Posts

Showing posts with the label Religion

භාවනාව යනු කුමක්ද ? 1. සමථ භාවනා, 2. විපස්සනා (විදර්ශනා) - Buddha Meditation

Image
භාවනාව යනු කුමක්ද ?  මෙලොව ජීවත් වන සෑම කෙනෙකුටම පින උපකාර වන බවත්, පින් ඇත්නම් ජීවිතයේ සැප ළඟා කර ගත හැකි බවත් අප තථාගතයානන් වහන්සේගේ ඉගැන්වීමයි. පින් වැඩෙන පහසු ක්‍රමයකි භාවනා කිරීම. ඉතා දුෂ්කර දෙයක් සේ සලකා සමහරු එය නොකරති. සමාජය අතහැර දමා ජීවිතය ගැන කළකිරීමක් හෝ සිත් තැවුලක් ඇති වූ විටක, බාහිර උපද්‍රවයන් ගෙන් මිදී, ගසක් යටට වී කරන මහා අමාරු වැඩපිළිවෙළක් ය යන හැඟීම නිසා බොහෝ දෙනා මෙයට බිය වෙති. ජීවිතයෙන් පලායෑමකැයි සිතති. නමුත් එය එවැනි දෙයක් නොවේ. ජීවිතය සමඟ සම්බන්ධ කර ගත හැකි, කරගත යුතු දෙයකි. භාවනා කිරීමෙන් ජීවිතය මනා ලෙස හැඩ ගැසේ. බුදුපියාණන් වහන්සේගේ භාවනා ක්‍රම මගින් සහනදායී සැපවත් ජීවිතයක් උදාකරගත හැකිය. මෙලොවට ජනිත වන ඕනෑම සත්වයෙකුට ජීවත් විය හැකිය. එම ජෛව ශක්තිය සෑම සත්වයෙකුටම උපතින්ම උරුම වන දෙයකි. ජීව ශක්තිය අතින් බලන විට මනුෂ්‍යායාත් අනිත් සත්වයාත් අතර කිසිදු වෙනසක් නැත. මනුෂ්‍යයා හා සත්වයා අතර ඇති එකම වෙනස නම් පරිණත වූ සිතක් මනුෂ්‍යයාට උරුමව තිබීමයි. මනුෂ්‍යයාට මේ සිතම තවදුරටත් දියුණු කර ගැනීමේ හැකියාව තිබේ. මෙලොව බුදු කෙනෙක් පහළ වන්නේ අපේ මන...

දුරුතු පෝය - Duruthu Poya ( January Poya )

Image
    ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බවත් ශාසන ඉතිහාසයේ  සඳහන්ය. එහෙයින් මහියංගණ සෑය අද ද බෞද්ධයින්ගේ මහත් ගෞරවාදරයට පත් වූ ස්ථූපයකි.           බිමිබිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ. දුරුතු මාසය එළැඹෙන්නේ බැතිබර හැඟුම් වඩ වඩාත් බෞද්ධ ජනී ජනයාගේ සිත් සතන් තුළ පහළ කැරවමිනි. සිරිපා සමය ඇරැඹුණේ පසුගිය උඳුවප් පුර පසළොස්වක පෝය දිනයේ ය.  ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වූ සමයෙහි අප රටේ වාසය කළේ යක්ෂ, නාග, දේව ගෝත්‍රිකයන් ය. ඌව පළාතේ පිහිටි මහියංගණය අවට යක්ෂ ගෝත්‍රිකයන්ද, කැලණි ගඟ ආශි‍්‍රතව නාග ගෝත්‍රිකයන්ද, කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රිකයන්ද විසූ බව ඉ...

පසළොස්වක පොහොය හා එහි වැදගත්කම

දුරුතු පොහොය v බුදුන් වහන්සේ උරුවෙල් ජනපදයට වැඩ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දමනය කොට ඔවුන්ගේ මිස දුටු අදහස් නැති කර දහම් මගට යොමු කිරීම v බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් නවවැනි මාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ මහියංගනයට වැඩම කිරීම v කැළණි විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පෙරහැර පැවැත්වීම. නවම් පොහොය v බුදුන් වහන්සේ මුල්වරට සංඝයා වහන්සේලා රැස් කරවා රජගහනුවර වේළුවනාරාමයේ දී සංඝ සම්මේලනයක් පැවැත්වීම v සැරියුත් මුගලන් දෙනමට දෑගසව් තනතුරු පිරිනැමීම v බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා උදෙසා ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම. (භික්ෂූන් වහන්සේ නමක් විසින් හැසිරිය යුතු කරුණු ඇතුලත් විනය ශික්ෂාවන්) v බුදුන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම මැදින් පොහොය v බුදුන් වහන්සේ සිය සුද්ධෝදන පිය රජතුමා ඇතුළු ශාක්‍ය වංශිකයන්ට දහම් දේශනා කිරීම සඳහා රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත් නුවරට වැඩම කිරීම ආරම්භ වීම. බක් පොහොය v බුදුන්වහන්සේ දෙවන වරට ශ්‍රී ලංකාවේ නාගදීපයට වැඩ චූලෝදර හා මහෝදර යන නා රජුන් අතර මැණික් පුටුවකට පැවති ආරවුල සමථයකට පත් කිරීම v මහ බෝසතානන් වහ...