July 2, 2014

IT - Information Technology - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු කුමක්ද?

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු කුමක්ද?

                 ඔන්න අපි පාඩම් පටන් ගන්නයි යන්නෙ. බ්ලොග් අඩවිය හදලා ටික කාලයක් ගියා වැඩ පටන් ගන්න. මොකද අපිටත් ඉතින් වැඩ තියෙනවනෙ! :) වැඩි කතා ඕන නෑ. අපි එහෙනම් පටන් ගමු. බලන්න මේ විදිහට ඉගෙනගන්න එක හොඳයිද කියලා...!

                අපි දෙයක් ඉගෙනගන්න කලින් ඉගෙනගන්නෙ මොනවද කියල දැනගෙන ඉන්න ඕනනෙ. ඉතින් අපි බලමු මේ අපි ඉගෙනගන්න යන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කියන්නෙ මොකක්ද කියලා. ඒකට ඉතින් ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරන්නම වෙනවා. අපි අති සරල විදිහට ගල් යුගයෙන්ම වැඩේට බහිමුකෝ! :) ගල් යුගේ මිනිස්සුන්ට තිබුනෙ මූලික අවශ්‍යතා විතරයිනෙ. ඒ මොනවද කියල ඉතින් කියන්න ඕන නෑනෙ. ඔහොම හිටපු මිනිස්සු එ‍ඩේර යුගේට පරිණාමය වුණා. ඒත් වැඩි වෙනසක් නෑ. සත්තු කොටු කරගෙන හදන්න පටන් ගත්තා. ඉතින් ඔහොම ගිහින් ගොවි යුගේටත් ආව කියමුකෝ. දැන් සමහරුන්ට මල පැනලද දන්නෙ නෑ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ගැන කතා කරන්න පටන් අරන් මූ මේ මොනව කියනවද කියල! පොඩ්ඩක් ඉන්න, ඉස්සරහට තමා හොඳම ටික. 

                                   ගොවි යුගයෙදි මිනිස්සුන්ගෙ අවශ්‍යතා වැඩි වුණා. ඒත් එක්කම දේපල වගේම දැනුමත් වැඩි වුණා. දැන් ඉතින් මේ දේවල් ගැන හැමදේම මතක තියාගෙන ඉන්න එක මිනිස්සුන්ට ටික ටික අමාරු වැඩක් වුණා. ඉතින් එයාල තමන්ගෙ තොරතුරු රැස් කරලා තියා ගන්න උත්සාහ කළා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි මිනිස්සු අකුරු, සංකේත වගේම ඉලක්කම් පාවිච්චි කරන්න පටන් ගත්තෙ.

                                   මේ විදිහට තොරතුරු හසුරුවන්න පටන් ගත්ත මිනිස්සු ටික ටික දියුණු වෙද්දි ඒකට තාක්ෂණ‍ය පාවිච්චි කරන්න පටන් ගත්තා. හැබැයි මේ ගැන ඉතිහාසය මිනිස්සු මුද්‍රණ ක්‍රම හොයාගත්ත කාලෙ වෙනකම් ඈතට යනවා. අපි ඒ ගැන පස්සෙ කතා කරමුකෝ. ඔය කොම්පියුටරේ කියන ගැජමැටික් එක හොයාගත්තට පස්සෙ තොරතුරු හසුරුවන එකේ ලොකු වෙනසක් ඇති වුණා කියනවනෙ. :) ඔය කොම්පියුටරේ කිව්වට ඕක මුල් කාලෙ "ගණක රාමුව" නැත්නම් "ඇබකසය" කියන තත්වෙ තමයි තිබ්බෙ. අද වගෙ කරන්ට් එකෙන් දිව්වෙ නෑ. ගණක රාමු එහෙම දැකල ඇතිනෙ. ඒ ගැනත් අපි ඉස්සරහට කතා කරමු.

                                   අද වෙනකොට තොරතුරු හැසිරවීම ගොඩක් දියුණු වෙලා. දැන් ඉතින් විද්‍යුත් මාධ්‍යයෙන්නෙ සේරම වැඩ! ඉතින් අපි දැනට කතා කරපු දේවල් එක්ක අද අපි පාවිච්චි කරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කියන්නෙ මොකක්ද කියලා අපිට මේ විදිහට කෙටියෙන් කියන්න පුළුවන්.

                                   තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කියන්නෙ විද්‍යුත් මාධ්‍යයෙන් තොරතුරු රැස් කරන්න, ඒව සකස් කරන්න, ගබඩා කරල තියාගන්න වගේම අනිත් අය එක්ක බෙදාගන්න පාවිච්චි කරන තාක්ෂණයන් ඔක්කොගෙම එකතුවක්. වචන ටික බර වැඩි නෑනෙ? ;)

                                   මං හිතනව මේ දේවල් වලින් ඔයාලට පොඩි හරි ප්‍රයෝජනයක් වෙයි කියලා. මේ ගැන මීට වඩා වෙනස් දෙයක් ඔයා දන්නව වෙන්න පුළුවන්. නැත්නම් මේ කියපු දේවල් වල පොඩි පොඩි අඩුපාඩු තියෙන්නත් පුළුවන්. එහෙම නම් ඒ දේවල් ගැන කියන්නත්; අදහස්, උදහස්, යෝජනා, චෝදනා ගැන කියන්නත් වගේම නොතේරෙන තැනක් තියෙනව නම් දැනගන්නත් comment එකක් නොදා ඉන්න එපා.

Writer - Umayanga Madushan

No comments:

Post a Comment

පිටකොටුව ගමට ගෙනියමු

  පිටකොටුව ගමට ගෙනියමු මෙන්න Online වෙළෙඳපොලේ අලුත්ම පෙරළිය..  ********* 2021 Life එක ගොඩ දාගන්න එන්න  100% ශ්‍රී ලාංකික ආයතනයක් වන Pitakotu...