මැතිවරණයක් අත ළඟ… ඔබේ මනාපය කා හට ද?
මැතිවරණයක් අත ළඟ… ඔබේ මනාපය කා හට ද? අපි හැම කෙනෙක් ම එකිනෙකාගෙන් වෙනස්. රූපයෙන්, හැසිරීමෙන්, කථා බස් කරන ආකාරයෙන්, රුචි – අරුචිකම්වලින් අප අතරේ බොහෝ වෙනස්කම් තිබෙනවා. මේ වෙනස්කම් අතරේ පොදු එකඟතාවයක් ඇති කර ගැනීම ‘විවිධත්වය තුළ එක්සත් බව’ කියා හඳුන්වන්නට පුළුවනි. මෑත කාලයේ බොහෝ කොට අසන්නට ලැබෙන ‘පොදු අපේක්ෂක’ සංකල්පය නිසා, විවිධත්වය තුළ පවා පොදු අරමුණු මිනිසුන් තුළ හිඟ නොවන බව අපට සිහිපත් වුණා. ඇත්තටම පොදු නියෝජනයක්, පොදු අපේක්ෂකයෙක් තුළින් සමාජය බලාපොරොත්තු වෙන්නේ එකිනෙකාට වෙනස් වූ ප‍්‍රජාවේ, බහුතර කැමැත්ත හැකි උපරිමයෙන් ඉටු කරමින් ඔවුන් සංතෘප්තියට පත් කරවන පාලන තන්ත‍්‍රයක්. සමානව සම්පත් බෙදී යන, දිළිඳුකම දුරු වෙන, සුව පහසුවෙන් ජීවිත පවත්වා ගන්නට ඉඩ ලැබෙන, මානව හිතවාදය සුරක්ෂිත වෙන…. ආදි වශයෙන් සමාජය පොදුවේ අපේක්ෂා කරන ඉලක්කයන් වෙත පාලනය යොමු කරවීම පොදු අපේක්ෂකයාට පැවරෙන වගකීමක්. ඉදිරි වසර කිහිපයට රට කරවන්න සුදුසු නායකයෙකු තෝරා පත් කර ගන්න සූදානමක් රටේ තිබෙනවා. රට භාර ගන්නට තම තමන් සතු සුදුසුකම් කියා පාමින් බොහෝ දෙනෙක් ඉදිරියේ දී එ් වෙනුවෙන් තරග වදීවි. ප...