Posts

..::[පර්ල්_වරායට පහරදීම(Battle of Pearl Harbor - World War II)]::..

Image
..: : [පර්ල්_වරායට පහරදීම ( Battle of Pearl Harbor - World War II)]::... කලින් මන් ජපන්නු ගැන ත්‍රෙඩ් එක දාපු වෙලේ ගොඩක් අය කියල තිබුනා ජපන්නු දැන් ඇල් වතුරත් නිවල බොන වගේ ජාතියක් උනාට ඉස්සර සැහෙන්න දරුණු සෙට් එකක් කියල   ඉතින් ඒ ජපන් ජාතියේ එම වෙනස් වීමට ප්‍රධාන හේතුව වන්නේ ඇමරිකාව ජපනුන්ට පරමාණු බෝම්බ දැමීම කියල අපිට කියන්න පුළුවන්   හැබැයි හිරෝෂිමා , නාගසාකි වලට ඇමරිකන්කාරයෝ පරමාණු බෝම්බ දැම්මේ නිකන් නෙමෙයි ඒකට ප්‍රධාන හේතුව උනේ ජපන් නාවික ගුවන් හමුදා (Imperial Japanese Navy Air Service) විසින් Hawaii දුපත් වල පිහිටවා තිබු ඇමරිකානු නාවික හමුදා මුලස්ථානයකට සිදුකල දැවැන්ත පහරදීම  එක්සත් ජනපදයේ සිට සැතපුම් 2,000 ක් දුරින් සහ ජපානයෙන් සැතපුම් 4,000 ක් පමණ දුරින්ය මෙම Hawaii පිහිටලා තිබුන නිසා කිසිවෙක් බලාපොරොත්තු උනේ නෑ මෙපමණ දුර ඉලක්කයකට ජපානය ඇවිල්ල පහරදීමක් කරයි කියල. මේක සිද්ද වෙලා තියෙන්නේ 1941 දෙසැම්බර් 7 වෙනිදා උදේ වරුවක. මේ පහරදීමට කියල තියෙනේ Battle of Pearl Harbor කියල, මේ ප්‍රහාරය තමයි ඇමරිකාව දෙවන ලෝක යුද්ධයට අවතීර්ණ වන්නට ප්‍රධාන හේතුව...

Corona Virus in China || චීන නව වෛරසය නිසා මරණ 26ක්

Image
චීන නව වෛරසය නිසා මරණ 26ක්: මුඛවාඩම් පැළඳීමෙන් වෛරසයෙන් බේරිය හැකි ද? චීනයෙන් මතු වූ නව කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව සිකුරාදා (ජන: 24) වන විට 26 දක්වා ඉහළ ගොස් ඇතැයි චීන බලධාරීහු පවසති. ඊට අමතරව වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පුද්ගලයින් ගණන 830 දෙනෙකි. මේ වන විට මධ්‍යම චීනයේ නගර 10ක සංචාරක සීමා පනවා ඇතැයි වාර්තා වේ. මෙම වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා චීනය සහ හොංකොං මේ වන විට ජනතාව වැඩි වශයෙන් එක්රැස් වන උත්සව සහ රැස්වීම් අවලංගු කර තිබේ. කෙසේ වෙතත්, මෙම වෛරසය "ජාත්‍යන්තර හදිසි තත්ත්වයක්" ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. ඊට එක් හේතුවක් වී ඇත්තේ, විදෙස් රටවලින් ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් වාර්තා නොවීමය. කෙසේ වෙතත්, මේ වන විට විදෙස් රටවලින් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 13 දෙනෙකි. මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පසුගිය දා පැවසුවේ, කොරෝනාවෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් රට තුළට පැමිණෙන්නේ ද යන්න පිළිබඳව දැඩි අවධානයකින් පසුවන ලෙස ගුවන් තොටුපොළ සෞඛ්‍ය ඒකකයට දැනුම් දී ඇති බවය. මුඛවාඩම...
Image
බැඳුම්කරයක් යනු කුමක්ද ? සරළව කිව්වොත් රජයට ණය ලබා ගන්නා උපකරණයක්. විදුලි බලාගාරයක් හදන්න සල්ලි නැත්නම් රජය මහ බැංකුව හරහා බැදුම්කර නිකුත් කරනවා. ඒ කියන්නේ ස්ථා වර තැන්පත් සහතිකයක් වගේ එකක් කියලා හිතන්නකෝ. ඒවා මිලදී ගන්න මිනිස්සුන්ට වගේම බැංකු වලටත් පුලුවන්. ඒවට පොලියක් ගෙවනවා. ඒ නිසා බැදුම්කර මිලදී ගන්න මිනිස්සුන්ට හෝ බැංකුවකට ඒක ආයෝජන මාර්ගයක්. බැංකු ඇයි මේ බැදුම්කර මිලදී ගන්නේ? සමහර විට ඔබ එහෙම හිතනවා ඇති. බැංකු ශාඛා වලට ලැබෙන තැන්පතු ණයට දීලනේ එයාලා ලාභ ලබන්නේ. ඉතිං එයාලා ණය දෙනවා ලාභ ලබන්න හිතාගෙන. ණය දීලා ඉවර උනාට පස්සේ තවත් සල්ලි ඉතිරි වෙලා තිබුනොත් ඒවා නිකන්ම සේප්පුවේ තියාගෙන ඉඳලා වැඩක් නැති නිසා ඒ මුදල් බැදුම්කර වල ආයෝජනය කරනවා. බැදුම්කර කියන්නේ අවුරැද්දට වැඩි කල් පිරීමක්‍ සහිත ඒවා. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ අවුරැද්දකට වඩා අඩු කල් පිරීමක් තියන ඒවා. ඉතිං X කියන කෙනා රැ. ලක්ෂයක් දීලා බැදුම්කරයක් ගත්තා කියමුකෝ. එයාට මහ බැංකුවෙන් සහතිකයක් දෙනවා. කාලය අවුරැද්දක් නම් ඒ අවුරැද්ද අවසානයේ පොලියත් එක්ක ආපහු ගෙවන්න මහ බැංකුව එකඟ වෙනවා. රජයට සල්ලි දෙන නිසා...

ලෝකයේ ජනප්‍රියම පරිගණක මෘදුකාංග පාවිච්චි කරන ඔබ මේ ගැනත් දැන සිටියාද?

Image
ලෝකයේ ජනප්‍රියම පරිගණක මෘදුකාංග පාවිච්චි කරන ඔබ මේ ගැනත් දැන සිටියාද? පරිගණකය වර්ථමානයේදී අපි කාටත් එදිනෙදා ජීවිතේදී අපේ වැඩ කටයුතු සිදුකරගන්න නැතුවම බැරි උපාංගයක් වෙලා අවසානයි. සිංහල Roar වෙබ් අඩවියේ පාඨකයෙක් වෙන ඔබ, අපේ ලිපි කියවන්නේ ඩෙක්ස්ටොප්/ලැප්ටොප් පරිගණකයක් හරි එහෙමත් නැත්නම් ටැබ්ලට් පරිගණකයක් හෝ අඩුම වශයෙන් ස්මාට් ෆෝන් එකක්වත් පාවිච්චි කරලාම වෙන්න ඕනේ.  සුප්‍රකට ෆෝබ්ස් සඟරාවට අනුව  2015 අවුරුද්ද වනවිට අන්තර්ජාලයට සම්බන්ධ කරලා තියෙන පරිගණක සහ ඒ ආශ්‍රිත උපාංග සංඛ්‍යාව බිලියන 15ක්. මේ සංඛ්‍යාව 2020 අවුරුද්ද වෙනකොට බිලියන 40ක් විතර වෙයි කියලයි එයාලා පුරෝකථනය කරලා තියෙන්නේ. ලෝකේ ජනගහනය තවම බිලියන 7.4ක් වෙද්දි, ඒ වගේ දෙගුණයකටත් වැඩි පරිගණක උපාංග ප්‍රමාණයක් ලෝකේ පාවිච්චි වෙනවා කියන එකෙන් අපිට පැහැදිලි වෙනවා පරිගණකය කියන්නේ අපිට කොයිතරම් අත්‍යවශ්‍ය උපකරණයක්ද කියන එක. මෘදුකාංග ගැන අපි දන්නැති දේවල් ඔබ දන්නවාද, ලෝකේ තියෙන හැම මෘදුකාංගයකටම ලියාපදිංචි සහතිකයක් තිබෙන බව? ප්‍රධාන වශයෙන් මෘදුකාංග දෙවිදියකට ලියාපදිංචි කරනවා. එකක් තමයි හිමිකම් සහිත මෘදුකාංග (Proprieta...