February 12, 2020

..::[පර්ල්_වරායට පහරදීම(Battle of Pearl Harbor - World War II)]::..

..::[පර්ල්_වරායට පහරදීම(Battle of Pearl Harbor - World War II)]::...




කලින් මන් ජපන්නු ගැන ත්‍රෙඩ් එක දාපු වෙලේ ගොඩක් අය කියල තිබුනා ජපන්නු දැන් ඇල් වතුරත් නිවල බොන වගේ ජාතියක් උනාට ඉස්සර සැහෙන්න දරුණු සෙට් එකක් කියල  ඉතින් ඒ ජපන් ජාතියේ එම වෙනස් වීමට ප්‍රධාන හේතුව වන්නේ ඇමරිකාව ජපනුන්ට පරමාණු බෝම්බ දැමීම කියල අපිට කියන්න පුළුවන්  හැබැයි හිරෝෂිමා , නාගසාකි වලට ඇමරිකන්කාරයෝ පරමාණු බෝම්බ දැම්මේ නිකන් නෙමෙයි ඒකට ප්‍රධාන හේතුව උනේ ජපන් නාවික ගුවන් හමුදා (Imperial Japanese Navy Air Service) විසින් Hawaii දුපත් වල පිහිටවා තිබු ඇමරිකානු නාවික හමුදා මුලස්ථානයකට සිදුකල දැවැන්ත පහරදීම 

එක්සත් ජනපදයේ සිට සැතපුම් 2,000 ක් දුරින් සහ ජපානයෙන් සැතපුම් 4,000 ක් පමණ දුරින්ය මෙම Hawaii පිහිටලා තිබුන නිසා කිසිවෙක් බලාපොරොත්තු උනේ නෑ මෙපමණ දුර ඉලක්කයකට ජපානය ඇවිල්ල පහරදීමක් කරයි කියල.




මේක සිද්ද වෙලා තියෙන්නේ 1941 දෙසැම්බර් 7 වෙනිදා උදේ වරුවක. මේ පහරදීමට කියල තියෙනේ Battle of Pearl Harbor කියල, මේ ප්‍රහාරය තමයි ඇමරිකාව දෙවන ලෝක යුද්ධයට අවතීර්ණ වන්නට ප්‍රධාන හේතුව උනේ සහ දෙවැනි ලෝක යුද්දයෙන් ජපානය දරුණු ලෙස පරාජය කරන්න හේතු උනේ 

ජපන් නාවික, ගුවන් ඉහළ පෙලේ නිලධාරීන් මේ මෙහෙයුමට Operation AI, Hawaii Operation කියල කේත නාමයන් යොදාගෙන තිබෙනවා 


පර්ල් වරයට පහරදීම ගමන් මග

ජපන්නු මේ ප්‍රහාරයට මුල පුරලා තියෙන්නේ ඇමරිකාව ඒ දවස් වල චිනේ එක්ක පවත්තපු කිට්ටු සම්බන්දතා නිසා සහ ගිනිකොනදිග ආසියානු මුහුදු කලාපයේ බලය ජපන්නුන්ට අත්පත් කරගැනීම සදහා

Tōjō Hideki එකල ජපානයේ අග්‍රාමාත්‍යවරයා මේ සටන සදහා අනුමැතිය ලබාදෙනවා, Yamamoto Isoroku ඒකාබද්ධ නාවික හමුදාවේ එකල අණ දෙන නිලධාරී මේ සටන මෙහෙයවනවා.


Tōjō Hideki


Yamamoto Isoroku


මේ ප්‍රහාරය සදහා ජපානය යොදා ගත් ප්‍රහාරක බලය 

ගුවන් යානා ප්‍රවාහන නෞකා 6ක්
battleships 2ක්
heavy cruisers 2ක්
light cruiser 1ක්
destroyers 9ක්
tankers 8ක්
fleet submarines 23ක්
midget submarines 5ක්
aircrafts 414ක්

මේ ප්‍රහාරය විනාඩි 90ක් පැවතුනා කියල සදහන් වෙන්නේ නමුත් එයින් උන හානිය ඉතා විශාලයි









ප්‍රහාරය සදහා පිටත්ව යන ජපාන ගුවන් යානා














ප්‍රහාරයේදී විනාශ උන ජපාන ගුවන් යානයක්



ඇමරිකාවේ හවායි යුද කදවුරේ තිබු

battleships 4ක් සම්පුර්ණයෙන්ම මුහුදුබත් උනා
battleships 4ක් දැඩි හානි
ex-battleship 1ක් සම්පුර්ණයෙන්ම මුහුදුබත් උනා
harbor tug 1ක් සම්පුර්ණයෙන්ම මුහුදුබත් උනා
cruisers 3ක් දැඩි හානි
destroyers 3ක් දැඩි හානි
other ships 3ක් දැඩි හානි
aircraft 188ක්ස ම්පුර්ණයෙන්ම විනාශ උනා
aircraft 159ක් අර්ධ හානි

ඇමරිකානු නාවික භටයන් 2,335ක් මරණයට පත් උනා තවත් 1,143 ක් තුවාල ලබල තියනවා 

මේ ප්‍රහාරයේදී ජපානයට සිදුවූ හානිය 

midget submarines 4ක් සම්පුර්ණයෙන්ම මුහුදුබත් උනා
midget submarine 1ක් අර්ධ වශයෙන් හානි උනා
29 aircraft 29ක් විනාශ උනා
aircraft 74ක් දැඩි හානි
ජිවිත හානි 64ක් 




මේ සියලුම ජයාරූප පසු සංස්කරණ මගින් වර්ණ යොදා ඇති බව සලකන්න 

1962 දී ඇමරිකාව විසින් ඉදි කල arizona memorial කෞතුකාගාරයේ මේ පිළිබද සියලුම විස්තර තියනවා කියල සදහන් වෙන්නේ මේක තියෙන්නේ හවායි දුපත් ලග






1970 වසරේ තිරගතවූ Tora! Tora! Tora! සිනමා කෘතියෙන් මේ පිළිබද දල අදහසක් ගන්න පුළුවන් 


IMDB 7.5 

No comments:

Post a Comment

පිටකොටුව ගමට ගෙනියමු

  පිටකොටුව ගමට ගෙනියමු මෙන්න Online වෙළෙඳපොලේ අලුත්ම පෙරළිය..  ********* 2021 Life එක ගොඩ දාගන්න එන්න  100% ශ්‍රී ලාංකික ආයතනයක් වන Pitakotu...