June 7, 2015

අපි (නෝ)දන්න ඉන්ගිරිසි

අපි  (නෝ)දන්න  ඉන්ගිරිසි

අපි හැමෝම දන්නවනේ ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර භාෂාව කියලා. සැකයක් නෑ ඉංග්‍රීසි භාෂාව ඉතාම වැදගත්. ලෝකයේ රටවල්වලින් 1/4 ක් පමණ, ඒ කියන්නේ රටවල් 50 කට වඩා වැඩි සංඛ්‍යාවක් ඉංග්‍රීසි භාෂාවට තමන්ගේ රටේ නිල භාෂාවක තත්ත්වය ලබාදී තිබෙනවා. ඒත් ඉංග්‍රීසි කියන්නේ ලෝකයේ වැඩියෙන්ම භාවිතා වෙන භාෂාව නෙවෙයි. චීන ජනතාව භාවිතා කරන මැණ්ඩරීන් හෙවත් සම්ප්‍රදායික චීන භාෂාවත් ස්පඤ්ඤය සහ ලතින් ඇමරිකාවේ බහුලව භාවිතා වන ස්පාඤ්ඤ භාෂාවත් තමයි පිළිවෙලින් ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන භාෂා අතරින් එක සහ දෙක. ඉංග්‍රීසි භාෂාවට හිමිවෙන්නේ මේ ලැයිස්තුවේ තුන්වෙනි තැන.
අවම වශයෙන් අකුරු 08 කට එක වරක් හෝ යෙදෙන නිසා ඉංග්‍රීසි භාෂාවේ වැඩියෙන්ම භාවිතා වෙන අකුර E අකුර කියලයි කියන්නේ. එතකොට වැඩිම වචන ගණනක් පටන්ගන්නේ S අකුරෙන්. අවම භාවිතයක් ඇති අක්ෂරය විදියට සැලකෙන්නේ Q අක්ෂරය.

එකම අකුර දෙපාරක් යොදන්නේ නැතිව ලියන්න පුළුවන් දිගම වචනය uncopyrightable. දැනට තියෙන දීර්ඝම වචනය pneumonoultramicroscopicsilicovolcanoconiosis. ඔව්, ඕක තමයි දීර්ඝම වචනය, උච්චාරණය කරලා බලන්න. ඔය වචනය උච්චාරණය කෙසේ වෙතත් මම මුලින්ම කළේ වචනයට තියෙන අකුරු ගණන ගැණලා බැලීම. මේ වචනය පෙනහලු ආශ්‍රීතව අැතිවෙන Silicosis කියන රෝගය හඳුන්වන්න භාවිතා කරන වචනයක් කියලයි සඳහන් වෙන්නේ. මෙච්චර සරල පොඩි වචනයක් තියෙද්දි මොකටද කාටවත් කියවගන්න බැරි අර තරම් දීර්ඝ වචනයක්? 1935 දි ඔය වචනය හඳුන්වා දෙන්න කලින් ඉංග්‍රීසි භාෂාවේ දීර්ඝම වචනය වශයෙන් තිබිලා තියෙන්නේ electrophotomicrographically.

ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා එහි අකුරු 26 ම යොදාගෙන ලියැවෙන වාක්‍ය. මේවගේ වාක්‍යවලට කියන්නේ pangram කියලා. ඔබ අතරින් බොහෝ දෙනෙක් pangram කියන වචනය අහලා නැති වෙන්න පුළුවන්, නමුත් හැමෝම වගේ pangram එකක් දැකලා තියෙනවා. මේ තියෙන්නේ ඒ හැමෝම දන්න pangram එක.

Lipogram කියලා ඉංග්‍රීසි වචනයක් තියෙනවා. එ් වචනයේ අර්ථය කිසියම් නිශ්චිත අකුරක් හෝ අකුරු කිහිපයක් නොයෙදෙන විදියට ලියූ වාක්‍ය/ජේදය කියන එක. අපි දැන් දන්නවනේ ඉංග්‍රීසි භාෂාවේ වැඩියෙන්ම යෙදෙන අක්ෂරය E කියලා. පුලුවන්ද E අකුර යොදාගන්නේ නැතිව වාක්‍යයක් හදන්න?

ක්‍රි.ව 1873 -1939 කාලයේ අර්නස්ට් වින්සන්ට් රයිට් කියලා ඇමරිකානු ජාතික ලේඛකයෙක් හිටියා. මෙයා රචනා කරලා තියෙනවා පොතක් Gadsby කියන නමින්. මේ පොතේ වචන 50,000 කට වඩා තියෙනවා, ඒ වගේම එය තරමක රසවත් කතාවක් අන්තර්ගත පිටු 282 කින් යුත් නවකතාවක්. නමුත් පොතේ කිසිම තැනක E අකුරක් සහිත එකම එක වචනයකවත් නැහැ. වින්සන්ට් රයිට් මේ පොත රචනා කරද්දි එයාට තිබුන ලොකුම ගැටලුව වුනා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ Regular verbs වශයෙන් හඳුන්වන ක්‍රියා පද. එවැනි ක්‍රියා පදවල අතීත ස්වරූපය ලියද්දි අගට -ed යෙදනෙවා. ඒ නිසා වින්සන්ට් රයිට් තමන්ගේ මේ පොත ලියලා තියෙන්නේ ඒ විදියේ Regular verbs මුලුමනින්ම මගහැරලා. මේ පොත බුද්ධිමය දේපළ අයිතියෙන් නිදහස් පොතක් (Public domain mark). කැමති කෙනෙක් ඉන්නවානම් archive.org වෙතින් පොතේ මෘදු පිටපතක් නොමිලයේම භාගතකරගෙන කියවන්න පුලුවන්.


Queueing කියන වචනය හැදෙන්නේ පෝලිම/පේළිය වගේ අර්ථයන් දෙන Queue කියන වචනයෙන්. හොඳට බලන්න Queueing කියන වචනය ඇතුළේ අඛණ්ඩව ස්වර අක්ෂර (Vowels) 05 ක් යෙදිලා තියෙනවා. ඒ තමයි ස්වර අක්ෂර වැඩිම ගණනක් අඛණ්ඩව යෙදෙන ඉංග්‍රීසි වචනය. එතකොට ස්වර අක්ෂර නැතිව ලියන්න පුළුවන් දීර්ඝම වචනය තමයි Rhythm. දන්නවනේ ඕනම භාෂාවක තියෙනවා එකම රිද්මයට ශබ්ද වෙන වචන. දැන් cat, bat සහ fat වගේ සරල වචන ඒ වගේ රිද්මය අතින් සමාන වචන. පුළුවන්ද ඒ විදියට orange කියන වචනයට රිද්මය අතින් සමාන ඉංග්‍රීසි වචනයක් කියන්න?

බෙල්ලට පොඩි ව්‍යායාමයක් එන්නත් එක්කලා SWIMS කියන වචනේ උඩු යටිකුරු වෙන විදියට බලන්න. මොකද්ද පේන්නේ? එහෙම උඩින් බැලුවම ඒ විදියට පේනෙන වෙනත් වචන ඉංග්‍රීසි භාෂාවේ තියෙනවද ?

ඇයි අපි අකුරු ටයිප් කරන්න භාවිතා කරන යතුරුපුවරුවේ ඉංග්‍රීසි අකුරු අපිළිවෙළට තියෙන්නේ ? අපි අද භාවිතා කරන යතුරුපුවරුවේ ආරම්භය පැරණි යතුරුලියන යන්ත්‍ර. ඒවායේ අකුරු පෙලගස්වලා තියෙන්නේ අකුරු ටයිප් වෙන්න ඒ තුළ සකස් කර තිබුණු යාන්ත්‍රික ක්‍රමය එකිනෙක අකුරු එක්ක පැටලෙන්නේ නැති වෙන විදියට. යතුරුලියනය වෙනුවට පරිගණකය ආදේශ වෙද්දි යතුරුලියනයේ මේ ක්‍රමය පරිගණක යතුරුපුවරුවෙත් භාවිතා වුණා. අද අපි භාවිතා කරන යතුරුපුවරුවට කියනවා නමක් QWERTY යතුරුපුවරුව කියලා. යතුරුපුවරුවේ තිබෙන ඉංග්‍රීසි අකුරු අතරින් මුල්ම පේළියේ මුලින්ම තියෙන්නේ ඔය අකුරු 06. ඒ වගේම TYPEWRITER කියන වචනය අත එහා මෙහා නොකර යතුරුපුවරුවේ මුල් පේළියෙන්ම ටයිප් කරන්නත් පුළුවන්.

කාටහරි කියන්න පුළුවන්ද ship shipping ship ships shipping ships කියන වාක්‍යයේ තේරුම? බැලූ බැල්මට මේක නිකන්ම වචන ටිකක්, ඒත් ඇත්තටම ගත්තොත් මේක පැහැදිලි අර්ථයක් තිබෙන නිවැරදි වාක්‍යයක්. හරියට 'නෝනා, නාන්න නම් නාන්න නෝනා. නොනා නොනා නේන්න නෝනා' වගේ. මේ වාක්‍ය මෙන්න මේ විදියට අරගෙන බලන්න, A ship shipping ship ships shipping-ships. දැන් පැහැදිලිද? ඒත් නැත්නම් මෙහෙම සටහන් කරොත් - A boat shipping boat transports shipping-boats. වාක්‍යයේ අර්ථය මෙහෙමයි - නැව් ප්‍රවාහනය කරන නෞකාවක් නාවික යාත්‍රා ප්‍රවාහනය කරමින් යාත්‍රා කරනවා.

ඒ විදියටම මේ වාක්‍යයේ තේරුම කියන්න උත්සාහ කරන්න - Will, will Will will Will Will's will? තේරුම මෙහෙමයි. විලියම් කියන නම තියෙන පුද්ගලයන්ට කවුරුත් පහසුවට කතා කරන්නේ විල් කියලා. Will (විලියම් - පළමු පුද්ගලයා), will (අනාගත කාලය හඟවන ක්‍රියා පදය) Will (විලියම් - දෙවැනි පුද්ගලයා) will (පවරයිද) Will (විලියම්ට - තුන්වන පුද්ගලයා) Will's (විලියම්ගේ - දෙවැනි පුද්ගලයාගේ) will (අන්තිම කැමැත්ත)? විලියම්, ඔයා මොකද හිතන්නේ, අපේ විලියම් එයාගේ අන්තිම කැමැත්ත අර එහා ගමේ විලියම්ට පවරයිද? ඔන්න ඔය වගේ දෙයක් තමයි ඒකේ තේරුම.

ඒ වාක්‍ය ටික නම් තේරුම් ගන්න අපහසු වාක්‍ය. ඒ වුණාට, ඒ වගේද ඉංග්‍රීසි භාෂාවේ කෙටිම වාක්‍ය. අකුරු තුනයි තියෙන්නේ. Are you aware of the shortest sentence of the English language? කියලා කවුරුහරි ඇහුවොත් I am කියලා උත්තර දුන්නම හරියටම හරි.

රෝම නීතිය වැඩිදුර අධ්‍යනය කරනකොට රෝම නීතියේ ප්‍රධාන කොටස් 03 ක් තියෙනවා කියලා අපි ඉගෙන ගන්නවා. ඒ Ius naturale (Natural law), Ius gentium (Law of foreign people and nations), Ius civile (Law of roman citizens). ඔය පද තුනේම නීතිය කියන අර්ථය දෙන Ius කියන වචනයේ උච්චාරණ ශබ්දය 'jus' හෙවත් 'ජුස්' කියන ශබ්දය. ඇයි ඉතින් I අකුරෙන් ලියලා J අකුරෙන් ශබ්ද කරන්නේ? ඔය වගේම ජේසුස් කිස්තූන් වහන්සේට Jesus සහ Yesus කියලා නම් දෙකක් තියෙනවානේද? Hallelujah කියන වචනය ඇයි Ha-le-loo-Yah කියලා 'යා' ශබ්දයක් සහිතව උච්චාරණය වෙන්නේ? ඔය හැම තැනකම J ශබ්දය වෙනුවට යෙදිලා තියෙන්නේ Y හෝ I අකුරු දෙක. මේකට හේතුව තමයි දැනට වසර 500 කට පමණ ඉහතදී ඉංග්‍රීසි භාෂාවේ අකුරු අතර J යනුවෙන් අකුරක් නොතිබීම. ඒ නිසා J ශබ්දය බොහෝවිට පෙන්වලා තියෙන්නේ Iu, Ie, Ya විදියට.

එතකොට ඔය ගොඩක් දෙනෙක් දන්නේ නැහැනේ ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා Fuck කියලා වචනයක්. මේක අසභ්‍ය වචනයක්. හරි, දැන් තමයි දැන ගත්තේ නේද? මේ වචනයේ නිරුක්තිය (Etymology) ගැන එක එක කතන්දර තියෙනවා. ඒ එක කතාවක් තමයි මේ වචනය අයර්ලන්ත නීති පද්ධතියේ තියෙන එක්තරා නිර්වචනයකින් හැදුණ එකක් කියන එක. යම්කිසි යුවලක් අනාචාරයේ හැසිරීමේ චෝදනාවට වරදකරුවන් වුණොත් අයිරිස් නීතිය යටතේ ඔවුන්ට දෙන දඬුවම නිර්වචනය කරන්නේ For unlawful Carnal knowledge වශයෙන්. එ් පද 04 මුල් අකුරුවලින් Fuck කියන වචනය බිහිවුණා කියන එක එක් අදසක්.

තවත් අදහසක් තමයි මේ වචනයේ නිරුක්තිය මධ්‍යතන යුගයේ තිබුණ එක්තරා භාවිතයකින් සිදුවුණ එකක්යැයි කීම. මධ්‍යතන යුගයේ යුරෝපය පුරා මහාමාරිය වසංගතය පැතිර තිබුණ කාලයේ (Plague/Black death) බොහෝ යුරෝපා නගර රෝගය පැතිරීම පාලනය කිරීමේ අරමුන‍ෙන් නව දරු උපත් සිදුකිරිම සම්බන්ධයෙන් නීති පනවලා තිබුණා. එකේ අරමුණ රෝගය පාලනය කරන්න ඒ යුගයේ තිබුණ සීමිත සම්පත් වඩාත් ප්‍රයෝජනවත් ලෙස භාවිතයට ගැනීම. මේ නීතියට අනුව යුවලක් ලිංගික සම්බන්ධතාවයක් පවත්වනවානම් මුලින්ම ගිහින් රජුගෙන් ඒ කාර්යයට අවසර ගැනීම අනිවාර්ය වෙලා තිබෙනවා. කෙළින්ම ගිහින් රජතුමාව මුණගැහිලා අවසර ඉල්ලුවා නෙවෙයි, ඒ ඒ නගරවල හිටිය නගර ප්‍රධානීන් තමයි රජු නියෝජනය කරමින් අවසරය දීලා තියෙන්නේ. ඉතින් මේ විදියට අවසර අරගන්න අයට කොන්දේසියකුත් අදාළ වෙනවා. ඒ කොන්දේසියට අනුව, ලිංගික කාර්යයේ යෙදෙනකොට පාරේ ඉඳලා නිවසට තිබෙන පිවිසුමේ යම් තැනක පැහැදිලිව පේන්න සඳහනක් තැබිය යුතුයි තමන් අවසර අරගෙනයි මේ කාර්යයේ යෙදී ඉන්නේ කියලා. නැත්නම් බලධාරීන් ඇවිත් අනාචාරයේ හැසිරෙනවා කියලා අත්අඩංගුවට ගන්නවා. ඉතින් ඔය විදියට දාපු සඳහන තමයි Fornication under the consent of King. මේ වාක්‍යයේ වචනවල මුල් අකුරු කිහිපය එකතුවෙලා Fuck කියන වචනය බිහිවුණා කියන එකයි දෙවැනි අදහස.

නමුත් සමහරුන්ට අනුව ඔය වචනයේ නිරුක්තිය සම්බන්ධයෙන් තිබෙන ඉහත සඳහන් අදහස් දෙකම 1960 දශකයෙන් පස්සේ හුදෙක් විනෝදය සඳහා නිර්මාණය කරගත් අදහස් (Urban legends). ඒ මතයට අනුව මේ අදහස් දෙකටම සැබෑ ඓතිහාසික පදනමක් නැහැ.

දැන් ඔය සිංහල භාෂාවේ තියෙනවානේ මෙන්න මේ වගේ වාක්‍ය - චූටි ටීචගේ චූටි ටෝච් එක. අර නව පුරපුරේ ගායකයෙක්ගේ සින්දුවකත් තියෙන්නේ අල ලොරියයි ලුණු ලොරියයි එකට පෙරළිලා කියලා. මේවාට ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන්නේ tong twisters කියන නම. කියවන්න බලන්න මෙන්න මේක දිව උලුක් කරගන්නේ නැතිව.
Peter Piper picked a peck of pickled peppers.
How many peck of pickled peppers did Peter Piper pick?
If Peter Piper picked a peck of pickled peppers,
Where's the peck of pickled peppers Peter Piper picked?

හරිද? කාටවත් මොකුත් කරදරයක් නෑ නේද? හරි එහෙනම් දැන් මේක.

sixth sick sheik’s sixth sheep’s sick.

කලින් එක තරම් දිග නැතිවුණාට ඕක තමයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන අමාරුම tong twister එක.

ඉංග්‍රීසි භාෂාව ගැන කතා කරනකොට අමතක කරන්නම බැරි වචන ටිකක් ලංකාවේ භාවිතයේ තියෙනවා. මජ්ජාඩ් එක දන්නවද? ඔය යතුරුපැදිවල එහෙම තියෙන්නේ පාරේ යනකොට ධාවකයාගේ ඇඟට රෝදයෙන් මඩ විසිවෙන එක වළක්වන්න (Mud guard). තව ඔය මෝටර් වාහනවලම තියෙනවා ටේලයිට් එක (Tale light). වාහන පාවිච්චි කරන අය දන්නවා අැති සොකැබ්සෝබර් (Shock Absorbers). එතකොට අලුතෙන් හදන ගෙයක ඉස්සෙල්ලම කරන්නේ බවුන්ඩේෂන් එක දාන එක නේද (Foundation).

අපි පොඩි කාලේ ඉඳන්ම අද වෙනතුරුත් පුංචි දරුවන්ට අනිවාර්යයෙන් කියලා දෙන ඉංග්‍රීසි කවියක් තියෙනවා.
Twinkle, twinkle, little star How I wonder what you are!
Up above the world so high Like a diamond in the sky.

මේක ජේන් ටයිලර් කියන ඉංග්‍රීසි ජාතික කිවිඳිය විසින් රචනා කරලා 1806 වර්ෂයේ එළිදක්වපු කවියක්. වසර 200 කටත් වඩා පැරණි නිර්මාණයක්. බෙහෝමයක් දරුවන් දන්නේ ඔය උඩින් තියෙන පද 04 විතරයි, ඒත් ජේන් ටයිලර් මේක නිර්මාණය කළේ පේළි හතරක කවි 05 ක් තියෙන කවි පංතියක් විදියට. මේ තියෙන්නේ ඒ කවි පංතියේ ඉතිරි කවි 04.

When the blazing sun is gone When he nothing shines upon,
Then you show your little light Twinkle, twinkle, all the night.

Then the traveler in the dark Thanks you for your tiny sparks;
He could not see which way to go If you did not twinkle so.

In the dark blue sky you keep And often through my curtains peep
For you never shut your eye Till the sun is in the sky.

As your bright and tiny spark Lights the traveler in the dark,
Though I know not what you are Twinkle, twinkle, little star.

මගේ ඉංග්‍රීසි ගුරුතුමියගෙන් ඉගෙනගන්න කලින් මම ඔය කවිය කිව්වේ මෙහෙමයි.

ට්විංකල් ට්විංකල් ලිට්ලිස්ටා හව් අයි වොන්ඩ වට්ටූආ
අප්අ බවුද වල්සෝ හයි ලයික ඩයමන් ඉන්දස්කයි

මහාචාර්ය ඒ.වී. සුරවිර මහත්මයාගේ 'අකුරට යන වෙලාවේ' කියන කෙටිකතාවේ ඉන්න මැණිකා ඕක ගායනා කරන්නේ මෙහෙමයි.

ටිංකල් ටිංකල් ලිට්ල් ලිට්ල් ස්ටා
අවුවයි වන්ඩ වට්යූ වට්යූ ආ
අප්පේ බව්දා බව්දා වෝල්සෝ හා
ලයිකේ ලයිමා ලයිමා ඉන්දස් කා

හැම වසරකම ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට දළ වශයෙන් අලුත් වචන 4,000 ක් විතර එකතු වෙන බව සඳහන්. මේ එකතුවෙන වචනවලින් බහුතරයක් වෛද්‍ය විද්‍යාවෙන් ඉංග්‍රීසි භාෂාවට එකතු වෙන වචන.

ඉංග්‍රීසි භාෂාවේ මිලියන ගණනක් වචන අතරෙන් මම කැමතිම වචනයක් තියෙනවා. හොරේෂියෝ වෝල්පෝල් (Horatio Wolpole) කියන ඉංග්‍රීසි ඉතිහාසඥයා තමයි මේ වචනය 1754 වර්ෂයේදී පළමු වතාවට භාවිතා කළා කියලා සැලකෙන්නේ. මේ තියෙන්නේ ඒ වචනය, ඒකට ගැලපෙනවා කියලා හිතුන ඡායාරූපයකුත් එක්ක. 

 

 එලකිරි . කොම්   හී පොස්ටුවකින් උපුටා  ගන්නා ලදි

May 25, 2015

[18+] අසභ්‍ය දර්ශන සහ නිතිය

[18+] අසභ්‍ය දර්ශන සහ නිතිය




[18+] අසභ්‍ය දර්ශන සහ ලාංකීය නිතිය
අද වනවිට පාසල් වයසේ පසුවෙන්නන්ද අසභ්‍ය දර්ශන ලගතබා ගැනීම සාමාණ්‍ය සිදුවිමක් වි තිබේ, පරිඝණකයේ , සීඩි පිටපත් , පෙන් ඩ්‍රයිව් තුල GB ගානේ සිට TB ගනන් දක්වා අසභ්‍ය දර්ශන නැතහොත් ( Porn .. ඔව් ඔව් වැලහ් තමා) ලඟ තබාගන්නා පිරිස සුලභයි. අනෙක් රටවල් තුලදී (Legal Porn) නීති ගත වු අසභ්‍ය දර්ශන සහ එවා ලඟ තබාගැනීමට අවසර ලැබී ඇතත් ලංකාව තුලදි එයට ලැබි ඇති නීතිමය පසුබිම පිලිබද ඔබ දැනුවත්ව සිටිය යුතුයි .

අසභ්‍ය දර්ශන හා නීතිය පිලිබද මුලික කරුණු කිපයක් වේ. එනම්
1.අසභ්‍ය දර්ශන ලගතබා ගැනීම සදහා දැනට පවතින නීතිය
2.අත්අඩංගුවට ගැනිම් , සොදිසි කිරීම සහ වරෙන්තු නිකුත් කිරිම
3.ලමා අසභ්‍ය දර්ශන (Child Porn) ලගතබා ගැනිම
4.පෞද්ගලික අසභ්‍ය දර්ශන සොරකම් කර අන්තර්ජාලයට මුදා හැරිම
5.අසභ්‍ය දර්ශන වලට පෙනි සිටිම සහ රුගත කිරිම (බාලවයස් කාර / වැඩිහිටි)
6.සිරභාරයට ගැනිම් / දඩ ගෙවිම් සහ දේපල රාජසන්තක කිරිම
7.සැලකිලිමත් විය කරුණු සහ FAQ (නිතර ඇසෙන ප්‍රශ්න)
(1) අසභ්‍ය දර්ශන ලගතබා ගැනිම සදහා වන දැනට පවතින නීතිය
ලාංකිය අසභ්‍ය දර්ශන පිටපත් පිලිබදව 2009 කොළඹ අළුත්කඩේ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා විසින් ලබාදුන් නඩු තීන්දුවකින් පසුව ලාංකිය දර්ශන අඩංගු වෙබ් අඩවි 12ක් පමණ වාරණය වුනි. එමනිසා බොහො දෙනා අතර කතාවට ලක්වුයේ ලාංකිය දර්ශන පමනක් නීතිවිරෝධි බවයි. එහෙත් දණ්ඩ නීති සංග්‍රහයේ 285 සහ 286 වගන්තිවල සදහන් වන අන්දමටහ් ඔබට කිසිම අසභ්‍ය දර්ශනයක් ලග තබාගැනිමට නීතියෙන් අවස්ථාවක් නොමැත. ඔව්.. ඔබ කිනම් වයස් කාන්ඩයක වුවත් කිනම් තරාතිරමක පුද්ගලයෙක් වුවත් ඔබට අසභ්‍ය දර්ශන ලග තබාගත නොහැක. එය දන්ඩ නිති සංග්‍රහයට අනුව නිති විරොධි ක්‍රියාවකි. අසභ්‍ය දර්ශන ලග තබාගෙන අත්අඩංගුවට පත්වූ අවස්ථා එදිනෙදා ජිවිතයේදි නිතර ඇසෙන්නට නොලැබුනත් මෙය නිහඩව ක්‍රියාත්මක වන දැඩි නිතියකි. මෙහිදි ඔබ වැරදි කාරයෙකු වුවහොත් සිරගත කිරිම්(මෙය පිලිබද ලිපියේ විස්තරාතමකව කතා කිරිමට බලාපොරොත්තු වේ) හො දඩ ගෙවිම් හා දේපල රාජසන්තක කිරිම් වලට ලක්විය හැක.
(2) අත්අඩංගුවට ගැනිම් , සොදිසි කිරිම සහ වරෙන්තු නිකුත් කිරිම
1.හොඩුවාවක් මගින් අත්අඩංගුවට ගැනිම් 
අසභ්‍ය දර්ශන අඩංගු නිශ්චිත ස්ථානයක පරිඝණකයක , දෘඩාංගයක , සිඩි-ඩිවිඩි පතක් පිළිබදව හෝඩුවාවක් මත පොලිසියට වරෙන්තුවක් නොමැතිව එබ භාන්ඩද , පුද්ගලයාවද අත්අඩංගුවට ගැනීමට අවසර ඇත. ඔනැම අයෙකුට පොලිස් හදිසි ඇමතුම් අංශයට 119 හෝ ආසන්නම පොලිස් ස්ථානටය අසභ්‍ය දර්ශන ලග තබාගන්නා පුද්ගලයෙක් හෝ පරිඝණකයක් , සිඩි / ඩිවිඩි පතක් ගැන නිස්චිත හෝඩුවාවක් ලබා දිය හැක.මෙහිදි ප්‍රශ්න කිරිම් හා සොදිසි කිරිම් වලින් අනතුරුව වැරදි කරුවෙකු වුවහොත් උසාවියට ඉදිරිපත් කර දඩුවම් ලබාදිමක් සිදුකරයි. 

2.අහඹු ලෙස ජංගම දුරකථන පරික්ශාව 
පොලිස් නිලධාරියෙකුට ඔබ ගමන් ගන්නා විටදි ඔබගේ ජංගම දුරකථනයේ අසභ්‍ය දර්ශන තිබේදැයි වරෙන්තුවක් නොමැතිව පරික්ශා කල නොහැක. එසේ කිරිමට හැකියාව ඇත්තේ හෝඩුවාවක් ලැබි හෝ විවෘත වරෙන්තුවක් මතය (Open Warrant). එහෙත් ඔබව වෙනයම් ක්‍රියාවකට අත්අඩංගුව ගැනිමකදි ඔබගේ ජංගම දුරකථනය සෝදිසි කිරිමට පොලිසියට අවසර ඇත. පොලීසිය විසින් ඔබගේ ජංගම දුරකථනය පරික්ශාවට විමසිමේදි එය සදහා ඇති වරෙන්තුව පිලිබදව ප්‍රශ්ණ කිරිමට ඔබට අයිතියක් ඇත. වරෙන්තුවක් හෝ නිස්චිත හොඩුවාවක් නොමැතිනම් ඔබගේ ජංගම දුරකථනය ලබාදිමෙන් වැලකිය හැකිය. අද වන විට සමාජයේ නොදැනුවත් කම නිසා බොහො පොලිස් නිලධාරින් වරෙන්තු නොමැතිව ජංගම දුරකථන පරික්ශාව සිදුකරණු ලබයි.

3.අසභ්‍ය දර්ශන සොදිසි කිරිම සදහා ගනු ලබන විවෘත වරෙන්තු (Open Warrant) 
විවෘත වරෙන්තුවක් යනු නිස්චිත නිවසක් , රැකියා ස්තානයක් , දෙපලක් හෝ පුද්ගලයෙක් ඉලක්ක නොකර උසාවියෙන් ලබාගන්නා සොදිසි කිරිම් වරෙන්තුවකි . උදාහරණයක් ලෙස මෙම නගරය තුල අන්තර්ජාල ශාලා(Internet Cafe) , සිඩි / ඩිවිඩි වෙලද සැල් සොදිසි කිරිමට විවෘත වරෙන්තුවක් ලබාගත හැක.මෙහිදි පොලීසියට අහඹු ලෙස තොරාගත් ස්ථාන පරික්ශා කිරිමට හැකියාව ඇත. ජංගම දුරකථන පරික්ශාව සදහා ඔනැම ප්‍රිසිද්ධ / මිනිසුන් නිතර ගැවසෙන උද්‍යාන , සුපිරි වෙලද සංකිර්ණ , පාසලක් අවට තොරාගැනීමට පොලීසියට මෙම වරෙන්තුව යටතේ හැකියාව ඇත.
2014 මැයි මස පොලීසිය ලබාගත් විවෘත වරෙන්තුවක් මගින් මහනුවර නගර මධ්‍යයේ පිහිටි ජෝර්ජ් ඊද සිල්වා උද්‍යානය තුලදි ජංගම දුරකථන පරික්ශාවක් සිදුකලේය. මෙහිදි අසභ්‍ය දර්ශන අඩංගු ජංගම දුරකථන හිමියන් 39 දෙනෙකු මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබිනි.දඩ මුදලකටද යටත්ව ඔවුන් භාවිතා කළ ජංගම දුරකතන රාජසන්තක කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. (දිණමින 2014-5-21)



4.නරබමින් සිටින විටදි අත්අඩංගුවට ගැනිම් 
මගි ප්‍රවාහන බස්රථයකදි / දුම්රිය පොලකදි හෝ අන්තර්ජාල ශාලාවක් තුලදි ඔනැම ප්‍රසිද්ධ ස්ථානයකදි අසභ්‍ය දර්ශන නරබමින් අසුවුවහොත් වරෙන්තුවකින් තොරව ඔබව අත්අඩංගුවට ගැනීමට පොලිසියට අවසර ඇත. මෙහිදි ප්‍රශ්න කිරිම් හා සොදිසි කිරිම් වලින් පසුව උසාවියට ඉදිරිපත් කරනු ලබයි.

5.පෞද්ගලික ස්ථානයක්(නිවසක් / වෙලද සැලක්) ඉල්ලක්ක කර සැකපිට සෝදිසි කිරිම් මගින් අත්අඩංගුවට ගැනිම 
හොඩුවාවක් නොමැතිව නිස්චිත නිවසක් / ව්‍යාපාරික ස්ථානයක් ඉලක්ක කරගනිමින් සොදිසි කිරිමට උසාවියෙන් වරෙන්තුවක් ලබාගත යුතුය. මෙහිදි සොදිසි කිරිම් කරන අවස්තාවේදි අසභ්‍ය දර්ශන හමුවුවහොත් එම පරිගනකය , ජංගම දුරකථනය , සිඩි / ඩිවිඩි පත් හා එහි අයිතිකාර පුද්ගලයා අත්අඩංගුවට ගනු ලබයි. යම් හෙයකින් එම අවස්ථාවේ අසභ්‍ය දර්ශන සන්තකයේ නොතිබුනේනම් (තිබි ඩිලිට් කර ඇත්නම්) එය නැවත ස්ථාපනය (රිකවරි) කිරිමක් කර නඩු පැවරිය නොහැක.
2015 පෙබරවාරි මස මාතලේ නගරය අවට පාසල් සිසුන් ඉලක්ක කර අසභ්‍ය DVD අලෙවි කරන ලබන බවට සැකකෙරෙන වෙළඳසැලක් වැටලා සොදිසි කිරිමට මාතලේ පොලිසිය විසින් වරෙන්තුවක් ලබාගත්තේය. එම වැටලිමෙන් පසුව DVD 50 ක් පමණ හා අසභ්‍ය විඩියෝ දර්ශන 500 ක් පමණ ගබඩා කර තිබු පරිගණක යන්ත්‍රයක් සමඟ එක් සැකකරුවෙක් අත්තඩංගුවට ගනු ලැබුවේය. (හිරු 2015-2-5)
(3) ලමා අසභ්‍ය දර්ශන (Child Porn) ලගතබා ගැනිම
ලමා අසභ්‍ය දර්ශන සදහා අනෙක් රටවල් තුල දැඩි නීති පනවා ඇත. නිත්‍යානුකුල අසභ්‍ය දර්ශන(Legal Porn) ලගතබා ගත් හැකි වුවත් ලමා දර්ශන ලග තබාගැනීමකදි දඩ / දෙපල රාජසන්තක කිරිම් හා අවුරුදු කිපයක සිරගත කිරිමකටද ලක්විය හැක. එහෙත් ලංකාව තුලදි විදේශික ලමා අසභ්‍ය දර්ශන වැටෙනුයේ සාමාන්‍ය අසභ්‍ය දර්ශන ඝණයට වේ. එහෙත් ලාංකීය ලමුන්ගේ(අවු 16 අඩු) අසභ්‍ය දර්ශන ලග තබාගැනීම අපරාධ ක්‍රියා ඝණයට වැටෙන අතර ළමා ආරක්ෂණ අධිකාරියෙන් නඩු පැවරිමක් සිදු කරයි.මෙහිදි නිත්‍ය වශයෙන්ම සිරදඩුවම්ද ලැබිමට ඉඩ ඇත.
(4) පෞද්ගලික අසභ්‍ය දර්ශන සොරකම් කර අන්තර්ජාලයට මුදා හැරිම
අන් අයෙක්ගේ පෞද්ගලික අසභ්‍ය දර්ශන සොරකම් කර අවසරයක් නොමැතිව අන්තර්ජාලයට මුදා හැරීම අපරාධ ඝණයට අයත් වන ක්‍රියාවකි. පොලිස් අපරාධ අංශයට මේ පිලිබදව පැමිනිල්ලක් ලැබුනහොත් පරිඝණක අංශයේ සහය ඇතුව පුළුල් පරික්ශනයක් සිදුකරනු ලබයි . මෙහිදි එම පුද්ගලයා නිතියට අසුවුවහොත් මහේස්ත්‍රාත් වරයාට ඉදිරිපත් කර දවස් 14 ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව නඩු මාර්ගයට යොමුවි දඩුවම් ලබාදිමක් සිදුකරයි. තවද එම දර්ශනයේ සිටින පුද්ගලයාටද ඔහුට විරුද්ධව සිව්ල් නඩුවක්ද ගොනුකල හැක මෙහිදි ඔහුට වන්දි ගෙවිමටද සිදුවෙනු ඇත
(5) අසභ්‍ය දර්ශන වලට පෙනිසිටිම සහ රුගත කිරිම (බාලවයස් කාර / වැඩිහිටි)
බොහෝ ලාංකිය පෞද්ගලික අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට අනවසරයෙන් හා දැනුවත්ව පිට වි ඇත . එහි පෙනිසිටින්නන් අවුරුදු 16 ට වැඩිනම් ඔවුන්ට නිතිමය වශයෙන් ප්‍රශ්ණයක් සිදුවන්නේ නැත. යම්හෙයකින් එහි 16 ට අඩු ගැහැනු දැරිවියක් සිටීනම් පොලිස් කාන්තා හා ළමා කාර්‍යංශය එය පිලිබදව පරික්ශන පවත්වනු ලබයි. දෙදෙනාගේ කැමැත්තෙන් එම ක්‍රියාව සිදුවුවද ගැහැනු දැරිවිය අවු 18ට දක්වා පරිවාස භාරයට ලක් කර එම පුද්ගලයාට බාලවයස්කාර /ස්ත්‍රි දුශන නඩුවක් ගොනු කරනු ලබයි.ඉහත කි ආකාරයට අවු 16ට අඩු බාලවයස්කාර අසභ්‍ය දර්ශන ලග තබාගැනීමද පොලිස් කාන්තා හා ළමා කාර්‍යංශය මගින් නඩු පවරා සිරදඩුවම් ලැබිය හැකි වරදකි.
දැනුවත් කිරිමක් ලෙස : 2010 වසරේදි ලාංකිය අසභ්‍ය දර්ශන වල පෙනිසිටි තරුණියන්ගේ චායාරුප මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ඔවුන් සොයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කාන්තා හා ළමා කාර්‍යංශය කටයුතු කලේය . එහෙත් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනිම හා ඇතිවු වෙනත් ගැටලු හෙතුවෙන් එය නිශ්පල ක්‍රියාවක් වුනි.මෙහිදි තරුණියන් කිපදෙනෙකු සොයාගනු ලැබුවත් ඔවුනට නඩු පැවරිමක් සිදු නොවුනි.
(6) සිරභාරයට ගැනිම් / දඩ ගෙවිම් සහ දේපල රාජසන්තක කිරිම
දැනට පවතින නීතිය අනුව අසභ්‍ය දර්ශන ලගතබාගැනිමේ වරදට මාස 3ක සිරදඩුවමක් ලබාදිය හැක. එහෙත් අදවනවිට එය දඩගෙවිමට පමනක් සිමා වි ඇත. මෙහිදි නිස්චිත දඩ මුදලක් නොමැති අතර එය 2500 , 5000, 7500 හා රුපියල් ලක්ශය දක්වා වැඩි වුන අවස්ථාද ඇත. එම මුදල තිරණය කරනුයේ මහේස්ත්‍රාත්වරයා විසින් එම වරදේ බරපතලකම අනුවය. තවද එම අසභ්‍ය දර්ශන සහිත පරිඝණයකද , ජංගම දුරකථනයද සිඩි / ඩිවිඩි පත් , ජංගම දෘඩාංග , ලැප්ටොප් පරිඝණක රාජසන්තක කරනු ලබයි.
සිරභාරයක ලක්විය හැකි කරුණු ලෙස පෙන්වා දිය හැක්කේ ලාංකීය ලමා අසභ්‍ය දර්ශන ලගතබා ගැනිම හා පෞද්ගලික දර්ශන සොරකම් කර අන්තර්ජාලයට මුදාහැරිම වේ. මෙවා අපරාධ ඝණයට ඇතුලුවන ක්‍රියාවන් වේ. මෙහිදි දවස් 14 ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව නඩු මාර්ගයට යොමුවි දඩුවම් ලබාදිමක් සිදුකරයි
(7) සැලකිලිමත් විය කරුණු සහ FAQ (නිතර ඇසෙන ප්‍රශ්න)
සැලකිලිමත් විය යුතු කරුණු වනුයේ කිනම් ආකාරයකින් වත් ජංගම උපකරණ තුල අසභ්‍ය දර්ශන ලගතබා නොගැනිමයි (ලැප්ටොප් පරිඝණක , පෙන් ඩ්‍රයිව් , සිඩි- ඩිවිඩි පිටපත් , මෙමරි කාර්ඩ් , ජංගම දෘඩාංග(Portable Hard Disk) , ජංගම දුරකථන ). නොසිතු වෙලාවක ඔබට දඩ ගෙවිමටද ඔබගේ එම උපකරණද රාජ‍සන්තක විමටද ඉඩකඩ ඇත.ප්‍රසිද්ධ ස්ථාන , අන්තර්ජාල ශාලා තුලදි අසභ්‍ය දර්ශන නැරබිමෙන් ඔබව නිතියට හසුවීමට ඇති ඉඩකඩ වැඩිය.
පාස්වර්ඩ් දාලා හංගලා තියෙන්නේ . අත්අඩංගුවට ගන්න පුලුවන්ද ?
වරෙන්තුවක් පිට ඔබගේ පරිඝණකය සොදිසි කිරිමකදි එය සගවා හෝ මුරපදයක් දමා තිබුනහොත් පොලීසිය වැඩිදුර ප්‍රශ්න කිරිම් හා සොදිසි කිරිම් සදහා රඳවාගැනීමේ නියෝගයක් ලබාගනී. මෙහිදි ඔබට මුර පදය / සගවා ඇති ස්ථානය අනිවාර්යයෙන් ලබාදිමට සිදුවේ (කිව්වේ නැති උනාට අවුලක් නැහ් දෙකක් වදිනහ් කොටහ් නිකම්ම පිටවෙයි )

බාගතනොකර බැලුවට ප්‍රශ්ණයක් නැද්ද ?(නිවසක් තුලදි)
පෞද්ගලික නිවසක් තුලදිනම් ප්‍රශ්නයක් සිදුවිමට ඇති ඉඩකඩ බොහෝ අඩුය. එහෙත් වරෙන්තුවක් පිට සොදිසි කිරිමකට පැමිනෙන අවස්ථාවකදි ඔබ නිවස තුල නරබමින් සිටියොත් එම අවස්ථාවේම සොදිසි කිරිමකින් තොරව අත්අඩංගුවට ගැනිමට පොලීසියට අවසර ඇත. මෙහිදි අසභ්‍ය දර්ශන සදහා නිවසක් සොදිසිකිරිමට නිතියෙන් හැකි නමුත් එය නිවසක් ඉලක්ක කරගනිමින් බොහොදුරට සිදුනොවන / ඉතා කලාතුරකින් සිදුවන ක්‍රියාවකි

අසභ්‍ය දර්ශන ලගතබාගත්තා. එත් එවා ඩිලිට් කරා ප්‍රශ්ණයක් වෙයිද ?
වරෙන්තුවක් හෝ හොඩුවාවක් මගින් සොදිසි කිරිමකදි ඔබ සන්තකයේ එම දර්ශන නොමැතිනම් රිකවරි(දෘඩාංග) කර බලා නඩුදැමිමට හැකියාවක් නොමැත.

ලග තබාගත් අසභ්‍ය සිඩි-ඩිවිඩි පත් ගනනට අනුව දඩ මුදල වැඩිවනවාද ?
දඩමුදල තිරණය කරනුයේ මහේස්ත්‍රාත්වරයා විසිනි. එක් සිඩි / ඩිවිඩි පතක් සදහා නියමිත දඩමුදලක් නොමැති නමුත් ඔහුගේ වරද මත එම දඩමුදල ඉතා ඉගල අගයක් විමට ඉඩ ඇත.

ස්වකැමැත්තෙන් තමන්ගේ නිරුවත් දර්ශන / චායාරුප අන්තරජාලයට මුදාහැරිම නිතිවිරෝධිද ? (Scurvy )
දැනට පවතින නිතිය අනුව ඔවුන්ට නඩු පැවරිමක් හෝ අත්අඩංගුවට ගැනිමක් සිදු කරන්නේ නැත. එහෙත් වයස අවුරු 16ට අඩු නම් නිතියෙන් ප්‍රශ්ණ ඇතිවිය හැක.



උපුටා ගැනීම - charith84 ( Elakiri.com ) 
අවසර ලබාදීම පිලිබදව විශේෂ ස්තුතිය 

May 22, 2015

කොරියන් ෆෝන් වල කෝල් ඩ්‍රොප් වෙන අව්ල හදමු

කොරියන් ෆෝන් වල කෝල් ඩ්‍රොප් වෙන අව්ල හදමු

ලංකාවේ ගොඩක් අය කොරියාවේ නිෂ්පාදිත ඔර්ජිනල් සැම්සුන් දුරකථන පාවිච්චි කරනවා . මන් කියන්නේ බොරුවට විකුණන ක්ලෝන් ගැන නෙමෙයි . ඔර්ජිනල් කොරියන් ඒ කිව්වේ SHW/SHV වලින් මොඩ්ල් නම්බර් පටන් ගන්න ෆෝන් ගැන . ගොඩාක් වෙලාවට මේ ෆෝන් වල කෝල් ඩ්‍රොප් වෙන අව්ල තිනවා . එ කිව්වේ කෝල් එක ගත්තම එහා පැත්තෙන් කියන දේ ඇහෙන්නේ නෑ , හිටපු ගමන් කෝල් කට් වෙනවා . ඔන්න ඔය වගේ සින් එකක් තමා මේකෙදි වෙන්නේ . හදාගන්න විදිය කියන්නම් . මේ වැඩේ නම් කිසිම ගේමක් නෑ.






ඔන්න පටන් ගම්මු එහෙනම්

මේක කිපැඩ් එකේ ගහන්න

  • 319712358

දැන් පාස්වඩ් එකක් ඉල්ලයි .තමන්ගේ ෆෝන් එක අනුව පාස්වඩ් එක දෙන්න.

  • මොඩ්ල් නම්බර් එක ඉවර වෙන්නේ S වලින් නම් = 996412 (SKT) >EX = SHV-E210S
  • මොඩ්ල් නම්බර් එක ඉවර වෙන්නේ L වලින් නම් = 0821( LG U+ ) >EX = SHV-E210L
  • මොඩ්ල් නම්බර් එක ඉවර වෙන්නේ K වලින් නම් = 774632 ( KT ) >EX = SHV-E210K

දැන් මෙනු එකකට යන්නේ . එතනින් නෙට්වක් සෙටින් ගිහින් නෙට්වක් මොඩ් යන්න.




ඊළගට එන්නේ මෙහෙම මෙනු එකක්. මේක නම් ෆෝන් එකෙන් ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙන්නත් පුළුවන්.



මෙහෙම ආවාම . එතනින් WCDMA ONLY හරි WCDMA 2100,WCDMA 1900 වගේ 3G වලට ආදාලම එකක් දෙන්න . අනිවා හරි යනවා .

ඔන්න ඔච්චරයි . මේක මහා ලොකු දෙයක් නෙමෙයි තත්පර ගානක වැඩක්.
 
Naveen - නව යුගයක්
.





මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

http://www.elakiri.com/forum/tags.php?tag=upulcla

May 21, 2015

උදරය ඉදිරියට නෙරා ඇවිත්ද? අඩු කර ගන්න විදිහ මෙන්න

උදරය ඉදිරියට නෙරා ඇවිත්ද? අඩු කර ගන්න විදිහ මෙන්න




උදරය ඉදිරියට නෙරා යෑම බොහෝ දෙනෙකු පවතින ගැටලුකාරී තත්වයක් බව පැහැදිළි කරුණකි. මෙම තත්වය මග හැරීම සඳහා අනිවාර්‍යයෙන්ම ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය කරුණක්. ව්‍යායාම වලට අමතරව මේ සදහා අනුගමනය කළ යුතු තවත් පුරුදු කිහිපයක් ගැන මෙම ලිපියෙන් අවධානය යොමු කරනවා.


1. දෙහි යුෂ වීදුරුවකින් දවස ආරම්භ කරන්න.
ඉදිරියට නෙරා ආ උදරය අඩු කර ගැනීමට අනුගමනය කළ යුතු වැදගත්ම පියවරක් ලෙස මෙය හැදින්විය හැකිය. උණුවතුර වීදුරුවකට දෙහි යුෂ ස්වල්පයක් මිරිකාගෙන එයට ලුණු ටිකක් එක් කරගෙන පානය කළ යුතු අතර මෙය දිනපතා සිදු කිරීම මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවන් වේගවත් වී අමතර මේදය දහනය වී ඉදිරියට නෙරා ආ උදරය ක්ෂය වී යනවා.



2. සුදු බත් ආහාරයෙන් වැලකෙන්න.
සුදු සහල් වලින් තැනූ බත් වෙනුවට රතු සහල් වලින් තැනූ බත් හෝ ධාන්‍ය වර්ග ආහාරයට එකතු කර ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා.



3. සීනි සහිත ආහාරයන් පාලනය කරන්න.
සීනි අධික ආහර සහ පැණි රස බීම මෙන්මඅධික තෙල් සහිත ආහාරයන් ලබා ගැනීමද අවම කළ යුතු වෙනවා. එයට හේතු වන්නේ එම ආහර මගින් උදරය වැනි ප්‍රදේශ තුළ අමතර මේදය ගබඩා කිරීම සිදු කරන නිසා ය.



4. හැකි පමණ ජලය පානය කරන්න.
මෙලෙස හැකි පමණ ප්‍රමාණවත් තරම් ජලය පානය කළ විට අමතර මේදය පාලනය වීම මෙන්ම ශරීරයේ නිපදවෙන විශ ශරීරයෙන් බැහැර වී පරිවෘත්තිය වේගය ඉහළ යාමට ද හේතු වෙනවා.



5. අමු සුදු ළූණු අනුභවය කරන්න.
පළමු පියවරෙන් සදහන් කළ දෙහි යුෂ පානය කිරීමට පෙරඅමු සුදු ළූණු ස්වල්පයක් හැපීමට හැකි නම් මෙම ක්‍රියාවලිය දෙගුණ කිරීමට එය හේතු වෙනවා. මෙමගින් ශරීරයේ රුධිර සංසරණය මෘදු සහ වඩාත් කාර්‍යක්ෂම වෙනවා.



6. මස් මාංශ අනුභවය හැකි පමණ අඩු කිරීම.
අනවශ්‍ය මේදය දහනය කිරීමට නම් මස් මාංශ අනුභවය සැලකිය යුතු ලෙස අවම කළ යුතු ය.



7. දිනපතා එළවලු සහ පළතුරු අනුභවය කරන්න.
මෙමගින් ශරීරය ප්‍රතිඔක්සිකාරක, කණිජ සහ විටමින් වලින් පරිපූර්ණ කෙරෙනවා.



8. කුළුබඩු යෙදූ සැර ආහර අනුභව කරන්න.
කුරුදු, ඉගුරු සහ ගම්මිරිස් වැනි කුළුබඩු එකතු කළ ආහර අනුභවය මගින් රුධිරයේ ඉන්සියුලීන් මට්ටම වැඩි කර සීනි මට්ටම අඩු කිරීමට හේතු වෙනවා.






http://goo.gl/Q7ioew




මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

http://www.elakiri.com/forum/tags.php?tag=upulcla

Image result for tharunaya news paper sinhalaඋපුටා ගන්නා ලදී 

May 18, 2015

තරුණ නාවිකයා සහ මහලු පියා


ගොඩක් වෙහෙස වෙලා හිටිය තරුණ නාවිකයාව හෙදිය ඇද අසලට රැගෙන ආවා.

"
මහත්මයා මෙන්න ඔබේ පුතා ආවා" ඇදෙහි වැතිර සිටි මහලු මිනිසාට හෙදිය මදක් උස් හඩින් කිව්වා. නමුත් මහලු මිනිසාගේ ඇස් දෙක විවෘත කරවා ගැනීමට ඇයට එය කීප වතාවක්ම පැවසීමට සිදු වුනා.

වැලදුන දරුණු හෘදයාබාධය නිසා විශාල වශයෙන් බෙහෙත් ලබා දෙනු ලැබූ මහලු මිනිසාට බොද වූ ඡායාවක් ලෙස ඇද අසල සිටි තරුණ නාවික සෙබලාව පෙනුනා.මහලු මිනිසා ආයාසයෙන් තම අත නාවිකයාගේ අත දෙසට ගෙන ආවා. තරුණ නාවිකයා තම ශක්තිමත් ඇගිලි වලින් මහලු මිනිසාගේ අත මිරිකුවේ මහලු මිනිසාගේ ශක්තිය හා ධෛර්ය වර්ධණය කරන නියාවෙන්.

මොහොතකින් පුටුවක් රැගෙන පැමිනි හෙදිය එය මහලු මිනිසාගේ ඇද අසල තබා වාඩි වෙන ලෙස නාවිකයාට සන් කලා. තරුණ නාවිකයා මහලු මිනිසාගේ අත අල්ලාගෙන ඔහුව ධෛර්යවත් කරන ආදරණීය වචන පවසමින් ඒ රාත්‍රිය පුරාම අවදියෙන් සිටියා.
රැය පුරාම වරින් වර හෙදිය පැමිණ තරුණයාට විවේකයක් ගන්නා ලෙස පැවසුවත් ඇයට ඔහු කන් දුන්නේ නෑ.

රාත්‍රිය පුරා වාට්ටුව තුලින් කුමන ශබ්දය ආවත් ඒ කිසිම දෙයකට කන් නොදුන් තරුණයා මරණ මංචකයේ සිටින තම පියාට ආදරණීය වචන පවසමින් ඔහුව ධෛර්යමත් කරන ආකාරය ඇය දුටුවා. මහලු පියා කිසිවක් කතා නොකල අතර තම තරුණ පුතා අසල ඔහු සැනසීමෙන් තම මරණය ලගා වන තෙක් සිටින ආකාරය පෙනුනා.

පාන්දර යාමයේ මහලු පියා මිය ගියා. මහලු මිනිසාගේ ප්‍රාණය නිරුද්ධ වූ අත සිරුර මතින් තැබූ තරුණයා හෙදිය අසලට ගොස් මේ බව දැනුම් දුන්නා. මරණය සම්බන්ධයෙන් කල යුතු රාජකාරී කටයුතු අවසන් කල හෙදිය තරුණයා අසලට පැමින පියාගේ මරණය පිලිබදව ඇයගේ කණගාටුව පල කලා.

මෙහිදී හෙදියට බාධා කල තරුණයා

"
ඒ මිනිසා කවුද?" කියා හෙදියගෙන් විමසුවා.

විශ්මයට පත් වූ ඇය "ඒ ඔබගේ පියා" යැයි පැවසුවා.

"
නෑ ඒ මගේ පියා නෙවේ මම ඔහුව මීට පෙර කවදාවත් දැක නෑ" තරුණයා පැවසුවා.

"
එහෙනම් ඔබව ඔහුට හදුන්වා දුන් මොහොතේ ඇයි ඔබ ඒ බව ඔහුට නොකීවේ"
ඇසුවේ විමතියෙන්.

"
මට ඒ මොහොතේම තේරුම් ගියා කුමක් හෝ ලොකු වැරදීමක් සිදු වී ඇති බව..ඒ සමගම මට පෙනුනා ඒ මහලු මිනිසාට ඒ මොහොතේ තමන් ගේ පුතාව තදින්ම අවශ්‍ය බව,නමුත් ඔහුගේ පුතා ඒ මොහොතේ අසලක නෑ,ඔහුගේ අසාධ්‍ය තත්වය මත මා ඔහුගේ පුතා නොවන බව ඔහුට හදුනා ගැනීමට නොහැකි නිසාත්,ඔහුට ඔහුගේ පුතාව තදින්ම අවශ්‍ය නිසාත් මම ඔහුගේ පුතා ලෙස පෙනී සිටියා"

"
මම අද මේ රෝහලට ආවේ විළියම් ග්‍රේ මහත්මයා හොයාගෙන..
ඔහුගේ පුතා යුද්ධයේදී මිය ගියා..මාව එව්වේ ඔහුට ඒ බව දන්වන්න"තරුණයා නොනවත්වා කතා කලා.
"
මිය ගිය මිනිසාගේ නම මොකද්ද?" අවසානයේ ඔහු ඇසුවා.

හෙදියගේ කදුළින් වැසී ගිය දෙනෙත් ඔහුගේ ප්‍රශ්ණයට උත්තර සැපයූවා.
"
ඔහුගේ නම විළියම් ග්‍රේ"

ජීවිතයේ කාට හෝ ඔබව අවශ්‍යම මොහොතේ ඔහු අසලින්ම සිටින්න
ජීවිතය තරගයක් නොව චාරිකාවක් බව පමනක් සිතට ගන්න.

April 4, 2015

HDD, SSD සහ SSHD අතර වෙනස !

HDD, SSD සහ SSHD අතර වෙනස !


හරි පුංචි වෙලාවක් ලැබුනා ඉතින් අද ලැස්ති උනේ මොකක්ද මේ HDD, SSD සහ SSHD අතර වෙනස කියලා බලන්නයි. සේරටම කලින් තමන් කරන්න යන වැඩේට හරියන Hard Disk එකක් එහෙමත් නැත්තම් storage device එකක් තීරණය කරන එක ඉතාමත් වැදගත් දෙයක්. සාමාන්‍ය පරිඝනකයකදී නම් එක එතරම් වැදගත් නැ. මොකද හුගක් විට Operating System එකේ loading time එක තප්පර ගානකින් වේගවත් වීම එහෙමත් නැත්තම් file copy process එකක් වේගවත් වීම ගැන සාමාන්‍ය පරිශීලකයෙකුට එතරම් ලොකු තේරුමක් නැති නිසා. එත් සමහර කාරණා වලදී මේ HDD එකක් තෝරාගැනීම ඉතාමත් වැදගත්. උදාහරණයක් විදියට Network file share එකකට සාමාන්‍ය HDD එකක් දැම්මොත් users ලා ගොඩක් මේකට එකම වෙලාවේ access කරනකොට මේ share එක ගොඩාක් ස්ලෝව් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කොම්පැනියකට වගේ නම් මුල්‍යමය විදියට බලපානවා. ඒ කෙසේ වෙතත් මෙන්න මෙහෙමයි මේ HDD, SSD සහ SSHD අතර වෙනස්කම් වෙන්නේ.

Hard-Disk Drives (HDDs)

දැනට සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී හුගක්ම දුරට පාවිච්චි වෙන්නේ මෙන්න මේ කියන Hard Disk Drives. හැමෝම දන්නවනේ මේක ඇතුලේ තියෙන්නේ circular type disk platter එකක් හෝ ඊට වැඩි ගණනක්. ඉතින් මේ platters කැරකෙනකොට head එකක් මගින් data read write කරන එක තමයි කරන්නේ. එක පැත්තකින් මේ විදියේ HDD use කරන එක සාක්කුවට හොඳයි. මොකද මිල ගණන් ඉතාම පහල මට්ටමක තියෙන්නේ. හැබැයි ඉතින් මේ ජාතියේ disk drive වල read/write speed එක එහෙමත් නැත්තම් Disk I/O එක ගොඩාක් පහල මට්ටමක තියෙන්නේ. එකට හේතුව තමයි අර කලින් කියපු circular type disk platters පාවිච්චි කරලා මේක හදලා තියෙන එක. මේ නිසා data access කරන්න සැලකිය යුතු මට්ටමේ කාලයක් යනවා. ඒ වගේම මේ disk vibration තත්ත්ව වලට සංවේදී වගේම විවිදාකාර errors ඇති වෙන්න පුළුවන් සම්බාවිතාව වැඩි හෙල්ලිම් ගැස්සීම් වලදී.

hard-disk-drive-sata
Solid-State Drives (SSDs)

SSD Disk එහෙමත් නැත්තම් Solid State Drives ගැන කතා කරනකොට මේවා ගොඩාක් අර කලින් කියපු Hard Disk Drives වලට වඩා ඉදිරියෙන් සිටින්නේ තාක්ෂනය අතින් වගේම ගුණාත්මක බාවය අතින්. ඒ වගේම සාමාන්‍ය HDD එකක් වගේ නෙවේ හොඳ මට්ටමේ SSD එකකට පුළුවන් තප්පරයට මෙගාබයිට් 550 ක් write කරන්න. ( මොකද විවිදාකාර brand එනවනේ ;) ) ඉතින් මේ වේගය අර අපි කලින් කතා කර HDD වගේ 275 ගුණයක විතර වැඩි වීමක්. හොඳම SSD එකක් නොවුනත් හැම SSD එකක්ම අනිවාර්යයෙන්ම 200 MB/s වලින් ඉහල writing speed අගයක් ගන්නවා. සාමාන්‍ය HDD එකක් file access එකකට milliseconds 7 ක් 8 ක් වගේ කාලයක් ගන්නකොට මේ SSD එකට පුළුවන්  ඒ ක්‍රියාවලිය milliseconds එකකටත් අඩු කාලයකදී කරන්න. හේතුව වෙන්නේ මේක ඇතුලේ අර කලින් වගේ කැරකෙන platters නැ ඒ වෙනුවට තියෙන්නේ flash memory එක නිසා අර කලින් වගේ vibration එකකදී උනත් මේ SSD Disk එකක් හොඳම විදියට preform කරනවා.

f0c87ac3406afd10c1790d506e28e997
Solid-State Hybrid Drives (SSHDs)

සරලවම මේ SSHD කියන්නේ SSD Disk වලයි HDD වලයි එකතුවකට. මේකෙදි අර HDD වලදී වගේම data store කරන්න බාවිතා කරන්නේ magnetic platters ඒ උනාට speed එක වැඩි කරන්න මේකෙදි පොඩි වෙනසක් කරලා තියෙනවා. ඒ තමයි වැඩිපුරම access කරන files වල cache එකක් තියාගන්න internal flash memory එකක් හදලා තියෙනවා. එකම data එක වරින් වර දිගටම access කරන තැනකදී මේ SSHD එකක් use කරලා ඉතාමත් හොඳ performance ලබාගන්න පුළුවන්.  තවත් දෙයක් තමයි මේකේ තියෙන්නේ සීමිත flash මතක ප්‍රමාණයක් නිසා cache කරන්න පුළුවන් file ප්‍රමාණය සීමිතයි. ඉතින් මේකේ improve වෙන speed එක affect වෙන්නේ හැම වෙලේම සීමිත file ප්‍රමාණයකට.



එහෙනම් මේ ගැන දන්නා දේවල් ඔයාලත් පහලින් comment කරන්න. පස්සේ දවසක ආපහු මේ වගේ පොස්ට් එකකින් හම්බ වෙමු. :D


ශාමින් ගේ බ්ලොගයෙන් උපුටා ගන්නා ලදී 

February 8, 2015

ලොව බුද්ධිමත්ම මිනිසුන් 10 දෙනා


1. Terence Tao


IQ මට්ටම – 230
මොහු ඕස්ට්‍රේලියානු ගණිතඥයෙකි. මොහු අවධානයට ලක් වන්නේ අනුවර්තීය විග්‍රහයන් ,භාගික අවකලන සමීකරණ ,ආකලන ආකලන සමායුක්තයන් ,ශක්තිපත Ramsey සිද්ධාන්තය, අහබු න්‍යාය සිද්ධාන්තය සහ අංක විග්‍රහ සිද්ධාන්තය පිළිබද හැදෑරීම මගින්ය.
2003 දී Clay Research සම්මානය
2002 දී Bocher Memorial ත්‍යාගය
2000 දී Salem ත්‍යාගය

මොහු ලැබූ සම්මානවලින් කිහිපයක් පමණි ඉහත දැක් වුයේ. මොහු දැනට UCLA හී සිටින ලාබාලතම මහාචාර්යවරයා වේ.

2. Marilyn vos Savant


IQ මට්ටම – 228
මැය ඇමෙරිකානු ලේඛිකාවක් ,කථිකාචාර්යවරියක් ,සහ පිටපත් රචිකවක්ද වේ. 1986 සිට ඇය ” Ask Marilyn” සගරාවේ පලවන විවිධ මාතෘකාවන් යටතේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන අතර ප්‍රහේලිකා ආදීන් පුරවනු ලැබේ.

3.Christopher Mirata


IQ මට්ටම – 225
වයස 16දී මොහු NASA ආයතනයේ අගහරු මෙහෙයුම සදහා දායකත්වය ලබාදුනි. වයස 22 දී Princeton විශ්වවිද්‍යාලයෙන් PhD ය ලබාගත්තේය. දැන් මොහු CIT California Institute of Technology හී තාරකා භෞතික විද්‍යාව උගන්වමින් සිටියි.

4. Kim Ung –Yong


IQ මට්ටම – 210
මොහු කොරියානු සිවිල්ඉංජිනේරුවරයෙක්. මොහු අරුම පුදුම වූ ලෙසද කුඩා කලදී ප්‍රසිද්ධව සිටියේය .මාස 6 ක දී වචන හැසිරවීමත් කොරියානු භාෂාව හදුනාගැනීමේ හැකියාවද ඔහුට තිබිණි. වයස 14 දී Calculus සංකීර්ණ ප්‍රශ්න විසදීමේ හැකියාව තිබුන අතර ගිනස් පොතටද ඇතුලත් වුයේය.

5.Rick Rosner

 
IQ මට්ටම – 192
මොහු ඇමෙරිකානු ටෙලිවිෂන නිෂ්පාදකයෙකි. මොහු CHiPs නැමති ටෙලිවිෂන වැඩසටහන නිර්මාණය කිරීම පිළිබද ව වඩා කතබහට ලක්වී ඇත. මොහු විසින් අතේ ගෙනයා හැකි චන්ද්‍රිකා ටෙලෙවිෂණයක් නිපදවුයේය.

6.Garry Kasparov


IQ මට්ටම – 190
මොහු ලොව විශිෂ්ටතම චෙස් ක්‍රීඩකයා ලෙස නම් කෙරේ . මීට අමතරව මොහු ලේඛකයෙක් සහ දේශපාලන ක්‍රියාකරුවෙක්ද වේ. මොහු ලෝකයේ කැපීපෙනෙන චෙස් ක්‍රීඩකයා බවට පත් වූයේ 1986 දී Anatoly Karpov ව පරාජයට පත් කරමින් ය.

7.Judit Polgar


IQ මට්ටම – 170
හංගේරියාවේ උපත ලද මැය ඉතිහාසයේ දක්ෂතම ගැහැණු චෙස් ක්‍රීඩිකාව ලෙස නම් කෙරේ . ඇය වයස 15 දී Grandmaster යන නාමයෙන් විරුදාවලිය ලද්දාය .ඇය පියාගෙන් චෙස් ඉගෙනගෙන ඇත.

8.Paul Gardner Allen


IQ මට්ටම – 170
මොහු ඇමෙරිකානු කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අතර මොහු ආයෝජකයෙක් සහ මහජනයාට සේවයකරන අයෙකු වේ. Microsoft ආයතනයේ සම ආදී කර්තෘ වරයෙකු ලෙසද මොහු හඳුන්වයි .2013 වන විට ඩොලර් බිලියන 15 ක් සමග ලොව 53 වන ධනවත්ම පුද්ගලයා බවට පත් වී ඇත. මොහුට මොහුට විශිෂ්ට තීරණ ගැනීම ට හැකියාවක් ඇති අයෙකු වේ.

9.Andrew Wiles


IQ මට්ටම – 170
මොහු මොහු බ්‍රිතාන්‍යය ගණිතඥයෙක් වන අතර මොහු Oxford විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් ද ද වේ .මොහු අංක සිද්ධාන්ත පිලිබදව විශේෂඥයෙකි . Fermat ‘s අන්තිම සිද්ධාන්තය ඔප්පු කිරීම මගින් මොහු වඩාත් අවධානයට ලක්වී ඇත.

10. Stephen Hawking


IQ මට්ටම – 160
ඔහුගේ ශ්‍රේෂ්ඨය විද්‍යාවයි .මොහු සිද්ධාන්ත භෞතික විද්‍යාඥයෙක් පමණක් නොව මොහු විශ්ව විද්‍යාව පිළිබදව ඉතා ඉහලටම හැදෑරු අයෙකි .
මොහු ඉපදුනේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හීදීය .ඔහු බොහෝ වතාවක් ලොව බුද්ධිමත්ම මිනිසා දැරූ අයෙකි . දැන් ඔහු අංශ භාගී තත්වයෙන් පසුවේ .නමුත් ඔහුගේ බුද්ධියට මෙම සෑම අභියෝගයක්ම පාහේ බිද දැමීමේ හැකියාව ඇත .
විශ්ව විද්‍යාව ලොවට හදුන්වා දීමට ඔහු ක්වොන්ටමයාන්ත්‍රික විද්‍යාව සහ සාපේක්ෂතාවය යොදා ගෙන ඇති අතර විද්‍යාවට සහ විශ්වවිද්‍යාවට ඔහුගෙන් ලැබුණු දායකත්වය අසීමිතය .


උපුටා ගැනීම  -  http://sira.lk/10-highest-iqs/

February 4, 2015

වඩා හොඳ Android ද iPhone ද?

වඩා හොඳ Android ද iPhone ද? 

( http://techguru.lk/2014/11/15/iphone-android-comparison)

Android ජංගම දුරකථන සහ iPhone අතර තියෙන්නේ ලොකු තරඟයක්. iPhone නිෂ්පාදනය කරන්නේ ඇපල් සමාගම විසින් විතරක් වුනත්, Android ජංගම දුරකථන නම් විවිධ විවිධ සමාගම් රාශියක් විවිධ වෙනස්කම් වලට ලක්කරමින් ජංගම දුරකතන නිෂ්පාදනය කරනවා. ඒත් ඒ අතරින් Samsung දුරකථන තමයි වැඩිම ප්‍රමාණයක් අලෙවි වන්නේ.
ඉතින් Samsung දුරකථනයක් හා iPhone දුරකථනයක් යොදාගනිමින් සාමාන්‍ය එදිනෙදා කටයුතු වැඩි පහසුවකින් හා ඉක්මනින් කටයුතු කරගැනීමේ හැකියාව මත වඩා හොඳ ඇන්ඩ්‍රොයිඩ්ද අයි ෆෝන් ද CNN වෙබ් අඩවිය මඟින් සොයා බලා තිබෙනවා. ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල පහතින් දැක්වෙනවා. ඉතින් මේ තොරතුරු අනුව ඔබට සිතා බලන්න වඩා හොඳ ඇන්ඩ්‍රොයිඩ් ද අයි ෆෝන් ද කියලා.

ඊමේල් කටයුතු සිදුකිරීම

Check Email

දුරකථනය Unlock කිරීමCheck Time

දුරකථන නාමාවලියContact

FlashLight එක භාවිත කිරීමFlash Light

සිතියම් හා දුර මැනීමGet Direction

වේලාව බලාගැනීම
Lock

දුරකථන ඇමතුම් ලබාගැනීම

Make a Call

සංගීත වාදනය

MusicNotification දැනගැනීම
Notification

Search කිරීම
Search

දුරකථනය නිහඬ කිරීම (Silent)Set Vibrate

ඡායාරූප ගැනීම
Take a Photo

දුරකථනය ඇමතීමTalk to Phone

අකුරු ටයිප් කිරීමType

ඇප්ස් භාවිතය

Use Apps

පිටකොටුව ගමට ගෙනියමු

  පිටකොටුව ගමට ගෙනියමු මෙන්න Online වෙළෙඳපොලේ අලුත්ම පෙරළිය..  ********* 2021 Life එක ගොඩ දාගන්න එන්න  100% ශ්‍රී ලාංකික ආයතනයක් වන Pitakotu...