January 4, 2014

ඇල්ෆ්‍රඩ් නොබෙල් - Alfred Nobel

ඇල්ෆ්‍රඩ් නොබෙල්

Click for more Images

ඇල්ෆ්‍රඩ් නොබෙල් උපත ලැබුවේ 1853 ඔක්තෝම්බර් මස 21 දින ස්ටොක්හෝල්ඩ් නගරයේදී ය. මහාචාර්ය "නිකොලේ නිකොලවිච් සින්" යටතේ ඔහු රසායන විද්‍යාව හැදෑරීය. ඔහුගේ පියා වන ඇන්ඩ්‍රිමට් ඇෂ්ලල් නො‍බල්ගේ පීටස්බර්ග් හි ව්‍යාපාරය බංකලොත් වීම නිසා වර්ෂ 1859 දී පියා සමඟ නැවත ස්වීඩනයට පැමිණීමට නොබෙල්ට සිදුවිය. ඉන් අනතුරුව ඔහු පුපුරණ ද්‍රව්‍යය පිළිබඳව හැදෑරීමට හා නයිට්‍රොග්ලසිර්න් භාවිතය පිළිබඳ හැදෑරීමට වෙහෙසුණේය.
වර්ෂ 1895 දී නොබෙල් සිය අවසන් කැමැත්ත ලියුවේය. එයට අනුව ඔහුගේ වස්තුවෙන් විශාල කොටසක් නොබෙල් ත්‍යාගයේ පදනමට ස්ථාපිත කෙරිණි. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යයට කල සේවයන් ආදිය සඳහා ගරු කිරීමක් වශයෙන් වර්ෂ 1901 සිට මෙම නොබෙල් ත්‍යාගය පිරිනැමීම සිදු කර තිබේ.
නොබෙල් සාම ත්‍යාගය හඳුන්වාදීම ඔහු සමඟ කලක් විසූ ලේකම්වරියක වන බර්තා වොන් සට්නර් ගේ බලපෑම මත සිදුවූ බව පැවසේ. වර්ෂ 1905 දී ඇය එම ත්‍යාගය දිනා ගත්තාය.
ඩයිනමයිට්
Diagram of dynamite.

  1. Sawdust (or any other type of absorbent material) soaked in nitroglycerin.
  1. Protective coating surrounding the explosive material.
  1. Blasting cap.
  1. Electrical cable (or fuse) connected to the blasting cap.
නොබෙල් නයි‍ට්‍රොග්ලසරින් සමඟ කීසල් ගුවර් නම් අවශෝෂක නිශ්ක්‍රිය ද්‍රව්‍යයන් එකතු කිරීමෙන් වඩා සුරක්ෂිතව හැසිරවිය හැකි පුපුරණ ද්‍රව්‍යය මිශ්‍රණයක් නිර්මාණය කළේය. වර්ෂ 1867 දී ඔහු එය ඩයිනමයිට් යනුවෙන් නම් කළේය. වර්ෂ 1867 දී එයට ඔහු බලපත්‍රයක් ලබාගත්තේය. එංගලන්තයේ රෙඩ්හිල්, සරේ හි පතලක දී පළමු වරට එය ප්‍රදර්ශණය කෙරිණි.
ඉන් අනතුරුව නොබෙල් නයිට්‍රොග්ලසරින් සමඟ ගන් කොට්න්(gun-cotton) නම් තවත් පුපුරණ ද්‍රව්‍යයක් මිශ්‍රකර ඊට වඩා ප්‍රබල පුපුරණ ද්‍රව්‍යයක් නිමවිය. වර්ෂ 1876 දී 'ජෙලිග්නයිට්' ලෙස නම් කර එයට බලපත්‍රයක් ලබාගත්තේය. තවදුරටත් පොටෑසියම් නයිට්‍රේට් හා අනිකුත් ද්‍රව්‍යය එකතු කිරීමෙන් ඔහු විසින් එය දියුණු කරන ලදී.
(විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්)

No comments:

Post a Comment

පිටකොටුව ගමට ගෙනියමු

  පිටකොටුව ගමට ගෙනියමු මෙන්න Online වෙළෙඳපොලේ අලුත්ම පෙරළිය..  ********* 2021 Life එක ගොඩ දාගන්න එන්න  100% ශ්‍රී ලාංකික ආයතනයක් වන Pitakotu...