Posts

Showing posts with the label General

අපි (නෝ)දන්න ඉන්ගිරිසි

Image
අපි  (නෝ)දන්න  ඉන්ගිරිසි අපි හැමෝම දන්නවනේ ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර භාෂාව කියලා. සැකයක් නෑ ඉංග්‍රීසි භාෂාව ඉතාම වැදගත්. ලෝකයේ රටවල්වලින් 1/4 ක් පමණ, ඒ කියන්නේ රටවල් 50 කට වඩා වැඩි සංඛ්‍යාවක් ඉංග්‍රීසි භාෂාවට තමන්ගේ රටේ නිල භාෂාවක තත්ත්වය ලබාදී තිබෙනවා. ඒත් ඉංග්‍රීසි කියන්නේ ලෝකයේ වැඩියෙන්ම භාවිතා වෙන භාෂාව නෙවෙයි. චීන ජනතාව භාවිතා කරන මැණ්ඩරීන් හෙවත් සම්ප්‍රදායික චීන භාෂාවත් ස්පඤ්ඤය සහ ලතින් ඇමරිකාවේ බහුලව භාවිතා වන ස්පාඤ්ඤ භාෂාවත් තමයි පිළිවෙලින් ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන භාෂා අතරින් එක සහ දෙක. ඉංග්‍රීසි භාෂාවට හිමිවෙන්නේ මේ ලැයිස්තුවේ තුන්වෙනි තැන. අවම වශයෙන් අකුරු 08 කට එක වරක් හෝ යෙදෙන නිසා ඉංග්‍රීසි භාෂාවේ වැඩියෙන්ම භාවිතා වෙන අකුර E අකුර කියලයි කියන්නේ. එතකොට වැඩිම වචන ගණනක් පටන්ගන්නේ S අකුරෙන්. අවම භාවිතයක් ඇති අක්ෂරය විදියට සැලකෙන්නේ Q අක්ෂරය. එකම අකුර දෙපාරක් යොදන්නේ නැතිව ලියන්න පුළුවන් දිගම වචනය uncopyrightable. දැනට තියෙන දීර්ඝම වචනය pneumonoultramicroscopicsilicovolcanoconiosis. ඔව්, ඕක තමයි දීර්ඝම වචනය, උච්චාරණය කරලා බලන්න. ඔය වචනය උච්චාරණය කෙසේ වෙතත් මම...

[18+] අසභ්‍ය දර්ශන සහ නිතිය

Image
[18+] අසභ්‍ය දර්ශන සහ නිතිය [18+] අසභ්‍ය දර්ශන සහ ලාංකීය නිතිය අද වනවිට පාසල් වයසේ පසුවෙන්නන්ද අසභ්‍ය දර්ශන ලගතබා ගැනීම සාමාණ්‍ය සිදුවිමක් වි තිබේ, පරිඝණකයේ , සීඩි පිටපත් , පෙන් ඩ්‍රයිව් තුල GB ගානේ සිට TB ගනන් දක්වා අසභ්‍ය දර්ශන නැතහොත් ( Porn .. ඔව් ඔව් වැලහ් තමා ) ලඟ තබාගන්නා පිරිස සුලභයි. අනෙක් රටවල් තුලදී (Legal Porn) නීති ගත වු අසභ්‍ය දර්ශන සහ එවා ලඟ තබාගැනීමට අවසර ලැබී ඇතත් ලංකාව තුලදි එයට ලැබි ඇති නීතිමය පසුබිම පිලිබද ඔබ දැනුවත්ව සිටිය යුතුයි . අසභ්‍ය දර්ශන හා නීතිය පිලිබද මුලික කරුණු කිපයක් වේ. එනම් 1.අසභ්‍ය දර්ශන ලගතබා ගැනීම සදහා දැනට පවතින නීතිය 2.අත්අඩංගුවට ගැනිම් , සොදිසි කිරීම සහ වරෙන්තු නිකුත් කිරිම 3.ලමා අසභ්‍ය දර්ශන (Child Porn) ලගතබා ගැනිම 4.පෞද්ගලික අසභ්‍ය දර්ශන සොරකම් කර අන්තර්ජාලයට මුදා හැරිම 5.අසභ්‍ය දර්ශන වලට පෙනි සිටිම සහ රුගත කිරිම (බාලවයස් කාර / වැඩිහිටි) 6.සිරභාරයට ගැනිම් / දඩ ගෙවිම් සහ දේපල රාජසන්තක කිරිම 7.සැලකිලිමත් විය කරුණු සහ FAQ (නිතර ඇසෙන ප්‍රශ්න) (1) අසභ්‍ය දර්ශන ලගතබා ගැනිම සදහා වන දැනට පවතින නීතිය ලාංකිය අසභ්‍ය දර්ශන පිටපත් පිලිබදව 200...

ලොව බුද්ධිමත්ම මිනිසුන් 10 දෙනා

Image
1. Terence Tao IQ මට්ටම – 230 මොහු ඕස්ට්‍රේලියානු ගණිතඥයෙකි. මොහු අවධානයට ලක් වන්නේ අනුවර්තීය විග්‍රහයන් ,භාගික අවකලන සමීකරණ ,ආකලන ආකලන සමායුක්තයන් ,ශක්තිපත Ramsey සිද්ධාන්තය, අහබු න්‍යාය සිද්ධාන්තය සහ අංක විග්‍රහ සිද්ධාන්තය පිළිබද හැදෑරීම මගින්ය. 2003 දී Clay Research සම්මානය 2002 දී Bocher Memorial ත්‍යාගය 2000 දී Salem ත්‍යාගය මොහු ලැබූ සම්මානවලින් කිහිපයක් පමණි ඉහත දැක් වුයේ. මොහු දැනට UCLA හී සිටින ලාබාලතම මහාචාර්යවරයා වේ. 2. Marilyn vos Savant IQ මට්ටම – 228 මැය ඇමෙරිකානු ලේඛිකාවක් ,කථිකාචාර්යවරියක් ,සහ පිටපත් රචිකවක්ද වේ. 1986 සිට ඇය ” Ask Marilyn” සගරාවේ පලවන විවිධ මාතෘකාවන් යටතේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන අතර ප්‍රහේලිකා ආදීන් පුරවනු ලැබේ. 3.Christopher Mirata IQ මට්ටම – 225 වයස 16දී මොහු NASA ආයතනයේ අගහරු මෙහෙයුම සදහා දායකත්වය ලබාදුනි. වයස 22 දී Princeton විශ්වවිද්‍යාලයෙන් PhD ය ලබාගත්තේය. දැන් මොහු CIT California Institute of Technology හී තාරකා භෞතික විද්‍යාව උගන්වමින් සිටියි. 4. Kim Ung –Yong IQ මට්ටම – 210 මොහු කොරියානු සිවිල්ඉංජිනේරු...

නිවැරදි_තීරණය

Image
  නිවැරදි_තීරණය ආදරණීය සහෘදය, එළඹෙන ජනපතිවරණය රටේ තීරණාත්මක ඡන්දයක් වන බවට සැකයක් නැත.. පරාජය කා අතේදැයි සොයාගන්නට අවශ්‍ය නම්, කළයුත්තේ දෙපක්ෂයේ ප්‍රචාරක උපක්‍රම දෙස දෑස් හැර බැලීම පමණි.. එක පක්ෂයක් සභ්‍ය, සංවර සහ ශිෂ්ට ලෙස සිය ප්‍රචාරණය කරගෙන යන අතර, අනෙක් පක්ෂය කණුවක් කණුවක් ගණනේ පෝස්ටර් කටවුට් ගසමින්, ලක්ෂ කෝටි ගණන් අත්පත්‍රිකාවලට වියදම් කරමින්, පැහැරගත් කුඩා දරුවන් දම්මවා "අනේ මගේ අම්මා නෑ" කියවමින්, අන්තිම අශිෂ්ට, අසීලාචාර සහ නින්දිත මට්ටමේ ප්‍රචාරණයක් කරගෙන යන බව මේ වනවිට ඔබට නොපෙනී තිබිය නොහැක.. මේ කාරණා මෙසේම තිබියදීත් යමෙකු තවමත් මහින්ද පාක්ෂිකයකු වන්නේ නම්, එසේ වීමට හේතු ඇත්තේ ඉතාම ස්වල්පයකි. සරලව කිවහොත්, 1. තමාට හෝ තම පවුලේ සාමාජිකයකු හට මහින්ද රජයට ඇති බැඳීම නිසා, 2. චන්ද්‍රිකාට / රනිල්ට / මෛත්‍රීට ඇති පුද්ගලික අකැමැත්ත නිසා 3. මෛත්‍රී ජනපති වීම මගින් රටේ ඒකීය භාවය නැති වී, යළිත් දමිළ බෙදුම්වාදය හිස් ඔසොවාවී (නැතහොත් ඉස්ලාම් ආක්‍රමනවාදය බලවත් වේවි) යන බිය නිසා, 4. මහින්ද යුද්ධය අවසන් කළා යන කෘතවේදී හැගීම නිසා 5. රට අස්ථාවර වේවි / ආණ්ඩුව කැඳහැළියක් වේවි යන බිය...

මොකක්ද මේ... පුද්ගල ණය තොරතුරු වාර්තාව CRIB - "i report"

Image

මැතිවරණයක් අත ළඟ… ඔබේ මනාපය කා හට ද?

Image
මැතිවරණයක් අත ළඟ… ඔබේ මනාපය කා හට ද? අපි හැම කෙනෙක් ම එකිනෙකාගෙන් වෙනස්. රූපයෙන්, හැසිරීමෙන්, කථා බස් කරන ආකාරයෙන්, රුචි – අරුචිකම්වලින් අප අතරේ බොහෝ වෙනස්කම් තිබෙනවා. මේ වෙනස්කම් අතරේ පොදු එකඟතාවයක් ඇති කර ගැනීම  ‘විවිධත්වය තුළ එක්සත් බව’  කියා හඳුන්වන්නට පුළුවනි. මෑත කාලයේ බොහෝ කොට අසන්නට ලැබෙන  ‘පොදු අපේක්ෂක’  සංකල්පය නිසා, විවිධත්වය තුළ පවා පොදු අරමුණු මිනිසුන් තුළ හිඟ නොවන බව අපට සිහිපත් වුණා. ඇත්තටම පොදු නියෝජනයක්, පොදු අපේක්ෂකයෙක් තුළින් සමාජය බලාපොරොත්තු වෙන්නේ එකිනෙකාට වෙනස් වූ ප‍්‍රජාවේ, බහුතර කැමැත්ත හැකි උපරිමයෙන් ඉටු කරමින් ඔවුන් සංතෘප්තියට පත් කරවන පාලන තන්ත‍්‍රයක්. සමානව සම්පත් බෙදී යන, දිළිඳුකම දුරු වෙන, සුව පහසුවෙන් ජීවිත පවත්වා ගන්නට ඉඩ ලැබෙන, මානව හිතවාදය සුරක්ෂිත වෙන…. ආදි වශයෙන් සමාජය පොදුවේ අපේක්ෂා කරන ඉලක්කයන් වෙත පාලනය යොමු කරවීම පොදු අපේක්ෂකයාට පැවරෙන වගකීමක්. ඉදිරි වසර කිහිපයට රට කරවන්න සුදුසු නායකයෙකු තෝරා පත් කර ගන්න සූදානමක් රටේ තිබෙනවා. රට භාර ගන්නට තම තමන් සතු සුදුසුකම් කියා පාමින් බොහෝ දෙනෙක් ඉදිරියේ දී එ් වෙනුවෙන් තරග වදීවි. ප...

( Eye ) Technical Faults

Image
ඔබේ ඇසෙත් තාක්‍ෂණික දෝෂ (technical faults) තිබේ ද ???   ඇසේ දෝෂ කිව්වම අපි ඕනම කෙනෙක්ට මතක් වෙන්නෙ දුරදෘෂ්ටිකත්වය, අවිදුරදෘෂ්ටිකත්වය, ඇසේ සුද මතුවීම, වර්ණ අන්ධතාවය වගේ ඒවනෙ. ඒවා ඉතිං ඇසේ ඇතිවෙන්න පුළුවන් සාමාන්‍ය දෝෂනෙ. මේ කියන්න හදන්නෙ එහෙම දෝෂයක් ගැන නෙමෙයි. අපේ ඇස් දෙකේ ඉඳලා හිටලා ඇති වන පුංචි තාක්‍ෂණික දෝෂයක් එහෙමත් නැත්තම technical fault එකක් ගැන. (මේකට technical fault එකක් කියලා කියන්නෙ මම හො‍ඳේ ) ඔබට මොනම හෝ වෙ‍ලාවක හිතිලා තියෙනවද, මං මේ දකින දේවල් වෙන කොහෙදි හරි මේ විදියටම මම දැකලා තියෙනවනෙ කියලා. එහෙමත් නැත්තම් කොයිම වෙලාවක හරි හිතිලා තියෙනවද මේ දැන් මේ වෙලාවෙ සිද්ධ වෙන දේ මීට කලින් කොහෙදි හරි සිද්ධ වෙලා තියෙනවානෙ කියලා. තවත් විදියකට කිව්වොත් ඔබට කිසියම් මොහොතක හිතිලා තියෙනවද මේ වර්තමානය මගේ අතීත මතකයෙ කොහේ හරි තියෙනවා කියලා? මමත් ඉඳලා හිටලා මේ අත්දැකීමට මුහුණදෙනවා. මුල දි මට හිතුණෙ කලින් දැකපු හීනයක ඇති දෙයක් අපේ සිතින් සංසන්දනය කරනවද දන්නෑ කියලා. මේ ගැන කතාබහ කරද්දි දැනගත්තා මෙහෙම වෙන්නෙ මට විතරක් නෙමෙයි ගොඩක් අයට ඉඳලා හිටලා මෙහෙම වෙනවා කියලා....

වල්ලපට්‌ටා ශාකයේ ලක්‌ෂණ - Wallapatta

Image
වල්ලපට්‌ටා ශාකයේ ජීව විද්‍යාත්මක ලක්‌ෂණ මෙම ශාකයේ උද්භීද විද්‍යාත්මක නාමය Gyrinops wallas wdlla‌ ය. වල්ලා යන්න සිංහල භාෂාවෙන් මෙම ශාකය හැඳින්වීමට යොදාගත් නාමයයි. වල්ලපට්‌ටා ශාකය Thymelaeaceae කුලයට අයත් වේ. Gyrinops ඝනයට ශාක විශේෂ 8ක්‌ පමණ අයත්වේ. වල්ලපට්‌ටා ශාකය ශ‍්‍රී ලංකාවේ තෙත්කලාපීය හා අතරමැදි කලාපීය ප‍්‍රදේශවල බහුල වශයෙන් පැතිර පවතින අතර එම ප‍්‍රදේශයේ වනාන්තර තුළ යටි ස්‌ථරය තුළ විසිර පවතී. අපේ රටට අමතරව මෙම ශාකය ඉන්දියාවේ කේරළ, තමිල්නාඩු ප‍්‍රදේශවල සුළු වශයෙන් පැතිරී ඇත. Thymelaeaceae කුලයට අයත් ශාකවලට බාහිරව යම් ආපදාවකට ලක්‌වූ විට ක්‌ෂුද්‍ර ජීවී ආසාදනයන්ගෙන් ආරක්‌ෂාවීමට ද්වීතීක ස්‌වභාවික ආරක්‌ෂන උපක‍්‍රමයක් (secondary defensive mechanism) ලෙස ශාක කෙක්‍ෂන් රෙසිනයක්‌ (Agarwood) නිෂ්පාදනය කරයි. මෙම කුලයේ ශාක ඝන අතර Aquilaria‌ ශාක ඝනය අගාවුඞ් නිෂ්පාදනයේ ප‍්‍රමුඛ ස්‌ථානයක්‌ හිමි කරගෙන ඇත. Gyrinops ඝනයේ ශාකද අගාවුඞ් නිෂ්පාදනය කරන නමුත් එක්‌ ශාකයක නිෂ්පාදනය කරන Agarwood ප‍්‍රමාණය ගසේ බරට සාපේක්‌ෂව ඉතා සුළු බව අධ්‍යයන වාර්තා පෙන්වා දෙයි. වල්ලපට්‌ටා ශාකයේ රූප විද්‍ය...

ටයිටැනික් නැව - Titanic

Image
ටයිටැනික් නැව ගිලුනද? ගිල්ලුවද? (ටයිටැනික් නැවේ සැඟවුණු අභිරහස)             ටයිටැනික් කිව්වම කොයි කාගෙත් හිතට ඉස්සරලම එන්නේ ජේම්ස් කැමරන් මහත්තයට පින්සිද්ද වෙන්න බලපු ටයිටැනික් චිත්රපටිය.දැනට අවුරුදු 100 කට කලින් උන මේ සිද්දිය ගැන මේ තරම් හොඳින් කවුරුත් දන්නේ ජේම්ස් කැමරන් මහත්තයගේ මේ අපූරු නිර්මාණේ හින්දා තමා.1912 අප්‍රියෙල් 15 දා අත්ලන්තික් සාගරේදී අවසානාවන්ත විදියට මුහුදු බත් වුන ටයිටැනික් කතන්දරේ  ගැන ගවේෂණයක ප්‍රතිඵල  ටික දිගඅරින්නයි බලාපොරොත්තු වෙන්නේ.       RMS ටයිටැනික්                                          අයිතිය : white star line නැව් සමාගම  අවසන් ගමන් මඟ  : බ්‍රිතාන්‍යය සිට නිව්යෝර්ක් වෙත  දිග  : අඩි 882 අඟල් 6 (මීටර 269) පලළ  : අඩි 92 ( මීටර 28) උස  : අඩි 175 (මීටර 53.3) උපරිම වේගය  : පැයට කිමී 44       ...