Anti-Lock තිරිංග පද්ධති ....හෙවත් ABS වාහන වල තිරිංග පද්ධති ගැන කතා කරද්දී Anti-lock Brake Systems එහෙමත් නැතිනම් ABS කියල වචනයක් ඔයාල අහල ඇති. ටෙක් හන්දියේ අපි අද කතා කරන්නේ මේ ABS පද්ධති ගැනයි. වාහනයකට Anti-Lock Brakes අවශ්‍ය වෙන්නේ ඇයි ? සාමාන්‍ය තිරිංග පද්ධතියක් තිබෙන වහනයක් ගනිමු. ලිස්සන සුළු මාර්ගයක තරමක් වේගයෙන් ගමන කරන මේ රථය එක වරම තිරිංග තද කලොත් මොකද වෙන්නේ...??? මාර්ගය ලිස්සන නිසාත් , වාහනයේ රෝද තව දුරටත් කරකවෙන්නේ නැති නිසාත් වාහනය පාරේ පාලනයකින් තොරව ලිස්සල යනවා. රියැදුරු කලබල වෙලා සුක්කානම හැරෙව්වොත් එහෙම මේ ලිස්සන වාහනය පෙරලෙන්න උනත් පුළුවන්. මෙවැනි අනතුරු වලකාගන්න Anti-lock තිරිංග පද්ධති මහෝපකාරී වෙනවා. Anti-Lock brake System එකක තියෙන විශේෂත්වය මොකක්ද...? ABS පද්ධතියක් පහත සදහන් කොටස් වලින් සමන්විතයි. 1. වේග මාපක (Speed Sensors) වාහනයේ රෝද 4 කරකැවෙන වේගය මනින්නේ මේ වේග මාපක වලින් තමයි. වාහනයේ රෝද වල වේගය බාල වන ආකාරය මෙමගින් බලාගන්න පුළුවන්. 2. තිරිංග කපාට ( Brake Valves ) ABS පද්ධතියක තිරිංග පොම්පයට සම්භන්ධව රෝද 4 වෙත...
Comments
Post a Comment