ලෝකයේ ජනප්‍රියම පරිගණක මෘදුකාංග පාවිච්චි කරන ඔබ මේ ගැනත් දැන සිටියාද?
ලෝකයේ ජනප්‍රියම පරිගණක මෘදුකාංග පාවිච්චි කරන ඔබ මේ ගැනත් දැන සිටියාද? පරිගණකය වර්ථමානයේදී අපි කාටත් එදිනෙදා ජීවිතේදී අපේ වැඩ කටයුතු සිදුකරගන්න නැතුවම බැරි උපාංගයක් වෙලා අවසානයි. සිංහල Roar වෙබ් අඩවියේ පාඨකයෙක් වෙන ඔබ, අපේ ලිපි කියවන්නේ ඩෙක්ස්ටොප්/ලැප්ටොප් පරිගණකයක් හරි එහෙමත් නැත්නම් ටැබ්ලට් පරිගණකයක් හෝ අඩුම වශයෙන් ස්මාට් ෆෝන් එකක්වත් පාවිච්චි කරලාම වෙන්න ඕනේ. සුප්‍රකට ෆෝබ්ස් සඟරාවට අනුව 2015 අවුරුද්ද වනවිට අන්තර්ජාලයට සම්බන්ධ කරලා තියෙන පරිගණක සහ ඒ ආශ්රිත උපාංග සංඛ්‍යාව බිලියන 15ක්. මේ සංඛ්‍යාව 2020 අවුරුද්ද වෙනකොට බිලියන 40ක් විතර වෙයි කියලයි එයාලා පුරෝකථනය කරලා තියෙන්නේ. ලෝකේ ජනගහනය තවම බිලියන 7.4ක් වෙද්දි, ඒ වගේ දෙගුණයකටත් වැඩි පරිගණක උපාංග ප්‍රමාණයක් ලෝකේ පාවිච්චි වෙනවා කියන එකෙන් අපිට පැහැදිලි වෙනවා පරිගණකය කියන්නේ අපිට කොයිතරම් අත්‍යවශ්‍ය උපකරණයක්ද කියන එක. මෘදුකාංග ගැන අපි දන්නැති දේවල් ඔබ දන්නවාද, ලෝකේ තියෙන හැම මෘදුකාංගයකටම ලියාපදිංචි සහතිකයක් තිබෙන බව? ප්‍රධාන වශයෙන් මෘදුකාංග දෙවිදියකට ලියාපදිංචි කරනවා. එකක් තමයි හිමිකම් සහිත මෘදුකාංග (Proprieta...