|| Nimthera || නිම්තෙර ....

|| Nimthera || නිම්තෙර ....

FB Like Tab

December 13, 2013

පසළොස්වක පොහොය හා එහි වැදගත්කම

Share this Post Share to Facebook Share to Twitter Email This Pin This

දුරුතු පොහොය
v බුදුන් වහන්සේ උරුවෙල් ජනපදයට වැඩ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දමනය කොට ඔවුන්ගේ මිස දුටු අදහස් නැති කර දහම් මගට යොමු කිරීම
v බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් නවවැනි මාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ මහියංගනයට වැඩම කිරීම
v කැළණි විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පෙරහැර පැවැත්වීම.

නවම් පොහොය
v බුදුන් වහන්සේ මුල්වරට සංඝයා වහන්සේලා රැස් කරවා රජගහනුවර වේළුවනාරාමයේ දී සංඝ සම්මේලනයක් පැවැත්වීම
v සැරියුත් මුගලන් දෙනමට දෑගසව් තනතුරු පිරිනැමීම
v බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා උදෙසා ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම. (භික්ෂූන් වහන්සේ නමක් විසින් හැසිරිය යුතු කරුණු ඇතුලත් විනය ශික්ෂාවන්)
v බුදුන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම

මැදින් පොහොය
v බුදුන් වහන්සේ සිය සුද්ධෝදන පිය රජතුමා ඇතුළු ශාක්‍ය වංශිකයන්ට දහම් දේශනා කිරීම සඳහා රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත් නුවරට වැඩම කිරීම ආරම්භ වීම.

බක් පොහොය
v බුදුන්වහන්සේ දෙවන වරට ශ්‍රී ලංකාවේ නාගදීපයට වැඩ චූලෝදර හා මහෝදර යන නා රජුන් අතර මැණික් පුටුවකට පැවති ආරවුල සමථයකට පත් කිරීම
v මහ බෝසතානන් වහන්සේ උයන් ක්‍රීඩාව සඳහා යන අවස්ථාවේ මුල් වරට මහල්ලෙක් දැකීම (සතර පෙර නිමිතිවල පළමු රූපය දැකීම)
v බුදුන් වහන්සේ රජගහනුවර සිට යොදුන් හැටක් මග ගෙවා කිඹුල්වත් පුරයට පැමිණීම

වෙසක් පොහොය
v බුදුන් වහන්සේගේ උපත සිදුවීම
v බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීම
v බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවීම
v කිඹුල්වත් නුවරදී ශාක්‍යයන් ඉදිරියේ යමාමහ පෙළහර පෑම
v බුදුන් වහන්සේ තුනවැනි වරට ශ්‍රී ලංකාවේ කැළණියට වැඩම කිරීම
v ආනන්ද හිමියන් පිරිනිවන් පෑම
v සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත සමනල කන්ද මුදුනේ බුදු සිරිපා පිහිටුවීම
v බොහෝ සිංහල බෞද්ධ රජවරු සිය අභිෂේක මංගල්‍ය සිදු කිරීම

පොසොන් පොහොය
v මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ඇතුළු ධර්මදූත පිරිස මිහින්තලයට වැඩීම
v ශ්‍රී ලංකාවේ බුදු සසුන පිහිටුවීම.
v දෙවන පෑතිස් රජතුමා ඇතුළු පිරිසට චුල්ලහත්තිපදෝපම සූත්‍රය දේශනා කිරීම
v ලංකාවේ සිදු වූ මුලම මහණ උපසම්පදාව වූ මිහිඳු හිමියන් සමඟ පැමිණි ධර්ම දූත පිරිසේ සිටි භණ්ඩුක කුමාරයා පැවිදිවීම

ඇසළ පොහොය
v බෝසත් කුමරු මව් කුස පිළිසිඳ ගැනීම
v සිදුහත් කුමරුගේ අභිනිෂ්ක්‍රමණය සිදුවිම
v බුදුන් වහන්සේ බරණැස ඉසිපතනයේ දී පසවග තවුසන්ට දහම් දෙසිම
v ප්‍රථම ධර්ම සංගායනාව රජගහනුවර වේහාර ධර්ම මණ්ඩපයේ දී පැවැත්වීම
v රාහුල කුමරුගේ උපත සිදු විම
v භික්ෂූන් වහන්සේලා පෙරවත් විසීම
v කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු භික්ෂූන් ගෙන්වා මෙරට උපසම්පදාව නැවත ඇති කිරීම
v මහනුවර, කතරගම, බෙල්ලන්විල, රත්නපුර, දෙවිනුවර, අලුත්නුවර, ඇම්බැක්කේ ඇසළ පෙරහැර පැවැත්වීම

නිකිණි පොහොය
v ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම
v පෙරවස් මගහැරී ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් එළඹෙන දිනය ඒම

බිනර පොහොය
v ධූතාංග සමාදානය සිදුකිරීම (මුලික භික්ෂු විනයට අමතරව කෙළෙස් නැසිම පිණිස අනුගමනය කරන පිළිවෙත්)
v මෙහෙණි සස්නේ ආරම්බය සිදුවිම

වප් පොහොය
v බුදුන් වහන්සේ තව්තිසා දෙව්ලොවෙන් දඹදිව සංකස්ස පුරයට වැඩමවිම
v මහා පවාරණය සිදුකිරීම
v මෛත්‍රී බෝසතුන් පැවිදිවීම
v සැරියුත් හිමියන් නුවණින් අගතැන් ලැබීම
v ලංකා ශාසන ඉතිහාසයේ අමරණීය සිද්ධියක් වන විනය පිටකය සංගායනාව මහාරිට්ඨ මහ රහතන් වහන්සේ විසින් සිදු කිරීම

ඉල් පොහොය
v එහතන් වහන්සේලා හැටනමක් වූ බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්මදූත පිරිස ධර්මය ප්‍රචාරය සඳහා ගමන් ඇරඹීම
v සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම
v පසුමස් පවාරණය, කඨිනචීවර පූජාව කළහැකි අවසාන දිනය වීම
v චීවර මාසයේ අවසාන පොහොය මෙයයි

උඳුවප් පොහොය
v ශ්‍රී මහා බෝධි දකුණු ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කිරීම
v ශ්‍රී ලංකාවේ මෙහෙණ සස්නේ ආරම්භය සිදුවිම
v සිරිපා වන්දනාව ආරම්භ කිරීම

No comments :

Post a Comment