ebay Tax
eBay සම්බන්ධ TAX පිළිබඳ ගැටළු සහ Mobile Phones, GPS ගෙන්වීම පිළිබඳ ගැටළු eBay ගැන කතාකරද්දී කට්ටියට බය තියෙන්නෙ ඔය අන්තර්ජාලය හරහා ඇණවුම් කරන භාණ්ඩ අපේ ගෙදරටම, අපේ අතටම ලැබෙයිද නැත්තං වියදම් කරපු සල්ලි ටික නාස්ති වෙයිද කියන එක ගැන විතරයි කියලා. ඉතිං කොහොමහරි මං ඒ වෙද්දි eBay වෙතින් ගෙන්වලා තිබුණු භාණ්ඩ ආපු ලියුම්කවර වල සේයාරුවක් එහෙම දාලා ඒ බය නැති කළා. මෙන්ම බොලේ ඒ පාර දැන් කට්ටය ආයෙමත් සැරයක් බය වෙලා TAX වලට. හුඟ දෙනෙක් ප්රතිචාර එක් කරනවා, පණිවිඩ එවනවා මේක ගත්තොත් කොච්චර tax වදීද අරක ගත්තොත් කොච්චර tax වදීද කියලා. ඉතිං මං හිතුවා මේ tax ගැන තියෙන ඔය බොරු බය නැති කරන්නත් දැන් කාලෙ හරි කියලා. මුලින්ම කියන්නෝන තාම මේ වෙනකල් මට නම් කවදාවත් eBay වෙතින් භාණ්ඩ ගෙන්වලා tax ගෙවන්න වෙලා නෑ. හැබැයි ඒකට හේතුව මං ඔය ලොකු ලොකු ගණන්වල භාණ්ඩ නොගෙන්වීම වෙන්න පුළුවන්. මේ වෙනකොට eBay වෙතින් පොඩි පොඩි භාණ්ඩ 100කට වඩා ගෙනවලා ඇති, හැබැයි ඒ එකක්වත් $60 ට වඩා වැඩි නෑ. ගෙන්වපු වැඩිම එක $53.88 යි. මේ තියෙන්නෙ ඒක. Box එකත් එක්කමයි ආවෙ. Tax නං වැදුන්නෑ, ලියුම් මාමා ගෙදරටම ගෙනත් දුන්නා. ...