December 28, 2014

මොකක්ද මේ... පුද්ගල ණය තොරතුරු වාර්තාව CRIB - "i report"



සී.එෆ්.එල් (CFL) බල්බයේ කළුවර සටහන


සී.එෆ්.එල්. බල්බයේ කළුවර සටහන



නගරයේ පළාත් පාලන ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන කසළ ප්රතිචක්රීකරණ මධ්යස්ථානය තුළ ගොඩ ගසා ඇති කුණු ගොඩේ භාවිත කර ඉවත් කළ, සී.එෆ්.එල්. (CFL) බල්බ විශාල සංඛ්යාවක්විය. මෙහි සේවය කරන කම්කරු මහත්වරුන්ගෙන් මෙම බල්බ වලට කුමක්කරන්නේ දැයි විමසූ විට ඔවුන් කියා සිටියේ කරන්න දෙයක්තමන් නොදන්නා බැවිත් තැන් තැන්වල ගොඩ ගසා තබන බවත්ය. බලශක්ති සංරක්ෂණය කර ගැනීමේ, විදුලි බිල ඉතිරි කර ගැනීමේ සහ පරිසර හිතකාමී හරිත නිෂ්පාදනයක්ලෙස මෙම "සී.එෆ්.එල්." බල්බ ලොව පුරා ප්රචලිත වෙමින් පවතින අතර, ලොව ඇතැම් රටවල් සාම්ප්රදායික බල්බ භාවිත කිරීම තහනම් කරමින්, "සී.එෆ්.එල්." බල්බ භාවිතය අනිවාර්ය කරමින් නීති රෙගුලාසි පනවමින් සිටී.

වසරින් වසර නිවෙස්තුළ, කුණු ගොඩවල් තුළ පාරේ තොටේ, ගංගා ඇළ දොළවල් තුළ එකතු වෙන භාවිත කර ඉවත් කළ "සී.එෆ්.එල්." බල්බ වලට කළ යුතු දේ, නොඑසේනම් ඒවා පරිසර හිතකාමී ලෙස බැහැර කරන්නේ කෙසේ දැයි ඒවා අලෙවි කරන්නන් හෝ බලධාරියෙකු අපට කියා නොදෙන බැවින් වත්මන් සමාජය මදි නොකියන්න අත්විඳින පාරිසරික හා සෞඛ් ගැටළු වලට අමතරව තවත් ගැටළුවක්බවට "සී.එෆ්.එල්." බල්බ පත් වන්නට පෙරාතුව මේ පිළිබදව අවධානය යොමු කිරීම මැනවැයි සිතමි.

සී.එෆ්.එල්. බල්බයකින් ජලය ගැලුම් 6,000 ක්විස බවට පත් කරයි.



ලංකාවේ දැනට භාවිත කර ඉවත දමන සියලුම සී.එෆ්.එල්. බල්බ අවසානයේදී මහපොළොවට, ජලමූලාශ් වලට එකතු වන අතර, සාමාන්යයෙන් වසරකට ලෝකය පුරා මිලියන 900 ක්පමණ මෙසේ සී.එෆ්.එල්. බල්බ අක්රමවත්ව බැහැර කරනු ලබන බව සොයාගෙන ඇත.

මෙසේ බැහැර කරන එක්සී.එෆ්.එල්. බල්බයක "රසදිය" මිලි ග්රෑම් 5 ක්පමණ ඇතැයි ගණන් බලා ඇත. රසදිය වනාහි ඉතාම විෂ සහිත බැර ලෝහයක්වන අතර, එක්බල්බයක ඇති රසදිය ප්රමාණයෙන් ජලය ගැලුම් 6,000 ක්දූෂණය කෙරෙන බව පරිසර විද්යාඥයින් ප්රකාශ කරනු ලබයි. කෙසේ වෙතත් පරිසරයට රසදිය අනාරක්ෂිතව බැහැර කෙරෙන තවත් මූලාශ් තිබේ. සම්ප්රදායික උෂ්ණත්ව මාපකයක රසදිය මිලි ග්රෑම් 500 ක්පමණ තිබෙන අතර, ගල් `ගුරු දහනයෙන් විශාල ලෙස රසදිය පරිසරයට බැහැර කෙරේ. මෙම "රසදිය" පරිසරයේදී "මෙතිල් මර්කරි" නමැති ජීවීන්ට අතිශයින්ම විෂ සහිත සංයෝගයක්බවට පත් වන අතර, මෙම "මෙතිල් මර්කරි" පස, ජලය හරහා ශාක, ආහාර භෝග වලට අවශෝෂණය කෙරෙන අතර, මෙම සංයෝගය බොහෝ කාලයක්යන තුරු පරිසරයෙන් ඉවත් නොවී (විනාශ නොවී) පවතිනු ඇත. අනෙක්අතට මෙම සංයෝගය ආහාර දාම හා ජාල ඔස්සේ දිගින් දිගටම එක්රැස්වන බැවින්, ආහාර දාමයේ ඉහළින්ම සිටින මාංශ භක්ෂකයින් පක්ෂීන් සහ විශේෂයෙන් මිනිසාට කරනු ලබන අනතුර ඉතාම බරපතල බව විද්යාඥයෝ ප්රකාශ කරනු ලබති.



http://www.divaina.com/2014/12/21/pic/l9-4.jpg"මෙතිල් මර්කරි" වලින් වැඩුණු පුද්ගලයින්ගේ මොළය හා ස්නායූ පද්ධතියට හානි පමුණුවන අතර, ළමුන් තුළ ඉගෙනීමේ අපහසුතා, වර්ධනයේ හා විකසනයේ සිදුවන ආපසු සකස්කළ නොහැකි ආබාධ ඇති විය හැකි බවත්, ගර්භනී මවුවරුන් හා ළදරුවන් කුඩා ප්රමාණයකින් වුව බරපතල සෞඛ් ගැටලු ඇති කළ හැකි බවත් "කාල්ටන්" සරසවියේ රසායන විද්යා මහාචාර්ය "රොබර්ට්බර්ක්‌" ප්රකාශ කර ඇත. ඇමරිකානු ජාතික විද්යා ඇකඩමියේ වාර්තාවකට අනුව සෑම වසරකදීම ඇමරිකානු දරුවන් 60,000 ක්පමණ ඔවුන්ගේ මවුවරුන් ගර්භනී සමය තුළදී "මෙතිල් මර්කරි" රසායනයේ බලපෑමට ලක්වීම නිසාවෙන් සංකූලතා සහිතව දරුවන් ඉපදෙන බව පෙන්වා දී ඇත. ((http://en.wikipedia.org/wiki/Methylmercury)

බිඳුණු "සී.එෆ්.එල්." බල්බයකින් සිදුවන අනතුර.

මෙම බල්බයක්කාමරයක්තුළදී බිඳී ගියොත්, එක්බල්බයක්තුළ ඇති රසදිය ප්රමාණය, යම් පුද්ගලයෙකු නිරාවරණය විය හැකි අනතුරු දායක නොවන රසදිය මට්ටම මෙන් (ඇමරිකානු පාරිසරික ඒජන්සිය - EPA විසින් අනුමත) 300 ගුණයක රසදිය වාෂ්ප හා කුඩු ප්රමාණයක්බව සොයා ගෙන තිබේ. රසදිය වාෂ්පයට නිරාවරණය වීම, සෞඛ් ආබාධ වලට ලක්වන්නට සිදු වන කාරණාවක්වනු ඇත. මෙය නූපන් දරුවන්ට, ළමයින්ට, වියපත් අයට, දුර්වල සෞඛ් තත්ත්වයකින් පසු වන ඈයින්ට විශේෂයෙන් අවදානම් බව පැවසේ. අනෙක්අතට කැඩුණු බල්බයකින් නිකුත් කෙරෙන රසදිය වාෂ්ප හා කුඩු ඔබේ කාමරය තුළ, ඇඳ ඇතිරිල්ල මත, කාපට්එක මත, අවුරුදු 20 ක්පමණ රැඳී පැවතිය හැකි වීමෙන් මෙහි ඇති බරපතලකම සිතා ගත හැකි වනු ඇත. මේ අනුව, එක්බල්බයක්ඔබේ කාමරය තුළදී බිඳී යාම, එය හුදෙක්විදුලි බල්බයේ වටිනාකම අහිමි වීමක්පමණක්නොවන බව දැන් ඔබට වැටහෙනවා ඇති. අනාගත පරම්පරාවක දරුවන් මේ රසදිය වලින් දූෂිත පරිසරයේ කාපට්මත, ඇඳ ඇතිරිළි මත කෙළි සෙල්ලම් කරනු ඇත. එබැවින් "සී.එෆ්. එල්. බල්බ" පරිහරණය කිරීමේ දී, ඇමරිකානු පාරිසරික ඒජන්සිය එරට ජනයාට ලබා දෙන අවවාද අපට වැදගත්ය. (http://www2.epa.gov/cfl/cleaning-brokencfl#instructions))

01. "
සී.එෆ්. එල්. බල්බ" මාරු කරන විට දී, කිසි විටෙකත්, බල්බය රත්ව තිබෙන විට සිදු නොකරන්න. (රත් වූ බල්බ සිසිල් වූ බල්බයකට වඩා භයානකය.)

02.
කාමරයක්තුළ දී සී.එෆ්.එල්. බල්බයක්කැඩී ගියහොත්, එම කාමරයේ සිටින සියලුම කුඩා දරුවන්, ගර්භනී මවුවරු, ඇතුළු අවදානම් සහගත අය වහාම ඉවත් කරන්න. (රසදිය වාෂ්පයට නිරාවරණය වන්න එපා)

03.
ඉන් අනතුරුව සියලුම දොර ජනෙල් මිනිත්තු 15 ක්පමණ විවෘත කර තබන්න.

04.
කාමරයේ විදුලි පංකා ක්රියාත්මකව පවතිනවා නම්, ඒවායේ විදුලිය විසන්දි කරන්න.

05.
එක්වරක්භාවිත කර ඉවත් කරන අත් වැසුම් පැළ` ඉතිරි කටු කැබලි ප්රවේශමෙන් ඉවත් කරන්න.

කාමරයේ ගෙබිම හා බිත්ති තෙත රෙදි කඩකින් හෝ තෙත පත්තර කඩදාසි වලින් පිස දමන්න.

06.
එම කාමරයේ ඇති සියලුම ඇඳ ඇතිරිලි, රෙදි පිළි, යළි භාවිත නොකර ඉවත් කරන්න.

07.
සියලුම ඉවත් කළ ද්රව් සීල් කළ පොලිතීන් ඇසුරුමකට දමා "අන්තරාදායක කසළ" ලෙස නම් කර පළාත් පාලන ආයතනයට භාර දෙන්න. (අපේ රටේ පළාත් පාලන ආයතන මගින් එවැනි අන්තරාදායක කසළ වෙනමම එකතු කිරීමක්සිදු නොකරන බැවින් මෙය අපට අදාළ නොවේ.)

සී.එෆ්.එල්. සහ එල්..ඩී. බල්බ දැල්වීමෙන් පිළිකා අවධානම ඉහළ යනවාද ?

"
සී.එෆ්.එල්" බල්බ (ප්රමුඛ ලෙසත්) සහ එල්..ඩී. (LED) බල්බ (යම් ප්රමාණයකටත්) දැල්වීමේදී නිකුත් කෙරෙන දීප්තිමත් නිල් ආලෝකය දිවා කල ආලෝකයට තරමක්සමාන වන බැවින්, රාත්රී කාලයේදී අපේ මොළයේ "පයිනියල්" ග්රන්ථියෙන් (Pineal) නිකුත් කෙරෙන "මෙලටොනින්" හෝමෝනය ශ්රාවය වීම අඩාල කෙරෙන බවත්, මෙම තත්ත්වය පියයුරු සහ පිරිමින්ගේ ප්රොස්ටේ්රට්ග්රන්ථියේ පිළිකා ඇති වීමට හේතු වන තත්ත්වයක්විය හැකි බවත්, ඊශ්රායලයේ "හයිෆා" සරසවියේ ජීව විද්යා මහාචාර්ය "ඒබ්රහම් හෙයිම්" විසින් ඩේලි ටෙලිග්රාෆ් පුවත්පතට ලබා දී ඇති ප්රකාශයක සඳහන්ව තිබේ. ((http://www.telegraph.co.uk/health/healthnews/82
88982/Energy-savinglight-bulbs-couldtr i g g e r - b r e a s t -cancer.html))
කවර හෝ ආලෝක ප්රභවයක්තුළ රාත්රී වැඩ මුර වල නිරත වන හෙදියන්, හා වෙනත් සේවිකාවන්හට පියයුරු පිළිකා වැළ`දීමේ අවදානම ඉහළ බව ලෝක සෞඛ් සංවිධානය විසින්ද පිළිගෙන තිබේ. මෙම අවදානම අවම කර ගත හැකි ලෙස දීප්තිමත් සුදු පැහැය වෙනුවට රාත්රි කාලයේදී සෞඛ්යයට හිතකර වන ආලෝක ප්රභවයන් නිකුත් කෙරෙන බල්බ නිෂ්පාදනය කිරීම පිළිබඳව නිෂ්පාදකයනුත්, මෙවැනි ආලෝක ප්රභවයන්ට වැඩි කාලයක්නිරාවරණය නොවීමට පාරිභෝගිකයනුත් උනන්දු විය යුතු බව හාවඩ් සරසවි වෛද් පීඨය අවධාරණය කර ඇත. (http://www.health.harvard.edu/newsletters/harvardr®healthr®letter/2012/may/blue-light-hasa-dark-side)

අනෙක්අතට "සී.එෆ්.එල්." බල්බ වැඩි වෙලාවක්දැල්වීමේ දී "විද්යුත් චුම්බක කිරණ" සහ "µSනෝල්", "නැප්තලීන්", සහ "ස්ටයිරීන්" වැනි රසායනික ද්රව්යයන් නිකුත් කෙරෙන බවත්, දීර්ඝ කාලයක්මෙම කිරණ වලට සහ රසායනික ද්රව් වලට නිරාවරණය වීම අනතුරුදායක විය හැකි බවත් විද්යාඥයින් අනතුරු `ගවන අතර, "සී.එෆ්.එල්." බල්බ වලින් නිකුත් කෙරෙන "විද්යුත් චුම්භක කිරණ" වලින් පිළිකා අර්බුද ඇති කරවිය හැකි දැයි සොයා බැලීමට තවදුරටත් පර්යේෂණ කළ යුතු බව විද්යාඥයින් ප්රකාශ කර සිටී. කෙසේ වෙතත් මහා බ්රිතාන්යයේ රජයේ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දැක්වෙන වාර්තාවකද මෙම කිරණ වලින් ආරක්ෂා වීම පිළිබඳ අවධාරණය කර තිබේ. ((http://www.parliament.uk/business/publications/research/briefingpapers/SN04958/theph a s i n g - o u t - o f -incandescent-light-bulbs)

මේ පිළිබඳව අදහස්දක්වන විද්යාඥයන් අවධාරණය කර ඇත්තේ දීර්ඝ කාලයක්මෙම ආලෝකයට නිරාවරණය නොවී සිටීමත්, හිස අසලින් මෙම බල්බ නොදැල්වීමත්, විශේෂයෙන් පාඩම් කටයුතු සිදු කරන ළමුන් "සී.එෆ්.එල්." බල්බ වෙනුවට සාමාන් බල්බ යෙදූ "ටේබල් ලෑම්ප්" භාවිත කිරීමත් වඩා සුදුසු බව යි.

ඇතැම් රටවල් "සී.එෆ්.එල්."බල්බ භාවිතය සීමා කරමින් සිටී.

"
සී.එෆ්.එල්." බල්බ භාවිතයේ දී ඒවා අවදානම් සහගත ලෙස පරිහරණය නොකරනවානම් සහ භාවිතයෙන් ඉවත් කළ බල්බ ප්රතිචක්රීකරණය කිරීම නිසි ලෙස සිදු කරනවානම්, (මෙම බල්බ සියයට 95 ක්පමණ සාර්ථකව ප්රතිචක්රීකරණය කරන්නට පිළිවන් වීම මෙහි ඇති වාසි සහගත තත්ත්වයකි.) මේවායේ ඇති අවදානම අවම කර ගත හැකි බවත් විද්යාඥයෝ ප්රකාශ කරති. අනෙක්අතට, සාම්ප්රදායික බල්බ මෙන් නොව, සී.එෆ්.එල්. බල්බ දීර්ඝ කාලයක්යන තුරු භාවිත කළ හැකි වීම මේවායේ තිබෙන තවත් වාසි සහගත තත්ත්වයකි. එහෙත් වගකීමේ සහතිකයේ සඳහන් වන කාලය ඉක් ගිය වහාම දැවී යන ලෙස මේවා නිෂ්පාදනය කර තිබීම මේවායේ තිබෙන බරපතල අවාසියකි. සංවර්ධිත රටවල සාමාන්යයෙන් වසර 5 කට වඩා වැඩි කාලයක වගකීමේ සහතිකයක්පාරිභෝගිකයින්ට ලබා දිය යුතු බවට වන නීති ක්රියාත්මක වුවත්, නීති රීති දුර්වල රටවල තත්ත්වය එසේ නොවන්නේය. "තෝමස්අල්වා එඩිසන්" විසින් දැනට වසර 100 කටත් පෙර නිෂ්පාදනය කර ඇති ලොව පළමු සාමාන් විදුලි බුබුළු තවමත් දැල්වෙන අතර, වැඩි වැඩියෙන් ලාභ ඉපැයීම තම ඒකායන පරමාර්ථය කර ගත්, නිෂ්පාදකයින් විසින් අඩු කාලයක දී දැවී යන ලෙස විදුලි බල්බ නිෂ්පාදනය කිරීම නිසාවෙන් අපගේ ආර්ථිකය පමණක්නොව, සමස් පරිසරයත්, ජීවී හා මානව පැවැත්මත් අනතුරේ හෙළා ඇති බව පැහැදිලිය.

නවසීලන්ත රජය සාම්ප්රදායික විදුලි බුබුළු භාවිතය තහනම් කරන්නට ගෙන තිබූ නීතිය ඉවත් කරවා ගෙන ඇත. ජර්මන් රජය විසින් එරට පොදු ස්ථාන, ආරෝග් ශාලා තුළ "සී.එෆ්.එල්." බල්බ භාවිත කිරීම තහනම් කර තිබේ. ඇමරිකාවේ කැරොලිනා ප්රාන්ත රජය "සී.එෆ්.එල්." බල්බ භාවිත කිරීම සීමා කරන්නට නීති සකස්කර ඇත. සියලුම සංවර්ධිත රටවල් "සී.එෆ්.එල්." බල්බ ඇතුළු ඉලෙක්ට්රොනික අපද්රව් වලින් සිදුවන හානිය අවම කිරීම සඳහා, ඒවා පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමේ වගකීම ඒවා නිෂ්පාදනය කරන සමාගම් වලට පවරා තිබේ.
 (උදා. http://www.hse.gov.uk/wate/waste-electrical.htm)

පූර්ණ තරගකාරී වෙළෙඳපොළ රටාව අපේ රටට ඇවිත් දැන් බොහෝ කලක්ගෙවී ගොසින්ය. වෙළෙඳාමේ ආනුභාවයෙන් අපේ රටේ සෑම ගම් දනව්වකම තිබෙන පෙට්ටි කඩ පවා ලෝකයේ තිබෙන නා නා ප්රකාරයේ බඩු භාණ් වලින් පිරී ගොසිනි. එහෙත් බඩු භාණ් පිළිබඳව වන දැනුමෙන් අපේ රටේ මිනිසුන්ගේ මොළ පිරී ගොස්නැත. ලෝකයේ නිෂ්පාදනය කෙරෙන තුට්ටු දෙකේ කුණු කසළ වලට අපේ රට වේගයෙන් කේන්ද්රස්ථානයක්බවට පත් වෙමින් පැවතියද, එම නවීන නිෂ්පාදනයන් හෝ කසළ පිළිබඳව වන දැනුමේ කේන්ද්රස්ථානයක්බවට අපේ රට පත් වන්නේ ඉතාමත් සෙමෙන්ය.

මොහොතක්හිතන්න. ඔබේ, ඔබේ දරුවාගේ, ඔබේ සමීපතමයන්ගේ ජීවිත ආරක්ෂා විය යුතුය. එපමණක් නොව, ඔබේ අසල්වාසීන්, මිතුරන්, ෙෆ්ස්බුක්මිතුරන් , මේ හැමෝමත් , අපේ ග්රහ ලෝකයත් ආරක්ෂා විය යුතුය. ඔවුන් දැනටමත් භාවිතයෙන් ඉවත් කරන "සී.එෆ්.එල්, බල්බ" කුණු ගොඩට, ගෙවත්තට, පාරට, කාණුවට, ගංගා ඇළ දොළවලට දමමින් සිටිනවා ඇති. (අනෙකුත් කසළ දමන්නාක්මෙන්) එසේ කිරීමෙන්, බිඳී ගිය මෙම බල්බ වල කටුවලට තුවාල කර ගනිමින් සිටිනවා විය හැකිය. බලධාරීන් හෝ ව්යාපාරිකයින් අප වෙනුවෙන් තීරණ ගනි තැයි අපේක්ෂා කළ නොහැකිය. කල් ඇතිව පරෙස්සම් වීමත්, පරිභෝජනයට උචිත, උචිත දේ තෝරා ගැනීමටත් අපට පුලුවන. අනතුරක්ඇති වන්නට පෙර සූදානම ඇඟට ගුණය.

පිටකොටුව ගමට ගෙනියමු

  පිටකොටුව ගමට ගෙනියමු මෙන්න Online වෙළෙඳපොලේ අලුත්ම පෙරළිය..  ********* 2021 Life එක ගොඩ දාගන්න එන්න  100% ශ්‍රී ලාංකික ආයතනයක් වන Pitakotu...