Software Analysis - GIT මෘදුකාංග වර්ගීකරණය
GIT මෘදුකාංග වර්ගීකරණය අද අපි කතා කරන්නෙ GIT වල පොඩි කොටසක් ගැන. ඒ තමයි මෘදුකාංග වර්ගීකරණය. මේකට පරිගණක වර්ගීකරණය වගේ පෝස්ට් දෙක තුනක් දාන්න ඕනෙ නෑ. මේකෙන්ම ඉවර කරන්න පුළුවන්. හැබැයි අපි මේ ගැන කතා කරන්නෙ වෙනදා වර්ගීකරණ ගැන කතා කරපු විදිහට නෙවෙයි. මුලින්ම මේ ගැලීම් සටහන බලන්න. පරිගණක මෘදුකාංග කියන්නෙ පරිගණකයක විශේෂ කාර්යයක් ඉටු කරන්න අවශ්‍ය වෙන ක්‍රමලේඛ එකතුවකට. O/L ICT වලදි නම් මේ වර්ගීකරණය මීට වඩා සංකීර්ණයි. මේක ගොඩක් සරල කරපු වර්ගීකරණයක්. මේ පෙන්නල තියෙන විදිහටම මෘදුකාංග ප්‍රධාන කොටස් 2 කට බෙදෙනවා. System Software (පද්ධති මෘදුකාංග) Application Software (යෙදුම් මෘදුකාංග) System Software (පද්ධති මෘදුකාංග) Application Software (යෙදුම් මෘදුකාංග) වලට ක්‍රියා කරන්න පුළුවන් වෙන විදිහට පරිගණකයේ දෘඩාංග කලමණාකරණය කරල දෙන මෘදුකාංග වලට පද්ධති මෘදුකාංග කියල කියනවා. මේ පද්ධති මෘදුකාංග විදුලි බලය විසන්ධි කළාම මැකෙන්නෙ නැති විදිහට දෘඩාංග වලට ඇතුළත් කළාම ඒවා ස්ථිරාංග විදිහට හඳුන්වනවා. මව්පුවරුවේ ගබඩා කරල තියෙන BIOS (Basic Input Output System) ඒකට හොඳම...