ලොව නිපදවා ඇති විශාලතම කාලතුවක්කුව - Gustav Gun
ලොව නිපදවා ඇති විශාලතම කාලතුවක්කුව - Gustav Gun කාල තුවක්කු යනු යුද අවස්ථාවන්හි ඉතා වැදගත් කාර්යයක් ඉටුකරන අවියකි මෙය යුධ ප්රහාර සදහා ක්රමවත්ව යොදා ගන්නේ පළමු වැනි ලෝක යුද්ධ සමයේ සිට බව සදනන් වේ . කාල තුවක්කු වල අතීතය ඈතට දිව යන්නකි . දෙවන ලෝක යුධ සමයේ නිපදවා ඇති ගුස්ටාව් ගන් (Gustav Gun) නැමති කාලතුවක්කුව එතෙක් මෙතෙක් ලොව නිපදවා ඇති විශාලතම කාලතුවක්කුව වේ . මේ ඒ ගැන සොයා බැලීමකි . මෙය Railway Gun එකකි . තුවක්කුව විශාල නිසා ප්රවාහනය පහසු කරනු පිණිස තුවක්කුව වෙනුවෙන්ම සැකසූ දුම්රිය එන්ජිමක් සහිත යන්ත්රයක ස්ථාපිත කර ඇත . තැනින් තැනට රැගෙන යාමට රේල් පාර ඉදිකිරීමටද සිදුව ඇත . (Gustav Gun) හි චායාරූපයක් මෙය ක්රියා කරවීම සදහා එකවර 500 ක හමුදා පිරිසක් අවශ්යය වී ඇතැයි කියවේ . තුවක්කුව භාර අණදෙන නිලධාරියා මේජර් ජෙනරාල් නිලයේ නිලධාරියෙක් වී ඇත . තුවක්කුවේ මුලු බර යාන්ත්රික කොටස් සමග ටොන් 1350 හා දිගින් අඩි 155 අගල් 2 (මීටර් 47.3) සදහන් තුවක්කුවේ කැලිබරය (බටයේ ධාරිතාව) මිලි මීටර් 800 ක් (අඟල් 31.5 ) විය . එම උණ්ඩ වෙඩි තැබීම සඳහා එක වරකට වෙඩි බෙහෙ...