නිරයන් ගැන දැනගන්න
පින්වත් මිතුරනේ.. අපි නිරය ගැන ඇත්තටම හරි විදිහට දැනගත්තේ අප සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් . පුංචි කාලේ අපාය අපාය කියලා අහල තිබ්බ්ට කවුද හිතුවේ මේව ඇත්ත කියලා.. ඇත්තටම මට නම් මේ අපාය ගැන දශමෙකවත් බයක් තිබ්බේ නැහැ පොඩි කාලේ. ඒත් මේ විස්තර අහන්න ලැබුනම තේරුම් ගියා මේ යන සංසාරෙනම් එච්චර යන්න සුදුසු එක්ක නෙවෙයි කියලා. බුදුරජාණන් වහන්සේ පවා අසුරු සනක් ගසන තරම් කාලයක්වත් මේ භවය වර්ණනා කළේ නැහැනේ. ඒ සම්බුදුරජුන්ට මේ ලොව.. පරලොව... දෙව්ලොව.. බඹලොව.. ආදී කිසිම තැනක තියා මේ දස දහසක් වූ ලෝක ධාතුවේ හෝ මේ මුලු මහත් විශ්වයේ හෝ කිසිදු රහසක් නැහැ. උන්වහන්සේ මේ සියල්ල අවබෝධ කළා. ඒ නිසයි උන්වහන්සේට " ලෝකවිදූ " කියලා කියන්නේ. උන්වහන්සේ තමා විසින්ම අවබෝධ කර ගත් ඒ තොරතුරු ශ්‍රාවකයන්ට දේශනා කළා. ඒ දේශනාවන් තමයි අද අපිට අසන්නට ලැබෙන්නේ. ඇත්තටම මේක දුර්ලභ කාරණයක් නේද? "භික්ඛවේ, අප්පමාදේන සම්පාදේථ, දුල්ලභො බුද්ධුප්පාදො ලෝකස්මිං, දුල්ලභො මනුස්සත්ත පටිලාභෝ, දුල්ලභා ඛණසම්පත්ති, දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභං සද්...