November 6, 2014

Windows Phone 8 ගැන

Windows Phone 8 ගැන




මයික්‍රොසොෆ්ට් සමාගම නිල වශයෙන් තමන්ගේ ඊළඟ ජංගම දුරකථන මෙහෙයුම් පද්දතිය ගැන එළිකලා. ඒක නම් කරලා තියන්නේ Windows Phone 8 කියලා. හැබැයි සමහර අය කියන්නේ ඒක Windows 8 Phone කියලා වෙනස් වුනානම් හොඳයි කියලා. මොකද මේ වින්ඩොස් මෙහෙයුම් පද්දතියේම අලුත් සාමාජිකයෙක් නිසා. දැන් අහන්න එපා Windows Mobile, Windows Phone 7 හා windows Phone 7.5 කියන්නේ ඒ පවුලේ නෙවෙයි ද කියලා. ඒ අය පවුලේ නෙවෙයි හැබැයි එකම පරම්පරාවේ. දැන් නිකන් මඥ්ඥන් වගේද? ඒක වෙන්නේ මෙහෙමයි. 1993 දී Microsoft ආයතනය MS-DOS කේතයෙන් මිදිලා Windows 3.1 සංස්කරණයත් එක්ක Windows NT පරම්පරාව ආරම්භ කලා. Windows 3.1x, Windows 9x, Windows 2000, Xp, Server 2003, Vista හා  Windows 7 තමයි දැනට නිකුත්වුන Windows NT සාමාජිකයන්. මේ කේතය IA-32 (i386), x64(x86-64) හා Itanium කියන දෘඩාංග තාක්ෂනයන් සමඟ වැඩකළ හැකි ලෙස සකසා තිබුනා. ඒ වගේම Microsoft සමාගම තමන්ගේ තවත් මෙහෙයුම් පද්දතියක් නිකුත් කලා Windows CE කියලා 1996 දී. මේකෙදි ප්‍රධාන වශයෙන් භාවිත කලේ අය MS-DOS කේතය මත පදනම වුන කේතයක්. ඒ කේතය මත පදනම් වෙලා තමයි 2000 – 2009 වෙනකන්ම Microsoft Mobile OS (Pocket PC හෙවත් Windows Mobile) නිකුත් කලේ.
2009 දී කොහොමහරි අපේ බිල් අයියට තේරෙනවා iOS හා Android එක්ක තරඟයක දෙන්න නම් ටිකක් අලුත් විදියකට හිතන්න ඕන කියලා. එකේ ප්‍රතිපලයක් විදියට තමා Windows Phone 7 මෙහෙයුම් පද්දතිය 2010 දී නිකුත් වෙන්නේ නව ආකාරයේ අතුරු මුහුණත් එක්ක. දැන් කවුරුත් දන්නා Metro UI කියන්නේ ඒකට.
Windows Phone 7 අතුරු මුහුණත
මොනවා වුනත් ඒකෙන් හිතපු තරම් සාර්ථක ප්‍රතිපල ගන්න බිල් අයියට බැරිවෙනවා මොකද, මේ පද්ධතියත් Windows CE පවුලේ නිසා. 2011-2012 කාලසීමාවේදී Windows 7.5 සංස්කරණය එලි දක්වනවා නව ආරක මෙහෙයුම් පද්ධතියක් ලෙස (Windows Phone OS හි ගුණ අගුණ ගැන මං වෙනම ලිපියක් ලියන්නම් ඉක්මනට ). 
Windows Phone 7.5 අතුරු මුහුණත
2012 දී Microsoft සමාගම නව මගකට පිවිසෙනවා Windows CE කේතය භාවිතය අත්හැරීමත් එක්ක. ඒ ඔවුන් Windows Phone 8 මෙහෙයුම් පද්ධතිය සඳහා Windows NT කේතය යොදාගැනීමේ තීරණයත් එක්ක. ඒ අනුව Windows 8 පවුලේ සාමාජිකයන් දැනට පවතින සියලුම අකාරයේ Architectures වලට සහය දක්වන ලෙස නිකුත් කරන්න තමයි Microsoft ල උත්සහ කරන්නේ. මේ හේතුව නිසා තමයි අර Windows Phone 8 , Windows 8 Phone ලෙස වෙනස් වෙන්න ඕන කියලා කියන්නේ. 
මේ තියන්නේ Windows Phone 8 මෙහෙයුම් පද්දතියේ ලක්ෂණ කිහිපයක්. දැන් කියන්න එපා මේවා Apple හා Android වලට අලුත් දේවල් නෙවෙයි කියල. ඒක හරි නමුත් තමන්ගේ ජීවිතයේ 2 වන වසර ගෙවන නැත්නම් 3 වන සංස්කරණය වන නිසා මේ දේවල් ඇති කියලයි මගේ අදහස. Android අවේ කොතන ඉඳන්ද කියලත්  අපි දන්නවනේ. අද තියන තත්වෙට Android වලට එන්න ප්‍රධාන සංස්කරණ 10 ක් නිකුත් කලා.
Windows Phone 8, new official details :
  • Multi-core processor support: Windows Phone 7/7.5 තනි කෝර් ප්‍රොසෙසර් එකක් සමග ඉතාමත් හොඳින් වැඩ කලත්, නව සංස්කරණය ප්‍රොසෙසර් 64 ක් දක්වා සහය දක්වන ලෙස සාදා ඇත.
  • Bigger, sharper screens: Windows Phone 7/7.5 සහය දක්වන්නේ 800×480 විභේදනයක් සහිත තිර සඳහා පමණක් වුවත් නව සංස්කරණය 1280×768 සහ 1280×720 විභේදන දක්වා සහය දක්වයි.
  • More flexible storage: Mass Storage Mode ඒක සඳහා සහය දක්වන ලෙස නිපදවා ඇත.
  • NFC wireless sharing: NFC කියන්නේ එකිනෙක හා ලඟින් පවතින උපකරණ සමග සම්බන්ද විය හැකි නව තාක්ෂණයක්.
  • Internet Explorer 10: දැනට පරීක්ෂණ මට්ටමේ පැවතුනත් Samsung Galaxy S III, HTC One S සහ  iOS 6 beta සමගින් වූ iPhone 4S දුරකථන වල වූ වෙබ් බ්‍රව්සරය අභිබවා ගිය බව සඳහන් වෙනවා.
  • Wallet: Google Wallet සේවාවට සමාන සේවාවක් ලබාදෙයි.
  • Better maps and directions: Nokia සහ Microsoft එකතුව සෑම Windows 8 දුරකතනයක් සඳහාම Nokia Maps නොමිලේ ලබාදෙයි.
  • Cooler apps and games: නවීන පරිගණක ක්‍රීඩා සහ මෘදුකාංග.
  • Native code support: Windows Phone 8 , C සහ C++ ක්‍රමලේකන සඳහා සම්පූර්ණයෙන් සහය දක්වන අතර DirectX සම්බන්දිත පරිගණක ක්‍රීඩා සඳහාද සහය දක්වයි.
  • Integrated Internet calling: VOIP තාක්ෂනය අන්තර්ගත කරයි. ඒ අනුව VOIP ඇමතුමක් දුරකතනය් සාමානය ඇමතුමක් ලෙසම ලබාගත හැක.(මේ මෘදුකාංගය බොහෝවිට Skype විය හැක.)
  • Multitasking enhancements : එකවට කාර්යන් කිහිපයක් කරගැනීමේ හැකියාව වැඩි දියුණු කර ඇත.
  • Device encryption: දුරකථනය තුල ඇති සියලුම දත්ත Encrypt කර ඇත.
  • Remote management: මෙමගින් දුරකතනයේ පාලනය වෙනකෙනෙකුට පැවරිය හැක. (Windows Remote Desktop සමානව)
ඒ වගේම Metro UI එකෙත් වෙනස්කම් කීපයක් කරලා තියනව. 
Windows Phone 8 UI
නරකම දේ තමයි Windows Phone 7/7.5 දුරකථන සඳහා Windows Phone 8 භාවිත කල නොහැකි වීම. නමුත් ඒහා සමාන Windows Phone 7.8 නම් සංස්කරණයක් නිකුත් කරන්න Microsoft ආයතනය බලාපොරොත්තු වෙනවා.
තව පොඩ්ඩෙන් අමතක වෙනවා. Windows 8, Windows Phone 8 වල ඉඳං ශ්‍රී ලංකාවටත් App Hub සහ Marketplace සහය දක්වනවා.
මේ තියන්නේ ඒ ගැන විස්තරය.


මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!


http://www.elakiri.com/forum/tags.php?tag=upulcla


No comments:

Post a Comment

පිටකොටුව ගමට ගෙනියමු

  පිටකොටුව ගමට ගෙනියමු මෙන්න Online වෙළෙඳපොලේ අලුත්ම පෙරළිය..  ********* 2021 Life එක ගොඩ දාගන්න එන්න  100% ශ්‍රී ලාංකික ආයතනයක් වන Pitakotu...