Posts

Corona Virus in China || චීන නව වෛරසය නිසා මරණ 26ක්

Image
චීන නව වෛරසය නිසා මරණ 26ක්: මුඛවාඩම් පැළඳීමෙන් වෛරසයෙන් බේරිය හැකි ද? චීනයෙන් මතු වූ නව කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව සිකුරාදා (ජන: 24) වන විට 26 දක්වා ඉහළ ගොස් ඇතැයි චීන බලධාරීහු පවසති. ඊට අමතරව වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පුද්ගලයින් ගණන 830 දෙනෙකි. මේ වන විට මධ්‍යම චීනයේ නගර 10ක සංචාරක සීමා පනවා ඇතැයි වාර්තා වේ. මෙම වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා චීනය සහ හොංකොං මේ වන විට ජනතාව වැඩි වශයෙන් එක්රැස් වන උත්සව සහ රැස්වීම් අවලංගු කර තිබේ. කෙසේ වෙතත්, මෙම වෛරසය "ජාත්‍යන්තර හදිසි තත්ත්වයක්" ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. ඊට එක් හේතුවක් වී ඇත්තේ, විදෙස් රටවලින් ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් වාර්තා නොවීමය. කෙසේ වෙතත්, මේ වන විට විදෙස් රටවලින් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 13 දෙනෙකි. මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පසුගිය දා පැවසුවේ, කොරෝනාවෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් රට තුළට පැමිණෙන්නේ ද යන්න පිළිබඳව දැඩි අවධානයකින් පසුවන ලෙස ගුවන් තොටුපොළ සෞඛ්‍ය ඒකකයට දැනුම් දී ඇති බවය. මුඛවාඩම...
Image
බැඳුම්කරයක් යනු කුමක්ද ? සරළව කිව්වොත් රජයට ණය ලබා ගන්නා උපකරණයක්. විදුලි බලාගාරයක් හදන්න සල්ලි නැත්නම් රජය මහ බැංකුව හරහා බැදුම්කර නිකුත් කරනවා. ඒ කියන්නේ ස්ථා වර තැන්පත් සහතිකයක් වගේ එකක් කියලා හිතන්නකෝ. ඒවා මිලදී ගන්න මිනිස්සුන්ට වගේම බැංකු වලටත් පුලුවන්. ඒවට පොලියක් ගෙවනවා. ඒ නිසා බැදුම්කර මිලදී ගන්න මිනිස්සුන්ට හෝ බැංකුවකට ඒක ආයෝජන මාර්ගයක්. බැංකු ඇයි මේ බැදුම්කර මිලදී ගන්නේ? සමහර විට ඔබ එහෙම හිතනවා ඇති. බැංකු ශාඛා වලට ලැබෙන තැන්පතු ණයට දීලනේ එයාලා ලාභ ලබන්නේ. ඉතිං එයාලා ණය දෙනවා ලාභ ලබන්න හිතාගෙන. ණය දීලා ඉවර උනාට පස්සේ තවත් සල්ලි ඉතිරි වෙලා තිබුනොත් ඒවා නිකන්ම සේප්පුවේ තියාගෙන ඉඳලා වැඩක් නැති නිසා ඒ මුදල් බැදුම්කර වල ආයෝජනය කරනවා. බැදුම්කර කියන්නේ අවුරැද්දට වැඩි කල් පිරීමක්‍ සහිත ඒවා. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ අවුරැද්දකට වඩා අඩු කල් පිරීමක් තියන ඒවා. ඉතිං X කියන කෙනා රැ. ලක්ෂයක් දීලා බැදුම්කරයක් ගත්තා කියමුකෝ. එයාට මහ බැංකුවෙන් සහතිකයක් දෙනවා. කාලය අවුරැද්දක් නම් ඒ අවුරැද්ද අවසානයේ පොලියත් එක්ක ආපහු ගෙවන්න මහ බැංකුව එකඟ වෙනවා. රජයට සල්ලි දෙන නිසා...

ලෝකයේ ජනප්‍රියම පරිගණක මෘදුකාංග පාවිච්චි කරන ඔබ මේ ගැනත් දැන සිටියාද?

Image
ලෝකයේ ජනප්‍රියම පරිගණක මෘදුකාංග පාවිච්චි කරන ඔබ මේ ගැනත් දැන සිටියාද? පරිගණකය වර්ථමානයේදී අපි කාටත් එදිනෙදා ජීවිතේදී අපේ වැඩ කටයුතු සිදුකරගන්න නැතුවම බැරි උපාංගයක් වෙලා අවසානයි. සිංහල Roar වෙබ් අඩවියේ පාඨකයෙක් වෙන ඔබ, අපේ ලිපි කියවන්නේ ඩෙක්ස්ටොප්/ලැප්ටොප් පරිගණකයක් හරි එහෙමත් නැත්නම් ටැබ්ලට් පරිගණකයක් හෝ අඩුම වශයෙන් ස්මාට් ෆෝන් එකක්වත් පාවිච්චි කරලාම වෙන්න ඕනේ.  සුප්‍රකට ෆෝබ්ස් සඟරාවට අනුව  2015 අවුරුද්ද වනවිට අන්තර්ජාලයට සම්බන්ධ කරලා තියෙන පරිගණක සහ ඒ ආශ්‍රිත උපාංග සංඛ්‍යාව බිලියන 15ක්. මේ සංඛ්‍යාව 2020 අවුරුද්ද වෙනකොට බිලියන 40ක් විතර වෙයි කියලයි එයාලා පුරෝකථනය කරලා තියෙන්නේ. ලෝකේ ජනගහනය තවම බිලියන 7.4ක් වෙද්දි, ඒ වගේ දෙගුණයකටත් වැඩි පරිගණක උපාංග ප්‍රමාණයක් ලෝකේ පාවිච්චි වෙනවා කියන එකෙන් අපිට පැහැදිලි වෙනවා පරිගණකය කියන්නේ අපිට කොයිතරම් අත්‍යවශ්‍ය උපකරණයක්ද කියන එක. මෘදුකාංග ගැන අපි දන්නැති දේවල් ඔබ දන්නවාද, ලෝකේ තියෙන හැම මෘදුකාංගයකටම ලියාපදිංචි සහතිකයක් තිබෙන බව? ප්‍රධාන වශයෙන් මෘදුකාංග දෙවිදියකට ලියාපදිංචි කරනවා. එකක් තමයි හිමිකම් සහිත මෘදුකාංග (Proprieta...

නිරයන් ගැන දැනගන්න

පින්වත් මිතුරනේ..     අපි නිරය ගැන ඇත්තටම හරි විදිහට දැනගත්තේ අප සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් . පුංචි කාලේ අපාය අපාය කියලා අහල තිබ්බ්ට කවුද හිතුවේ මේව ඇත්ත කියලා.. ඇත්තටම මට නම් මේ අපාය ගැන දශමෙකවත් බයක් තිබ්බේ නැහැ පොඩි කාලේ. ඒත් මේ විස්තර අහන්න ලැබුනම තේරුම් ගියා මේ යන සංසාරෙනම් එච්චර යන්න සුදුසු එක්ක නෙවෙයි කියලා. බුදුරජාණන් වහන්සේ පවා අසුරු සනක් ගසන තරම් කාලයක්වත් මේ භවය වර්ණනා කළේ නැහැනේ.     ඒ සම්බුදුරජුන්ට මේ ලොව.. පරලොව... දෙව්ලොව.. බඹලොව.. ආදී කිසිම තැනක තියා මේ දස දහසක් වූ ලෝක ධාතුවේ හෝ මේ මුලු මහත් විශ්වයේ හෝ කිසිදු රහසක් නැහැ. උන්වහන්සේ මේ සියල්ල අවබෝධ කළා. ඒ නිසයි උන්වහන්සේට " ලෝකවිදූ " කියලා කියන්නේ.     උන්වහන්සේ තමා විසින්ම අවබෝධ කර ගත් ඒ තොරතුරු ශ්‍රාවකයන්ට දේශනා කළා. ඒ දේශනාවන් තමයි අද අපිට අසන්නට ලැබෙන්නේ. ඇත්තටම මේක දුර්ලභ කාරණයක් නේද? "භික්ඛවේ, අප්පමාදේන සම්පාදේථ, දුල්ලභො බුද්ධුප්පාදො ලෝකස්මිං, දුල්ලභො මනුස්සත්ත පටිලාභෝ, දුල්ලභා ඛණසම්පත්ති, දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභං සද්...

දිව්‍ය ලෝක සය

Image
දිව්‍ය ලෝක සය දිව්‍ය ලෝක යනු මින්ස් ලොවට වඩා සැප සම්පත් අති තැන්ය.මිනිසෙකුව ඉපදීමට වඩා බලගතු පිනක් දෙවියෙකුව ඉපදීමට අවැසි වෙයි.එබැවින් දෙවු ලෝව ඉපදීම තරමක් අපහසු දෙයකි. “අංගුත්තර නිකායේ සඳහන් වන පරිදි” ගත වු 91 කල්පය තුල අන්‍ය තීර්තකයන්ගේ අවවාද අනුශාසනා පිලිපැද දෙවු ලොවට ගිය එක් අයෙකුවත් නොමැත.යමෙක් දෙවු ලොව ගියේ නම් ඒ බුදු කෙනෙකු ඉගන්වු ප්‍රතිපදාව අනුගමනය කිරීමෙනි.එහෙත් එක් අන්‍ය තීර්තක ආගමික නායකයෙකුට පමනක් දෙවු ලොව යාමට හැකි විය.ඒ ඔහු කර්මයද – ක්‍රියාවද පිලිගත් බැවිනි. දෙවු ලොව යාම සඳහා කර්ම වාදය හා ක්‍රිය වාදය පිලිගත උතුය යන්නෙන් අදහස් වන්නේ මෙයයි…තමා විසින් කරන ලද හොඳ හෝ නරක මතුවට විපාක දෙන්නේ යැයි අදහීම කර්මවාදයයි. ඒ අනුව දිව්‍ය ලෝක සයක් ගැන සුත්‍ර ධර්මයන් හී සඳහන් වෙති. 1) මිනිස් ලොව ආසන්නයේම ඇති දෙවු ලොව චාතුර්මහාරාජිකය යි. බහුලව දන් දෙන අය දානමය පුණ්‍ය කර්මයේ බලයෙන් චාතුර්මහාරාජිකයේ උපත ලබති. 2) තාවතිංසය අත්තේ චාතුර්මහාරාජිකයට උඩිනි.චාතුර්මහාරාජිකය සහ තාවතිංසය යන ලෝක දෙකම පාලනය කරන්නේ ශක්‍ර දිව්‍ය රාජයා විසිනි. තාවතිංසය යේ දෙවියෝ චාතුර්මහාරාජිකයේ දෙවියන්ට වඩා යසසින් සහ ආය...

GMT - Giant Magellan Telescope

Image
GMT - Giant Magellan Telescope අභ්‍යාවකාශ නිරීක්ෂණයේදී විශාල සේවයක් මේ දක්වා සිදු සමත්වුනේ හබල් දුරේක්ෂයයි. කොහොමහරි විද්‍යාඥයන් දැන් සැරසෙන්නේ මේ සියල්ලටම වඩා ප්‍රබල විශ්වයම සිසාරා යා හැකි නව දුරේක්ෂයක් නිර්මාණය කිරීමටයි. මේ වන විටත් මෙහි වැඩකටයුතු ආරම්භ කෙරී ඇති අතර 2021 වසරේදී වසර වන විට මෙය පනගැන්වීම විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුවයි. මෙහි සම්පූර්ණයෙන්ම වැඩ නිමකෙරිමට අපේක්ෂා කෙරෙන්නේ 2024 වසරේදියි. මෙය නිර්මාණය කිරීම සඳහා සමාගම් 11ක් සිය දායකත්වය ලබා දෙනවා. ඒ සමාගම් වන්නේ, Observatories of the Carnegie Institution of Washington University of Chicago Harvard University Smithsonian Astrophysical Observatory Texas A&M University University of Arizona University of Texas at Austin Australian National University Astronomy Australia Limited Korea Astronomy and Space Science Institute University of São Paulo මේ දුරේක්ෂයේ විශාලත්වය වැඩි නිසාම එයට නතු කරගත හැකි ආලෝක කිරණ ප්‍රමාණය ඉතා ඉහලයි. ඒ නිසා විශ්වයේ ඈතින්ම පිහිටන ග්‍රහවස්තු මෙන්ම මිට වසර මිලියන 12කට පමණ පෙර පැවති ග්‍රහවස්තු වල ...