ටයිටැනික් නැව - Titanic

ටයිටැනික් නැව ගිලුනද? ගිල්ලුවද? (ටයිටැනික් නැවේ සැඟවුණු අභිරහස)



           
ටයිටැනික් කිව්වම කොයි කාගෙත් හිතට ඉස්සරලම එන්නේ ජේම්ස් කැමරන් මහත්තයට පින්සිද්ද වෙන්න බලපු ටයිටැනික් චිත්රපටිය.දැනට අවුරුදු 100 කට කලින් උන මේ සිද්දිය ගැන මේ තරම් හොඳින් කවුරුත් දන්නේ ජේම්ස් කැමරන් මහත්තයගේ මේ අපූරු නිර්මාණේ හින්දා තමා.1912 අප්‍රියෙල් 15 දා අත්ලන්තික් සාගරේදී අවසානාවන්ත විදියට මුහුදු බත් වුන ටයිටැනික් කතන්දරේ  ගැන ගවේෂණයක ප්‍රතිඵල  ටික දිගඅරින්නයි බලාපොරොත්තු වෙන්නේ.



      RMS ටයිටැනික්
                                       
 අයිතිය : white star line නැව් සමාගම
 අවසන් ගමන් මඟ  : බ්‍රිතාන්‍යය සිට නිව්යෝර්ක් වෙත
 දිග  : අඩි 882 අඟල් 6 (මීටර 269)
පලළ  : අඩි 92 ( මීටර 28)
උස  : අඩි 175 (මීටර 53.3)
උපරිම වේගය  : පැයට කිමී 44


                               
 1912 අප්‍රියෙල් 10 දින මඟීන් 2435 ක්  (නාවික කාර්ය මණ්ඩලය 892 ක් ඇතුළුව) පිරිස රැගත් "නොගිලෙන නැව" ලෙසින් නම් දරා සිටි ටයිටැනික් සවුතැම්ප්ටන් වරායේ සිට නිව් යොර්ක් බලා යාමට ගමන් ඇරඹූවා.ලෝකයේ නන් දෙසින් පැමිණි ධනවත් වංශාධිපතියන්ගේ සුඛ විහරණය උදෙසා ටයිටැනික් අති සුඛෝපභෝගී නෞව්කාව නිර්මාණය කර තිබුනා.

                                      නාන තටාක, උසස් තත්වයේ තානායම්,සුව පහසු නිදන කාමර,පුස්තකාල ආදී අංග රැසකින් ටයිටැනික් සමන්විත වුනා.එවකට තිබූ අධි තාක්ෂණික ක්‍රමෝපායන් යොදා ගනිමින් ටයිටැනික් හි ආරක්ෂාව සහතික කර තිබුනා.ටයිටැනික් හි යොදා ගැනුණු ජලපරිරෝධක කුටීර සහ ස්වයංක්‍රීය  ජලරෝධක කවුළු තාක්ෂණය ඊට කදිම නිදසුනක්.ගමනාරම්භයේ දී ගමන් කල පිරිසට ප්‍රමාණවත් නොවන ජීවිතාරක්ෂක බෝට්ටු ප්‍රමාණයක් රැගෙන යාමෙන් නැවේ ආරක්ෂාව පිලිබඳ සැකයක් නොතිබි බව තහවුරු වෙනවා.ගමන් ගත් පිරිස දෙදහසකට අධික වුවත් 1178 කට පමණක් ප්‍රමාණවත් වන  පරිදි  ජීවිතාරක්ෂක බෝට්ටු 20ක් පමණක් ටයිටැනික් හි අන්තර්ගත වුනා.

                                         1912 අප්‍රියෙල් 10  සවුතැම්ප්ටන් හි ගමන් ඇරඹූ පසු අප්‍රියෙල් 14 වන විට ටයිටැනික් දින හතරක් ඇතුලත සිය ගමන් මගෙන් කිමී 600 ක් නිම කර තිබුනා.මේ වන විට නැව අත්ලන්තික් සාගරයේ දැඩි සීතල ප්‍රදේශයකට අවතීර්ණ වී තිබුනා.එදින රාත්‍රී 11.45 ට පමණ නැව යෝධ පාවෙන අයිස් කුට්ටියක හැපුණා.මින් නැවේ බඳෙහි එක් පසෙකට  අධික ලෙස හානි  වුනා. 
                                                අනතුරෙන් පසුව නැව සමබර කිරීම සඳහා ජලපරිරෝධක කුටීර 16න් 5ක් විවෘත කෙරුණා.නමුත් මේ වන විට නැවේ බඳට සිදුවී තිබු හානිය ඉතා අනතුරුදායක තත්වයක පැවතුනා.මීළඟ පැය 2 1/2 වන විට නැවෙහි ඉදිරි පස කොටස කෙමෙන් කෙමෙන් ගිලී යමින් තිබුනා.මේ වන විට නැවේ සිටි පිරිස ජීවිතාරක්ෂක බෝට්ටු ආධාරයෙන් ඉවත් කෙරෙමින් තිබුනා.තිබූ ජීවිතාරක්ෂක බෝට්ටු ප්‍රමානවත් නොවූ නිසා කාන්තාවන් හා දරුවන් ප්‍රථමයෙන් යැවීමට නැවේ කාර්ය මණ්ඩලය තීරණය කර තිබුනා.
         අලුයම 2.20 ට පමණ නැවේ සමබරතාවය බිඳී නැව කොටස් දෙකකට කැඩී ගියා.ඉන් දහසකට  අධික පිරිසක් සමඟම නැවෙහි පසුපස කොටස මුහුදු පතුලට ඇදුනා.දැඩි සීතල නිසා මුහුදට වැටුණු සියල්ලන්ම මිනිත්තුවකට අඩු කාලයක දී මරණයට පත්වුනා.ජීවිතාරක්ෂක බෝට්ටු මගින් ජීවිත බේරාගත්තවුන් RMS කැපාර්තියා නැවේ කාර්ය මණ්ඩලය මඟින් පසුව බේරා ගැනුණා.මුහුදු වතුරේ පැවති අධික සීතලත් තැනින් තැන පිහිටි පාවෙන අයිස් කුට්ටිත් නිසා කැපාර්තියා හට ටයිටැනික් වෙත පැමිණීම ප්‍රමාද වුනා.710 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීම හේතුවෙන් කැපාර්තියා හි කාර්ය මණ්ඩලය සම්මානයට පාත්‍ර වුනා.අනතුර සිදුවන අවස්තාවේ දී නැව පිරිස සමඟ අතහැරයාම හේතුවෙන් වයිට් ස්ටාර් ලයින් හි සභාපති J Bruce Ismaj  ට දොස් පැවරුණා.
                            ටයිටැනික් කොටස් දෙකකට වෙන්වී අඩි 12415 (මීටර 3784) ක් ගැඹුරු මුහුදු පතුල් තැන්පත් වුනා.1514 දෙනෙකුට මරු කැඳවමින් ලෝක ඉතිහාසයේ ඛේදජනක සිදු වීමක් එලෙසින් නිමා වුනා.

            මුහුදු පත්ලේ තැන්පත් වූ ටයිටැනික් හි වීඩීයෝ පටයක් මෙතනින් බලන්න.

Titanic නැව විනාශ වූ හැටි පෙන්වන 3D වීඩියෝව

http://www.facebook.com/photo.php?v=611329198932513&set=vb.145235735541864&type=2&theater
            ටයිටැනික් අනතුරට පත්වූ අයුරු නිරූපණය කෙරෙන වීඩියෝවක්.
                          
                         මෙතරම් තාක්ෂණික  ක්‍රමවේදයන් යොදා තිබූ නොගිලෙන නැව ගිලී යාමට හේතුව කුමක්ද?892 අති දක්ෂ නාවික කාර්ය මණ්ඩලයකින් සමන්විත ටයිටැනික් පාවෙන අයිස් කන්දක හැපුනේ නැවේ කාර්ය මණ්ඩලයේ වරදින්ද?ටයිටැනික් අනතුර පිටුපස කිසියම් අද්භූත බලවේගයක් ක්‍රියාත්මක වූවාද?

ලස්සන මුහුණ පිටුපස සැඟවුන වියරුව




           
        ආමන් රා(amen-ra) රැජිණ

             
                        ආමන් රා රැජිණ මීට වසර 1500 කට ප්‍රථම ඊජිප්තුවේ රජකම් කල මනස්කාන්ත රූ සපුවකට හිමිකම් කී රැජිනක්.ඇය මිය යාමෙන් පසු සිරුර මමියක් බවට පත් කොට ඇගේ රුව හා සමාන ව පින්තාරු කෙරුණු අලංකාර මමී ආවරණයක බහා ඊජිප්තුවේ ලක්සම්බර්ග් හි නයිල් ගං තීරයේ සුරක්ෂිතව තැන්පත් කෙරුණා.පසුව 1890 දී කල කැණීමකින් ඇගේ මමිය හමුවෙනවා. අලංකාර හා ඉපැරණි මමියක් නිසා කැණීම් කල පිරිස විසින්  ඇගේ මමිය  වෙන්දේසි කරනවා.ඉතා ධනවත්  ඉංග්‍රීසි ජාතික තරැණයින් 4 දෙනෙකුට ඇරයුම් ලැබෙනවා   මමිය  මිල දී ගැනීම සඳහා.


                                  
වෙන්දේසියේදී පවුම් දහස් ගණනක මිලක් නියම කර එක් තරුණයෙක් ඇගේ මමිය මිලදී ගෙන එය තමන්ගේ හෝටලයට රැගෙන යනවා.පැය කීපයකට පසුව ඔහු කාන්තාරය දෙසට යන ආකාරය පිරිසක් දැක තිබෙනවා.ඉන් පසු නැවත කිසි දිනක ඔහු ආපසු පැමිණ නෑ.ඊට පසු දින තරුණයින් සිව් දෙනා ගෙන් තවත් අයෙක් ඊජිප්තු සේවකයෙක් ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වී අනතුරකින් මිය යනවා.ඔහුගේ මල සිරුරේ අත් කපා වෙන් කිරීමට තැත් කල යැයි සිතිය හැකි ආකාරයට  භයානක ලෙස තුවාල වී තිබෙන අයුරු පසුව දක්නට ලැබෙනවා.තරුණයන් සිව් දෙනාගෙන් තවත් අයෙක් ගේ බැංකු ගිණුම් අසාර්ථක වීම හේතුවෙන් සියළු ගිණූම් බැංකුව විසින් අවලංගු කරනවා දුප්පතෙක් බවට පත් වෙනවා.තරුණයන්ගෙන් අවසන් පුද්ගලයාට දරුණු රෝගයක් වැළඳීම හේතුවෙන් රුකියාව අහිමි වී ඔහුතේ සියලු ධනය අවසන් වී මහා මාර්ගයේ භාණ්ඩ විකුණන තත්වයට පත් වෙනවා.


                             මේ අතරතුර මමිය එන්ගලන්ත ව්‍යාපාරිකයෙක් මිලදී ගෙන එන්ගලන්තයට රැගෙන යනවා.පසුව ඔහුගේ පවුලේ තිදෙනෙක් රිය අනතුරකට ලක් වෙනවා.ඔහුගේ නිවස ගින්නෙන් විනාශ වෙනවා.ඉන්පසුව ඔහු මමිය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයකට ප්‍රදානය කරනවා.මමිය රැගත් ට්‍රක් රථය කෞතුකාගාර මිදුලේ නවතා තිබියදී ඉබේම පසුපසට ගමන් කර ගස් දෙකක් අතර සිර වෙනවා.පසුව සේවකයින් දෙදෙනෙක් විසින් මමිය ඔසවාගෙන තරප්පු පෙල මතින් ඉහල මාලයට රැගෙන ගියා.මමිය ඉහල මාලයෙන් තැන්පත් කර ආපසු එන ගමනේ දී සේවකයින් දෙදෙනාගෙන් එක් අයෙක් තරප්පු පෙලෙන් වැටී පාදය බිඳෙනවා.මනා සෞඛ්‍ය තත්වයකින් සිටි අනෙක් පුද්ගලයාගේ සිරුර පසුවදා හමු වුනා.ඔහු මිය යාමට හේතුවක් සොයා ගැනීමට ලැබෙන්නේ නෑ.මමිය කාමරයේ තැන්පත් කලායින් පසුව තත්වය තවත් භයානක වුනා.
                         දිනක් රාත්‍රියේ කෞතුකාගාරයේ  මුර කරුවෙකුට ඇහුනා  කාන්තාවක් ඉකි ගසමින් හඬන ශබ්දයක්.ශබ්දය ඇසුනේ කෞතුකාගාරයේ ඉහල මාලයෙනුයි.ඔහු පහත මාලයේ සිට තරප්පු පෙල මතින් ඉහලට ගමන් කලා.තරප්පු පෙල මතින් ගමන් කල ඔහුට හඬන ශබ්දය වඩ වඩාත් ලංව ඇසුනා.ඔහු ක්‍රම ක්‍රමයෙන් ඇවිද ගියේ මමිය තැන්පත් කර තිබූ කාමරය දෙසටයි.කාමරයට ඇතුලුවත්ම ඔහුට දක්නට ලැබුනේ අනෙකුත් කෞතුක වස්තූන් ඉතා වේගයෙන් සෙලවෙන අයුරුයි.ඒ සමඟම මමිය දෙසින් පැමිණි ඉකි ගැසීම වියරු කෑ ගැසීමක් බවට පත්වුනා.අනෙක් මුරකරු විලාපය ඇසී එ දෙසට පැමිණි විට දක්නට ලැබුනේ ඔහු කාමරය තුල මියගොස් සිටි ආකාරය යි.රාත්‍රිය පුරාම මෙම වියරු කෑ ගැසීම හා කෞතුක වස්තූන් සෙලවීම පැවතතුනා.අනෙක් මුරකරු බිය නිසා පහත මාලයට වී නිහඬව සිටියා.පසුව කෞතුකාගාරයේ පිරිසිදු කරන්නන් පවා බිය උනා මමිය ඇති පෙදෙසට යාමට.දිනක් කෞතුකාගාරයට පැමිණි පුද්ගලයෙක් අතින් දූවිල් සහිත රෙදි කඩක් මමියේ මුහුණ නිරූපිත ප්‍රදේශයට වැටුනා.එම සිද්දියෙන් දවස් කීපයකට පසු ඔහුගේ පුතා සරම්ප රෝගයෙන් අවසනාවන්ත ලෙස මිය ගියා.
                           පසුව කෞතුකාගාර බලධාරීන් විසින් තීරණය කෙරුණා මමිය පහත මාලයේ ප්‍රදර්ශනයෙන් තොර ගබඩා කාමරයක තැබීමට.සතියක් යන්නට මත්තෙන් සේවකයෙකු දරැණු රෝගයකින් කෞතුකාගාරය තුලම  මිය ගොස් සිටියා.කෞතුකාගාර පරිපාලක වරයා තමන්ගේ ලියන මේසය මතම මිය ගොස් සිටියා.මෙම සිදධීන් පුවත්පත් වලට දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව එක් මාධ්‍යවේදියෙක් මමියේ ඡායාරූපයක් ගැනීමට පැමිණියා.මමිය මත නිරූපණය කර තිබූ කාන්තා මුහුණ දෙස සොහොතක් බලා සිටි ඔහු තම නිවසේ නිදන කාමරයට වැදී හිසට වෙඩි තබාගෙන මියගියා.
                                       පසුව කෞතුකාගාර බලධාරීන් මමිය කෞතුක භාණ්ඩ එක් රැස් කරන පුද්ගලයෙක්ට විකුණුවා.ඉන් පසුව ඇතිවූ අවාසනාවන්ත සිදු වීම් වලින් පසුව ඔහු අට්ටාලයක් සාදවා මමිය ඒ මත තැන්පත් කලා.මේ අතරතුරදී ගුප්ත විද්‍යාව පිළිබඳව හසල දැනුමක් ඇති මැඩම් හෙලේනා බ්ලැවැට්ස්කි නම් කාන්තාවක් මමිය පිළිබඳ ආරංචි වී ඔහුගේ නිවසට පැමිණෙනවා.මමිය ඇති භූමියට ඇතුළු වන විටම ඇය වෙව්ලීමකට භාජනය වී සිහි මුර්ජා වී ඇද වැටෙනවා.පසව ඇය මමිය ඇති අට්ටාලය මතට නැගී මමිය ට ලං වෙනවා.“ඔබට මේ යක්ෂ ආත්මය පලවා හරින්න පුළුවන්ද?“ අයිතිකරු ඇයගෙන් විමසනවා.“කිසි දෙයක් කල නොහැකියි.නපුරු ආත්මයේ නෂ්ටාවශේෂ තිබීමෙන් තවත් නපුරු දේ සිදු වෙයි.ඇගේ නින්දට බාධා කරන සියල්ලන්ටම සුවසේ නිදා ගැනීමට ඉඩ නොලැබෙයි.මම ඔබෙන් ඉල්ලා සිටිනවා පුළුවන් ඉක්මනින් මේ නපුරෙන් නිදහස් වෙන්න.“ඇය අඩ සිහියෙන් පවසා සිටියා.
                                       ඉන් පසුව ඔහු නැවතත් මමිය භාර ගන්නා ලෙස කෞතුකාගාරයෙන් ඉල්ලා සිටිනවා .එහිදී නැවත භාර ගැනීම ඔවුන ප්‍රතික්ෂේප කරනවා.ඉන් ටික කලකට පසුව ඇමෙරිකානු පුරාවිද්‍යාඥයෙකු විසින් සාධාරණ මුදලක් දී මමිය මිල දී ගන්නවා.ඔහු නැවක් මඟින් මමිය නිව්යෝර්ක් දක්වා ගෙන යාමට තීරනය කරනවා.1514 දෙනෙකුගේ අවාසනාවට ඔහු ඒ සඳහා තෝරා ගන්නේ 1912 අප්‍රියල් 10 තමන්ගේ මංගල චාරිකාව අරඹන RMS ටයිටැනික් නැව.තමන් සමඟ යක්ෂ වියරුවක් ඇති ආත්මයක් නැව් ගත වන බව ඔවුන් දැන නොසිටි කරුණක්.පුරාවිද්‍යාඥයා විසින් නැවේ පහල මාලයක මිලදී ගත් කාමරයක මමිය සුරක්ෂිතව තැන්පත් කෙරෙනවා.1914 අප්‍රියල් 14 දින රාත්‍රියේ ආමන් රා රැජිනගේ ආත්මයේ යක්ෂ වියරුවෙන් “නොගිලෙන නැව“ එහි මඟීන් සමගම සාප ලබනවා.ටයිටැනික් අනතුරට භාජනය වීමෙන් පසුව කැපාර්තියා කාර්ය මණ්ඩලය විසින් එහි අයිතිකරු සමග මමිය නැවතත් සුරක්ෂිතව බේරා ගෙන නිව්යෝර්ක් දක්වා ගෙන යනවා.
                                         ඉන් පසුව ඇතිවූ අවාසනාවනත සිදුවීම් වලින් පසුව මමිය නැවතත් යුරෝපය බලා නැව් ගත කෙරෙනවා.1912 මැයි 29 දින මගීන් 840 කගේ ජීවිත අහිම් කරමින් එම නැවද මුහුදු බත් වෙනවා.කෙසේ හෝ මමිය නැවතත් සුරක්ෂිත වී යුරෝපයට ගෙන යනවා.පසුව සිදු වූ අවාසනාවන්ත මරණ හේතුවෙන්  මමියේ නිජභූමිය වන ඊජිප්තුවට ම ආපසු ගෙන යාමට අයිතිකරු තීරණය කරනවා.මමිය රැගත් නැව ඊජිප්තුවට යන අතරමගදී ජර්මානු සම්බැරීනයක ටෝර්පිඩෝ ප්‍රහාරයකට ගොදුරු වෙනවා.එහිදී නැව ට දරුණු ලෙස හානි වී මුහුදේ ගිලී යනවා.ඒ සමඟ මිනිසුන් දහස් ගණනකගේ ජීවිත උදුරා ගත් උමතුවෙන් වියරු වූ යක්ෂ ආත්මය සමඟ ආමන් රා රැජිනගේ මමිය මුහුදු පත්ලේ තැන්පත් වු බව විශ්වාස කෙරෙනවා.


Comments

Popular posts from this blog

ලිංගික ඉරියව් 100ක් - Sex Possition

අපි (නෝ)දන්න ඉන්ගිරිසි

100% sure part time business in sri lanka