Posts

Showing posts with the label Windows Phone

Windows Phone 8 ගැන

Image
Windows Phone 8 ගැන මයික්‍රොසොෆ්ට් සමාගම නිල වශයෙන් තමන්ගේ ඊළඟ ජංගම දුරකථන මෙහෙයුම් පද්දතිය ගැන එළිකලා. ඒක නම් කරලා තියන්නේ Windows Phone 8 කියලා. හැබැයි සමහර අය කියන්නේ ඒක Windows 8 Phone කියලා වෙනස් වුනානම් හොඳයි කියලා. මොකද මේ වින්ඩොස් මෙහෙයුම් පද්දතියේම අලුත් සාමාජිකයෙක් නිසා. දැන් අහන්න එපා Windows Mobile, Windows Phone 7 හා windows Phone 7.5 කියන්නේ ඒ පවුලේ නෙවෙයි ද කියලා. ඒ අය පවුලේ නෙවෙයි හැබැයි එකම පරම්පරාවේ. දැන් නිකන් මඥ්ඥන් වගේද? ඒක වෙන්නේ මෙහෙමයි. 1993 දී Microsoft ආයතනය MS-DOS කේතයෙන් මිදිලා Windows 3.1 සංස්කරණයත් එක්ක Windows NT පරම්පරාව ආරම්භ කලා. Windows 3.1x, Windows 9x, Windows 2000, Xp, Server 2003, Vista හා  Windows 7 තමයි දැනට නිකුත්වුන Windows NT සාමාජිකයන්. මේ කේතය IA-32 (i386) , x64(x86-64) හා Itanium  කියන දෘඩාංග තාක්ෂනයන් සමඟ වැඩකළ හැකි ලෙස සකසා තිබුනා. ඒ වගේම Microsoft සමාගම තමන්ගේ තවත් මෙහෙයුම් පද්දතියක් නිකුත් කලා Windows CE කියලා 1996 දී. මේකෙදි ප්‍රධාන වශයෙන් භාවිත කලේ අය MS-DOS කේතය මත පදනම...