( අ ) විදිමත් රාජ්‍ය සේවය
එදා සිට අද දක්වා ලංකාවාසී ජනතාව රාජ්‍ය සේවා ලබාගැනීමේදී සිදුවන රස මුසු තැන සහ ඒවා ලබාගැනීමේදී ඇතිවෙන (අ)පහසුව ජනතාවට හෙලිකිරීම තුලින් අනාගතයේ හෝ ඉතාමත් කාර්යෂම සේවයක් ( ලබන ආත්මේ හරි ) ලබාගැනීමට හැකිවෙන වාතාවරණයක් ඇති කිරීම මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් සමාජ මෙහෙවරක් හැටියට ඉල්ලා සිටිනවා ඔයාලටත් සිදු උන හොද / නරක අද්දැකීම් අප අතරේ බෙදා ගන්න උදව් කරන්න කියල. මේක අපි කාටත් රස්තියාදු නොවී යම්කිසි කාර්යක් කරගැනීමට ඉවහල් වේවි ...... කම්කරු දෙපාර්තමේන්තුව - නාරාහේන්පිට දැන් B කාඩ් නැති උනොත් අනු පිටපත් අවශ්‍ය නැතිලු .....!!! උන්ගේ රෙද්ද අස්සේ ඔය නෝටිස් එක ගහල තිබුන මම ගිය වෙලාවක. හෙන ගහනවද පත්තරේක අඩුම ගානේ උන්ගේම TV එකක දැම්මනම්. අර අහිංසක මිනිස්සු රස්තියාදු වෙන්නේ නෑනෙ ... ( ආස්චර්යේ ..... ) ගාල්ල / මාතර / අනුරාධපුර වගේ දුර ඉදල ඇවිල්ල , ඔය නෝටිස් එක බලල යන ය මට ගොඩක් හම්බ උනා මම චාටෙර් එකක් කාගෙන ඉගෙන ඉන්න වෙලාවේ ( අර ඒ මහත්තුරුන්ගේ කෑම දෙපැය 2 තියෙන්නේ ( අපිට නම් පැය 1/2යි දෙන්නේ ) අන්න ඒ අතර තුර / සමහර මහත්තුරු වැඩ කරලා වැඩ ක...