July 24, 2016

ලෝකයේ ජනප්‍රියම පරිගණක මෘදුකාංග පාවිච්චි කරන ඔබ මේ ගැනත් දැන සිටියාද?

ලෝකයේ ජනප්‍රියම පරිගණක මෘදුකාංග පාවිච්චි කරන ඔබ මේ ගැනත් දැන සිටියාද?


Image result for software

මෘදුකාංග ගැන අපි දන්නැති දේවල්

ඔබ දන්නවාද, ලෝකේ තියෙන හැම මෘදුකාංගයකටම ලියාපදිංචි සහතිකයක් තිබෙන බව? ප්‍රධාන වශයෙන් මෘදුකාංග දෙවිදියකට ලියාපදිංචි කරනවා. එකක් තමයි හිමිකම් සහිත මෘදුකාංග (Proprietary Software). මේකෙදි මෘදුකාංගය සඳහා සියළු හිමිකම් සහ අයිතිය තියෙන්නේ ඒ මෘදුකාංගයේ නිර්මාපකයට හෝ නිර්මාණය කරපු සමාගමට. ඔවුන්ගේ අවසරය මත තමයි ඒ මෘදුකාංගය භාවිතා කරන්න පවා අපිට හැකියාව තියෙන්නේ. අනිත් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය තමයි නිදහස් සහ විවෘත මෘදුකාංගයක් (Free & Open Source Software) විදියට ලියාපදිංචි කිරීම. මේකෙදි මෘදුකාංගය පාවිච්චි කරන කෙනාට විශාල නිදහසක් සහ මෘදුකාංගයට අයිතියක් ලබාදෙනවා ඒ මෘදුකාංගයෙන් තමන්ගේ වැඩ කටයුතු සිදුකරනවාට අමතරව.

එතකොට මොකක්ද මේ මෘදුකාංග මංකොල්ලය කියන්නේ?

යම්කිසි මෘදුකාංගයක් එහි හිමිකරුගේ අවසරයකින් තොරව භාවිතා කිරීම, පිටපත් කිරීම, බෙදාහැරීම, යළි නිශ්පාදනය කිරීම, පරිගණකවලට ස්ථාපනය (install) කිරීම හඳුන්වන තනි වචනය තමයි මෘදුකාංග මංකොල්ලය එහෙමත් නැත්නම් Software Piracy කියලා කියන්නේ. කණගාටුවට කරුණ වෙන්නේ තමන් මෘදුකාංග මංකොල්ලයේ යෙදෙන බව බොහෝ දෙනා දන්නේ නැතිවීම. අපි මෘදුකාංගයක් මිලදී ගනිද්දි ඒ මෘදුකාංගය එක්කම ඒක පාවිච්චි කරන්න අවශ්‍ය ලියාපදිංචියත් මිලදී ගන්නවා. ඒ ලියාපදිංචි සහතිකයේ තමයි අපි එම මෘදුකාංගය භාවිතා කළයුතු ආකාරය පිළිබඳව කරුණු දක්වා තියෙන්නේ. උදාහරණයක් විදියට ඒ මෘදුකාංගය පරිගණක කීයක ස්ථාපනය කරන්න පුළුවනිද, ඒ මෘදුකාංගය තවත් පරිගණකයකට පිටපත් කරන්න පුළුවනිද, අන්සතු කරන්න පුළුවනිද වගේ මෘදුකාංගය භාවිතා කිරීම ගැන කොන්දේසි ගණනාවක් මේ ලියාපදිංචි සහතිකයේ අන්තර්ගත වෙනවා. ඒ ලියාපදිංචි සහතිකයේ කොන්දේසි කඩකරමින් අදාළ මෘදුකාංගය භාවිතා කරන එක තමයි මෘදුකාංග මංකොල්ලය. අපේ රටේ වගේම ලෝකයේ බොහෝ රටවල මෘදුකාංග මංකොල්ලය අධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදක්.

මෘදුකාංගයක් පාවිච්චි කරන එක වැරැද්දක් වෙන්නේ කොහොමද?

පරිගණක මෘදුකාංගයක් කියන්නේ බුද්ධිමය දේපළක්. ඉතින් ඒකේ හිමිකරුගේ නිසි අවසරයකින් තොරව ඒ මෘදුකාංගය පාවිච්චි කරන එකෙන් වෙන්නේ බුද්ධිමය දේපළ මංකොල්ලයක්.

මෘදුකාංග මංකොල්ලය සහ ශ්‍රී ලංකාවේ අපිමෘදුකාංග මංකොල්ලයේ ශ්‍රී ලාංකීය සළකුණ. (globalstudy.bsa.org)

මෘදුකාංග මංකොල්ලයේ ශ්‍රී ලාංකීය සළකුණ. (globalstudy.bsa.org)

නිකමට කල්පනා කරලා බලන්න ඔබේ පරිගණකයේ තියෙන මෘදුකාංග ගැන. ඒ මෘදුකාංගවලින් කොපමණ ප්‍රමාණයක් ඔබ විසින් මිලදීගත් හෝ හෝ නීත්‍යානුකූල ආකාරයට අන්තර්ජාලයෙන් බාගත කරපු ඒවාද නැතිනම් කාගෙන් හරි ඉල්ලගෙන හෝ මොකක් හරි ක්‍රමයකින් අන්තර්ජාලයෙන් බාගත කරගෙන පාවිච්චි කරන මෘදුකාංගයක්ද කියලා. ඔබගේ පරිගණකයේ තිබෙන මෘදුකාංග නීත්‍යානුකූල විදියට අන්තර්ගත කරගත් ඒවා බවට ඔබට තහවුරු කරන්න බැරිනම්, බොහෝ විට ඔබත් මෘදුකාංග මංකොල්ලයේ යෙදෙන්නෙක් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි. සමස්ථයක් වශයෙන් ආසියානු කළාපයේ රටවල් අතරින් ශ්‍රී ලංකාව මෘදුකාංග මංකොල්ලයේ යෙදෙන ප්‍රධාන පෙළේ රටක් හැටියටයි ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයන්හි සඳහන් වෙන්නේ. විශේෂයෙන් මීට වසර කීපයකට පෙර 2009 වසරේදී, ආසියානු කළාපයේ මෘදුකාංග මංකොල්ලයේ යෙදෙන රටවල් අතර දෙවන තැන හිමිකරගෙන සිටියේ ශ්‍රී ලංකාවයි. නමුත් අද වෙද්දි මෘදුකාංග මංකොල්ලය පිළිබඳ නීති දැඩිවීම සහ නීතිය යම් තරමකට හෝ තදින් ක්‍රියාත්මක කිරීම නිසා මේ තත්ත්වය යම් තරමකට අඩුවෙලා තියෙනවා. නමුත් 2015 වර්ෂයේදීත් අපේ රටේ ස්ථාපනය කරපු මෘදුකාංගයන්ගෙන් 79%ක්ම අනවසරයෙන් ස්ථාපිත මෘදුකාංග බව කියන්න වෙන්නේ බොහොම කණගාටුවෙන්. ඒ මෘදුකාංගවල වාණිජ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 163ක්. මෙම වසරේ මැයි මාසයේ ලෝක වාණිජ මෘදුකාංග සංගමය විසින් එළිදැක්වූ ලෝක මෘදුකාංග සමීක්ෂණ වාර්ථාවට අනුව මෘදුකාංග මංකොල්ලකරණය අතින් තවමත් අපි ඉන්නේ ආසියා පැසිපික් කළාපයේ 4වෙනි තැන. ඒක කිසිසේත්ම යහපත් තත්ත්වයක් නෙමෙයි කියලා අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ නේද.

මෘදුකාංග මංකොල්ලයට එරෙහිව අපේ රටේ නීතිය



2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත. (nipo.gov.lk)
2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත. (nipo.gov.lk)

පරිගණක මෘදුකාංග හිමිකම අපේ රටේ නීතියට අනුව ආරක්ෂා වෙන්නේ 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත යටතේයි. පරිගණක මෘදුකාංගයක් යනු බුද්ධිමය දේපළක්. යම් කිසි පුද්ගලයෙකු අනවසරයෙන් පරිගණක මෘදුකාංග භාවිතා කරනවානම්, ඔහු නීතිය කඩකරන පුද්ගලයෙක් බවට පත්වෙනවා. මහේස්ත්‍රාත්වරයෙකු ඉඳිරියේ සිදුකරන නඩු විභාගයකින් අනතුරුව ඔහු වරදකරුනම්, එම වරදට දඬුවම විදියට රුපියල් ලක්ෂ 5කට නොවැඩි දඩ මුදලක්, මාස 6කට නොවැඩි සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකටම යටත් කළ හැකියි.

ඉතින් ඇත්තටම ඔය නීති ක්‍රියාත්මක වෙනවද?



අපරාධය සහ දඬුවම. (blog.digicert.com)
අපරාධය සහ දඬුවම. (blog.digicert.com)

ඔව්. පහුගිය අවුරුදු කීපය පුරා බොහෝ අවස්ථාවලදී මේ සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම් සහ නීතිය ඉඳිරියට ගෙන ඒම සිදු වුනා. අදත් එය සිදුවෙමින් පවතිනවා.
පරිගණකය වගේම එහි භාවිතාවෙන මෘදුකාංග කියන්නේ අපට අත්‍යවශ්‍ය මෙවලම්. ඒ මෙවලම්වලින් අපගේ කටයුතු සිදුකරගන්න නීත්‍යානුකූල වගේම නිවැරදි ක්‍රම භාවිතා කරන එක යහපත් නේද?

February 18, 2016

නිරයන් ගැන දැනගන්න

පින්වත් මිතුරනේ..


    අපි නිරය ගැන ඇත්තටම හරි විදිහට දැනගත්තේ අප සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් . පුංචි කාලේ අපාය අපාය කියලා අහල තිබ්බ්ට කවුද හිතුවේ මේව ඇත්ත කියලා.. ඇත්තටම මට නම් මේ අපාය ගැන දශමෙකවත් බයක් තිබ්බේ නැහැ පොඩි කාලේ. ඒත් මේ විස්තර අහන්න ලැබුනම තේරුම් ගියා මේ යන සංසාරෙනම් එච්චර යන්න සුදුසු එක්ක නෙවෙයි කියලා. බුදුරජාණන් වහන්සේ පවා අසුරු සනක් ගසන තරම් කාලයක්වත් මේ භවය වර්ණනා කළේ නැහැනේ.

    ඒ සම්බුදුරජුන්ට මේ ලොව.. පරලොව... දෙව්ලොව.. බඹලොව.. ආදී කිසිම තැනක තියා මේ දස දහසක් වූ ලෝක ධාතුවේ හෝ මේ මුලු මහත් විශ්වයේ හෝ කිසිදු රහසක් නැහැ. උන්වහන්සේ මේ සියල්ල අවබෝධ කළා. ඒ නිසයි උන්වහන්සේට "ලෝකවිදූ" කියලා කියන්නේ.

    උන්වහන්සේ තමා විසින්ම අවබෝධ කර ගත් ඒ තොරතුරු ශ්‍රාවකයන්ට දේශනා කළා. ඒ දේශනාවන් තමයි අද අපිට අසන්නට ලැබෙන්නේ. ඇත්තටම මේක දුර්ලභ කාරණයක් නේද?

"භික්ඛවේ, අප්පමාදේන සම්පාදේථ, දුල්ලභො බුද්ධුප්පාදො ලෝකස්මිං, දුල්ලභො මනුස්සත්ත පටිලාභෝ, දුල්ලභා ඛණසම්පත්ති, දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභං සද්ධම්මසවණං"

  පින්වත් මිතුරනේ.. මෙය බුදුරජාණන් වහන්සේ දිනපතාම භික්ෂුන් වහන්සේලාට කළ අනුශාසනයක්. 

"පින්වත් මහණෙනි, අප්‍රමාදයෙන් යුක්ත වන්න. ලෝකයේ බුද්ධොත්පාදය දුර්ලභයි. මිනිසත් බව ලැබීම දුර්ලභයි. ක්ෂණ සම්පත්තිය දුර්ලභයි. පැවිදි බව දුර්ලභයි. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභයි."

    මේ දුර්ලභ කාරණා අපට ලැබී තිබෙනවා නේද?  අපට ඒ සිරිසදහම් අසන්නට ලඅබුන නිසා තමයි මේ නිරය ,තිරිසන්,ප්‍රේත,අසුර ඒ වගේම දෙව්ලොව ගැන පවා තොරතුරු අපි දන්නේ.. ඉතින්  ඒ අප සරණගිය ගෞතම නම් වූ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ විසින් විශ්මිත අවබෝධ‍යන් යුතුව  දේශණා කළ , නිරයන් පිළිබද විස්තරයක් මේ ලිපියෙන් මම කියන්නයි සූදානම්.

පින්වත් මිතුරනේ..

    තම තමන් කළා වූ කර්මවලට අනුව උපදින භව තුනක් ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒ තමයි,
  • කාම භවය
  • රූප භවය
  • අරූප භවය.
 මෙහි කාම භවයට,
  • සතර අපාය
  • මිනිස් ලොව
  • දිව්‍යලෝක හය , ඇතුළත් වෙනවා.
‍‍සතර අපාය කියන්නේ,
  • නිරය
  • තිරිසන්ප්‍රේත
  • අසුර ලොක වලට යි.
   මේවා කරුණු විදිහට ලියන්නේ ඔයාලට පහසුවෙන් තේරුම් ගැනීම පිණිසයි.

නිරය
     
    බුදුරජාණන් වහන්සේ මේ නිරයන් ගණනාවක් ගැන විස්තර දේශණා කර තිබෙනවා. මේ නිර අතුරින්,
සඤ්ජීව නිරය, කාල සූත්‍ර නිරය, සංඝාත නිරය, රෞරව නිරය, මහා රෞරව නිරය, තාප නිරය, ප්‍රතාප නිරය, අවිචී මහා නිරය ලෙස මහා නිරයන් තිබෙනවා. මේ නිරයන හතරැස් හැඩයෙන් යුක්ත යි. මේ මහා නිරයක එක් පසෙකින් කුඩා නිරයන් හතර බැගින් මහා නිරයක් වටේට කුඩා නිර 16ක් ති‍බෙනවා.
  • සඤ්ජීව නිරය - යමපල්ලන් විසින් එහි උපන් සත්වයන්  ගිනියම් වූ පොළවෙහි පෙරලා කෑලි කෑලි වලට කපද්දී ත් ඒ සත්වයන් කර්මය අවසන් වනතුරු නැවත නැවත ජීවත් වන නිසා මේ නිරය සඤජීව නමින් හැදින්වෙනවා. අධික ක්‍රෝධයෙන් හා මාන්නයෙන් අනිත් අය සමග කොළාහළ කළ, දුලභයන් පෙළූ රජවරු හා නිලධාරීන්, දිළින්දන් පෙළූ පොහොසතුන් හා මැරයන්, සතුන් මරන්නන් මේ සඤ්ජීව නිරයේ උපදිනවා.

  • කාල සූත්‍ර නිරය - මෙහි උපන් සත්වයන් ගිනියම් වූ පොළවේ පෙරළා දැලි නූල් ගසා සසින්නා වූ ස්ථානය කාල සූත්‍ර නිරයයි. දෙමාපියන්ට හා මිතුරන්ට, ගුණවත් පැවිදි උතුමන්ට අපරාධ කළ අය මේ නිරයේ ඉපදී දුක් විදිනවා.

  • සංඝාත නිරය - මේ නිරයේ උපන් සත්වයන් යොදුන් නවයක් වූ ඝන පොළවේ එරී නිෂ්චලව සිටිනවා. මෙහි අහස ගුගුරන්නාක් මෙන් මහ හඩ නංවමින් පොළවේ එරී සිටින සතුන් අඹරමින් එහාට මෙහාට විශාල පර්වතයන් පෙරලී යනවා. මේ පර්වතයන්ට යටවෙන සත්වයන් සුනු විසුනුවී යනවා. ඇත් අස් ගව ආදී සතුන්ට වද දෙමින් වැඩ ගත් අයත් සතුන් මැරූ අයත් මේ නිරයේ ඉපිද දුක් විදිනවා.

  • රෞරව නිරය - මේ නිරයේ, සත්වයන්ගේ සිරුරු වලට ඇතුලු වෙලා  පිච්චෙන දුමක් තිබෙනවා. ශරීරය ඇතුළත් පිටත් දැවෙන නිසා මර හඩ දෙන සත්වයන්ගේ හඩ නිරතුරුවම මේ නිරයේ ඇසෙන නිසා රෞරව නිරය කියා කියනවා.

  • මහා රෞරව නිරය - අතිශයින්ම දරණු ගිනිජාලාවලින් හා දුමෙන් පැසෙන සත්වයන්ගෙන් නැගෙන මහා ශබ්දය නිරතුරුව ඇසෙන නිසාත්, නිරසතුන්ගේ ශරීරවලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසාත් මේ නිරයට මහා රෞරව කියා කියනවා. තුණුරුවන්ට අයති, දෙමාපියන්ට අයත් වස්තුව පැහැරගත් අයත් විනාශ කළ අයත් මේ නිරයේ උපදිනවා.

  • තාප නිරය - මෙහි යමපල්ලන් විසින් ගිනියම් වූ පොළවේ ගිනියම් වූ යකඩ උල් වල ගසා ඇති නිර සතුන් ගින්නෙන් දැවෙමින් බොහෝ දුක් විදිනවා. සතුන් පණ පිටින් මැරූ අය, අනුන්ගේ ගෙවල් ගිනිතැබූ අය මෙහි උපදිනවා.

  • ප්‍රතාප නිරය - මෙහිද තාප නිරයේ වගේම උපත් නිර සතුන් බොහෝ කාලයක් ගින්නේ පැසෙමින් දුක් විදිනවා.  මරණින් මතු ඉපදීමක් නැත යන මිත්‍යාදෟෂ්ටිය අරගෙන පව් කළ අය එහි උපදිනවා.

  • අවිචි මහා නිරය - මේ නිරයේ එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරනවා. පොළවෙන් නැගෙන ගිනි ජාලාව උඩ කෙළවර දක්වා ගමන් කරනවා. උඩින් නැගෙන ගිනි ජාලය පොළව දක්වා ගමන් කරනවා.  මෙහි උපදින සත්වයෝ  හැම පැත්තකින්ම එන ගිනි දැලි වලින් වට වී පිච්චෙනවා. මේ නිරයේ හිඩෙසක් නැති තරමටම සත්වයන්ද සිටිනවා.ගිනිදැල් වලින්, දුක්වලින් හා සත්වයන්ගෙන්ද අඩුවක් නැති නිසා මේ නිරයට අවිචි මහා නිරය කියා කියනවා.  ආනත්තරීය කර්ම කළ, බෝසතුන් නැසූ, ගුණවතුන් නැසූ, චෛත්‍යයන් කැඩූ, පිළිම විනාශකළ, බෝධි රුක්ෂයන් විනාශකළ, බුද්ධශාසනයට අයත් වස්තූන් පැහැර ගත්, මිත්‍ර ද්‍රෝහීන් , භාර්යාවන්ට අපරාධ කළ සහ බොරු කීව  අය, මත්පැන් පානය කළ අය සහ මිත්‍යාදෟෂ්ඨිකයින් එහි උපදිනවා.

  • කුඩා නිරයන් - ගූථ නිරය, කුක්කුල නිරය, අසිපත් වන නිරය,  සම්බලීවන නිරය කියා කුඩා නිරයන් වර්ග හතරක් තිබෙනවා. ගූථ නිරය කියන්නේ, කැකෑරුණු අසුචියෙන් පිරුණු මෙහි වැටෙන නිරසතුන්ගේ ශරීරයේ ඇටමිදුළු දක්වාම විදගෙන යන , උණ ගස්,පොළ ගස්,තල් ගස් පමණ මහත පණුවන් ගැවසීගත් තැනක්.  කුක්කුල නිරය කියන්නේ, යටින් ගිනි අගුරු ඇති අළු වලින් පිරුණු තැනක්.  අසිපත් වන නිරය කියන්නේ,  කඩු වගේ දෙපැත්ත කැපෙන කොළ ඇති ගස් සහ දැලි පිහිය වගේ කොළ ඇති තණ ඇති නිරයයි.  සිම්බලීවන නිරය කියන්නේ, ඉතාම තියුණු කටු සහිත ගස් ඇති නිරයයි. තවත් මෙවැනි බොහෝ නිර තිබෙන බව බුදරජාණන් වහන්සේ සම්බුදු නුවණින් දැන වදාළා.

  • ලෝකාන්තරික නිරය -  ලෝකාන්තරික නිරය කියන්නේ අතිශයින්ම සීතල නිරයකි. මේ නිරය හැම කාලයේම අදුරේ තිබෙනවා. මේ නිරය පතුලේ අතිශයින්ම සීතය ජලය තිබෙනවා. මෙහි ඇති නිර සතුන් වවුලන් මෙන් පර්වතවල එල්ලී ගෙන එහෙ මෙහෙ යනවා. තවත් සත්වයෙක් සිටින බව දැනෙනවිට කෑමක් කියා සිතා අල්ලගන්න උත්සහ කරනවිට ඒ සත්වයන් දෙදෙනාම පර්වතයෙන් ලිස්සා දියට වැටෙනවා. මෙහි වැ‍ටෙන සතුන් උණු තෙල් භාජනයකට දැම්ම පිටි බැදෙනවා වගේ ඔවුන්ගේ ශරීර පුපුර පුපුරා ශීතලෙන් බැදෙනවා.

 මේ ලෝකනාතරික නිරය පවා එකම එක අවස්ථාවක ආලෝකමත් වෙනවා. ඒ තමයි සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහල වන විට. 

      එසේ මේ තුන් ලොවම කම්පා කරවමින් වැඩම කළ බුදුරජාණන් වහන්සේනමකගේ බුද්ධශාසනයක යි අප මේ ඉන්නේ. ඒ ගෞතම බුද්ධශාසනය යි. 

මේ ගෞතම බුද්ධරාජ්‍යය තුළ, මෙකළ මනු ලොව උපන් පින්වත් මිනිසුනේ , ඔබට නැවත සතර අපායට නොවැටෙන්නටත්, සතර අපා දුකින් මිදෙන්නටත්, ගෞතම සසුනේ පිහිට ලබන්නටත් උතුම් වු තිසරණයේ අනන්ත වූ ආශිර්වාදය ලැබේවා..!


තෙරුවන් සරණයි !

දිව්‍ය ලෝක සය

දිව්‍ය ලෝක සය


දිව්‍ය ලෝක යනු මින්ස් ලොවට වඩා සැප සම්පත් අති තැන්ය.මිනිසෙකුව ඉපදීමට වඩා බලගතු පිනක් දෙවියෙකුව ඉපදීමට අවැසි වෙයි.එබැවින් දෙවු ලෝව ඉපදීම තරමක් අපහසු දෙයකි. “අංගුත්තර නිකායේ සඳහන් වන පරිදි” ගත වු 91 කල්පය තුල අන්‍ය තීර්තකයන්ගේ අවවාද අනුශාසනා පිලිපැද දෙවු ලොවට ගිය එක් අයෙකුවත් නොමැත.යමෙක් දෙවු ලොව ගියේ නම් ඒ බුදු කෙනෙකු ඉගන්වු ප්‍රතිපදාව අනුගමනය කිරීමෙනි.එහෙත් එක් අන්‍ය තීර්තක ආගමික නායකයෙකුට පමනක් දෙවු ලොව යාමට හැකි විය.ඒ ඔහු කර්මයද – ක්‍රියාවද පිලිගත් බැවිනි.

දෙවු ලොව යාම සඳහා කර්ම වාදය හා ක්‍රිය වාදය පිලිගත උතුය යන්නෙන් අදහස් වන්නේ මෙයයි…තමා විසින් කරන ලද හොඳ හෝ නරක මතුවට විපාක දෙන්නේ යැයි අදහීම කර්මවාදයයි.

ඒ අනුව දිව්‍ය ලෝක සයක් ගැන සුත්‍ර ධර්මයන් හී සඳහන් වෙති.

1) මිනිස් ලොව ආසන්නයේම ඇති දෙවු ලොව චාතුර්මහාරාජිකය යි.
බහුලව දන් දෙන අය දානමය පුණ්‍ය කර්මයේ බලයෙන් චාතුර්මහාරාජිකයේ උපත ලබති.

2) තාවතිංසය අත්තේ චාතුර්මහාරාජිකයට උඩිනි.චාතුර්මහාරාජිකය සහ තාවතිංසය යන ලෝක දෙකම පාලනය කරන්නේ ශක්‍ර දිව්‍ය රාජයා විසිනි. තාවතිංසය යේ දෙවියෝ චාතුර්මහාරාජිකයේ දෙවියන්ට වඩා යසසින් සහ ආයුෂයෙන් වැඩි අය වෙති.

3) තාවතිංසයට ඉහලින් ඇත්තේ යාම නම් දෙවු ලොවයි.අපායට අදිපති වු යම රජු අපායටම කොටුවී සිටින බව සුත්‍රපිටකයේ දෙවදුත සූත්‍රයේහි සඳහන් වෙති.

4) දිව්‍ය ලෝක අතුරින බෞද්ධයන්ට වඩාත් වැදගත් වන්නේ, තුසිත දෙවු ලොවයි.තුසිත දෙවු ලොව වැසියන් සෑම විටම කල් ගෙවනුයේ ප්‍රීතියෙනි.හේතුව මතු බුදු වන මෙතේ බෝසතුන් එහි වැඩ සිටීමයි.

5) නිර්මණර්තී දෙවු ලොව තුසිත දෙවු ලොවට ඉහලින් පිහිටයි. නිර්මණර්තී දෙවියෝ බොහෝ සැප විඳිති.ඔවුන් කැමති ලෙස කාම සම්පත් නිර්මණය කරගෙන සැප විඳිති.

6) නිර්මණර්තී දෙවු ලොවට ඉහලින් ඇත්තේ පරණිර්මිත වසවර්ති දෙවු ලොවයි. දෙවු ලොව දෙවියන් අතර වඩියෙන්ම සැප ව්ඳිනුයේ නිර්මණර්තී දෙවු ලොව දෙවියන්ය.







මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!


January 2, 2016

GMT - Giant Magellan Telescope

GMT - Giant Magellan Telescope

අභ්‍යාවකාශ නිරීක්ෂණයේදී විශාල සේවයක් මේ දක්වා සිදු සමත්වුනේ හබල් දුරේක්ෂයයි. කොහොමහරි විද්‍යාඥයන් දැන් සැරසෙන්නේ මේ සියල්ලටම වඩා ප්‍රබල විශ්වයම සිසාරා යා හැකි නව දුරේක්ෂයක් නිර්මාණය කිරීමටයි. මේ වන විටත් මෙහි වැඩකටයුතු ආරම්භ කෙරී ඇති අතර 2021 වසරේදී වසර වන විට මෙය පනගැන්වීම විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුවයි. මෙහි සම්පූර්ණයෙන්ම වැඩ නිමකෙරිමට අපේක්ෂා කෙරෙන්නේ 2024 වසරේදියි. මෙය නිර්මාණය කිරීම සඳහා සමාගම් 11ක් සිය දායකත්වය ලබා දෙනවා. ඒ සමාගම් වන්නේ,

Observatories of the Carnegie Institution of Washington
University of Chicago
Harvard University
Smithsonian Astrophysical Observatory
Texas A&M University
University of Arizona
University of Texas at Austin
Australian National University
Astronomy Australia Limited
Korea Astronomy and Space Science Institute
University of São Paulo


මේ දුරේක්ෂයේ විශාලත්වය වැඩි නිසාම එයට නතු කරගත හැකි ආලෝක කිරණ ප්‍රමාණය ඉතා ඉහලයි. ඒ නිසා විශ්වයේ ඈතින්ම පිහිටන ග්‍රහවස්තු මෙන්ම මිට වසර මිලියන 12කට පමණ පෙර පැවති ග්‍රහවස්තු වල ආලෝක පවා මෙයට ග්‍රහණය කරගත හැකි බවට විද්‍යාඥයන් පවසනවා. ඒ වගේම දැනට හඳුනාගෙන ඇති ග්‍රහලෝක, තාරකා සහ තවත් ග්‍රහ වස්තු බොහොමයක් ඉතා හොඳින් සමීපව නැරඹීමේ හැකියාව මෙමගින් ලැබෙනවා. නව ග්‍රහලෝක සොයාගැනීමට පවා මෙමගින් විශාල දායකත්වයක් ලැබෙනු ඇත. මේ ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියනයක් වැය වන බවට ගණන් බලා තිබෙන අතර මෙහි වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා මේ වන විට ඩොලර් මිලියන 500ක මුදලක් මේ වන විට ලැබී තිබේ. මෙහි දෘෂ්ටි පෘෂ්ඨය අඩි 80ක් පමණ වනවා. හබල් දුරේක්ෂයේ දෘෂ්ටි පෘෂ්ඨය අඩි 7.8ක් පමණයි. මේ නිසා හබල් දුරේක්ෂයට වඩා දස ගුණයක තීව්‍රතාවයක් සහිත දසුන් නැරඹීමේ හැකියාව ඔබට ලැබෙනවා.
මේ දුරේක්ෂය මගින් මිනිස් වාසයට සුදුසු පිටසක්වල ග්‍රහලෝක සොයාගැනීමටත් හැකි වන බවට පැවසෙනවා. විශ්වයම මහා පිපිරුමකින් ආරම්භ වුනු බව සලකන විද්‍යාඥයන්ට වසර බිලියන 13.2කට පමණ පෙර සිදු මේ සිදුවීමෙන් නිකුත් වූ ආලෝක කිරණ පවා මේ දුරේක්ෂයට නතු කර ගැනීමට හැකි වනු ඇතැයි මේ ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂක කටයුතු කරන ගඟනගාමි Patrick McCarthy පවසා සිටිනවා. ඒ විශ්වයේ විශාලත්වය නිසාම ආලෝකය එක් තැනක සිට තවත් තැනකට යාමට විශාල කාලයක් ගතවන බැවිනි.
ගණන් බලා ඇති ආකාරයට විශ්වය වසර බිලියන 13,7ක් පමණ පැරණියි. 2018 වසරේ NASA ආයතනයේ James Webb දුරේක්ශයත් පනගැන්වෙනවා. මේ නව දුරේක්ෂ දෙකේ එකතුවෙන් හබල් දුරේක්ෂය කල කාර්යට විශාල දායකත්වයක් ලබා දෙනු ඇති බවට තදින්ම විශ්වාස කෙරෙනවා. 


Elakiri.com - manarrow


Image result for gmt giant magellan telescope

Image result for gmt giant magellan telescope

Image result for gmt giant magellan telescope

Image result for gmt giant magellan telescope

පිටකොටුව ගමට ගෙනියමු

  පිටකොටුව ගමට ගෙනියමු මෙන්න Online වෙළෙඳපොලේ අලුත්ම පෙරළිය..  ********* 2021 Life එක ගොඩ දාගන්න එන්න  100% ශ්‍රී ලාංකික ආයතනයක් වන Pitakotu...