්මාර්කය

_______________________________________________
1.වැඩිම බිත්තර ගණනක් දමන සත්ත්ව වර්ගය -මුහුදු බෙල්ලා
 
2.ල0කාවේ උසම සානුව කුමක්ද?-හෝර්ටන් සානුව

 
3.ඛනිජ තෙල් වල ශක්තිය මනින ඒකකය-ඔක්ටේන්

 
4.සර්ව දායක යනුවෙන් හැඳින්වෙන රුධිර ගණය- ඹ්

 
5.වැඩිම වේගයෙන් භ්‍රමණය වන ග්‍රහලෝකය-බ්‍රහස්පති

 
6.ල0කාවේ මුල්ම තැපැල්පතේ මිල-සත 03

 
7.ඩොන් මුදල් ඒකකය භාවිතා වන රට-වියට්නාමය

 
8.පුල්ලෙයාර් දෙවියන් යනුවෙන් පුද පූජා පවත්වන දෙවියන්-ගණ දෙවියන්

 
9.චෙස් ලෑල්ලක කොටු ගණන-64

 
10.හැරී පෝටර් කතා මාලාව නිර්මාණය කළේ-ජේ.කේ .රෝලින්


___________________________________________________________________________


1පාර්ලිමේන්තු ක්‍රමයේ නිජබිම ලෙස සලකන රට-එංගලන්තය
2පන්සීය පනස් ජාතක කතාපොතේ අඩංගු ජාතක කතා ගණන කීයද-547
3ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත ගණන-51
4ලොව දිගම ජාතික ගීය අයත් රට- ග්‍රීසිය
5නොබෙල් ත්‍යාගයේ වටිනාකම කොපමණද-අවුන්ස 10ක් බර රන් පදක්කමක් -ඩොලර් 30000ක් හා සහතික පත්‍රයක්

________________________________________

පහත ග්‍රන්ථ වල කතුවරුන් නම් කරන්න
  1.       කාව්‍යසේකරය-දඔදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජු
  2.   සියබස්ලකර-සේන සලමෙවන් රජු
  3.   විරිත්වැකිය-කුමාරතුංග මුනිදාස
  4.   මීනා-අලුත්ගමගේ සයිමන් සිල්වා
  5.   පූජාවලිය-බුද්ධපුත්‍ර හිමි
  6.   විජයබාකොල්ලය-ඩබ්.ඒ.ද සිල්වා
  7.   යළි උපන්නෙමි-ගුණදාස අමරසේකර
  8.   අමාවතුර-ගුරුළුගෝමි
  9.   කුස ජාතකය-අලගියවන්න මුකවැටි
  10.   මහාවංශය-මහානාම හිමි

පිටකොටුව ගමට ගෙනියමු

  පිටකොටුව ගමට ගෙනියමු මෙන්න Online වෙළෙඳපොලේ අලුත්ම පෙරළිය..  ********* 2021 Life එක ගොඩ දාගන්න එන්න  100% ශ්‍රී ලාංකික ආයතනයක් වන Pitakotu...