July 24, 2016

ලෝකයේ ජනප්‍රියම පරිගණක මෘදුකාංග පාවිච්චි කරන ඔබ මේ ගැනත් දැන සිටියාද?

ලෝකයේ ජනප්‍රියම පරිගණක මෘදුකාංග පාවිච්චි කරන ඔබ මේ ගැනත් දැන සිටියාද?


Image result for software

මෘදුකාංග ගැන අපි දන්නැති දේවල්

ඔබ දන්නවාද, ලෝකේ තියෙන හැම මෘදුකාංගයකටම ලියාපදිංචි සහතිකයක් තිබෙන බව? ප්‍රධාන වශයෙන් මෘදුකාංග දෙවිදියකට ලියාපදිංචි කරනවා. එකක් තමයි හිමිකම් සහිත මෘදුකාංග (Proprietary Software). මේකෙදි මෘදුකාංගය සඳහා සියළු හිමිකම් සහ අයිතිය තියෙන්නේ ඒ මෘදුකාංගයේ නිර්මාපකයට හෝ නිර්මාණය කරපු සමාගමට. ඔවුන්ගේ අවසරය මත තමයි ඒ මෘදුකාංගය භාවිතා කරන්න පවා අපිට හැකියාව තියෙන්නේ. අනිත් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය තමයි නිදහස් සහ විවෘත මෘදුකාංගයක් (Free & Open Source Software) විදියට ලියාපදිංචි කිරීම. මේකෙදි මෘදුකාංගය පාවිච්චි කරන කෙනාට විශාල නිදහසක් සහ මෘදුකාංගයට අයිතියක් ලබාදෙනවා ඒ මෘදුකාංගයෙන් තමන්ගේ වැඩ කටයුතු සිදුකරනවාට අමතරව.

එතකොට මොකක්ද මේ මෘදුකාංග මංකොල්ලය කියන්නේ?

යම්කිසි මෘදුකාංගයක් එහි හිමිකරුගේ අවසරයකින් තොරව භාවිතා කිරීම, පිටපත් කිරීම, බෙදාහැරීම, යළි නිශ්පාදනය කිරීම, පරිගණකවලට ස්ථාපනය (install) කිරීම හඳුන්වන තනි වචනය තමයි මෘදුකාංග මංකොල්ලය එහෙමත් නැත්නම් Software Piracy කියලා කියන්නේ. කණගාටුවට කරුණ වෙන්නේ තමන් මෘදුකාංග මංකොල්ලයේ යෙදෙන බව බොහෝ දෙනා දන්නේ නැතිවීම. අපි මෘදුකාංගයක් මිලදී ගනිද්දි ඒ මෘදුකාංගය එක්කම ඒක පාවිච්චි කරන්න අවශ්‍ය ලියාපදිංචියත් මිලදී ගන්නවා. ඒ ලියාපදිංචි සහතිකයේ තමයි අපි එම මෘදුකාංගය භාවිතා කළයුතු ආකාරය පිළිබඳව කරුණු දක්වා තියෙන්නේ. උදාහරණයක් විදියට ඒ මෘදුකාංගය පරිගණක කීයක ස්ථාපනය කරන්න පුළුවනිද, ඒ මෘදුකාංගය තවත් පරිගණකයකට පිටපත් කරන්න පුළුවනිද, අන්සතු කරන්න පුළුවනිද වගේ මෘදුකාංගය භාවිතා කිරීම ගැන කොන්දේසි ගණනාවක් මේ ලියාපදිංචි සහතිකයේ අන්තර්ගත වෙනවා. ඒ ලියාපදිංචි සහතිකයේ කොන්දේසි කඩකරමින් අදාළ මෘදුකාංගය භාවිතා කරන එක තමයි මෘදුකාංග මංකොල්ලය. අපේ රටේ වගේම ලෝකයේ බොහෝ රටවල මෘදුකාංග මංකොල්ලය අධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදක්.

මෘදුකාංගයක් පාවිච්චි කරන එක වැරැද්දක් වෙන්නේ කොහොමද?

පරිගණක මෘදුකාංගයක් කියන්නේ බුද්ධිමය දේපළක්. ඉතින් ඒකේ හිමිකරුගේ නිසි අවසරයකින් තොරව ඒ මෘදුකාංගය පාවිච්චි කරන එකෙන් වෙන්නේ බුද්ධිමය දේපළ මංකොල්ලයක්.

මෘදුකාංග මංකොල්ලය සහ ශ්‍රී ලංකාවේ අපිමෘදුකාංග මංකොල්ලයේ ශ්‍රී ලාංකීය සළකුණ. (globalstudy.bsa.org)

මෘදුකාංග මංකොල්ලයේ ශ්‍රී ලාංකීය සළකුණ. (globalstudy.bsa.org)

නිකමට කල්පනා කරලා බලන්න ඔබේ පරිගණකයේ තියෙන මෘදුකාංග ගැන. ඒ මෘදුකාංගවලින් කොපමණ ප්‍රමාණයක් ඔබ විසින් මිලදීගත් හෝ හෝ නීත්‍යානුකූල ආකාරයට අන්තර්ජාලයෙන් බාගත කරපු ඒවාද නැතිනම් කාගෙන් හරි ඉල්ලගෙන හෝ මොකක් හරි ක්‍රමයකින් අන්තර්ජාලයෙන් බාගත කරගෙන පාවිච්චි කරන මෘදුකාංගයක්ද කියලා. ඔබගේ පරිගණකයේ තිබෙන මෘදුකාංග නීත්‍යානුකූල විදියට අන්තර්ගත කරගත් ඒවා බවට ඔබට තහවුරු කරන්න බැරිනම්, බොහෝ විට ඔබත් මෘදුකාංග මංකොල්ලයේ යෙදෙන්නෙක් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි. සමස්ථයක් වශයෙන් ආසියානු කළාපයේ රටවල් අතරින් ශ්‍රී ලංකාව මෘදුකාංග මංකොල්ලයේ යෙදෙන ප්‍රධාන පෙළේ රටක් හැටියටයි ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයන්හි සඳහන් වෙන්නේ. විශේෂයෙන් මීට වසර කීපයකට පෙර 2009 වසරේදී, ආසියානු කළාපයේ මෘදුකාංග මංකොල්ලයේ යෙදෙන රටවල් අතර දෙවන තැන හිමිකරගෙන සිටියේ ශ්‍රී ලංකාවයි. නමුත් අද වෙද්දි මෘදුකාංග මංකොල්ලය පිළිබඳ නීති දැඩිවීම සහ නීතිය යම් තරමකට හෝ තදින් ක්‍රියාත්මක කිරීම නිසා මේ තත්ත්වය යම් තරමකට අඩුවෙලා තියෙනවා. නමුත් 2015 වර්ෂයේදීත් අපේ රටේ ස්ථාපනය කරපු මෘදුකාංගයන්ගෙන් 79%ක්ම අනවසරයෙන් ස්ථාපිත මෘදුකාංග බව කියන්න වෙන්නේ බොහොම කණගාටුවෙන්. ඒ මෘදුකාංගවල වාණිජ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 163ක්. මෙම වසරේ මැයි මාසයේ ලෝක වාණිජ මෘදුකාංග සංගමය විසින් එළිදැක්වූ ලෝක මෘදුකාංග සමීක්ෂණ වාර්ථාවට අනුව මෘදුකාංග මංකොල්ලකරණය අතින් තවමත් අපි ඉන්නේ ආසියා පැසිපික් කළාපයේ 4වෙනි තැන. ඒක කිසිසේත්ම යහපත් තත්ත්වයක් නෙමෙයි කියලා අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ නේද.

මෘදුකාංග මංකොල්ලයට එරෙහිව අපේ රටේ නීතිය



2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත. (nipo.gov.lk)
2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත. (nipo.gov.lk)

පරිගණක මෘදුකාංග හිමිකම අපේ රටේ නීතියට අනුව ආරක්ෂා වෙන්නේ 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත යටතේයි. පරිගණක මෘදුකාංගයක් යනු බුද්ධිමය දේපළක්. යම් කිසි පුද්ගලයෙකු අනවසරයෙන් පරිගණක මෘදුකාංග භාවිතා කරනවානම්, ඔහු නීතිය කඩකරන පුද්ගලයෙක් බවට පත්වෙනවා. මහේස්ත්‍රාත්වරයෙකු ඉඳිරියේ සිදුකරන නඩු විභාගයකින් අනතුරුව ඔහු වරදකරුනම්, එම වරදට දඬුවම විදියට රුපියල් ලක්ෂ 5කට නොවැඩි දඩ මුදලක්, මාස 6කට නොවැඩි සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකටම යටත් කළ හැකියි.

ඉතින් ඇත්තටම ඔය නීති ක්‍රියාත්මක වෙනවද?



අපරාධය සහ දඬුවම. (blog.digicert.com)
අපරාධය සහ දඬුවම. (blog.digicert.com)

ඔව්. පහුගිය අවුරුදු කීපය පුරා බොහෝ අවස්ථාවලදී මේ සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම් සහ නීතිය ඉඳිරියට ගෙන ඒම සිදු වුනා. අදත් එය සිදුවෙමින් පවතිනවා.
පරිගණකය වගේම එහි භාවිතාවෙන මෘදුකාංග කියන්නේ අපට අත්‍යවශ්‍ය මෙවලම්. ඒ මෙවලම්වලින් අපගේ කටයුතු සිදුකරගන්න නීත්‍යානුකූල වගේම නිවැරදි ක්‍රම භාවිතා කරන එක යහපත් නේද?

පිටකොටුව ගමට ගෙනියමු

  පිටකොටුව ගමට ගෙනියමු මෙන්න Online වෙළෙඳපොලේ අලුත්ම පෙරළිය..  ********* 2021 Life එක ගොඩ දාගන්න එන්න  100% ශ්‍රී ලාංකික ආයතනයක් වන Pitakotu...